The ConsumeR

The ConsumeR



The purpose of a film is not just to entertain but also to uplift the human being.  To uplift mankind with morale and character.  Widening.  Therefore, the best films are those that reflect the quality of life and the quality of life.  In such news, the cinema world is not what we normally expect.  But the viewer gets a strange life test.  A strange point of view emerges.  Strange experience.  The spectator inhales a strange odor of life.  He is an inspiration.

 Similarly, THE CONSUMER directed by Mr. Saman Priyanath is in some sense a short film.  The story of THE CONSUMER is real.  It depicts a young man living in an utopian world where the high standards of socialism and the higher social levels are attributed to him.  In this short film, the imitators of such habits are severely attacked.  In some cases, the creator has been ridiculed.  The film is made from a psychological perspective that penetrates the human mind.

 The young man who plays the main character in the film is also a factor in selecting his partner, such as the Citizen watch she wore, the pair of shoes and her expensive goggles.  At times, he and his girlfriend are dreaming about their future, surrounded by high-profile factors such as a BMW car, a house built for the Europian architect, and a white baby with blue eyes.  He's always special about BRAND. That's what's important to him.

 Particularly important to THE CONSUMER is the way the young man's character is built.  He is an unfortunate man who succumbs to his will and succumbs to a utopian society and environment and eventually succumbs to a vicious criminal.  The short film which unfolds in the form of a self confession of the young man ends up being a passionate enough to kill his girlfriend, his wife.

 But the Creator awakens the audience's thought to look at him with pity, not blaming his endless actions.  He is responsible for his plight and a high standard of social life.  The sad fate of a young man who endeavors to pursue such a social life is worth it.  The maker of this young man's portrayal is trying to get the audience to take a deeper look at the unintended consequences of social life by embracing popular culture.


A.L.AZEER AHAMED
MAPT/19/B1/31

Virtual Reality


ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී නිශ්පාදන තාක්ෂණය හදාරන සිසුන් ඉකුත් 2019 සැප්තැම්බර් 20,21,22 යන දිනයන්හි හරි අපූර්ව සිනමා උලෙළක් අප සිත් ඇදගන්නා සුලු අයුරින් ඉදිරිපත් කලේය.  

එන්න අක් වැස්සේ තෙමෙමු පොලොවේ සුව විදිමු තේමාව යටතේ ' Petrichor' ඉදිරිපත් කරනු ලැබීය.

විවිධ දෘශ්ටිකෝනයේ චිත්‍රපට 16ක් විකාශය වූ අතර ඉන් මා සිත් ඇදගත් චිත්‍රපටය ' Virtual Reality' කෙටි චිත්‍රපටයයි. එයට බලපෑ විශාලතම හේතුව ලෙස එම චිත්‍රපටය තුල ගැබ් වූ කුතුහලයයි. එය ඉතාමත් අපූර්ව අයුරින් හන්සක දිමුතු විසින් නිර්මාණය කල තිබුනි. 

මා ඒ සදහන් කල කෙටි චිත්‍රපටය පිලිබඳ විස්තර කල හොත් එය මෙරට චිත්‍රපට තුල දැඩි ලෙස කතා බහට ලක් වෙන ස0සිද්දියක් වන අබ්බැහි වීමක් සම්බන්ධයෙන්  කෙටි චිත්‍රපටය රසවත් අයුරින් නිර්මාණය කර තිබුනි. කෙටි චිත්‍රපටයේ ප්‍රදාන චරිතය එමෙන්ම චිත්‍රපටය තුල දක්නට ලැබෙන එකම චරිතය පන පොවන්නේ දැඩි ලෙස සමාජ මාධ්‍යන්ට අබ්බැහි වූ චරිතයක් පිලිබඳ වේ. ඔහු තම ජීවිතයේ සියලු තීරණයන් ගන්නේ සමාජ මාධ්‍ය හරහාය. කෙටි චිත්‍රපටයේ දැක්වෙන අයුරින් තම පෙම්වතිය තෝරා ගනු ලබන්නේද සමාජ මාධ්‍යයේ භාවිතයෙනි.

මෙය අද සමාජයේ සුලබව දැක ගත හැකි දෙයකි. ලොකු කුඩා බාල මහලු සියලු දෙනා සමාජ මාධ්‍යයන්ට අබ්බැහි වී සිටී. තමන් කනබොන අදින පළදින දේ තීරණය කරන්නේ සමාජ මාධ්‍යයන්‍ය. එය මෙම කෙටි චිත්‍රපටයේ හොඳින් දැක ගත හැක. එය සිතට කාවදින ආකාරයෙන් නිර්මාණකරු විසින් ඉදිරිපත් කර තිබුනි.

ඔහු ලෝකය දෙස බලන්නේ සමාජ මාධ්‍ය හරහාය. ඔහු ජීවත් වන්නේ මිත්‍යා ලොවකය. අද සමාජයේ බහුතරය ජීවත් වන්නේද මිත්‍යා ලොවක බව මාගේ අදහසයි.

VIRTUAL REALITY

VIRTUAL REALITY 

ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී නිශ්පාදන තාක්ෂණය හදාරන සිසුන් ඉකුත් 2019 සැප්තැම්බර් 20,21,22 යන දිනයන්හි හරි අපූර්ව සිනමා උලෙළක් අප සිත් ඇදගන්නා සුලු අයුරින් ඉදිරිපත් කලේය. 

එන්න අක් වැස්සේ තෙමෙමු පොලොවේ සුව විදිමු තේමාව යටතේ ' Petrichor' ඉදිරිපත් කරනු ලැබීය.

විවිධ දෘශ්ටිකෝනයේ චිත්‍රපට 16ක් විකාශය වූ අතර ඉන් මා සිත් ඇදගත් චිත්‍රපටය ' Virtual Reality' කෙටි චිත්‍රපටයයි. එයට බලපෑ විශාලතම හේතුව ලෙස එම චිත්‍රපටය තුල ගැබ් වූ කුතුහලයයි. එය ඉතාමත් අපූර්ව අයුරින් හන්සක දිමුතු විසින් නිර්මාණය කල තිබුනි.

මා ඒ සදහන් කල කෙටි චිත්‍රපටය පිලිබඳ විස්තර කල හොත් එය මෙරට චිත්‍රපට තුල දැඩි ලෙස කතා බහට ලක් වෙන ස0සිද්දියක් වන අබ්බැහි වීමක් සම්බන්ධයෙන්  කෙටි චිත්‍රපටය රසවත් අයුරින් නිර්මාණය කර තිබුනි. කෙටි චිත්‍රපටයේ ප්‍රදාන චරිතය එමෙන්ම චිත්‍රපටය තුල දක්නට ලැබෙන එකම චරිතය පන පොවන්නේ දැඩි ලෙස සමාජ මාධ්‍යන්ට අබ්බැහි වූ චරිතයක් පිලිබඳ වේ. ඔහු තම ජීවිතයේ සියලු තීරණයන් ගන්නේ සමාජ මාධ්‍ය හරහාය. කෙටි චිත්‍රපටයේ දැක්වෙන අයුරින් තම පෙම්වතිය තෝරා ගනු ලබන්නේද සමාජ මාධ්‍යයේ භාවිතයෙනි.

මෙය අද සමාජයේ සුලබව දැක ගත හැකි දෙයකි. ලොකු කුඩා බාල මහලු සියලු දෙනා සමාජ මාධ්‍යයන්ට අබ්බැහි වී සිටී. තමන් කනබොන අදින පළදින දේ තීරණය කරන්නේ සමාජ මාධ්‍යයන්‍ය. එය මෙම කෙටි චිත්‍රපටයේ හොඳින් දැක ගත හැක. එය සිතට කාවදින ආකාරයෙන් නිර්මාණකරු විසින් ඉදිරිපත් කර තිබුනි.


ඔහු ලෝකය දෙස බලන්නේ සමාජ මාධ්‍ය හරහාය. ඔහු ජීවත් වන්නේ මිත්‍යා ලොවකය. අද සමාජයේ බහුතරය ජීවත් වන්නේද මිත්‍යා ලොවක බව මාගේ අදහසයි.

MAPT/19/B1/23

අක් වැස්සෙන් එක් පොදක්...

I want to play   සිනමා කෘතිය වූ කලී හසන්ක දිමුතු හල්විට නම් වූ අධ්‍යක්ෂකයාණන් විසින්  නිර්මාණයේ යෙදුණු ඉතා උසස් ගණයේ නිර්මාණයකි .මෙම සිනමා නිර්මාණය ම්නිත්තු අටක් පමණ කුඩා කාලයක් තුළ අප හමුවට ගෙනහැර පෑවත් එය තුළින් හුදෙක් සිනමාවක් රස විදින්නට පමණක් සීමා නොවී එහි පරතෙරට සමාජයට විශේෂයෙන් තාරුණ්‍යයට අගනා සමාජ පණිවිඩයක් ලබා දෙන්නට සමත් වන්නා වූ කලා කෘතියක් බව නම් නොවිවාදය.
           සංගීතය වූ කලී ඉතා මනෝවිද්‍යාත්මක ,ආකර්ෂණීය ,සිත් මොහොතකට සනසාලන්නට සමත් වන්නා වූ අංගයක් බව මා නැවත නැවත සිහි කළ යුතු නොවන්නේය.සංගීතය , ආදරය , විරහව, දුක ,දරා ගැනීම ,ජිව්තයට ආදරය නිසා සිදුවන විපර්යාසය හරි අපූරුවට කැටි කොට උඩපෙළින් ඔබ්බට පරතෙරට ගොස් ච්න්තනයට බොහෝ අවකාශයක්  ලබා දෙමින්  යටිපෙළ සෑම විට නිරූපණය කරමින් පේක්ෂකයා හට නිරතුරු සිනමා කෘතියක හරය වන කුතුහලය නම් සංකල්පය මොනවාට සිත් තුළ ජනනය කරමින් සැම සිත් මොහොතකට සිනමා කෘතිය සතු කර ගැනීමට හල්විට අධ්‍යක්ෂකයාණෝ දරන වෑයම නම් සාඩම්බරය.
            තාරුණ්‍යයට ආදරය නම් සංකල්පය වූ කලී විශේෂිත වන්නේ ය.එහි දී තේරුම් ගැනීම ,ඉවසීම ,ජයග්‍රහණයට අත දීම, දරා ගැනීම,එයටම සීමා නොවීම, වූ කලී අත්‍යාවශ්‍ය වන්නේ ය.මෙහි තරුණයා තම හැකියාව වන සංගීතයට මෙන්ම තම පෙම්වතියට ද එක සේ ආදරය කරයි . එය තේරුම් නොගත් ඇය ප්‍රචණ්ඩ වී ඔහුගෙන් හැර යයි. තරුණයා දුක් සහිතව පැරණි ආදර මතකයන් දෙස එක් වරක් පමණක් ආපසු බලා තම ජීවිතය නව මුහුණුවරකින් නැවුම් ලෙස ව්ශාල විපර්යාසයකින් යුක්තව ජීවිතය ගොඩ නගා ගැනීමට තම සංගීතයම තෝරා ගනී.
             රසවින්දනයෙන් ඔබ්බට ගොස් තාරුණ්‍යය නගා සිටුවීමට කාලෝචිත  අවශ්‍යතාවක්  ඉතා ආකර්ෂණීය ලෙස නිමවා ලීමට සමත්ව ඇත.
✍️  M.A.B.E.D.M.A Bandara
       MAPT/19/B1/06
 'Virtual Reality' 


ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී නිශ්පාදන තාක්ෂණය හදාරන සිසුන් ඉකුත් 2019 සැප්තැම්බර් 20,21,22 යන දිනයන්හි හරි අපූර්ව සිනමා උලෙළක් අප සිත් ඇදගන්නා සුලු අයුරින් ඉදිරිපත් කලේය.  
එන්න අක් වැස්සේ තෙමෙමු පොලොවේ සුව විදිමු තේමාව යටතේ ' Petrichor' ඉදිරිපත් කරනු ලැබීය.
විවිධ දෘශ්ටිකෝනයේ චිත්‍රපට 16ක් විකාශය වූ අතර ඉන් මා සිත් ඇදගත් චිත්‍රපටය ' Virtual Reality' කෙටි චිත්‍රපටයයි. එයට බලපෑ විශාලතම හේතුව ලෙස එම චිත්‍රපටය තුල ගැබ් වූ කුතුහලයයි. එය ඉතාමත් අපූර්ව අයුරින් හන්සක දිමුතු විසින් නිර්මාණය කල තිබුනි. 
මා ඒ සදහන් කල කෙටි චිත්‍රපටය පිලිබඳ විස්තර කල හොත් එය මෙරට චිත්‍රපට තුල දැඩි ලෙස කතා බහට ලක් වෙන ස0සිද්දියක් වන අබ්බැහි වීමක් සම්බන්ධයෙන්  කෙටි චිත්‍රපටය රසවත් අයුරින් නිර්මාණය කර තිබුනි. කෙටි චිත්‍රපටයේ ප්‍රදාන චරිතය එමෙන්ම චිත්‍රපටය තුල දක්නට ලැබෙන එකම චරිතය පන පොවන්නේ දැඩි ලෙස සමාජ මාධ්‍යන්ට අබ්බැහි වූ චරිතයක් පිලිබඳ වේ. ඔහු තම ජීවිතයේ සියලු තීරණයන් ගන්නේ සමාජ මාධ්‍ය හරහාය. කෙටි චිත්‍රපටයේ දැක්වෙන අයුරින් තම පෙම්වතිය තෝරා ගනු ලබන්නේද සමාජ මාධ්‍යයේ භාවිතයෙනි.
මෙය අද සමාජයේ සුලබව දැක ගත හැකි දෙයකි. ලොකු කුඩා බාල මහලු සියලු දෙනා සමාජ මාධ්‍යයන්ට අබ්බැහි වී සිටී. තමන් කනබොන අදින පළදින දේ තීරණය කරන්නේ සමාජ මාධ්‍යයන්‍ය. එය මෙම කෙටි චිත්‍රපටයේ හොඳින් දැක ගත හැක. එය සිතට කාවදින ආකාරයෙන් නිර්මාණකරු විසින් ඉදිරිපත් කර තිබුනි.

ඔහු ලෝකය දෙස බලන්නේ සමාජ මාධ්‍ය හරහාය. ඔහු ජීවත් වන්නේ මිත්‍යා ලොවකය. අද සමාජයේ බහුතරය ජීවත් වන්නේද මිත්‍යා ලොවක බව මාගේ අදහසයි.
Tharusha dilashani udawelaarachchi 
MAPT/19/B1/23


THE CONSUMER

" නිරීක්ෂණයට ලක්වූවෙකු ලෙස ප්‍රෙක්ෂකයා තිරයේ නොපවතී. ඔවුන් පවතිනුයේ නිරීක්ෂකයෙකු ලෙස ය. සෑම මොහොතකම මා චිත්‍රපටය තුළ සිටිනුයේ මාගේ බැල්මේ සුමුදු ස්පර්ශය සමගිනි "

             _Christian Metz (The Imaginary Signifier )

                      සිනමා කෘතියක පරමාර්ථය විය යුත්තේ හුදෙක් රසවින්දනය පමණක්ම නොව මනුෂ්‍යයා නගා සිටුවාලීම ය. මනුෂ්‍යයා චිත්ත ශක්තියෙන් හා චරිත ශක්තියෙන් උසස් කරලීම ය. පළල් කිරීම ය. එහෙයින් උසස් සිනමා කෘති වශයෙන් ගැනෙන්නේ, ලෝක තත්ත්වය, ජීවන තත්ත්වය විදහා පාන නිර්මාණ ය. එබඳු කතා ප්‍රවෘත්තිවල, සිනමා ලෝකයේ අප සාමාන්‍යයෙන් බලාපොරොත්තුවන දේ සිදු නොවේ. එහෙත් ප්‍රේක්ෂකයාට අමුතු ජීවිත පරික්‍යානයක් ලැබේ. අමුතු දෘෂ්ටි කෝණයක් එළිවේ. අමුතු අත්දැකීමක් ඇතිවේ. ප්‍රෙක්ෂකයා ජීවිතයේ අමුතු සුවඳක් ආඝ්‍රහණය කරයි. ඔහු ආශ්වාදයක් ලබයි.

                           එලෙසම සමන් ප්‍රියනාත් මහතා විසින් අධ්‍යක්ෂනය කරන ලද THE CONSUMER වනාහි යම් කිසි අතකින් කෙටි චිත්‍රපටය විෂයෙහි පැසසිය යුතු ප්‍රයත්නයක් සේ හැගේ. THE CONSUMERහි කතා ප්‍රවෘත්තිය  තාත්වික ය. එහි නිරූපණය කොට තිබෙන්නේ ජනප්‍රිය සංස්කෘතිය පෙරටු කොටගෙන පුහු ආටෝප සාටෝප මත රදා පවතින උසස් යැයි සම්මත BRAND, උසස් සමාජ ආයිත්තම්, උසස් සමාජ මට්ටම් තමා වෙත ආරෝපණය කරගත් මනෝරාජික ලෝකයක ජීවත්වන තරුණයෙකුගේ චරිතයකි. මෙම කෙටි චිත්‍රපටය තුළ මෙවැනි මානසික ආකූලතවයන්ගෙන් හෙබි එවැනි සිරිත් අනුකරණය කරන්නන්ට දැඩි ලෙස පහර එල්ල කර ඇත. ඇතැම් තැනක නිර්මාණකරුගේ උපහාසයට ද භාජනය වී ඇත. මෙම චිත්‍රපටය මිනිස් මනස විනිවිද දකිමින් මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකට අනුකූලව නිර්මාණය කර තිබේ.

                මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන තරුණයාට තම සහකාරිය පවා තෝරා ගැනීමේදී හේතු පාදක වන්නේ ඇය පළදින Citizen ඔරලෝසුව, ඇයගේ පාවහන් යුවල ඇයගේ මිලාදික උපැස් යුවල වැනි සාධකය. විටෙක ඔහු තම පෙම්වතිය සමග ඔවුනොවුන්ගේ අනාගතය ගැන සිහින මාලිගා මවන්නේ BMW කාර්, Europian architect එකට හදපු ගෙයක්, නිල් පාට ඇස් තියෙන සුදු බබෙක් ආදී වූ ඉහළ තාවයකින් යුතු සාධක වටකොටගෙන ය. ඔහු සැම විටම BRAND  පිළිබඳ විශේෂයෙන් සැලකයි.ඔහුට වැදගත් වන්නේ එයයි.

                 THE CONSUMER සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිය යුත්තේ එහි එන තරුණයාගේ චරිතය ගොඩනගා තිබෙන ආකාරයයි. ඔහු වූ කලී තම සිතැගිවලට වසග වී මනෝරාජික සමාජයකට ට හා පරිසරයකට ගොදුරු වී කෙළවරදී දරුණු සාපරාදී ක්‍රියාවකට පවා යටත්වන අවාසනාවන්ත පුරුෂයෙකි. මෙම තරුණයාගේ ආත්ම පාපොච්චාරණයක ස්වරූපයෙන් දිගහැරෙන මෙම කෙටි චිත්‍රපටය අවසන ඔහු තම පෙම්වතිය එනම් බිරිඳ මරණයට පත් කිරීමට තරම් ආවේගශීලි මනසකින් හෙබි පුද්ගලයකු වන්නේ ය.

                      එහෙත් නිර්මාණකරු ඔහුගේ අසංයත ක්‍රියාවන්ට දොස් නොනනා ඔහු දෙස අනුකම්පාවෙන් බැලීමට ප්‍රේක්ෂක චින්තනය අවදි කරවයි. ඔහුගේ දුක්කිත ඉරණමට වගකිව යුත්තේ ඉහළ යැයි සම්මත සමාජ ජීවිතය යි. එවැනි සමාජ ජීවිතයක් ආරූඪ කර ගැනීමට වෑයම් කළ තරුණයෙකුට අවසන අත්වන දුක්කිත ඉරණම අගවයි. මෙම තරුණයාගේ චරිත නිරූපණයන් නර්මාණකරු වෑයම් කරන්නේ අවිචාර ලෙස ජනප්‍රිය සංස්කෘතිය වැලදගැනීමෙන් අප සමාජ ජීවිතයට පැමිණිය හැකි අනිශ්ඨ විපාක පිළිබඳව ගැඹුරු චින්තාවකට ප්‍රේක්ෂක මනස ගෙනයාමටයි .

              MAPT/ 19/ B1 /33
              K.M.I දියතිලක

එන්න, අක් වැස්සෙන් තෙමුනු පොලොවේ සුවඳ විදින්න ........

එන්න, අක් වැස්සෙන් තෙමුනු පොලොවේ සුවඳ විදින්න ........


අද මා මෙම ලිපිය ලිවීමේ අරමුණ වන්නේ, අපගේ ශ්‍රී ලාංකා වෘත්තීය තාක්ෂණය විශ්ව විද්‍යාලයෙහි ප්‍රථම වරට පැවත්වූ කෙටි සිනමා උලෙළ පිලිබඳව රසවත් මතක සටහනක් ඔබ හමුවේ බෙදා ගන්නටයි. ඉතින් මගේ ආදරණීය පාඨක සියලුදෙනා වෙනුවෙන් සොඳුරු මතක සටහන් කිහිපයක් ඔබගේ හදවත් තුලට එම මොහොත සජීවී මොහොතක් ලෙස ළගා කරදීමේ බලාපොරොත්තුවෙන් මෙතැන් සිට මාගේ ලිපිය ලිවීමට මම ආරම්භ කරමි.

ශ්‍රී ලාංකා වෘත්තීය තාක්ෂණය විශ්ව විද්‍යාලය - රත්මලානෙහි, සිනමා හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ උපාධි පාඨමාලාව හදාරන 2014 ශිෂ්‍ය කණ්ඩායම විසින් මීට දින කිහිපයකට පෙර අපූරු සිනමා උලෙළක් ඔබ අප සැමට ඉදිරිපත් කළේය. එය සැත්තැම්බර් මස 20, 21, 22 යන තෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් සැන්දෑ සමයෙහි හෝරා කිහිපයක් තුල විකාශනය වන පරිදි තෙදින පුරා කෙටි සිනමා 16ක් විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරය තුල එළිදැක්වූයේය. මෙම සිනමා උලෙළ ප්‍රථම වරට අප විශ්ව විද්‍යාලය තුල ඉදිරිපත් කිරීමට මූලික වූයේ අපගේ 2014 FTPT ශිෂ්‍ය කණ්ඩායම විසිනි. මෙම රසවත් පුවත අප සියලු දෙනා අගය කල යුතු හා ආඩම්බර විය යුතු මොහොතක් මෙන්ම කරුණක් ද  විය. “එන්න අක් වැස්සෙන් තෙමුනු පොලොවේ සුවඳ විදින්න” යන අර්ථවත් තේමාව මුල් කර ගනිමින් මෙම වසරේ “PETRICHOR” සිනමා උලෙළ එළිදැක්වූයේය.

කෙටි සිනමා 16ක් ඉතාමත් විචිත්‍ර ආකාරයෙන් ප්‍රෙක්ෂකයන් හට ඉදිරිපත් කිරීම පිලිබඳව මා මෙන්ම මගේ සහෝදර සහෝදරියන් ඉතාමත් මේ පිලිබඳව සතුටු විය.මෙම සිනමා උලෙළ මට ඉතාමත් වැදගත් මොහොතක් මෙන්ම මාගේ අනාගත සිහිනය කරා හඹා යෑමට මහත් පිටුවහලක් වූද මාගේ ජීවිතයට සොඳුරු අත්දැකීම් කිහිපයක් ද එකතු වූ මොහොතක් විය.


මෙම සිනමා උලෙළ තුළින් මාගේ හදවත වැඩි වශයෙන් ස්පර්ශ වුයේ “I WANT TO PLAY” යන කෙටි සිනමාවයි. මෙහි අද්‍යක්ශක අප විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස ඉගෙනුම ලැබූ හසන්ක දිමුතු මහතා විය. මෙම කෙටි සිනමාවට මිනිත්තු 8.55ක කාල සීමාවක් තුල ප්‍රෙක්ෂකයන් හට ඉදිරිපත් වන අතර මෙය සංගීතමය නාට්‍යයක් වශයෙන් විකාශනය වූ අපූරු කෙටි සිනමාවක් විය.

“I WANT TO PLAY” නම් කෙටි සිනමාවේ ප්‍රධාන චරිතය පණ පොවන තරුණයාගේ මුලු ජීවිතයම වන්නේ සංගීතයයි. මෙම තරුණයා මහත්සේ ආදරය කරන්නේ ද සංගීතයයි. ඔහුගේ සිහිනය ද වන්නේ සංගීතයයි. ඔහුගේ විනෝදාංශ ද වන්නේ සංගීතයයි. ඔහුගේ රැකියව ද වන්නේ සංගීතයයි. මේ තුළින් කපී පෙනෙනුයේ මෙම තරුණයා ප්‍රසිද්ධ සංගීතඣයෙකු වීමේ දැඩි අපේක්ෂාවක් සහ ආශාවක් ද ඇති බව මට බොහෝසේ මාගේ හදවතට හැගුණු එක් කාරණාවක් විය. නමුත් මෙම තරුණයාගේ සිහිනයට කාන්තාවක් විසින් ඔහුගේ සිහිනයට බාධාවක් විය. එතැන් පටන් මෙම තරුණයා සංගීතය එපා වීමේ අරමුණක් ඇති විය. ඔහුගේ හදවත වාගේ ළගින් සිටි එකම සංගීත භාණ්ඩයක් වූ ගිටාරය පවා ගගට විසි කිරීමේ අරමුණකට යාමට සිදුවූයේ ඔහුගේ පසුබැසීම් හැගීම් මූලික වීම නිසයි. මෙම තරුණයාගේ ජීවිතයේ එක් කොටසක් මූලික කර ගනිමින් හසන්ක දිමුතු නම් අද්‍යක්ශක තුමා ඉතා රසවත් කෙටි සිනමාවක් ප්‍රෙක්ෂකයන් වන අප හට ඉදිරිපත් කරයි.

ඉතින් මෙම කෙටි සිනමාව තුළින් ඔබට ද පණිවිඩයක් දීමට මා ළග ඉතිරිව ඇත. එනම් අපගේ ජීවිතයට විවිධ වූ බාධා ළගා විය. එහිදී කුමන හෝ වේ බාධාවක් වූවත් අප එයට නොබියව සටන් කල යුතු වේ. එමෙන්ම එම බාධාව අපගේ සිහිනයට ද බාධාවක් ඇති නොකර එයට සාර්ථකව විසදුම් කරා යාමට අපට හැකි වුවහොත් එය අප ලබන මහත් ජයග්‍රහණයක් යැයි මට සිතේ. 

මාගේ ලිපිය කියවූ සියලුම පාඨක සැමට ස්තුතියි..........



- දිලිනි පෙරේරා 

COIN BOX

COINBOX 

අක් වැස්සසේ සෙමුණු ස ොස ොසේ සුවද....
 අක් වැස්ස...ශ්‍රි ලංකා වෘත්තිය ොක්ෂණ විශ්වවිදයාලසේ සිනමා හා රූ වාහිනී නිෂ් ාදනසද ාර්ෙසේන්තුව විසින් සංවිධානය සකරුණු ශිෂය සකටි චිත්‍ර ට උස ල 20,22,23 යන සෙදින තු අති සාර්ථකඅන්දමින් ැවැත්විය.එහිදී ශිෂයයන් විසින් නිර්මාණය කරන ලද සකටි චිත්‍ර ට කී යක් ප්‍රදර්ශනය කරන ලද අෙරචිත්‍ර ට නැරඹීමට ස ොසහෝ පිරිසක් සහභාගි විය.

 සමම චිත්‍ර ට උස සේ විසශේෂත්වය වන්සන් ඉදිරි ත් කරන ලද සියලු චිත්‍ර ට ශිෂයයන් විසින්
නිර්මාණය කිරීමයි.සෙදිනක් පුරා ැවති සිනමා උස සේ මා සිත් ගත් එක් චිත්‍ර ටයක් පිළි ඳව කිව යුතුය.එමචිත්‍ර ටය නමින් COINBOX සේ.අධයක්ෂ චතුර දනවර්ධන විසින් නිර්මාණය ක සමම චිත්‍ර ටය ඉොමත් සාර්ථක
චිත්‍ර ටයක් විය.ඒ ව චිත්‍ර ටය සවෙ ලැබුණු ප්‍රතිචාර මගින් ැහැදිලි සේ.චිත්‍ර ටය ආරේභ වන්සන්මකුතුහලයවර්ධනයකරමිනි.අධයක්ෂවරයා චිත්‍ර ටය තුළින් යේණිවිඩයක් සමාජගෙ කිරීමට සිනමා කලාව අවියක් සකොට ඇෙ.සමහිදී යේකිසි ෙරුණසයක් කිසියේ ස ට්ටියකටකාසියක් දමයි එසසේදමන සෑමා අවස්ථාවකදීම එම ෙරුණයාට කේමුේ හරක් කෑමට සිදුසේ.අධයක්ෂවරයා සේ
නිර්මාණය කර ඇත්සත් සමාජ යොර්ථයයි.මා එසසේකීමට සහේතු වන්සන් අධයක්ෂවරයාට අනුව චිත්‍ර ටයසේ එනෙරුණයාට සෑම වැඩකදීම මුදලක් සගවීමට සිදු වීමයි.දැන් ඇත්සෙ මුදේ මෙ සියලු දෑ සිදුවන
කාලයයී.අධයක්ෂවරයා ෙම නිර්මාණය තුළින් සමාජයට වසා සිටින්සන් එයයි.අධයක්ෂවරයා එම කේමුේ හරගසන්සන් ඔ ට මට සේ මුලු සමාජයටයි.සිනමාකරුවාසගන් විය යුත්සත් එයයි.සිනමාකරු සැමවිටම සමාජය සදස
අවදිසයන් සිටිය යුතුය.සමාජය ප්‍රතිනිර්මාණයක යුතුය.

 COINBOXතුලින් දැක්සවන්සන් ද අ සමාජසේ එක්ෙරා ආර්ථිකමයගැටලුවකි.අධයක්ෂවරයා එය කේමුේහරක් සදමින් සලන් මෙක් කර දීමකට මුලපුරා ඇෙ.සමාජසේ ඇති ගැටලුවක් සමසලස සිනමා ටයක් සලසදැක්වීම අසීරු සසේම එවැන්නක් රසවින්දනයට ලක් කිරීම අසීරුය.නමුත් සිනමාකරුවාසග දක්ෂොව සහාසිනමානිර්මාණයකදී එයට සහාය දක්වන්නන්සේ සහසයෝගය මෙ සගොඩ නැගුණු ඉො සාර්ථක චිත්‍ර ටයක් සලසින්
COINBOX හැදින්විය හැකිය.

K.A.D.N.S wijesundara
MAPT/19/B1/14

අලුත් ඇසක්

මිනිස්සු කියන්නෙම අලුත් දෙයක් කරන ජීවීන් කොට්ඨාසයක්.. මෑතකදී මාත් අලුත් වැඩකට සම්බන්ධ වුනා.. ඇත්ත්ටම හරිම විනෝදයි.. විනෝදය අස්සෙන් ජීවිතයට ගන්න දේවලුත් බොහොමයි..

PETRICHOR

අලුත් වැඩක්.. සැප්තැම්බර් මාසයේ මේ චිත්‍රපට දැක්මට මටත් ඉන්න වාසනාව තිබ්බා. මගේ හිත ගත්ත එක කෙටි චිත්‍රපටයක් තිබ්බා. මේ තිබ්බ ඔක්කොම චිත්‍රපට වලින් අතාරින්න කියල එකක් නෑ. ඔක්කොම වැදගත්, රසවත්.. මන් හිතුවා හසංක දිමුතු හැල්විටගේ කුලුදුල් නිර්මාණය Virtual Reality තෝරගන්න. මොකද රටක අනාගතය තියෙන්නේ තරුණ පිරිස අතේ. මේ නිර්මාණය මගින් කතා කර්න්නේ මූලිකත්වය දෙන්නෙත් තාරුණ්‍යය ට. එ නිසා මේ නිර්මාණය මගහරින්නට මට ඉඩක් නැත.

ඉස්සර මිනිසුන් නිදහසේ ඉන්න කාලය ගත කරේ කොහොමද? පොඩි උන් ලොකු උන් කියල නැහැ. අළේ දොළේ පැනලා ගස් උඩ නැගල අඹ ගෙඩියක් පලතුරක් කඩාගෙන කාලා ගොඩක් සරල සාමාන්‍ය විදියට නිදහස වින්දා. තමන්ගේ සනුහරේ ඈයො එක්ක ලෙන්ගතු වී නිදහසේ හිටියා

ඒත්....

ගෝලීයකරණයත් එක්ක මිනිසුන් අතට තාක්ෂණය ඒමත් සමග අපේ අතීතය වර්තමානය ගලපගන්න බැරි තරමටම වෙනස්කම් වලින් පිරෙන්න ගත්තා. හසංක හරි අපූරු තේමාවක් අරගෙන පොදු දෙයක් අරගෙන මේ කනපිට ගැහිලා තියන දේ අපිට පෙන්නනවා...

Video Games..
මේ පුංචි වචන දෙකෙන් හසංක තම නිර්මාණය කරන්නේ බලන අපට මිනිත්තු 19ක් පුරාවට කාලය ගෙවෙන බවක් නොදැනෙන විදියට අපේ ජීවිතයට තම නිර්මාණය සමීප කරමිනි. අපේ අතීත මිනිසුන් ළමා ළපටියෝ ඇළේ දොළේ පැනලා බට්ටො පැනලා කෝම්පිට්ටු උයලා හිටියා වගේ වර්තමාන අපේ සමාජය පරිගණකයට ජංගම දුරකථනයට සීමා වෙලා කාලය ගෙවෙනවා. උදේ දවල් රෑ වෙන එක අපි දන්නේවත් නෑ දැන්. ඒ තරමට අපි මේ මෙවලම් වලට ගැති වෙලා.. මේ අතරින් පරිගණක නැත්නම් ජංගම දුරකථන වල පවා තිබෙන ක්‍රීඩා විවිධාකාරයි.අපේ හසංක තරුණ කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පියා මෑතකදී අසන්නට ලැබුන භයානක පරිගණක ක්‍රීඩාවක් නිසා මේ නිර්මාණය කරන්නට ඇතැයි මට සිතුනා.

පරිගණක එක්ක දුරකථන එක්ක තනි වෙන්න අපේ තරුණ ළමයින්ගේ තියෙන්නේ පුදුම ආසාවක්. මේ අස්සේ පෙම් පලහිලව්වකුත් එකතු වුනාම අලි මදිවට කොටි කිව්වලු..

නිදහසක් තියෙද අපිට... අපේ තරුණ පරම්පරාවට

දවස පුරාම දිනුමක් ලබන තෙක් උත්සාහය අතාරින්නෙ නෑ. ඒ අතින්නම් අපි හරි උත්සාහවන්තයි කිව හැකි. ඒ වුනාට මේ ඇබ්බැහි වීම කොතරම් දුරට සාර්ථකද? මේ පරිගණක ක්‍රීඩා නිසා ජීවිතය පවා නැති වෙයි කියලා කවුද හිතුවේ..හසංක කියන්නේ ඔන්න ඕක. ඕන දෙයක සීමාවක් තියනවානේ. මේකෙත් අවසානයේ මෙහි එන ප්‍රධාන චරිතය විනාශ වෙනවා. ඒ විනාශය ලගා කරගන්නේ තමන්ගේ විනාශය කරගන්නේ තමන්ගේම අතින් වීම කණගාටුදායකයි..

ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ. සුද්දා අපිට දෙන හැම දෙයක්ම නොගෙන තාක්ෂණය නිසා ලැබෙන මේ වටිනා දේ හරි විදියට පරිහරණය කරන්න පාඩමක් ඉගන ගන්න සමාජ සංසිද්ධි අප අතරට ගේන්න හසංක ගත් උත්සාහය සාර්ථක වුනා කියන්න වෙන කතා ඕනම නෑ...

H.A.Dissanayaka
MAPT/19/B1/18

INSIGHT



2019 Petrichor කෙටි චිත්‍රපට උළෙල රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය තුළ  සැප්තැම්බර් 20,21,22 දිනයන් වල 2014/2015 සිනමා හා රෑපවාහිනී තාක්ෂණවෙදී උපාධි පාඨමාලාව හැදෑරූ කණ්ඩායම මූලිකත්වයෙන් සිදුකෙරැණි. එහිදී කෙටි චිත්‍රපට 16 විකාශනය වූ අතර විවිධ තෙමාවන් යටතේ තිබුණි. ඒ අතරින් මා සිත් වසගයට ගත්තේ INSIGHT කෙටි චිත්‍රපටයයි.

INSIGHT කෙටි චිත්‍රපටය විනාඩි 18 පුරාවට තිළිණ නුවන් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් යුක්තව ප්‍රබන්ධ සිනමා වෘත්තාන්තයක් ලෙස විකාශනය විය. මෙහි සමස්තයක් වශයෙන් ගත් කළ අර්ථය නම් ලෝකොත්තර ජීවිතයක් ගත කරත් විවිධ බැදීම් වලින් ඈත් විය නොහැකි බවයි.ඉතා   අර්ථාන්විතව සිනමා රසයෙන් යුක්තව කාලානුරූපව ගලා යයි.

මෙහි කතාව දිගහැරෙන ආකාරය ගත් කල ස්වාමීන්වහන්සේ නමක් ඉතා නිස්කලංක වූ නිහැඩියාවකින් යුක්ත වනාන්තරයක තිබෙන ගල් ගුහාවක වැඩ සිටියි. එමෙන්ම ටික කල්‍ යන විට ගම් වැසියන් දාන ආදිය ගෙනත් දුනි. පසුව ස්වාමීන්වහන්සේ ගමේ දානය සදහා වඩිනු ලැබීය. නිරතුරුව භාවනාවේ යෙදෙමින් සිටින උන්වහන්සේට හිතින් පන්සලක් හදන ආකාරය පෙනෙන්නට විය. මන්ද ස්වාමීන්වහන්සේ පන්සලට ඇලී සිටින බව පෙන්නුම් කරයි. මෙහිදී ගත් කළ බැදීම් වලින් මිදීමට නොහැකි වීම ලෘකීක මෙන්ම ලොකොත්තර ජීවිතය තුලද සිදු වන බව වටහා ගත හැක . බැදීම් ජීවිතයේ  ඉදිරි ගමනට බාධාකාරී වේ. සිත හා මනස පාලනයට අවනත නොවේ. බැදීම් වලින් මිදී ජීවිතයේ  ඉදිරි පැතිකඩ දෙස බලාගැනීම අපද සිතට ගත යුතුය .


Manuja Bandara
Mapt/B1/19/35
                                    Mon amour

 චිත්‍ර පටය ගැන කියන්න කලින් පොඩි දෙයක් කියන්න කැමතියි😌.අප විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ දෙපාර්තමේන්තුවේ 2014/15 අයියලා අක්කලා විසින් නිෂ්පාදනය කරන ලද කෙටි චිත්‍රපට 16 මෙහි අන්තර්ගත වේ.අත්තෙන්ම මෙය නැරබීමට මා හට හැකි වීම මහගු බාග්‍යක් විය.මා මීට පෙර කෙටි චිත්‍රපට නැරබුවද මෙවැනි කෙටි චිත්‍රපට උලෙළකට සහබාගී වී නොමැත.කෙටි චිත්‍ර පටයක් කියූ සැනින් සමහරුන් හිතන්නෙ ඒක හරි ලෙසි වැඩක් කියල."අනේ බන් ඔය පැය කාලෙ  short film හදන එක කජ්ජක් වෑ"කියල තමයි ඇත්තෙන්ම කියනව නම් මෙම චිත්‍රපටයක් සෑදීමට කෙතරම් පරිශ්‍රමයක් දරා ඇතිද බව අපට වැටහුනේ එය නරබද්දී සහ චිත්‍රපටයක් අවසානයේදී යන කතිකාවතයි.
                  කෙටි චිත්‍රපටයක් නිර්මාණය  කිරිමට  අප ජෙශ්ටයන් හට ලක්ෂයකටත් වැඩි මුදලක් වැයවී ඇති බව අපට දැනගැනීමට හැකි උනා.මා මේ චිත්‍රපටයන් තුලින් දැකපු දෙයක් නම් මෙහි හුදෙක් දක්නට ඇත්තේ සංකේතයන් වේ.මෙහි අර්තයන් බැලූ බැල්මට. නොපෙනුනද මෙහි යටි පෙල කියවීමට අපිට හාකියාවක් තිබිය යුතු වේ.ඒකට නම් මාද්‍ය සාක්ශරතාව ඔන වෙනව😒.
                    හරි ඔන්න මන් වැඩේට බහිනව. මම මේ බලපු short film වලින් එකක් ගන්නම්.   mon amour.මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ච්න්තක ඩිලංග ගම්ලත් වේ.මෙයට රංගනයෙන් දායක වූයේ මහේශ් කුමාර හා රුවන්දිනී උයනහේවා ය.මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමට වස්තු බීජය වී ඇත්තේ සරසවි ප්‍රේමයකි.සරසවි ප්‍රේමය කියද්දි අපේ සිතට දැනෙන්නේ එය මොන තරම් න්ම් සුන්දරද යන වගයි .සරසවි පෙම් කතාවන් තුල අතීත කතාවන් විශාල ලෙස ගැබ්ව ඇති පේරාදෙනි සරසවියයි. දම්මික බණ්ඩාරයන් විසින් රචිත හන්තානෙට පායන සද. සරසවි උයණ වැනි ගීතයන් රචනා වීමට හේතු වන්නේද මෙම සරසවි ප්‍රේමය යි. mon amour චිත්‍රපටය තුල ද ඇත්තේ එවන් වූ ප්‍රේමයකි.සරසවි සිසුවියක් සමග පෙමින් බැදෙන පෙම්වතෙක් තම ප්‍රේමය ආරක්ශා කර ගැනීමට යොදාගන්නා වෑයමකි.මෙම පෙම්වතාගේ සිත තුල ඇත්තේ මහගු සැකයකි තම ගෑනු ලමයා හට මෙය හිසරදයක් වෙයි.අද කාලෙ කෙල්ලෝ විස්වාස කරන එක නම් ටිකක් අමාරු වැඩක්😂 ටිකක් නෙවෙයි ගොඩක්😒 ඔහොම සැක කරද්දි කෙල්ලෝ කිය්න්නෙ ඔයාරට පවුරුශත්වයක් නෑ කියලයි ඕවා කියල කෙල්ලෝ ගහන game. අපිනෙ දන්නේ.ඉතින් මේ කොල්ලාට කෙල්ලගෙ තාත්තා කතා කරල කියනව campus  ගිහින් degree ය අරන් ලිපිකරු රස්සාවෙන් මොනව කරන්නද අද කාලෙ කියල.ඉතින් මෙ කොල්ලට දැන් ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියනව කෙල්ල යන තැන් හොයනව කෙල්ල එක්ක කතා කරන්නෙ කවුද බලනව. මාර කට්ටක් කාල දාගත්තු කෙල්ල කියල හිතනව ඇති.ඉතින් ඔහොම යද්දි කෙල්ලට මේක දරා ගැනීමට නොහැකි තත්වයක් ඇති උනා. මෙම සරසවි සිසුවිය තම සරසවියෙන් යන Batch  trip  එකට යන්නට සූදාන්ම් විය.මෙ සදහා තම පෙම්වතා ඉඩ ලබාදුන්නේ නැත.මෙයින් කෝපයට පත් වූ සිසුවිය පෙම්වතත් සමග තිබුනු සම්බන්දය නිමා කරයි.මෙයින් දැඩි ලෙස කෝපයට පෙම්වතා පෙම්වතියගේ නිවසට ගොස් සිය පෙම්වතිය මරා දමයි.😔 මෙහිදී මෙම නිශ්පාදකවරයා යම් සන්වාදයක් ගොඩ නගවනව.මෙම මැරුනු සිසුවිය හා කොල්ලා අතර කලුවර සහ ගිනි කූරූ මේ සදහා යොදාගෙන ඇත .මෙය මවා පැමක් ලෙස පෙන්ව අවසානයෙදි සිය පෙම්වතියගේ මෘත දේහය අසලට වී පෙම්වතා කල්පනාවක යෙදෙන බවකය.කෙසෙ නමුත් මෙමගින් පෙන්වා දෙනු ලබුවේ නූතනවාදය හා සාම්ප්‍රදායික බවයි මෙහි පෙම්වතා සාම්ප්‍රදායික චරිතයක් වන අතර කෙල්ල නූතනයට හැඩ ගැසුනු තරුනියකි.මෙය වර්තමානයේද දැක ගත හැකි සමාජ ගැටලුවකි නිශ්පාදක තුමන් මෙම සමාජ ගැටලුව ඉතා කෙටි කලක් තුල ප්‍රේක්ශකයට ඉදිරිපත් කරයි.මේ සදහා සරසවිය වස්තු බීජයක් කර ගැනීම අගය කර යුතුය. ඉතින් මේ film එක මගේ හිතේ හැමදාම රැදෙන බව නම් මට හොදින් විස්වාසයි. අදට නවතින්නම්. සතූතියි.
                             සටහන :- නිපුන් රාජපක්ෂ
                                                MAPT/19/B1/16
 
INSIGHT


චිත්‍රපටයක් නම් ප්‍රේක්ෂක සිත් ඇද බැද තබා ගත හැකි කලා මාධ්‍යයකි. කලාවේ විනාශයත් සමග බිහි වු සිනමාව සමාජයේ යම් පෙරලියක් ඇති කළ දෙයකි. රසවින්දනයක් ලබා ගැනිමට නම් නවකතා කෙටි කතා වැනි කලා අංගද පරිශිලනය කළ හැකිය. නමුත් එයට යොමු වන්නේ සිමීත ජන කොඨඨාශයක් පමණි. අතිතයේදි ලිවිම කියවිම සෑම පුද්ගලයෙකුටම කල නොහැකි දෙයකි. සිනමා කලාවේ පිබිදිමත් සමග කලාව රසවින්දනය අතර වූ දුර ප්‍රස්ථාව මිනිසා තුලින් කෙමෙන් දුරස් විය. කියවා රස විදිනවාට වඩා බලා රසවිදිමට පෙළඹුනු ජනතාව සිනමා කලාව වැලද ගනු ලැබුවේ ඉතාමත් අශාවෙනි. නව මාධ්‍යයේ නැගීමත් සමග සිනමා කලාව උත්කර්ෂවත් ලෙස මිනිසා අතරට සමීප විය. සමාජයේ පවතින යථාර්තය මෙන්ම කලා කරුවන්ගේ අදහස් ද කැටි කොට සර්ථක ලෙස සිනමා එලිදැක්විමට කලා කරුවන් සමත් විය. සිනමා කලාවේ විශිෂ්ඨ නිර්මණ අතර කෙටි චිත්‍රපට ද විශේෂ ස්ථානයක රැදේ. කෙටි චිත්‍රපටයක තිරගත වන කාලය ඉතාමත් කෙටිය. එය සුලු වේලාවක් ඇතුලත ප්‍රේක්ෂක මනසට වැඩි රස වින්දනයක් ලබා දිය හැකි උසස් නිර්මණ විය යුතුය. කෙටි වේලාවක් ඇතුලත උසස් රසවින්දනයක් ලගා කර දිය හැකි කෙටි චිත්‍රපට උසස් නිර්මණ විය යුතුය.කෙටි චිත්‍රපට කලාව තුළ නියැලෙනුයේ සිමීත කලාකරුවන් පිරිසකි. එම සිමිත පිරිස අතර කොටස්කරුවන් විමට අප විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යාර්ථයින් පිරිසකටද වාසනාව ලැබී ඇත. ඔවුන්ගේ කලඑලි මංගල්‍යයක් වන් චිත්‍රපට එලිදැක්ම පසුගිය දින කිහිපයේ petrixhor 2019 ලෙසින් එළි දැක්වුනි. එහි කෙටි චිත්‍රපට 16 ක එකතුවක් ඉතාමත් අලංකාරවත් ලෙස විකාශය විය . එහිදි චිත්‍රපටයෙන් අනතුරුව එය පිළිබදව ප්‍රේක්ෂකයින් දරන්නා වූ අදහස් ද සංවාදයකට ලක් විය. එය එම විද්‍යාර්ථයින් හට ලැබුනු මහගු අවස්ථාවකි. එම චිත්‍රපට එලිදැක්ම තුළ තිරගත වූ චිත්‍රපට 16 අතුරින් එක් චිත්‍රපටයක් මගේ අවධානය දිනා ගත්තාය. එය නමින් INSIGHT නම් විය . නුවන් තිළිණ නම් අධ්‍යක්ෂකවරයා විසින් නිරිමිත එම චිත්‍රපටය විනාඩි 18 ක කාලයක් ප්‍රේක්ෂක අවධානය සොරා ගත් අලංකාර නිර්මණයකි.ප්‍රධාන චරිතය ලෙස භික්ෂුවක් පාදක කොට ගෙන ගොඩනැගී තිබු මෙය ප්‍රේක්ෂක සිත් නිසල කල කෘතියකි. මෙය තුළ කිසිදු දෙබසක් දක්නට නොලැබුනි. ස්ංගිත සප්තස්වර යොදා ගනිමින් හැඩගැන් වූ මෙය නිහැඩියව තුළ දලු ලා වැඩුනු විශාල වෘක්ෂයක් බදුය.රූපයට ප්‍රභලත්වයක් ලබා දී තිබූ මෙහි විශාල රසයක් මෙන්ම විශාල අන්තර්ගයක් එනම් ව්‍යංගාර්ථවත් ලෙස යම් කරුණක් ප්‍රෙක්ෂක චිත්ත සන්තානයට සමීප කරවීමට සමත් විය.නිහඩ චිත්‍රපටයක් වුවද මෙහි විශාල කරුණක් අන්තර්ගතව තිබුණි. මෙහි ආරම්භයේ නිස්කලංක පරිසරයක ගල් ගුහාවක් ආශ්‍රිතව භාවනා යෝගීව සිටින භික්ෂු චරිතයක් හමු වෙයි. නිවනට ඇති හොදම මග නම් භාවනාවයි.කාලයාගේ ඇවෑමෙන් මෙම භික්ෂුව අවශ්‍ය ආහාර සපයා ගැනිමට ගම් වැසියන් අතරට පිඩු සිගා වඩී.මෙම වන අරණේ වැඩ හදන   පිළිබදව පැහැදී උන් වහන්සේට දාන මාන ආදිය දී එතැන බුදු කුටියක් තනවා භික්ෂුව හා ගම් වැසියන් අතර සම්බන්ධතා වර්ධනය කර ගනී. මෙය අතරතුර අධ්‍යක්ෂකවරයා විසින් චිත්‍රපටයට ප්‍රභල සංකේත කිහිපයක් ද යොදා ගෙන ඇත. එය යම් ලෙසකින් භික්ෂුව බිය වන ආකාරයේ සිහින ලෙස දක්වා ඇත. ඒ තුළින් අධ්‍යක්ෂකවරයා කියාපානු ලබන්නේ නිවනට පෙරමං තැනු එම භික්ෂුවගේ ගමනට ගම් වැසියන්ගෙන් බාධා සිදුවන ආකාරයයි. එය හුදෙක් බාධාවක් නොව "ගං දියෙහි ඇති ලී කැබැල්ලක් මුහුදට වැටීම නම් නිවනයි" ඒයට නොයෙක් බාධා එල්ල විය හැකිය. මෙම ලී කැබැල්ල භික්ෂුවයි. එම ලී කැබැල්ල ගං දියේ පා විමට නොදි මිනිසුන් විසින් ගොඩ ගන්නා ව්‍යංගය මෙහි අන්තර්ගතයයි. අඛණ්ඩව ලී කැබැල්ල ගං දියේ පාවී නොයයි. භික්ෂුවගේ ගමනට ගම්වැසියන් අවතිර්ණ වූවායින් පසු ඔවුන්ගේ ප්‍රශ්ණ ද භික්ෂුව ලවා විසදා ගැනිමට පෙළඹෙයි.  මෙහි ඇති ව්‍යංගාර්තවත් කරුන එයයි. සාර්ථක කෙටි චිත්‍ර පටයක් වන මෙය ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරයි.

 A.W.A.H.T Abesekara
 MAPT/19/B1/38

.....Coin box...

.....Coin box...

                වැඩවසම් ආර්ථික රටාව  බිද වැටිමත් සමග ධනවාදී  ආර්ථික රටාව ගොඩනැගිම ආරම්භ වී ඇත. මේ නිසා මිනිසා භාණ්ඩ හුවමාරුවෙ සිට මුදල් භාවිතය දක්වා විකාශය වී ඇත.මුදල මිනිස් ජීවිතය ගිලගෙන මිනිස්  ජීවිතය හසුරවන මාධ්‍යයක් බවට පත් වී ඇත. එය මැනවින් පිළිබිබු  වන කෙටි චිත්‍රපටයක් ලෙස "චතුර ධනවර්දන" මහතා ගේ "coin box" චිත්‍රපටය හැදින්විය හැකිය.

මුදල් යනු ධනවත්කමේ සංකේතයයි. තත්කාලින සමාජයේ සියලු දේ රැදී පවතී ඇත්තේ මුදල් මතය. මිනිසුන් එකට එක්කාසු වී සිටීමට හේතුව ද මුදල් ය. මිනිසෙක් ඇති වීම සදහා ද, නැති වීම සදහා ද මුදල් හේතු වෙයි.භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේදී මුදල්  යන්න වැදගත් ම සාධකයයි. ලොව පුරා සමාජ ශරීරය පුරාම පැතිරි පවත්නා මුදල් රෑස් කර ගැනීමේ දී මිනිසා විසින් ක්‍රමවේද රාශියක් භාවිත කරයි. මේ සියල්ල කැටි කොට දක්වන්නේ නම් යහපත් අයහපත් හා නීත්යානුකූල හා නීති විරෝධි ඉපයීම් ලෙස හදුන්වා දිය හැකිය. මේ ආකාරය ට නීති විරෝධි ලෙස උපයන මුදල් "කළු සල්ලි "  ලෙස ප්‍රකට වී ඇත.සමාජය වෙනස් වීමත් සමග මෙම නීති විරෝධි මුදල් ජාත්‍යන්තර ප්‍රශ්නයක් වී ඇත. මෙම චිත්‍රපටයේ ද මිනිසාට එල්ල වන කනේ පහර මගින් ද සංකේතවත්  කරනුයේ ඉහත කී දැයි.

ඔහු මුදල් ඉපයූ ආකාරය පිළිබද සාමාජිය ආකල්පයත්, සාධාරණ නොවන ලෙස මුදල් ඉපයූ බවත් මොනවට ගම්ය  වෙයි.
කෙතරම් දුර‍ට මුදල් විසින් පුද්ගලයාව ඈද බැද තබා ගෙන ඇත්දැයි කියතොත් මෙහි එන තරුණයා ගේ පෞද්ගලික කාරණාවන් ඉටු කර ගැනිම සදහා ද ඔහු හට මුදල් අත්යවශ්‍ය සාධකයක්  වී ඇති බව අධ්‍යක්ෂකවරයා මනාව පිලිබිබු කර ඇත. මෙහි එන තරුණයා මුදල් ඉපයූ ආකාරය සාධාරණ නොවන බවත් වක්‍රෝප්තිය හා සම්බන්ද කොට ගෙන අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේක්ෂණය කර ඇත. 

මෙහි එන තරුණයාට සමාජයෙන් එල්ල වන දෝෂාරෝපනය දරා ගත නොහැකිවද, තම සිත තුල ඇති වන දෝමනස්සය නිසාවෙන් ද ඔහුට තම ජීවිතය      පිළිබද ව කලකිරීමක් ඇති වෙයි. එය ස්වභාවික මනුස්ස ගතියකි.ධනවාදී ආර්ථික ක්‍රමය තුල තම මරණය ද මුදල මත සිදු කිරීමට ඔහු සිදු වෙයි.
මිනිසාගේ ජීවිත යාත්රාව ගොඩනැගීමට‍ ද එය කඩා වැටිමටද මුදල ප්‍රබල සාධකයක් වූ බව ප්‍රේක්ෂකයා වෙත දැනවීම සදහා අධ්‍යක්ෂකවරයා ගත් උත්සහය අති සාර්ථක ය.

මෙම චිත්‍රපටය මගින් අවබෝධ කර ගත හැක්කේ මිල මුදලින් එදිනෙදා  ජීවිතය ගැට ගසා ගනු ලැබුව ද එයින් මිනිස් ජීවිතය පරිපුර්ණ කිරීම හෝ තෘප්තිමත් කිරීමට මුදල පාදක නොවන බවයි. කෙසේ වෙතත් ජිවත්වීම සදහා මුදල් අවශ්‍ය වුවත් මුදල් යනු ජීවිතය ම නොවන බව අප තරයේ මතක තබා ගත යුතුය.
                                     
                                                M.M.P.Hansini
                                                MAPT/19/B1/12

තරුණ හැගීමක පැතිකඩක්....

තරුණ හැගීමක පැතිකඩක්....

ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාර් ථයන් පිරිසක් විසින් “petrichor” නමින් කෙටි විත්‍රපට උළෙලක් පසුගිය සතියේ විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරය තුළ දී ප්‍රථම වරට පැවැත්විණි.එය දින තුනක කාලයක් පැවැත් විය.තෙවන වසර ශිෂ්‍යන් තම අවසාන ව්‍යාපෘතිය ලෙස නිර්මාණය කරන ලද විත්‍රපට කිහිපයක් මෙහිදී ප්‍රදර් ශනය කරන ලදී.එහි  ජාත්‍යන්තරයට යාමට පවා සුදුසු කෙටි විත්‍රපට දක්නට ලැබුණු බව පැමිණි අයගේ අදහස විය.සුගන්ධි පෙරේරා අධ්‍යක්ෂණය කරනු ලැබු “I Like You” කෙටි සිනමා චිත්‍රපටය පිළිබද අවධානය යොමු කරන කල්හි එහි යොදා ඇති මාතෘකාව රසික සිත් තුළට කුතුහලයක් එක් සමත් වනු ලබයි.

කවුරුන් කා හට දක්වන ලද කැමැත්තක් ද යන්න සිතට පුංචි කුතුහලයක් මාතෘකාව ඇසු අවස්ථාවේ ඇති වන්නට ඇත.මෙය ලිංගිකත්වයට දැඩි ලෙස ඇලුම් කරන තරුණයෙකුගේ මනෝභාවයන් පිටතට විවර කරනු ලැබු අවස්ථාවක් ලෙස හදුන්වා දීමට හැකි වේ.ඔහු රැකියාව සදහා නිවසෙන් වෙන්ව නගරයේ කුලියට පදිංචිව ජිවත් වන්නෙක් වේ.ඔහු පිළිගන්නා රැකියාවක නිරත වන්නෙක් බවට කතාව ආරම්භයේ දීම ඇද සිටින ඇදුම් වලින් ඉස්මතුව පෙනේ.තවම ඔහු සංස්කෘතික රාමුවකට කොටු වු අයෙක් බව ඔහුගේ හැසිරිමෙන් ගම්‍යමාන වන්නේ ය.ඔහුට තරුණියක් කැමැත්ත ප්‍රකාශ කරිම හා ඇය සමග සබදතාවයක් පවත්වා ගෙන යාම ඔහු කොටු වි සිටින රාමුව යටතේ විශාල වරදක් කරන අයෙක් ලෙස හැගෙන්නේ ය.

එම නිසා ඔහුගේ මනස දැඩි කැළඔිමකට පත්ව තිබේ.එය චිත්‍රපටය ආරම්භයේදීම පෙන්වා දී ඇත.තමන්ට යම්කිසි කරදරයක් වු අවස්ථාවක තමන්ට පිහිටක් පිළිසරණක් පතා තම මතකයට නැගෙන්නේ තම මෑණියන්ව වේ.මානසිකව සොයන්නේ තම මෑණියන්ගේ තුරුලේ උණුහුම වේ. මෙම චිත්‍රපටයේ තරුණයාට ද එය පොදු ධර් මතාවයක් වේ.මෙම තරුණයාට තම මවගේ කටහඩ ක්‍රියා විරහිත කරන ලද තම ජංගම දුරකථනය හරහා ගලා එන්නේ ය.මෙමගින් මෙම තරුණයා තම මවට දක්වන ලැදියාව,සෙනහස නිරෑපණය වේ.පවුලට තමන් නිසා කැළලක් වේ යැයි ඔහු තුළ බියක් හටගනෙ තිබේ.අවිවාහක තරුණයකු වන මොහු තම ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනිමට නිරුවත් කාන්තා ජායාරූප යොදා ගෙන ස්වයං වින්දනයේ යෙදෙන්නෙකි.ඔහු සතුව නිරුවත් ජායාරූප රාශියක් තිබේ.ඔහු එම ජායාරූප සියල්ල පුච්චා දමන්නට පෙළඹේන්නේ ය.

ඔහු සිතන්නේ තමන් වරදක් කරා නම් එයින් ගැලවීමට මෙන් ය.ඔහුගේ සිතේ පවතින කැළඹ්ලි ස්වභාවය ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙන්නුම් කරයි.අවසානයේ ඔහුගේ මිතුරෙකු පැම්ණ දොරට තට්ටු කරයි. එමගින් ඔහු තව කෙනෙකු සමග සිටින බව පෙන්නුම් කරයි.නමුත් තම මිතුරා සමග මෙය ප්‍රකාශ නොකරන්නේ ලිංගිකත්වය පිළිබද කථා කිරිමට දක්වන බිය නිසා ය.එය වැරදි ක්‍රියාවක් ලෙස සමාජය පිළිගන්නා නිසා ය.මෙහි දී තාත්වික ලෙස මොහු රංගනය ඉදිරිපත් කරනු ලබයි. මෙය කලාත්මක චිත්‍රපටයක් ලෙස හැදින්වීටට හැකි ය.


MAPT/19/B1/26

                            VIRTUAL REALITY                                                             We could watch many movies in this film festival. But this particular film is very important and interesting for me  just because it is saying our presant life style. This uncommon film highlights our daytoday life. It says tge relationship between girl.and boy. But it is very artificial and uncommon. He is talking, laughing, and playing alone. His relasionship is very bind with new media. Sometimes he is drinking a cup of tea alone.                                                                   We can see these incidents are join with new technology and have made the life busy. Because they choice various technology ways. But it is not interesting and it is not true. This boy is very busy. Thlerefore he coudnt bild up relasionship with another girl. This boy sometimes lough alone, talk alone, walk and talk alone in the beach. He makes  relationship with his fiancy via modern technology. He never meet her phiisically. It is an artificial relationship realy.                                                                                  We can conclud by this, although the technology is advocacing, the human activities become more artificial.                                                                         In one frame at this movie he selects a girl via internet. He get proposals from many girls all over the world, but at last he chooses a Sri lankan girl. He made all the relationship with this girl only through the internet. Therefore it is very artificial.                          He bought dress for her through the material and then check their fitness also through the internet only not phisically.                                                                This relationship is moving up and down between real world and technological world. He is not making any phisical contacts with her, but is getting the satisfaction in his mental world.                                     The relationship broke down at the end just became she is ni more respond to the telephone calls. This reveal how the modern technology has mislead the human life. This "VIRTUAL REALITY" shows us modern technology does not always upgrade human life, but sometime distroy the mentality.                                                                 K.D.P.M.Kiriwaththuduwa                                                    MAPT/19/B1/19

I WANT TO PLAY

COIN BOX

*_COIN BOX_*

සිනමාව යන පදය මගින් චිත්‍රපටි කලාවක් ලෙස චිත්‍රපටකර්මාන්තය යන සියල්ල හැදින්විය හැක. සිනමා නිර්මාණයන් සිදු කිරීමේදි විවිධ රූප රාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවිකරණ ක්‍රම භාවිතය මගින් රූප රාමු නිර්මාණය විශේෂ ප්‍රයෝග භාවිතා කිරීම සිදු කෙරේ.

චිත්‍රපටියක් හෙවත් සිනමාව ගත් කල එය තුළ ප්‍රධාන කොටස් ද්විත්යක් දැක ගත හැක. එකී කොටස් දෙක වනුයේ, චිත්‍රපට නිෂ්පාදක හා චිත්‍රපට නිෂ්පාදනය වේ.

නිෂ්පාදක යනුවෙන් හදුන්වනු ලබන පුද්ගලයා විවිධ චිත්‍රපට වල විවිධ කාර්‍යයන් ඉටු කරනු ලබයි. සමහර නිෂ්පාදකයෝ චිත්‍රපටියක් සදහා මුදල් ආයෝජනය කරන අතර ඉන්පසු එහි ඉතිරි වැඩ කටයුතු කිරීම සදහා සහායකයින් පත් කරති.

චිත්‍රපට නිෂ්පාදනය ගත් කල්හි විවිධ කථා වස්තු රැගත් චිත්‍රපට නිපදවීමේදි එකිනෙකට වෙනස් වූ යම් යම් මාර්ග ඔස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වේ. කිසියම් පුද්ගලයෙකුගේ සිතෙහි පහළ වූ කතා වස්තුවක් සටහන් වූ කඩදාසි පිටු කිහිපයක් චලන චිත්‍රපට මුසූ වූ නාට්‍ය කිහිපයක් සේ නැරඹීම දක්වා සිදු වන්නේ සංකීර්ණ ක්‍රියාවලියකි.

ඒ අනුව අද්‍යතනය වන විට ශ්‍රී ලංකා සිනමාව තුළ කැපී පෙනෙන එක් අංගයක් ලෙස කෙටි චිත්‍රපට නිර්මාණ හදුන්වාදිය හැක. එහි විවිධ දේ තේමා කොට ගෙන නිර්මාණ බිහි වී ඇත. එකී නිර්මාණ අතරින් චතුර ධනවර්ධන නම් අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරන ලද 'COIN BOX' නම් කෙටි චිත්‍රපටිය සිත් ඇද බැද ගන්නා ඉතාමත් අපූරු චිත්‍රපටියකි. මෙම චිත්‍රපටියේ කාල සීමාව වනුයේ මිනිත්තු 06. 36 කි. මෙම චිත්‍රපටිය මානසික ගනයට අයත් වන සිනමා නිර්මාණයකි.

මෙම නිර්මාණය තුළින් චතුර ධනවර්ධන වූ අධ්‍යක්ෂකවරයා සමාජයට කියා පෑම උත්සහා දරා ඇත්තේ අද්‍යතනය වන විට කුමන හෝ කාර්‍යයක් කිරීමට මුදල් කොපමණ නම් අත්‍යවශ්‍ය ද යන්න වගය.

මෙම සිනමා නිර්මාණයෙහි අන්තර් ගත කථා වස්තුව වන්නේ, එක් පුද්ගලයෙක් ඔහුගේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට අවශ්‍ය වන සෑම මොහොතකම ඔහුට සිදු වන්නේ COIN BOX හෙවත් කාසි පෙට්ටිය තුළට රුපියල් දහයේ කාසියක් දැමීමට සිදු වීමයි. එසේ එම කාසි පෙට්ටියට මුදල් දැමූ පසූ ඔහුට කනේ පහරක කෑමට සිදු වේ. නිර්මාණයට අනුව ඔහු මුලින්ම ශීතකරණය විවෘත කිරීමට උත්සහා දරනඅවස්ථාවේ දී ඔහුට දැක ගැනීමට හැකි වන්නේ ශීතකරණය අසල ඇති මේසය මත කාසි පෙට්ටිය වේ. එය දැකපූ මුල්ම අවස්තාවේදී ඔහු බියට පත් විය. ඔහු කුමක් ද කල යුතු යන්න වග ඔහුටම සිතා ගත නොහැකි විය. කාසි පෙට්ටියට රුපියල් දහයේ කාසියක්  දැමීමෙන් පසූ ඔහුට ශීතකරණය විවෘත කර ගැනීමට හැකි විය.

ඊට පසු වතුර බීමට කරාමය විවෘත කිරීමේදී ඔහුට සිදු වූයේ COIN BOX හෙවත් කාසි පෙට්ටියට රුපියල් දහයක් දැමීමටය. ඒ වගේම නිවසේ නාන කාමරෙහි දොර  විවෘත කිරීමටද රුපියල් දහයක් අවශ්‍ය විය. රූපවාහිනිය නැරඹීමට සූදානම් වුණ ඔහු දුරස්ථ පාලකයෙන් රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට උත්සහා දැරුවත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. අවසානයේදී රංගන ශිල්පියාට සිදු වූයේ කාසි පෙට්ටියට රුපියල් දහයක් දමා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමටය.

අන්තීමේදී ඔහුට තම ජීවිතය පවා එපා විය. අන්තීමේදී ඔහු තම ජීවිතය නැති කර ගැනීමට උත්සහා දරයි. ඒ සදහා ඔහු පිස්තෝලයක් භාවිතා කරයි. නමුත් එම පිස්තෝලයහි උණ්ඩ නොමැත. එම පිස්තෝලයට උණ්ඩ දැමීමට ද ඔහුට සිදු වූයේ අර කාසි පෙට්ටියට රුපියල් දහයක් දැමීමටය.

ඉහත කරුණු කාරණා අනුව පෙනී යන්නේ අද්‍යතනය ස්මාජය තුළ සුළු හෝ යම් කාර්‍යයකි කිරීමට මුදල් අත්‍යවශ්‍ය වන බවයි. තමන්ගේ නිවසෙහි ඇති බඩු භාණ්ඩ තමන්ට නිසි ආකාරයට භාවිතා කිරීමට හැකියාවක් නොමැති අතර ඒ සදහා මුදල් අත්‍යවශ්‍ය වන බව චතුර ධනවර්ධන නම් අධ්‍යක්ෂක තුමා 'COIN BOX' නම් සිනමා නිර්මාණය තුළින් පෙන්නුම් කරනු ලබයි.

H.K.S.K.Wijesundara 
MAPT/19/B1/13

ජිවන මංපෙතේ ගැනුම්කරු

අක් වැස්ස කෙටි චිත්‍රපට දැක්මේහි මා සිත් ගත් කෙටි චිත්‍රපට නිර්මාණයක් ලෙස coin box චිත්‍රපටය මා හදුන්වමි. "ජිවන මංපෙතේ ගනුම්කරු" කතිකාවතට වස්තු බිජය ලෙසින් තොරා ගත් coin box චිත්‍රපටය චතුර දනවර්දන  නම් නවක චිත්‍රපට නිර්මාණකරුවන් විසින් නිර්මිත මනෝ විද්‍යත්මක යථාර්තවාදි කෙටි සිනමා පටයක් ලෙස හදුනා ගත හැකිය.

නිර්මාණකරුවාගේ නිර්මාණශීලිත්වය, ස්වියත්වය, අපුර්වත්වය, ආදිය මුදුන්පත් කරමින් විකසිත වන්නා වූ කුලුදුල් චිත්‍රපටයක් ලෙස coin box චිත්‍රපටය හදුනා  ගත හැකිය. විනාඩි 6 කාල සිමාවක් පුරා දිවෙන මෙම  චිත්‍රපටයේ බාව ප්‍රකාශනයත්, රූප රාමු, පසුතල නිර්මාණය, සංගිතය දම්වැලක් මෙන් එකිනෙකට සබඳව තිබේ .

Coin box යන තේමාව  යටතේ නිර්මානිත මෙම චිත්‍රපටයේ වස්තු බිජය වන, සල්ලි, ග්‍රහක නෙත්  සිත් තුල ප්‍රසාරණය කර යට ගිය  අදහස ග්‍රහකයා වෙත යොමු කිරිම මෙහි ප්‍රධාන  අරමුණ වේ. රංගදරයා සහිත පසුතල නිර්මාණය සමග දිවෙන කථාවේ රූප රාමු මෙහි මුලික අඩිතාලම ලෙස යොදා නිර්මාණකරුවාගේ  තීක්ෂණ සිතුවිලි  වලට අනුව අදහස් ග්‍රහක ගත කරයි. දැඩි එල්බ ගෙනිමක් නොවුවද ආලෝකකරනය, පසුතල නිර්මාණය, වේශ නිරුපනය ඇත.

Coin box නොහොත් සල්ලි  පෙට්ටිය කෙටි චිත්‍රපටය සාමාජ ගත කරන්නේ ද යන්න ප්‍රේක්ෂකයා නොදකින ඉසව්වකට වඩා නවයතාවයෙන් හා නිර්මාණ ස්වීයත්වය හෙබි ඉවක් බවක් සොයායමින් හැකියව හෙයින් නව දෘශ්‍ය කෝණයකින් සමජය පැවැත්ම අද වන විට රදා පවතින සල්ලි දෙස නිර්මාණකරු පුලුල් කෝණයකින් යථාර්තය පරදි නිර්මාණය කර  ඇත.

සමාජයේ මුදල් වල බලපෙවෙත්ම යථාර්තයක් ලෙස සෘජුවම ප්‍රකාශ නොකල ද  මිනිසා විසින් මුදල් සොයා ගෙන අද වන විට සියල්ල  මුදල් බල පැවැත්ම යටත්ව ගමන් කරන බව  නිර්මාණකරු විසින් යථාර්තවාදි ව පෙන්වා ඇත.

සංඛ, සංකේත, රූප රාමූ භාවිත කර නිර්මාණකරුවාගේ නිර්මාණය සක්‍යතාවය  වර්ධනය කර තිබේ. මෙම කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක රග දක්වන පුද්ගලයා විසින් නිර්මාණකරුවාගේ සිතේ ඇති වස්තු බිජය සිනමා තිරයේ වපුරා තිබේ .

Coinbox චිත්‍රපටයට අනූකුලව නිර්මාණකරුවාට තම ස්වකීය නිර්මාණශීලිත්වය අනුකුලව ඔහුට සමාජ ගත කිරීමට අවශ්‍ය වූ අදහස නම් අද වන විට සමාජයේ පැවැත්ම තාරාතිරම සැම දෙයම රදා පවතින්නේ මුදල් මතය. මිනිසුන්ගේ සියලු අවශ්‍යතා මුදල් මත සීමා වී තිබෙන බව  සමාජයේ ජිවත් වන පුද්ගලයාගේ  අභිනයන් මගින් පෙන්වයි.

මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ  එක් පුද්ගලයකු වූවද නිර්මාණකරුවාගේ ස්වකීය චින්තනය නම් එම පුද්ගලයා සමාජයම නියෝජ්‍ය කිරිමයි අනුමාන කල හැකිය.

මෙම කෙටි චිත්‍රපටයේ ගැබ් වූ තොරතුරු වලට  අනූව මෙම  මිනිසාට අවශ්‍ය වූ සැම දෙයක්ම ලබා ගැනිමට කාසියක් පෙට්ටියට දැමිය යුතුය. එනම් සැම දෙයටම මුදල් අවශ්‍ය  බව ය. මිනිසා විසින් මුදල් සොයා ගනූ ලැබුවද අද වන විට  මුදල් මිනිසා යටත් කර ගෙන සිටි. මිනිසා මුදල් හසුරුවන්වා නොව මුදල් විසින් මිනිසා පාලනය කරනු බව අද මුලු ලෝකයම නොදන්නා කරුණක් නොවේ. සල්ලි ගසෙහි උපත  මිනිසා වූවද මිනිසාගෙ මරණය අතිනත දරා සිටින්නේ මුදල්ය. සල්ලි වලට වහල් වූ සමාජයක ජිවත් වන මිනිසාට දැනවත් අහැරෙන්න කියා කනේ පාරක් ගැසුවද නිදහස් සමාජයක මුදල්ට වහල් වී ජිවත් වන මිනිසා එයින් පිටමං කිරීම ඉබ්බන් ගෙන් පිහාටු ගැනිමක් වැනිය.

Coinbox නම් වූ සුවිශේෂී කෙටි චිත්‍රපටයේ නිර්මාණයට අනූකුල වු කාථා මාලාවේ අර්ථයට අනූව මිනිසා සමජයේ දෙස පුලුල් ඇසින් බලන්නේ නම් අද වන විට බලය, මුදල් රජයන සමාජයක් වෙනුවට මනූසත්කම රජයන සමාජයක් බවට පත්ව ඇත. ප්‍රේක්ෂකයාගේ ඇස් මට්ට්මින් ඔබ්බට ගිය නිර්මාණයක් ලෙස නිර්මාණකරුවාගේ වස්තු බිජය චරිත රූපයට නැගු විට ඉතා සාර්ථක නිර්මාණයක් ලෙස මල් පල ගෙන ඇත.

ඇතමුන් මෙම චිත්‍රපටය නොතේරෙනවා විය හැකිය. එය එසේ වූවා නම් නිර්මාණකරුවා තම ඉලක්කය වෙත ලගා වී ඇත බව සිදගොමී කොපහෙවා ශුරීන් විසින් ප්‍රකාශ කර ඇත. කිසියම් දෙයක් නොතේරෙනවා යැයි මහජනයා පවසන්නේ නම් එහි අලුත් අදහසක් ඇති බවයි. නරක යැයි පවසන්නේ නම් කිසියම් සත්‍යයක්  ඇති බවය.

Coin box ජිවන මං පෙතේ යථාර්තය ඉස්මතු කරන මිනිසාගේ හදවතට නොව මොලයට කතා කරන්නා වූ අති විශිෂ්ට නව  නිර්මාණයකි.

ගිම්හනි මදාරා.

COIN BOX

දාහයෙන් හෙම්බත් වූවන්ට අක් වැස්සෙන් දිය දෝතක්....

නවක කෙටි චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස චතුර ධනවර්දන නිෂ්පාදක වරයා විසින් නිෂ්පාදනය කරන ලද COIN BOX චිත්‍රපටය මා වඩාත් සිත් ගන්නා ලදි.එයට බොහෝ හේතූන් බලපෑ අතර ඒ පිළිබඳ විග්‍රහයකි මෙය...
      COIN BOX නම් මෙම සිනමා නිර්මාණය හුදෙක් ජීවිතයේ යතාර්ථය පෙන්වා දෙයි.අතීතය හා සසදන කල්හි වර්තමානය වන විට මිනිස් ජීවිත පාලනය වන්නේ මුදල් මගිනි.කෙටි චිත්‍රපටයක් ලෙස එලි දැක්වුනු මෙම සිනමා නිර්මාණය වර්තමාන මිනිසා ස්වභාවයෙන්ම මුහුණ දෙන සමාජීය ගැටලු පිළිබඳ තාත්ත්විකව දක්වා තිබේ. මිනිසා යනු උපතින්ම නොයෙකුත් අවශ්‍යතාවන්ගෙන් සපිරි පුද්ගලයෙකි. මෙම කෙටි චිත්‍රපටයේ නිරූපණය වන පරිදි එක් පුද්ගලයකු තමාගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට යාමේදී ඔහුගේ එම අවශ්‍යතාවය සදහා නිරන්තරයෙන් යම් කිසි මුදලක් වැය කිරීමට සිදු වේ.ඔහු තම කුසගින්න නිවා ගැනීම සදහා තම නිවසේ ඇති ශීතකරණය විවෘත කිරීමට සැරසෙද්දී එය විවෘත නොවන අතර එහිදී ඔහුට එය විවෘත කර ගැනීම සදහා කිසියම් මුදලක් යොමු කිරීමට සිදු වේ..තමන්ගේ පිපාසය නිවා ගැනීමට ජල කරාමය විවෘත කිරීමේදී එයද විවෘත නොවන අතර ඒ සදහා ද මුදලක් වැය කිරීමට සිදු වේ. නිෂ්පාදකවරයා මෙම චිත්‍රපට තුළින් සමස්ථ සමාජයටම සුවිශේෂී වූ පනිවිඩයක් ලබා දීමට උත්සාහ දරා තිබේ. වර්තමාන ලෝකය මූලිකවම මුදල මතම පදනම් වූ සමාජ වටපිටාවකි.එය පොහොසත් පුද්ගලයකුට දරාගත හැකි වුවද දුප්පත් මිනිසාට එය බොහෝ වෙහෙසකර ක්‍රියාවලියකි. මෙම චිත්‍රපටය තුළ එය වඩාත් රසිකයාට දැනෙන අයුරින් ඉදිරිපත් කිරීමට නිෂ්පාදකවරයා සමත් වී තිබේ.

  එක් චරිතයක් වටා ගෙතුන කතාවක් වුවද එය චිත්‍රපයේ හැඩයට කිසිදු හානියක් වී නොමැත.එය ඉතා රසවත්ව ප්‍රේක්ෂකයාගේ කුතුහලය වැඩි කරන අයුරින් නිර්මාණය කර තිබේ.තම නිවසේ ඇති රූපවාහිනී යන්ත්‍රය ද ක්‍රියාත්මක නොවන අවස්තාවක ඒ සදහාද යම් මුදලක් වැය කිරීමට එම පුද්ගලයාට සිදු වන අවස්තාවක එය ඔහුට දැනෙන අයුරු රසිකයන් වන අපගේ සිතටද  ඒ අයුරින් දැනවීමට නිර්මාණකරුට හැකියාව ලැබී තිබේ.

    BOX එක තුළට මුදල් ඇතුලත් කරනවාත් සමග එල්ලවන අතුල් පහර රසිකයන් වන අපට එක එල්ලේ ලැබෙන පහරක් ලෙසින් මා හට දැනුනි. එය සමස්ථ සමාජයටම එල්ලවන අතුල් පහරකි. මෙම සමාජ ක්‍රමය නිර්මාණය කර ගන්නේද අපිය. මෙම සමාජ ක්‍රමය වෙනස් කර ගත හැක්කේ ද අපටමය. එය ඉතා නිර්මාණශීලිව ව්‍යංගාර්තව රසිකයාට දැනවීමට නිර්මාණකරු උත්සාහ දරා තිබේ. එම උත්සාහය අති සාර්ථක වී ඇති බවට මා හට හැගෙයි.

  අවසානයේ එම පුද්ගලයාට මෙම ක්‍රමය දරාගැනීමට නොහැකි තත්වයක් පවතින අතර ඔහු ඒ සදහා තෝරා ගන්නා වඩාත් උචිත ක්‍රමය ලෙස ඔහු දකින්නේ සියදිවි නසා ගැනීම වේ. මුදලට යට වූ සමාජ රටාව තුළ තම ආහාර වේලට වතුර වීදුරුවට මිලක් නියම වෙද්දී එම පුද්ගලයාට එය මහත් හිසරදයක් බවට පත් වේ.එහිදී තමා විසින්ම තම හිසට ගිනි අවිය එල්ලකර ගත්තද එයද ක්‍රියාත්මක වීමට මුදලක් අවශ්‍ය වේ.එයද ක්‍රියාත්මක නොවුන අතර මුදලක් එක් කල පසු එය ක්‍රියාත්මක විය. එය එසේමයි චිත්‍රපටය තුළ සෘජුවම නොපෙන්වුවද එය ප්‍රේක්ෂකයකු ලෙස මා හට එලෙස හැගුනි. ජීවිතයේ අවසාන මොහොතේ පවා එයට ද මුදලක් වැය වන බව රසිකයන්ට ඉතා සූක්ෂ්ම ලෙස දැනවීමට නිෂ්පාදක වරයා සමත් වී තිබේ.

COIN BOX හි තේමාව වර්තමානයට වඩාත් උචිත වේ.එසේම මෙහි රංගන ශිල්පියා ප්‍රේක්ෂකයාගෙ සිත් තමාගේ රංගනය කෙරෙහි බැද තබාගන්නා අයුරින් නිර්මාණයට සාධාරණයක් සිදු කර තිබේ. ඔහුගේ මුහුණේ ඉරියව් ඒ ඒ අවස්තාවට ගැලපෙන ලෙස නිර්මාණය වී තිබේ. රංගන ශිල්පියකු සතු සතර අභිනයෙන් වාචික අභිනය හැරෙන්නට අනෙකුත් සියලු අභිනයන් ඉතා සාර්ථකව නිර්මාණය තුළ දක්නට ලැබේ.එසේම BOX එක තුළට මුදල් වැටෙන විට එල්ල වන අතුල් පහර ඒ මොහොතේ අපට එල්ල වන්නා සේ දැනෙයි.

එසේම කැමරාකරනය තුල විවිධ අවස්තාවල විවිධ මානයන්ගෙන් අවස්තාවට උචිත ලෙස හැඩතල රූපරාමු අවස්තා සිනමාපටයේ හැඩය තවත් තීව්‍ර කිරීමට සමත් වී තිබේ. ඒ අනුව නිර්මාණය තුළ නිර්මාණකරුවා දක්වා ඇති දක්ශතාවය හා නිර්මාණයේ සාර්ථකත්වය COIN BOX  නම් චිත්‍රපටය සුවිශේෂී නිර්මාණයක් බවට නම් කිරීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇතැයි මාගේ විශ්වාසයයි...

M.M.H.P.K.De Silva
MAPT/19/B1/02