අපටත් දවසක ඉර පායාදෝ


                               මහාචාර්ය ඒ.වී.සුරවීර මහතා විසින් 1973 දී රචනා කරන ලද ගොදුරු ලොබ නම් කෙටිකතා සංග්‍රහය තුල මෙම කෙටිකතාව ඇතුළත් වේ. දිලිඳුකම හා අසරකම නිසා පීඩා විදින ශ්‍රියාව කැන්දන්නීයන අර්තය සහිත නම ඇති සිරියාවතී මෙම කෙටි කතාවේ ප්‍රදාන චරිතය වේ.ඇයගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් කතාවක් සේ සකසා මෙම කෙටිකතාව නිර්මානය කර ඇත.

                            විශේෂ දක්ශතා සපිරි දිලිඳු සිසුවියක් පාසල් චිත්‍ර තරගයකට ඉදිරිපත් වීමට ගන්නා උත්සහය හා එය අසාර්ථක වන අයුරු දැක්වෙන කෙටිකතාවකි. විවිධ තරාතිරම් වලින් යුත් සමාජ පරිසරයක ජීවත් වන සිරියාවතීත් ඇගේ මවත් එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට කෙතරම් වෙහෙක් දරනවාද? ,දිලිඳු වී ඉපදීමෙන් සමාජය තුල ඔවුන් කෙතරම් අපහසුතාවයට පත් වනවාද?,

                               විශේෂයෙන්ම එවැනි දිලිඳු මිනිසුන්ට අනෙකුත් පුද්ගලයන් සලකන ආකාරය පිළිබඳවද මෙම කෙටිකතාව තුල දක්වා ඇත.සිරියාවතී වටා තිබෙන පරිසරය විවිධාකාරය,සිටින පුද්ගලයින්ද විවිධාකාරය.  ගුරුවරිය පැවසූ පරිදි  චිත්‍රය ඇදීමට යන සිරියාවතීට අයිස් ක්‍රීම්කරුවෙනුවට චිත්‍රයට නැගීමට සිහිවන්නේ මාඑ වෙලෙන්දියයි”.  මොකද කීවොත් ඇයගේ  මව  ඇයව ජීවත් කරලීමට මාලු වෙලදාමක නියලෙන බව සිහි වූ නිසා ඇය එම චිත්‍රය ඇදීමට පෙලබුනි.ඇය ඉතා අලංකාරව චිත්‍රය ඇන්දත් මෙම ගුරුවරිය එය නොසලකා හරියි.

                                    ඉතින් මෙයයි අද පවතින සමාජ පසුබිම.සිරියාවතීට චිත්‍රය ඇදීම්ට අවශ්‍ය පාට පෙට්ටියගැනීමට ඇයගේ මව වෙහෙසෙන ආකාරය සහ  මිනිසුන් තුල ඇති කුහකකම් පිලිබඳව මෙම කෙටිකතාව තුල මනාව පිලිබිඹු වේ. එසේ කුහක මිනිසුන් අතර හොද පුද්ගලයන්ද ජීවත් වේ.එයට උදාහරණයක් වන්නේ සිරියාවතීගේ අනෙක් ගුරුතුමියයි.ඇය නමින් වනසිංහ ටීචර්යි. නිලය, බලය මත නොමනාකම් කරන මිනිසුන් අතර, කම්පිතවන මානුශීය හැගීමෙන් තොර වූ මැය සිරියාවතී කෙරෙහි නිශේදනීයව බලපායි.

                                මෙම සමාජ ක්‍රමය පිලිබඳ සිතනවිට අපට දැනෙන්නේ කුමක්ද ?,එකම රටක ජීවත් වනවානම්, හැම පුද්ගලයාම ලේ මස් වලින් සෑදී ඇත්නම් මේ තරම් කුහකකම් කුමක්ටද?, මෙයයි අද රටේ තිබෙන වාතාවරණය. මෙය වෙනස් කල හැක්කේද මිනිසාටමය.
                               කෙසේ වෙතත්  නිලයට, බලයට යට වූ සමාජයක දිලිඳු දැරියකට ඇයගේ දක්ශතා ජයග්‍රහණයට පත් කර ගත  නොහැකි අයුරින් සිදුවන සමාජ අසාධාරණය හේතුවෙන් සුදුස්සාට සුදුසු තැන නොලැබෙන බව මෙම කතාවෙන් පෙන්වාදීමට කතුවරයා උත්සාහ කර ඇත.


                                                   චලනි මදුවන්තිකා ජෝපියස්.
                                                    MAPT/19/B1/37

No comments:

Post a Comment