" නිරීක්ෂණයට ලක්වූවෙකු ලෙස ප්‍රෙක්ෂකයා තිරයේ නොපවතී. ඔවුන් පවතිනුයේ නිරීක්ෂකයෙකු ලෙස ය. සෑම මොහොතකම මා චිත්‍රපටය තුළ සිටිනුයේ මාගේ බැල්මේ සුමුදු ස්පර්ශය සමගිනි "
_Christian Metz (The Imaginary Signifier )
සිනමා කෘතියක පරමාර්ථය විය යුත්තේ හුදෙක් රසවින්දනය පමණක්ම නොව මනුෂ්‍යයා නගා සිටුවාලීම ය. මනුෂ්‍යයා චිත්ත ශක්තියෙන් හා චරිත ශක්තියෙන් උසස් කරලීම ය. පළල් කිරීම ය. එහෙයින් උසස් සිනමා කෘති වශයෙන් ගැනෙන්නේ, ලෝක තත්ත්වය, ජීවන තත්ත්වය විදහා පාන නිර්මාණ ය. එබඳු කතා ප්රවෘත්තිවල, සිනමා ලෝකයේ අප සාමාන්‍යයෙන් බලාපොරොත්තුවන දේ සිදු නොවේ. එහෙත් ප්‍රේක්ෂකයාට අමුතු ජීවිත පරික්යානයක් ලැබේ. අමුතු දෘෂ්ටි කෝණයක් එළිවේ. අමුතු අත්දැකීමක් ඇතිවේ. ප්‍රෙක්ෂකයා ජීවිතයේ අමුතු සුවඳක් ආඝ්‍රහණය කරයි. ඔහු ආශ්වාදයක් ලබයි.
එලෙසම සමන් ප්‍රියනාත් මහතා විසින් අධ්‍යක්ෂනය කරන ලද THE CONSUMER වනාහි යම් කිසි අතකින් කෙටි චිත්‍රපටය විෂයෙහි පැසසිය යුතු ප්රයත්නයක් සේ හැගේ. THE CONSUMERහි කතා ප්‍රවෘත්තිය තාත්වික ය. එහි නිරූපණය කොට තිබෙන්නේ ජනප්‍රිය සංස්කෘතිය පෙරටු කොටගෙන පුහු ආටෝප සාටෝප මත රදා පවතින උසස් යැයි සම්මත BRAND, උසස් සමාජ ආයිත්තම්, උසස් සමාජ මට්ටම් තමා වෙත ආරෝපණය කරගත් මනෝරාජික ලෝකයක ජීවත්වන තරුණයෙකුගේ චරිතයකි. මෙම කෙටි චිත්‍රපටය තුළ මෙවැනි මානසික ආකූලතවයන්ගෙන් හෙබි එවැනි සිරිත් අනුකරණය කරන්නන්ට දැඩි ලෙස පහර එල්ල කර ඇත. ඇතැම් තැනක නිර්මාණකරුගේ උපහාසයට ද භාජනය වී ඇත. මෙම චිත්‍රපටය මිනිස් මනස විනිවිද දකිමින් මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකට අනුකූලව නිර්මාණය කර තිබේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන තරුණයාට තම සහකාරිය පවා තෝරා ගැනීමේදී හේතු පාදක වන්නේ ඇය පළදින Citizen ඔරලෝසුව, ඇයගේ පාවහන් යුවල ඇයගේ මිලාදික උපැස් යුවල වැනි සාධකය. විටෙක ඔහු තම පෙම්වතිය සමග ඔවුනොවුන්ගේ අනාගතය ගැන සිහින මාලිගා මවන්නේ BMW කාර්, Europian architect එකට හදපු ගෙයක්, නිල් පාට ඇස් තියෙන සුදු බබෙක් ආදී වූ ඉහළ තාවයකින් යුතු සාධක වටකොටගෙන ය. ඔහු සැම විටම BRAND පිළිබඳ විශේෂයෙන් සැලකයි.ඔහුට වැදගත් වන්නේ එයයි.
THE CONSUMER සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිය යුත්තේ එහි එන තරුණයාගේ චරිතය ගොඩනගා තිබෙන ආකාරයයි. ඔහු වූ කලී තම සිතැගිවලට වසග වී මනෝරාජික සමාජයකට ට හා පරිසරයකට ගොදුරු වී කෙළවරදී දරුණු සාපරාදී ක්‍රියාවකට පවා යටත්වන අවාසනාවන්ත පුරුෂයෙකි. මෙම තරුණයාගේ ආත්ම පාපොච්චාරණයක ස්වරූපයෙන් දිගහැරෙන මෙම කෙටි චිත්‍රපටය අවසන ඔහු තම පෙම්වතිය එනම් බිරිඳ මරණයට පත් කිරීමට තරම් ආවේගශීලි මනසකින් හෙබි පුද්ගලයකු වන්නේ ය.
එහෙත් නිර්මාණකරු ඔහුගේ අසංයත ක්‍රියාවන්ට දොස් නොනනා ඔහු දෙස අනුකම්පාවෙන් බැලීමට ප්‍රේක්ෂක චින්තනය අවදි කරවයි. ඔහුගේ දුක්කිත ඉරණමට වගකිව යුත්තේ ඉහළ යැයි සම්මත සමාජ ජීවිතය යි. එවැනි සමාජ ජීවිතයක් ආරූඪ කර ගැනීමට වෑයම් කළ තරුණයෙකුට අවසන අත්වන දුක්කිත ඉරණම අගවයි. මෙම තරුණයාගේ චරිත නිරූපණයන් නර්මාණකරු වෑයම් කරන්නේ අවිචාර ලෙස ජනප්‍රිය සංස්කෘතිය වැලදගැනීමෙන් අප සමාජ ජීවිතයට පැමිණිය හැකි අනිශ්ඨ විපාක පිළිබඳව ගැඹුරු චින්තාවකට ප්‍රේක්ෂක මනස ගෙනයාමටයි .
MAPT/ 19/ B1 /33
K.M.I දියතිලක
No comments:
Post a Comment