මීලග ජනාධිපති සහ අපි
මේ දවස්වල කොයි කවුරුත් කතා වෙන්නේ ඉතිං අපේ ඊලග ජනාධිපතිවරණය ගැන තමයි. මග තොටදි මුන ගැහෙන මිනිස්සු වගේම බස් එකට ගොඩ උනත් අපිට ඇහෙන්න ලැබෙන්නේ අපේ ඊලග ජනාධිපතිවරණය ගැන තමයි. අපි හැම කෙනාම නියෝජනය කරන පක්ශයක් පාටක් කියල එකක් කියල තියනවා.ඒ නිසා අපි හැම තිස්සෙම අපේ නියෝජිතයා වෙනුවෙන් පෙනී සිටිනවා. සමහර අවස්තා වල දේශපාලනික මත ගැටුම් පවා ඇති කර ගන්නවා. අයෙක් ගෝඨාභයට කැමතියි තව අයෙක් සජිත්ට කැමතියි. ඉතිං ඒ ඒ වගේ පාර්ශවයන් අතර විවිධ මති මතාන්තර ඇති වෙනවා. දේශපාලනය ට බැහැල වැඩ කරන සමහර මිනිසුන් තම අපේක්ශකයන්ගේ පින්තූර පවා තම වාහනයේ පවා අලවාගෙන යන්න දක්වන්නෙ විශේෂ කැමැත්තක්. කොයි තරම් ජනාධිපතිවරණය උණුසුම් ද කීවොත් දැන් අපේ මිනිසුන් බලන් ඉන්න නව ජනාධිපති පත්වනතුරුයි.
අපේ මීලග ජනාධිපති කෙසේ විය යුතුද?. මෙම ප්‍රශ්නය මිනිසුන් තවමත් නිවැරදි ලෙස දකින්නේ නැත. මම එහෙම කියන්නත් හේතුවක් තියනවා. මොකද අපේ මිනිස්සු චන්දෙ දෙන්නෙ පාරම්පරික ක්‍රමයට. ඒ කියන්නේ තමන්ගෙ අම්ම තාත්තා ආච්චි සීයා චන්දේ දීපු පක්ශයකට තමයි සමහරු තමන්ගෙත් චන්දය දෙන්නෙ. මමනම් කියන්නෙ චන්දය කියන්නෙ පුද්ගලයෙකුට තියන අයිතිවාසිකමක්. ඒ නිසා කගෙවත් කීමකට තමන්ගෙ චන්දය පාවිච්චි කරන්න ඕනෙ නැහැ. මොකද චන්දය කියන්නෙ අපේ රටේ ඉරණම තීරණය වන අවස්ථාවක්.
අපේ රට ඇත්තටම සෑම අංශයකින්ම කඩා වැටුනු රටක් වෙලා ඉවරයි. ඒක දැන් තියන ආණ්ඩුවේ අඩු පාඩු නිසා සිදු වුණු දෙයක්. එහෙත් ඒ දේශපාලකයින් පත් කලෙත් අපිම තමයි කියල මතක තියාගෙන මේ පාර චන්දෙවත් හරියට පාවිච්චි කරන්න ඕනෙ.
දැන් ඉතිං ඔය කීප දෙනෙක්ම ජනාධිපතිවරණය ට ඉල්ලනවනෙ.ඒ හැම දෙනාම දේශපාලනයේ හිටපු අය. ඒ නිසා එයලා කරපු කියපු දේවල් අපි දන්නවනෙ. මීලග ජනපති කවුද යන්න වග ඔබම තීරණය කල යුත්තක් ඒත් මතක තියා ගන්න අපේ ඊලග ජනාධිපති අපේ රට වෙනුවෙන් කැප වෙන කෙනෙක් වෙන්න ඕනෙ. මිනිසුන්ගෙ සල්ලි ගසා කන සොරමැරකම් කරන රට පාවාදෙන කෙනෙක් ව නම් තෝරන්නත් එපා. ඒ වෙනුවෙන් ඔබේ වටිනා චන්දය පාවිච්චි කරන්නත් එපා. අපි හැමෝම කැමති අපේ රටේ ලෝකෙ හොදම රටක් බවට පත් වෙනව දකින්නයි. ඉතිං ඒකට අපි හොද නායකත්වයක් තෝරා ගත යුතුය.
ඊලග ජනාධිපති අපේ රටට වැඩ කරන්න පුලුවන් උගත් හොද පෞර්ෂයක් තියන රට විකුණන් නැති ජනතාවට හිතවාදී නායකයෙක්, ජනදුක හදුනන නායකයෙක් අපි ඊලග ජනාධිපතිවරයා ලෙස පත් කරමු.
සටහන - K.A.D.N සමාලි විජේසුන්දර

No comments:
Post a Comment