ඊලග ජනාධිපති සහ අපි
රටක ජනාධිපති යනු රට පාලනය කරනු ලබන විදායක නායකයා වේ. රටක් තුළ පවතිය යුතු පරිපාලන කටයුතු සියල්ල මෙහෙයවනු ලබන්නේ ශී් ලංකා ජනරජයේ රාජ්‍ය ප්‍රදානියා සහ හමුදා සේනාවන්ට අන දෙන ප්‍රදානියා වේ.
ජනාධිපති තෝරාගනු ලබන්නේ ජනතාව වන අතර ඒ අවුරුදු පහක දූර කාලයකටය. එය ඉතාමත් භාර දූර වගකීම් සහගත කටයුත්තකි .
නමුත් වර්තමානය වන විට ජනතාව තුළ පවතින්නේ දේශපාලනය පිළිබඳ ඉතාමත් කුතුහලයකි. ඔවුන්ගේ සිත් තුළ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉල්ලීම් දේශපාලනය තුළින් ඉටු වේවිදයි කුතුහලයක් පවතී. මන්ද වර්තමාන දේශපාලනයේ නාමික ජනතා නායකයින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නවා මිස ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව නොසිතයි. එසේ සිතනවා යයි පවසනවා නම් අද වන විට දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් සංස්තා , දුප්පත් පාසල් , පහසුකම් නොමැති ගම් දනව්, මාර්ගයක් වත් නිසි ලෙස පිලිසකර නොවුණු ප්‍රදේශයන් නොමැත . එනිසා ජනාධිපති තුළින් ජනතාව බලාපොරොත්තු වන්නේ පක්ෂ පාට භේද නොමැති ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන නායකත්වයක් ය.
වර්තමානය වන විට පවතින දනවාදය කේන්ද්‍ර වූ දේශපාලනය වෙනස් විය යුතු අතර බදු බරින් පෙලෙන්නේ නැති නායකත්වයක් සියල්ල අපේක්ෂා කරයි. පක්ෂය මෙය කියමින් පක්ෂය පසුපස නොයා යහපත් පාලනයක් දිය හැකි නායකත්වයක් සියල්ල අපේක්ෂා කරයි . ජනතාවගේ මීලග අපේක්ෂාව වන්නේ රටක් ඉදිරියේ හාස්‍යජනක නායකත්වයක් නොව , රටක් ඉදිරියේ සෘජුව සිටගත හැකි රට වෙනුවෙන් ,ජනතාව වෙනුවෙන් පෙනී සිටිය හැකි නායකත්වයකි. මෙවර එවැනි ජනාධිපති වරයෙකු තෝරා ගෙන රට සංවර්ධනය කරා මෙහෙයවීමට සහයෝගය ලබාදීම සියලුම දෙනාගේ වගකීමකි .
තාරුකා අබේසේකර
MAPT/19/B1/38
No comments:
Post a Comment