මිනිස්සු කියන්නෙම අලුත් දෙයක් කරන ජීවීන් කොට්ඨාසයක්.. මෑතකදී මාත් අලුත් වැඩකට සම්බන්ධ වුනා.. ඇත්ත්ටම හරිම විනෝදයි.. විනෝදය අස්සෙන් ජීවිතයට ගන්න දේවලුත් බොහොමයි..
PETRICHOR
අලුත් වැඩක්.. සැප්තැම්බර් මාසයේ මේ චිත්‍රපට දැක්මට මටත් ඉන්න වාසනාව තිබ්බා. මගේ හිත ගත්ත එක කෙටි චිත්‍රපටයක් තිබ්බා. මේ තිබ්බ ඔක්කොම චිත්‍රපට වලින් අතාරින්න කියල එකක් නෑ. ඔක්කොම වැදගත්, රසවත්.. මන් හිතුවා හසංක දිමුතු හැල්විටගේ කුලුදුල් නිර්මාණය Virtual Reality තෝරගන්න. මොකද රටක අනාගතය තියෙන්නේ තරුණ පිරිස අතේ. මේ නිර්මාණය මගින් කතා කර්න්නේ මූලිකත්වය දෙන්නෙත් තාරුණ්‍යය ට. එ නිසා මේ නිර්මාණය මගහරින්නට මට ඉඩක් නැත.
ඉස්සර මිනිසුන් නිදහසේ ඉන්න කාලය ගත කරේ කොහොමද? පොඩි උන් ලොකු උන් කියල නැහැ. අළේ දොළේ පැනලා ගස් උඩ නැගල අඹ ගෙඩියක් පලතුරක් කඩාගෙන කාලා ගොඩක් සරල සාමාන්‍ය විදියට නිදහස වින්දා. තමන්ගේ සනුහරේ ඈයො එක්ක ලෙන්ගතු වී නිදහසේ හිටියා
ඒත්....
ගෝලීයකරණයත් එක්ක මිනිසුන් අතට තාක්ෂණය ඒමත් සමග අපේ අතීතය වර්තමානය ගලපගන්න බැරි තරමටම වෙනස්කම් වලින් පිරෙන්න ගත්තා. හසංක හරි අපූරු තේමාවක් අරගෙන පොදු දෙයක් අරගෙන මේ කනපිට ගැහිලා තියන දේ අපිට පෙන්නනවා...
Video Games..
මේ පුංචි වචන දෙකෙන් හසංක තම නිර්මාණය කරන්නේ බලන අපට මිනිත්තු 19ක් පුරාවට කාලය ගෙවෙන බවක් නොදැනෙන විදියට අපේ ජීවිතයට තම නිර්මාණය සමීප කරමිනි. අපේ අතීත මිනිසුන් ළමා ළපටියෝ ඇළේ දොළේ පැනලා බට්ටො පැනලා කෝම්පිට්ටු උයලා හිටියා වගේ වර්තමාන අපේ සමාජය පරිගණකයට ජංගම දුරකථනයට සීමා වෙලා කාලය ගෙවෙනවා. උදේ දවල් රෑ වෙන එක අපි දන්නේවත් නෑ දැන්. ඒ තරමට අපි මේ මෙවලම් වලට ගැති වෙලා.. මේ අතරින් පරිගණක නැත්නම් ජංගම දුරකථන වල පවා තිබෙන ක්‍රීඩා විවිධාකාරයි.අපේ හසංක තරුණ කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පියා මෑතකදී අසන්නට ලැබුන භයානක පරිගණක ක්‍රීඩාවක් නිසා මේ නිර්මාණය කරන්නට ඇතැයි මට සිතුනා.
පරිගණක එක්ක දුරකථන එක්ක තනි වෙන්න අපේ තරුණ ළමයින්ගේ තියෙන්නේ පුදුම ආසාවක්. මේ අස්සේ පෙම් පලහිලව්වකුත් එකතු වුනාම අලි මදිවට කොටි කිව්වලු..
නිදහසක් තියෙද අපිට... අපේ තරුණ පරම්පරාවට
දවස පුරාම දිනුමක් ලබන තෙක් උත්සාහය අතාරින්නෙ නෑ. ඒ අතින්නම් අපි හරි උත්සාහවන්තයි කිව හැකි. ඒ වුනාට මේ ඇබ්බැහි වීම කොතරම් දුරට සාර්ථකද? මේ පරිගණක ක්‍රීඩා නිසා ජීවිතය පවා නැති වෙයි කියලා කවුද හිතුවේ..හසංක කියන්නේ ඔන්න ඕක. ඕන දෙයක සීමාවක් තියනවානේ. මේකෙත් අවසානයේ මෙහි එන ප්‍රධාන චරිතය විනාශ වෙනවා. ඒ විනාශය ලගා කරගන්නේ තමන්ගේ විනාශය කරගන්නේ තමන්ගේම අතින් වීම කණගාටුදායකයි..
ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ. සුද්දා අපිට දෙන හැම දෙයක්ම නොගෙන තාක්ෂණය නිසා ලැබෙන මේ වටිනා දේ හරි විදියට පරිහරණය කරන්න පාඩමක් ඉගන ගන්න සමාජ සංසිද්ධි අප අතරට ගේන්න හසංක ගත් උත්සාහය සාර්ථක වුනා කියන්න වෙන කතා ඕනම නෑ...
H.A.Dissanayaka
MAPT/19/B1/18
No comments:
Post a Comment