මීලග ජනාධිපති සහ අපි.
ජනාධිපතිවරයා යනු රටේ මුල් පුරවැසියාය. එසේම රාජ්‍ය නායකයා ලෙස ද, විදායකයේ නායකයා ලෙසද මොහුව හදුන්වනු ලබයි. වසර 05 ක ධුර කාලයක් සදහා ජනාධිපතිවරනයක් මගින් මෙම ජනාධිපතිවරයාව තෝරා ගනු ලබයි. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පවතින රාජ්‍යයක එම රාජ්‍යයේ පරිපාලන කටයුතු සියල්ලම මෙහෙය වනු ලබන්නේ ජනාධිපති විසිනි. ජනපති ධුරය සදහා සම්පුර්ණ කල යුතු සුදුසුකම් කිහිපයකි.
1. වයස අවුරුදු 35ට වඩා වැඩි විය යුතුය.
2.දෙවරක් ජනපති ධුරය නොදැරුව අයෙක් විය යුතුය.
3.දෝෂාභියෝගයකින් ඉවත් නොකර අයෙක් විය යුතුය. 4.ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විය යුතුය.
ජනාධිපති ධුරය සදහා අපේක්ෂකයා ඉහත සදහන් සුදුසුකම් සම්පුර්ණ කලද චන්ද දායකයා බලාපොරොත්තු වන්නේ ඊට වඩා හාත්පසින් ම වෙනස් සුදුසුකම් ය. මිනිසුන් සිතන ආකාරය ට වර්තමාන දේශපාලනය යනු මඩ ගොහුරකි.බොහෝ දුගී දුප්පත් ජනයා මෙම දේශපාලනය නිසා අනේක දුක් ගැහැටයන්ට මුහුණ දෙයි. එම නිසා මෙවර ජනාධිපතිවරනය සදහා ජනාධිපති ධුරය දැරීමට සුදුසු අයෙකු තෝරා ගැනීම අපගේ වගකීමකි.යුතුකමකි.
බොහෝ අපේක්ෂකයින් තමන්ගේ දේශපාලන අරමුණ ලගා කර ගැනීම සදහා දුප්පත්, අසරණ, පීඩිත මිනිසුන් ඉත්තන් ලෙස යොදා ගනිමින් තම කටයුතු සිදුකර ගනී. නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ එවන් නායකයෙකු නොව තමාගේ ජිවන ගමනට සහනයක් සලසන, තම හිසට සෙවනක් වන, ප්‍රජාතන්ත්‍රවාදි, යහපත් පාලකයෙකි.
දැනට හාරමාසයකට කලින් සිදු වූ ඒ මිලේච්ච බෝමිබ ප්‍රහාරය නිසා මිනිසුන් විශාල සංක්යාවකගේ ජිවිත අහිමි වූහ.30 වසරක යුද්දය නිමා කිරීමෙන් පසු සිදු වූ පළමු බෝමිබ පිපිරීම මෙයයි. "ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එලියටත් බයයි. " යන කියමන තහවුරු කරමින් නැවතත් ජනතාව ඉතා බියට පත් වී ඇත. ජනතාව දැන් අපේක්ෂා කරන්නේ තමාට, තම රටට ආරක්ෂාව සලසා දිය හැකි නායකයෙක් ය. රටේ වගකීම, ජනතාවගේ වගකීම භාර ගත හැකි නායකයෙක් ය. කොන්ද පණ ඇති, නිවැරදි තීරණ ගැනීමට හැකි බුද්මධිත් නායකයෙක් ය. අසරණ ජනතාවගේ දුක තේරුම් ගැනීමට හැකි, මනුසත්කම හදුනන නායකයෙක් ය. රටේ පුරවැසියන්ගේ බඩට පහර නොගහ රටේ සංවර්දන කටයුතු කඩිනමින් සිදු කරන නායකයෙක් ය.
අද්‍යාපනයට ප්‍රමුඛස්තානයක් ලබා දෙමින්, වැරදි කරන්නන් හට දැඩි දඩුවම් ලබා දෙමින්, සමකාමී, නිදහස් මත දරණ පුද්ගලයෙකු අපගේ අනාගත ජනාධිපති වුවහොත් කෙතරම් සුන්දර ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලැබෙයිද? දේශපාලනය නැමැති මඩ ගොහුරේ පිපි නෙළුමක් මෙන් සුවද හමයිද? අපගේ වටිනා මනාපය නිවැරදි පුද්ගලයෙකුට ලබා දෙමින් අපගේ අනාගතය සාර්ථක කර ගැනීමට අපි වග බලා ගනිමු.
M.M.P.හංසිනී.
MAPT/19/B1/12
No comments:
Post a Comment