මේ දිනවල රටේ ජනතාව ජනාධිපතිවරයෙකු අපේක්ෂාවෙන් සිටින බව කව්රුත් දන්නා සත්‍යයකි.මේ පිළිබඳව රටේ ජනතාව තුළ ඇත්තේ කුතුහලයකි.ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා යනු රාජ්‍ය නායකයා සහ රාජ්‍යයේ ප්‍රධානියා වෙයි.ජනාධිපතිවරයා තෝරාපත්කරගනු ලබන්නේ ජනතා මනාපයෙන් වන අතර ඒ වසර 5ක ධූර කාලයකටය.පෙර පත්ව ආ ජනාධිපතිවරුන් කරළියට පැමිණීමට පෙර කොතෙක් කෑ මොරසන් දුන්න ද ජනතාවගේ හා රටේ අභිවෘද්ධිය අපේක්ෂා කරන්නවුන් සේ ප්‍රතිරූපයක් ආරූඪ කරගෙන සිටිය ද තනතුරට පැමිණි පසු කාගේත් පරමාර්ථය වන්නේ තම තමන්ගේ සාක්කු පුරවා ගැනීමයි.ජනතාවට බදු බරින් මිරිකී අවැසි ලෙස කන්න අදින්න නොහැකි වන දේශපාලනයක් නොව තමන් වෙහෙස මහන්සි වී උපයා ගන්නා පඩියට අවශ්‍යතා සපුරාගත හැකි වාතාවරණයකි. මින් පෙර කිසි දිනක මෙවන් වාතාවරණයක් ජනතාව අත් නොවිද ඇති නියාවෙන් ඔවුන් තුළ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ ඇත්තේ පිලිකුල මුසු කලකිරීමකි.ඒ තත්ත්වයන් කෙසේ වෙතත් අපට අද දවසේ තිබෙන්නේ අතීතයේ නැතිනම් ඊයේ දවසේ සිදුවූ දේ පිළිබඳ පසුතැවීම හෝ ඒවා ආවර්ජනය කරමින් පසුගාමී වීම නොව හෙට දවස වෙනුවෙන් අපගේ කාර්‍ය්යන් වගකීම් සහ යුතුකම් ඉටුකිරීමයි.ඒ සදාහා ජනතා වන අපගේ ඡන්දයෙන් බුද්ධිමත් ලෙස දූරදර්ශීව සිතා බලා රටටත් ජනතාවටත් වැඩදායී ජනපතිවරයෙකු තෝරාපත්කර ගැනීම අපගේ වගකීමකි.
රට ගොඩනැගිය හැකි සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඇතමුන් අදහස් කරන අතර ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති වීමට බොහෝ ඉඩක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතට බව බොහෝ දෙනා තර්ක කරයි.කව්රුන් කෙස් අදහස් ඵල කලද වැදගත් වන්නේ නිල්,කොළ,රතු ලෙස කල්ලි ගැසී භේද බින්න ඇතිකරගැනීම නොව පක්ෂ පාට භේද නොතකා සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දශක ගනනාවක්ම එක තැන පල් වෙන අප වැනි රටක් මෙතෙක් පැවති අගාධයෙන් ගොඩගත හැකි රටට සේවයක් කළ හැකි,රටේ ජනතාවගේ අභිවෘද්ධිය අපේක්ෂා කරන රට සංවර්ධනයේ අස්වනු කරා රැගෙනයා හැකි දූරදර්ශී බුද්ධිමත් ජන නායකයෙකු නොවෙද?
වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය

K.M.l දියතිලක
MAPT/19/B1/33
No comments:
Post a Comment