මීලඟ ජනාධිපති සහ අපි

මීලඟ ජනාධිපති සහ අපි ගත් කල එය ඉතාමත් වැදගත් වූ ස්ථර දෙකක් වේ. මක් නිසාද එය වටිනා වූ සන්දිස්ථානයක් වන නිසාය. කලින් තිබූ තත්ත්වය සැලකූ විට එයින් අපට සහ රටටද හරි ආකාරයෙන් එලක් වූයේ නැත. එය දැන් ඉවර වී අවසානය. දැන් අලුත් යුගයක් කරා පියමනින්නට කාලය එළඹ ඇත. අපි සැවොම ඊළඟ ජනාධිපතිවරණය සදහා ඉතා බුද්ධිමත්, රට ගැන සිතන, කාර්යක්ෂමතාව සපිරි, නායකත්වයෙන් යුත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වග බලා ගත යුතුය.
                                                 
                                        මහින්ද රාජපක්ෂ යුගය අපට වැදගත් සන්දිස්ථානයක් වන්නේ වසර 30 යුද්ධය නිමා වූ බැවිනි. එහිදී ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විශාල සේවයක් ඉටු කරනු ලැබීය. ඔහු 2020 එනම් මීලඟ ජනාධිපතිවරණයේ පොදුජන එක්සත් පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමීතය. මහින්ද රාජපක්ෂ පාලන යුගයේ ආරක්ෂක ලේකම් ලෙස සිටී ගොඨාභය  රාජපක්ෂ කටයුතු කළ ආකාරය දෙස බැලීමේදී ඉහත සදහන් කල ගුණාංග තිබෙන බව කිව හැක. ජනතාවගේ ද ඉහළ ජනප්‍රිය බවකින් යුක්ත නිසා ඔහුට ජනාධිපතිවරණයේ ජනාධිපති ලෙස පත් වීමට වැඩි ඉඩ කඩක් ඇත.
                                   
                                         මහින්ද රාජපක්ෂ යුගයේ මෙන්ම අනෙකුත් සියලුම ආණ්ඩු කාල වලදී ආඩුපාඩු සිදුවීම සිදුවුණි. එවා අවමව කරමින් ආඩුපාඩු හදුනාගෙන ඉදිරි පාලනයක් සිදු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වේ. 2015 ජනාධිපතිවරණයේ රටේ පෙරලියක් සිදුවුවාත් එයින් රටට විශාල ආකාරයට අහිතකර බලපෑම් සිදුවුවා මෙන්ම රටේ ජනතාවට එලොව තරු පෙනෙන්නට විය. ඔවුන් කලේ කුමක්ද කියා තේරුම් ගන්නා විට පෙරහැර ගොස් හමාරය. 2020 ජනාධිපතිවරණය සදහා දැන් සිටම සුදානම්  වන ආකරය දිස්වේ.
     
                                            ඉහත සදහන් කර පරිදී ගොඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ ජනාධිපති වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව සදහන් කරත් එය වෙනස් වන්නටද  පුලුවන් වපසරියක් ඇත. මන්ද ජනතාවට වෙනස් වීමට ගත වන්නේ කෙටි කාලයක් නිසාය. එජාපය විසින්ද අපෙක්ෂකයකු වශයෙන්  සජිත් පේමදාස ද , ජනතා විමුක්ති පෙරමුණ විසින් අනුර කුමාර දිසානායක ද මූලිකව සිටිනා අතර ඉසුරු සුභසිංහ, නාගානන්ද කොඩිතුවක්කු , රොහාන් පැලවත්ත අනෙකුත්  සෙසු අපෙක්ෂකයක් ලෙස සූදානම් වන බව ආරංචි වේ. එනමුත් දැනට සිටින ජනාධිපති ඉදිරිපත් වීමට අවස්ථාවක් ඇත.
                                                       
                                  මනුජ බණ්ඩාර
                                  Mapt/19/B1/35
                 
                 

No comments:

Post a Comment