මීළඟ ජනාධිපති සහ අපි

මිහිමත පතිත වු ඉතා සුන්දර රමණීය රටක් ලෙස ලෝක වාසින් අතර ලක්දිව නම් දරා ඇත .අතීතයේ හෙළ රජ දරුවන්ගේ සමයේදී ස්වයංපෝෂිත බවෙන් පිරී ගිය ලක් දෙරණ අද වන විට කුමන තත්වයක පවතිද යන්න මුලු ලොවටම පැනයක් වී ඇත.

        ලාංකික පිරිහීමට හේතුව රට පාලනය කරන නායකයින්ද ? දිනෙන් දින සමාජය කෘර බවට පරිවර්තනය කරනුයේ මෙම රට පාලනය කරන ප්‍රජාතාන්ත්‍රික පාලකයන් නොවේද ? එම සෝදාපාලුවට ලක් මිනිස් කොඨ්ටාසය වන අප සැමදා පෙර මග බලා සිටිය යුතු නැත .දේශපාලනික වශයෙන් රටේ නායකත්වය වෙනස් කිරීමට කාලය උදා වී හාමාරය.

      නව සාමාජයක් ,ගැටුමෙන් තොර රටක් නිර්මාණය කිරීමට මේ හොදම කාලයයි .හෙට අනිද්දා එළඹීමට තිබෙන ජනාධිපතිවරණය ඒ සදහා ලාංකීයන්ට මග පාදන ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය ,මෙයයි.
     ගෙයින් ගෙට ගොස් දුගියාගේ ගම් වැසියන්ගේ ඡන්දය වන්චාවෙන් ,කෘරත්වයෙන් වන්කව හිගා කන දේශපාලකයකු නොව ලෝක සමාජය පිළිබඳ මෙන්ම ,පුරවැසියන්ගේ සිතුම් පැතුම් හදුනන ,පරිඡය  දැනුමෙන් සන්නද්ධ පුද්ගලයකු තෝරා ගත යුතුය.දුගියාට සුර ලොවක් මවා පාමින් චන්දය දිනට පමනක් අනුකම්පාව සොයන පාලකයන් වර්තමාන සමාජයට අවශ්‍ය නොවේ .අද යොවුන් වියේ සියලු දෙනා අලුත් දැයක් නිර්මාණය කීරීමට නෙත් දල්වා සිටීයි.

      නා නා විද වර්ණ වලට,
,මුද්‍රවන්ට බෙදී තම මඩිය තර කීරීමට උත්සාහ දරන දේශපාලකයෝ අතරේ මිනිසත්කම හදුනන දුටුගැමුණුවරයෙක් ,පැරකුම් සමයක්,බිහි කීරීම පොදු ජනයා සතු වගකීමයි.උඩු සිතින් නොව ගැඹුරින් ආකල්ප ඔප් නන්වා ගනිමින් තීරණ ගත යුතු සමය මෙයයි.ඉඩෝරයේදී වර්ෂාව එන තුරු බලා සිටින මිනිසුන් වස්සාන සමයේ ඵල නෙලා ගන්නා සේම අපද ඉඩෝරයන් මිදී  වස්සානයකින් රට සරුසාර කීරීමට අඩි තාලම තබමු.

                                     එකිනෙකාට මඩ ගසා ගන්නා ,අනෙකා පහත් කොට තමන් බල තල පොදි බැද ගැනීමට උත්සාහ දරන දේශපාලුවෝ පන්නා දැමීමට හැකි ,ශක්තිමත්  කශේරුකාවකින් සන්නද්ධ  පාලකයෙකු අපි අපේක්ෂා කරන්නෙමු.

     කඩා වැටි තිබෙන ආර්ථිකය ,සදාචාරය ,සමාජ සහජීවනය යනාදී  සාමාජීය ගැටලු සියල්ලම සන්වර්ධනය කරමින්,සන්වර්ධිත රටවල් අතරට ශ්‍රී ලංකාව ගෙන යා හැකි නායකයෙකු හට අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන "ඡන්දය ලබා දෙමු.

     අද රටට අවශ්‍ය  වන්නේ දුශිතයන් පලවා හැරිය හැකි නායකයෙකි ."ළින් පතුලේ සිටින ගෙම්බන් සේ සැමදා එකම රාමුවකට කොටු නොවී සුදුසු තැනැත්තා තෝරා පත් කර ගැනීම ජනතාව සතු වගකීමයි.

      එදා අතීතය සිහියට නැගු විට අපේ මුතුන් මිත්තන් ගත කළ සරල දිවි පෙවත ,ඔවුන් තම රජුට ,ගම්මුලාදෑනීන්ට ,සැල්කුවේ දේවත්වයෙනි.ඒ ඔවුන් රට වැසියන්ට ආදරය ,කරුණාව දක්වමින් රට සරු සාර කළ නිසාවෙනි .එහෙත් වත්මන් පාලකයන් සිහියට එන විට අප සිත් තුල ඇති වන්නේ කෝපයකි .ඒ කවර නිසාද යත් අපම ගත් නුසුදුසු තීරණ නිසාය .එසේනම් නැවතත් දූෂිතයන් හට රට බාර දිය යුතුද ?අපිම තීරණය කරමු රට ගොඩ නැගීමට සැවොම එක් වෙමු."පින්බර ලක් දෙරණක් ගොඩ නැගීමට සුදුසුම නායකයෙකු තෝරා ගනිමු.

උරේෂා හිරුනි
MAPT/19/B1/22

No comments:

Post a Comment