මීළඟ ජනාධිපති කවුරුන් විය හැකිද ?

2020 වසරේ අප රටේ එනම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා  බවට පත් වන්නේ කවුරුන් විය හැකිද ?, මෙ පිළිබඳ වත්මන් සමාජය පුරා පුලුල්  කතිකාවක්  නිර්මානය වෙමින් පවතී.විශේෂයෙන්ම  ප්‍රධාන දේශපාලන පක්ෂ තුන ප්‍රමුඛව අනෙකුත් සියලුම පක්ෂ වල ස්වකීය අපෙක්ෂකයා  කවුරුන් ද යන්න පිලිබඳ සංවාදාත්මක කතිකාවන් විවිධ  ජනමාධ්‍ය ඔස්සේ ද ඉදිරිපත් කරනු අප දැක තිබේ, තව තවත් දක්නට ද ලැබේ. 2020 ජනාධිපතිවරණය සම්බන්ධව  ඉදිරිපත් වන අපෙක්ෂකයින්ගේ නම් කිහිපයක් මේ දිනවල  වැඩි වශයෙන්  කතා බහ වීමත් සමග ජනතාව තුල කුතුහලය ජනිත වෙමින් පවතී.

                            කෙසේ වෙතත් එක් පිරිසක් එක්සත් ජාතික පක්ෂය යලිත් වරක් පොදු  අපෙක්ෂකයෙකුට අවස්ථාව ලබා දෙනු  ඇතැයි විශ්වාස කරත් තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පක්ෂයෙන්  නැවතත් ජනාධිපතිවරයෙකු පත්  වේ යැයි මග බලා සිටියි.

                        මේ ආකාරයෙන්  තව බොහෝ තර්ක විතර්ක විවිධ පක්ෂ වල විවිධ පුද්ගලයන් ඉදිරිපත් කල ද, ගෝඨාභය රාජපක්ෂ  මහතා මීළඟ ජනාධිපති වුවහොත්  හොදයි යන මතයේ මම ද  සිටියි. එසේ  පවසනුයේ  මන්දයත්,  මීට වසර ගණනාවකට ඉහත දී   සිදු වූ  එල් ටී ටී ත්‍රස්තවාදය ලංකාවෙන් සදහට ම තුරන් කොට ලංකාවට යලිත් වරක් නිදහස ලබාදුන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා  ඇතුළු රජයට කෘත ගුණ දැක්වීමක් ලෙසින්  නැවතත් එම පක්ෂයට රට බාර දීම හොද යැයි මාගේ මතයයි. දැන් පවතින රජයේ පාලනය  යහපාලනය නමින් හැදින්වුවද  වත්මන් රටේ පාලනය යන ආකාරය බැලූවිට  මෙයට යහපාලනය යැයි කිව හැකිද ?,


                             කෙසේ වෙතත් මෙම පාලනය සමයේ සිදු වූ විවිධ අයහපත් හේතු, විශේෂයෙන්ම  බඩූමිල  වර්ධනය වීම ප්‍රමුඛව විවිධ ස්තාන වල නැවතත් බෝම්බ පිපිරීම් ආදිය දක්නට ලැබීම හේතුවෙන් අප රටේ පාලනය, සංවර්ධන  කටයුතු  අඩාල වීමක් දක්නට ලැබුනි. එම නිසා මෙන්ම යහපාලනයේ වුනු තවත් බොහෝ අඩුපාඩු  හේතුවෙන්  අප රටේ  පාලනය  තවත්  මොවුන් අත පැවතියහොත්  රටේ ඉදිරි අනාගතය පිළිබඳව අනාරක්ෂිත  හැගීමක්  ජනතාව  තුල මතයක් ගොඩනැගී ඇත. එය හේතුවෙන් රටේ ඉදිරි අනාගතය පිළිබඳ සිතා,රටේ  සංවර්ධනය උදෙසා කැපවෙන ජනාධිපතිවරයෙකුගේ  පැමිනීම අවශ්‍ය වී ඇත.


                         2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස මහින්ද  රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම සහිත ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා ඉදිරිපත් වුවහොත් රටේ සංවර්ධනය යම්තාක් දුරකට හෝ තවත් වර්ධනය විය හැක. සමෘද්ධිමත් වූ රටක හෙට දවස  උදෙසා අභිමානවත් පාලනයක්  එනතුරු ජනතාව විමසිලිමත්  දෑසින්  බලා සිටියි.මිනිසුන්ට  නිදහසේ ජීවත් වීමට නම් රට යුද්ධයෙන්  නිදහස් රටක්   විය යුතුයි.නැවත යුද්ධයක් ඇති නොවීමට  නම්, මොවුන්  අතට  රට පත් වුවහොත් හොද යැයි අප සිතමු.
                                                                                        Chalani Maduwanthika Jopiyas
                                                                                         MAPT/1997/12/11

No comments:

Post a Comment