මීලග ජනාධිපති සහ අපි

මීළඟ ඡනාධිපති සහ අපි බුදු සිරි පතුලින් තෙවරක් නැහැවුණ ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු මගේ රට අන් සියළු රටවලට වඩා විශේෂ වන බව ඔබ,මා,අපි දනිමු.එනමුත් ලෝකය දියුණුවත්ම මුතු ඇටය වන් මගේ රට කෙළවරක් නොමැති යුධ බිමක ගිණි දැල් මත හිදමින් සොයන්නේ සිහිල් සුළං පොදක් නොවේද?අනාත වු හැගුම් සමඟ මේ සොයන්නේ දුෂ්ඨ ලෝකයට සංවේදි මිනිස් පරපුරක් බිහිකරන්නට අවශ්‍ය පෙරගමන්කරු කවුරැන්ද යන්න යි. ඒ පෙරගමන්කරු රඡ නොහොත් ඡනාධිපතිවරයා ලෙසට හැදින්වීමට පුළුවන. එසේ නම් රටකට ඡනාධිපතිවරයෙක් සිටිය යුත්තේ ඇයි ද ? කුමකටද?යන ප්‍රශ්ණාවලි රාශියක් ඔබට,මට,අපිට ඇති විය හැකිය.එනමුත් ඡනාධිපතිවරයෙක් යනු කවුරුන්ද යන්න සොයා බැලීමෙන් එම ප්‍රශ්ණයට පිළිතුර ලැබෙනු ඇත. ඡනාධිපතිවරයා යනු කවුරුන්දැයි මුලින්ම හදුනාගත යුතුය.අතීතය දෙස හැරී බැලුවහොත් , ඡනාධිපතිවරයා නොව එකල රට පාලනය කරනු ලැබුවේ රඡතුමා විසිනි.නමුත් වත්මන් සමාඡ පරිණාමය සමඟ රඡ යන නාමය ඡනාධිපති ලෙස වර්ධනය විය.එකල තිබු ඒකාධිපතිබව ආදි බෙහෝ දේ අඩු වී වත්මන වන විට ඡනාධිපති යන තනතුර නිර්මාණය වී ඇත.කුමන තනතුර කුමන නමකින් ඉදිරිපත් වුවද අවසානයේ සිඳු විය යුත්තේ ,ඒකීය මාතෘභුමියක් ගොඩනගමින් රටත්,ඡාතියත්, ආගමත් රැකගෙන නව ලෝකය තරණය කිරිමයි. සත්‍ය ලෙසටම ඡනාධිපතිවරයෙක් සිටිය යුත්තේ ඇයි දැයි යමෙක් ඔබෙන් ඇසුවහොත් ඔබ කියන්නේ කුමක්ද ? රටේ සියළුම ඉදිරි තීරණ ගන්නා,තම රට,ඡනතාව ඉදිරියට රැගෙන යන නියමුවා යැයි ඔබ කියයි.එය නිවැරදි පිළිතුර විය හැකි වුවද,එදා සිට අද දක්වා එය කෙතරම් සාර්ථක ලෙස සිදුවුයේ ද යන්න අද වන විට ප්‍රශ්ණාර්ථයක්ම වේ.මන්ද අපේ රඡ දරුවන් විදේශීය පරගැතියන්ගෙන් දිවි හිමියෙන් බේරාගත් තම මාතෘ භූමිය,ගහක් කොළක් නොමැති කන්තාරයක් සේ වියළි මිය දෙන්නට යන බව නොරහසකි.එසේ නම් ඡනාධිපතිවරයෙක් යනු රට ආරක්ෂා කිරීමට රටේ ඉදිරි ගමන සාර්ථක කර ගැනිමට ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරන පුද්ගලයා වේ.බලලෝබයට,තනතුරු ලෝබයට එම තනතුර පත් කර ගන්නවාද?නැතිනම අපේ ආරක්ෂකයා ,අපේ නියමුවා යැයි සිතා තෝරා ගන්නවාද යන්න අපේ බුද්ධිය මෙහෙයවා කළ යුතු දෙයක් බව අපි තරයේ සිහිතබා ගත යුතුය.එසේනම් මීළග ඡනාධිපති තෝරාගත යුත්තේ කවුරුන්ද යැයි කෙනෙක් ප්‍රශ්ණ කළ විට ඒ අපි බව ඔබ මා නිසැකවම දන්නා කරුණකි. තිස් වසරක යුද්ධයක් අපේ රටේ ඇති වුයේ ඇයි?කළු ඡූලිය ආදි විවිධ අමානුෂික කාලයන් අපේ රටේ ඇති වුයේ ඇයි?එය ආරම්භ වු කාලයේ සිටම අපේ රටේ පාලකයන් රටේ ආරක්ෂකයා වුයේ නම් මෙවැනි කුරිරු අතීතයක් අපට හිමි නොවන්නට තිබිණ.සිය දහස් ගණන් මිනිසුන් මරුමුවට ඇද දැමු තිස් වසරක යුද්ධය මැඩලීමට හැකි වූයේ ඊට සුඳුසු පාලකයෙක් අපි පත් කරගත් නිසාම ය.දැන් රට නිදහස් නමුත් රටේ සංවර්ධනය,අධ්‍යාපනය,රැකියා ආදි සියළුම අංශ සංවර්ධනය දැන් සිදු කල යුතුය.මන්ද යුද්ධයකින් බැට කෑ රටකට අවශ්‍ය බොහෝ දේ තිබේ.ඒ නිසාම රටේ සංවර්ධන ඉතාම වැදගත් ය.එය යුද්ධය අවසන් වු මොහොතේම ආරම්භ වු බව පෙනෙන්නට තිබුණ ද වර්තමානය තුළ එය සිඳු වනවාද යන්න ප්‍රශ්ණාර්ථයක් වී ඇත.එයට හේතු සාධක සෙවීමේ දි මතු වන්නේ පාලකයන්ගේ චංචල ක්‍රියාවලිය යි. තිස් වසරක යුද්ධය අවසන් වී වසර දහයක් ගෙවෙන්නටත් මත්තෙන් තවත් එවැනිම ඛේදවාචකයකට මුහුණ දෙන්නට විය. ඒ දැනට මාස හතරකට පෙර සිදු වු පාස්කු දින ප්‍රහාරය යි.එය අප කාගෙත් දෙනෙත් කඳුළින් පිරවු අනාරක්ෂිත හැගීම් සිත වෙලාගත් දිනය යි.අහිංසක ,අසරණ ඡීවිත කෙතරම් ප්‍රමාණයක් අහිමි වුයේ ද? අදටත් ඡීවිත කෙතරම් ප්‍රමාණයක් අනාරක්ෂිත වී තිබේද? මේ සියළුම දේහට වගකිව යුත්තන් කවුරුන්ද යැයි ඔබ මඳකට සිතා බැලුවාද?ඒ මොහොතේ මීළඟටත් මෙවන් විපතක් සිඳු නොවන්නට වගබලා ගත යුතුයැයි සිතුනේ නැතිද? ඒ වගකීම ඔබ මා සතුව ඇත. දැන් එළඹ ඇත්තේ බුද්ධියෙන් සිතිය යුතු කාලයයි.අපේ රට ,දේශය යැයි වචනයෙන් නොකියා සිය කාර්යයෙන්ම ඉස්මතු කර ගන්නට දැන් හොඳම කාලය එළඹි ඇත. මීළග ඡනාධිපති අපි තෝරාගත යුත්තේ ඒ පදනම මත සිට නොවේද?ඉගෙනීමට,දියුණුවීමට ආදි ඕනෑම දෙයකට වුවද රටක් තිබිය යුතු ය.සිංහල බෞද්ධ රටක් වන අපේ රට තුළ ඡාතිවාදීකම්,ආගම්වාදීකම් සඳහා ඉඩ නොදී සියළුම දෙනා එකාවන්ව එකට සිටිය යුතු ය.එයට සියළුම මිනිසුන් රකිනා රට රකිනා අයෙකු තෝරා ගැනීම මේ මොහොතේ සිඳු විය යුතු ය.බුද්ධිය මෙහෙයවා මනසින් සිතා ගත යුතු තීරණය ගන්නට අපි සියළුම දෙනා අත්වැල් බැද ගනිමු. පක්ෂ පාඨ නොතකා රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් 2020 දී දියවන්නාවේ මුලිකයා අපේ රටේ ආරක්ෂකයා ,ඡනාධිපතිවරයා බුද්ධිමත්ව සිතා තෝරා ගනිමු.නැතිනම් අමු අමුවේ මිනිසුන් මරණ,දුෂිත රටක බියගුල්ලන් ලෙස සිටිමට සිදු වේ.

සටහන:- 
දිලිනි මහේෂිකා  ප්‍රේමතිලක.   
MAPT/19/B1/32

No comments:

Post a Comment