............ජීවිතය.............සහ.............මරණය............
“ කතාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විදිමින් ජීවත් වෙති.”
එදිරිවීර සරච්චන්ද්‍ර යනු කෙටිකතා, පරිවර්තන, ශාස්ත්‍රීය පර්යේෂණ, නාට්‍ය, මතක සටහන් වැනි විවිධ කෘති රාශියක් රචනා කරනු ලැබූ රචකයෙකි. එලෙස ඔහු විසින් රචිත “ මළගිය ඇත්තෝ” නව කතාවෙන් උපුටා ගන්නා ලද්දකි මෙය.
මෙය පොතක එන කතාවක සදහන් වූ කොටසක් වුවත් එය එම කතාවට,පොතට පමණක් සීමවන වදනක් නොව එය සියලු මිනිස් ජීවිතවලට අදාල වූවකි. එමගින් මුලු ලෝකයේ වෙසෙන සියලු මිනිස් ජීවිතවල යතාර්ථය පෙන්න්වා දෙන්නකි. ‘කතාවක්නම් පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය.’ යන කියමන ඔහු තම කෘතිය තුල දක්වා ඇත. ඇත්තෙන්ම එය නිවැරදි වදනකි. රචකයෙක් පමණක් නොව ඕනෑම පුද්ගලයෙක් හට තමන් රචනා කරන කතාංගය පිරිපුන් රටාවකට අනුව මුල, මැද, අග යන සියල්ල ගැලපීමක් සහිතව යොදමින් රචනාකොට සාර්ථක, අලංකාර කතාංගයක් නිර්මාණය කළ හැකිය.
එහෙත්, ජීවිතය.......
ජීවිතය කියන්නේ මොකක්ද? පොතක් රචනා කරනවා සේ පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකි දෙයක්ද?
නෑ එය එසේ නොවේ. පොතක් රටාවකින් යුතුව නිර්මාණය කරනවාට වඩා ඉමහත් අසීරු කාර්යයකි ජීවිතය කියන පොත රචනා කිරීම. මොකද කියනව්නම් පොතක් රචනා කිරීමේදී වරදින තැන් මකා,කපා,කොටා නැවත රචනා කළ හැකිය.නමුත් ජීවිතය එසේ කළ නොහැක. මොකද කියනවනම් ජීවිතය කියන පොත රචනා කිරීමෙදී වරදින තැන් ඉදිරියෙදී වැරදීමට නොදී සකසා ගත හැකි වුවද වැරදුනු තන් මකා,කපා,කොටා ඉවත් කළ නොහැකිය.එවා එලෙසින්ම ජීවිත කතාවේ රදා පවතී. ඒ නිසාවෙන් පොතක් පිරිපුන් රටාවකින් යුතුව රචනා කළ හැකි වුවත් ජීවිතය එසේ රචනා කල නොහැකි බව ඔබට වැටහී හමාරය.
ජීවිතය මොකක්ද යන්න පිලිබදව එදිරිවීර සරච්චන්ද්‍රයන් තම කෘතිය තුල මෙලෙස දක්වා ඇත.
‘ ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරු වලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය’
අත්තෙන්ම ඔහුගේ කතාවට මත් එක්ගයි. ඒ ඇයිද කියනවනම් මා ඉහත සදහන් කළා සේම පොතක් අලංකාරව රචනා කළ හැකිවා සේම ජීවිතය රචනා කළ නොහැක.එදිරිවීර සරච්චන්ද්‍රයන් ජීවිතය එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරු වලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන කොට ඇත.මාගේ දැනුමේ හැටියට ඔහුගේ උපමාව සාර්ථක උපමාවකි.
මක්නිසාද යත්,
මිනිස් ජීවිතය අතනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ පැදුරු කෑල්ලක් වැනිය. බොහෝ මිනිස් ජීවිත කෙලෙසකින්වත් වියා හමාර නොකළ, වියා හමාර නොකළ හැකි ජීවිතයන්ය. උපන්දා සිට දෙමව්පියන් ලග හැදී වැඩී ටික ටික උස් මහත් වෙද්දී ලෝකය සමාජය ගැන තේරුම් යන්න පටන් ගද්දි කෙමෙන් කෙමෙන් ප්‍රශ්ණ තමා වෙත ලං වෙනවා. එවිට තීන්දු තීරණ ගැනීමට පවා නොහැකි අවස්ථා අනන්තවත් මිනිස් ජීවිත වලට පැමිණෙනවා. එලෙසින්ම සතුට තිබුනද කරදර, බාධක, දුක් මිනිස් ජීවිත වෙත පැමිණෙනවා.ඒවා එකතු වීමෙන් ජීවිත ආරවුල්වලින්, ප්‍රශ්න වලින් හැඩි වී ඇත. ඒ නිසා ජීවිතයද පත් ඉරුවලින් එල්ලෙන මුල්ලකට දමා තිබෙන පැදුරක් වැනිය.
මෙලෙස වියා හමාර කළ නොහැකි ජීවිතයක් ගත කරන මිනිසුන් හට ඇතිවන්නා වූ පලමු සිතුවිල්ල තමා මරණය.තමන්ට යමක් කමක් තේරෙන්න පටන් ගත්දා සිට තමාට මුණ ගැසෙන ප්‍රශ්ණ බාධක හමුවේ ඒ සියල්ලෙන් මිදීමට පිළියම ලෙස මුලින්ම ඔවුන් දකින්නේ මරණයයි.එහෙත් මරණය පතන විගසින් මරණය අප වෙත නොපැමිණේ. ඒ බව එදිරිවීර සරච්චන්ද්‍රයන් තම කෘතිය තුල මෙසේ දක්වා ඇත.
‘ මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විදිමින් ජීවත් වෙති’
ඔහු පවසන දේ සත්‍යයකි. ඇත්තෙන්ම මිනිසුන් මරණය පතන විගසින් මිනිසුන් වෙත මරණය නොපැමිණේ. ඒ වගේම මරණය නොපතන අවස්තාවන්හීදී මරණය අප වෙත පැමිණි අවස්තා අපමණය. මේ ආත්ම භවයේ මෙන්ම පෙර ආත්ම භවයන්හීදීද තමා කරන ලද කුසල, අකුසල කර්ම මත තමන්ට මරණය ලගා වන අතර තමා ජීවත් වෙන කාලය තුල විදින දුක, සතුට සියල්ලම තාමා කරනු ලැබූ කුසල අකුසල තීරණය කරනු ලබයි. යමෙක්ට තම ජීවිතය නසා ගැනීමට කොපමණ සිතුනද තමා සිදු කළ කුසල අකුසල කර්ම නිමාවන තුරැම දුක් විදිමින් ජීවත් වෙති. තමාගේ මරණය තමා සොයා පැමිණෙන තුරැ ජීවත් වීමට සිදු වේ.මරණය කොපමණ පැතුවත් පතන විගසින් නොපැමිණේ.මරණය නොපතන අවස්තාවන්හීදී මරණය අප සොයා පැමිණේ.මේ සියල්ල තමාගේ ක්‍රියාවන්ට අනුව සිදුවන්නකි.එනම් කර්මයට අනුව සිදු වන්නකි.
ජීවිතය කියන්නේ හරිම අරැම පුදුම දෙයක්. එය කෙසේ කවදා ආරම්භ වූයේද, කවදා කෙසේ නිමාවට පත් වේද කිසිවෙකුටත් කිව නොහැක.ඒ ඇයිද කියා මටවත් තවම සිතා ගත නොහැක. මෙවන් වූ අපගේ වෙනස්ම, තේරුම් ගත නොහැකි ජීවිතය ඔබ, අප සියලු දෙනා ගෙවිය යුත්තේ කර්මයට අනුවය. එහි අවසාන අන්තය වන මරණය අප නොපැතිය යුතුය. සැම විටම ජීවිතයේ සතුට පමණක්ම පැතිය යුතුය. එව්ට සතුට අප තුල රදා පවතී. ඒ අතර තුර අප නොසිතන මොහොතක අප වෙත මරණය පැමිණිය හැකිය. එවිට අප තුල රැදි සතුටද සමගින් අප මරණය වැලද ගත යුතුය. එවිට මරණයටද සතුටින් මුහුණ දිය හැකිය.
අනුන්ගේ ජීවිතය කෙරෙහි මෙන්ම තමන්ගේ ජීවිතය කෙරෙහිද ආදරය දක්වන්න.එවිට ඔබට ජීවිතය කියන නවකතාව පමණක් නොව ආදරය කියන කෙටි කතාවද වඩාත් සුන්දර ලෙස රචනා කල හැකය.එවිට ජීවිතය නැමැති පොතෙහි සුන්දර නිමාවක් නැති උනත් පිරිපුන් රටාවක් දකින්නට හැකි වේවී.... ස්තූතී..........



No comments:
Post a Comment