මහින්ද ප්‍රසාද් මස්ඉඹුල රචකයාගෙ අපූර්ව නිර්මාණයක් වන "සෙංකොට්ටං" නවකතාව වර්තමානයෙ තාරුණ්‍යට ඉතාමත් කදිම ආදර්ශයක් ලබා දෙයි .
ඈත දුෂ්කර ගම්මානයක රෙදි අපුල්ලමින් තම ජීවන අරගලය සදහා සටන් කරන ඔවුන්ගෙ ජීවන වියමන මෙමගින් මනා ලෙස පිලිබිඹු වේ .
නොයෙකුත් නවකතා කියවා තිබුනද "සෙංකොට්ටන්" නවකතාවට විශේෂ ආලයක් දක්වන්නෙ මන්ද යැයි කිවහොත් ,
පැරණි ජන ජීවිතයේ සමාජ රටාව හොදින් ඉස්මතු කර පෙන්වා තිබීමත්, චරිත නිරූපනය මගින් එම සමාජ රටාව අධ්‍යනය කිරිමටත් හැකී වීමයි.
මෙම නවකතාව රසවිදින විට හමුවු අපූරූ ස්තානයක මා ලැගුම් ගත්තෙමි. එම නැවතුම්පොළ මෙසෙ විය..
" ඒ පළාත ම මහත් දුගදකින් පිරි පවති.අලුත් පස් ගොඩක් ලග වීරප්පුලි හේනයා ඉදගෙන කල්පනා කරමින් සිටියි.ඊට නුදුරින් ගමෙ එක් වැඩිහිටි මිනිසෙක් පමණක් බුලත් විට සපමින් ගලක් මත නිදාගෙන සිටියි.තම බෑනා , බිරිද සහ මුනුපුරා දුටු කල වීරප්පුලි හෙනයාට ඉකිගැසෙන්නට විය.ඔහු දෙතොල් තද කරගෙන ඉකිගසන කල ඔහුගෙ මුහුන පුපුරා යන්නට එන තරමෙ හැගීම් ධාරවක් පිලිබිඹු විය.ඔහු යමක් තුරුලු කරගෙන හිදී.මල්මා රීදි සහ නම්බු හේනයා මළ පරාණ දෙකක් මෙන් වීරප්පුලි හේනයාට ළං වූ කල ඔහු තමා දෝතින් ම පපුවට තබා තුරුලු කරගෙන උන් වස්තුව ඔවුන්ට දිගු කළේය. ඒ පොඩිනාගෙ හැට්ටයයි.ඒ සැණින් ම මල්මා රීදී සහ නම්බු හෙනයා කුඩා දරුවන් දෙදෙනෙකු මෙන් එය එකිනෙකා කඩාගනිමින් හඩන්නට විය. අසල ගලක් උඩ ඉදගත් බබා හේනයා තනිව ම හඩයි.ඉන් අනතුරුව නම්බු හේනයා පස්ගොඩට පැන එය මත වැතීරී හඩන්නට වූයේය.මෙ දසුන දෙස බලා සිටි ගමෙ වැඩිහිටි මිනිසා නැගී සිට,සිව්දෙනා අමතන්ට විය."
නූගත් ගැමි පරිසරයක ජීවන රටාද ගෙන ගිය මෙම සුන්දර කුටුම්බිය තුළට ආගන්තුකයන් විසින් නිර්මාණය කරන ගැටලු සමුදාය ඉදිරියෙ ඔවුන්ගෙ හැසිරිම් රටාව මෙමගින් ඉතා සියුම් ලෙස නීරූපණය වේ.
කුටුම්බියක් තුළ තිබිය යුතු ප්‍රධාන අවශ්‍යතාවයකි ,ආරක්ෂාව හා ආදරය,එම මූලීක අවශ්‍යතාව කුටුම්බිය තුළින් සපුරාගැනීමට හැකිවන කල එම කුටුම්බිය පුරුක් වලින් බැදි ශක්තිමත් යදමක් වැනිය.
පවුල තුළ ගෘහ මූලිකයා ලෙස සැලකෙන්නෙ පියාය.පියාගෙන් තම අඹුවටත්,දරුවන්ටත් කෙතරම් සුන්දර ද යන්න ඉහත උපුටා ගැනීමෙත් ඒත්තු ගැන්වීය හැකිය.තම දියණියගෙ වියොව තමාගෙ සිතට කෙතරම් ශෝකාන්තයක්ද යන්න රචකයා නිරූපණය කොට තිබේ.
එපමණක් නොව පොඩිනාගෙ සැමියා ලෙස සැලකෙන "නම්බු හේනයා" කෙතරම් උදාසීන් පුද්ගෙලයෙක් වුවත්, පොඩිනා ඔහුගෙන් බලාපොරොත්තු වූ සෙනහස,ආදරය,ප්‍රියබස් ඔහුගෙන් පොඩිනාට පෙන්නෙන්ට දකින්නට නොලැබුනත් මෙම සිදුවීමත් සමග පොඩිනා පිළිබඳව ඔහුගෙ හද පතුලෙ ඇති වංක ප්‍රේමය වඩාත් ඉස්මතු වී පෙනෙන්නෙ පොඩිනා අවසන් වරට ඇද සිටි හැට්ටය වීරප්පුලි හේනයා විසින් දැක්වු අවස්ථාවෙ කුඩා දරුවෙකු සේ පොඩිනාගෙ හැට්ටය තුරුලු කරගනිමින් හඩන්නට වූ අවස්ථාවේය.
තමාගෙ භාර්යාව අහිමි වීමෙන් නම්බු හේනයාගේත් පොඩිනාගෙත් එකම දරුවා වන බබා හේනයාගෙ සිතෙහි ඇතිවන කනස්සලුසහගත හා හුදෙකලාසහගත සිතුවිලි සමුදාය ඔහුගෙ ලෝකය කෙතරම් කැළබීමට ලක් වෙද යන්න නිශ්චිත වශයෙන් අනාවරණය කිරීමට නොහැකිය.
කෙසෙ වෙතත් නවකතාව තුළ ජීවත් වූ චරිතයක් ලෙස පොඩිනාට ජීවත් වන්නට සුලු හෝ සාධක කිහිපයක් තිබියදී,,, රචකයා පොඩිනාව ඝාතනයට ලක් කරෙ මන්දැයි මා හට තවමත් සිතාගත නොහැකි කරුනකි...
"නැතිදො පොඩිනෝ සංසාරයට ආයෙත් වඩින්නෙ"
සටහන:බිම්සරා පෙරේරා.
No comments:
Post a Comment