රටේ තවත් හරවුම් ලක්ශයක් පෙන්නුම් කරමින් මේ මොහොත වන විට මුලු රටම ඉදිරියේ එළබෙන ජනාධිපතිවරණය පිලිබඳ විවිධ සoවාද ගොඩ නැගී ඇති බව නොරහසකි රටේ ජනතාව විවිද මත දරමින් තමන් අපේක්ෂා කරන පුද්ගලයා ජනාධිපති තනතුර සදහා තේරී පත්වන තුරු සිටින්නේ කුතුහලයෙන්ය. නමුත් ජනතාවගේ තීරණයන් සියල්ල නිවැරැදි ද? රටේ ජනාධිපති තනතුර සදහා තේරී පත් වන්නේ සුදුස්සන්ද? සිතා බලන්න!
රටේ හොද පාලනයක් ආරක්ෂවක් තිබුනා නම් මීට මාස 3කට පෙර රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිනිසුන් අසරණ වේවිද??
ජනාධිපතිවරයා යනු රට පාලනය කරනු ලබන නාවික විදායක නායකයා වේ. රටක් තුල පැවැතිය යුතු පරිපාලන කරයුතු සියල්ල මෙහෙයවනු ලබන්නේ ශ්‍රි ලංකා ජනරජයේ රාජ්‍ය ප්‍රදානියා වේ. හමුදා සේනාවන්ට අණදෙන ප්‍රදානියා වේ. මෙවැනි බලතලයක් දැරීමට සුදුසු වන්නේ කුමන ආකාරයේ පුද්ගලයෙකු ද? ඒ පිලිබඳ මාගේ අදහස මෙසේය. මේ වන විට අප රට සoවර්දනය වෙමින් පවතින රටකි. රට තුල සoවර්දනය වීමට අවශ්‍ය විවිද පැතිකඩයන් ඇත. ඒ පිලිබඳ සිතා බලා කඩිනම් තීරණ ගත හැකි පුද්ගලයෙකු පත් කිරීම අපගේ වගකීම වේ. රට පත් වී ඇති අගාධයට වග කිව යුත්තේ චන්දදායකයින් වන අප නොවේද??
රටේ ජනතාව පිලිබඳ සිතා මතා කටයුතු කරන, ජනතාව ආර්ථික, සාමාජිව ආදී ගැටලු වලින් පීඩා විදිමින් සිටින බැවින් ඒවායින් සියලු ජනතාව මුදා ගැනීමට දූරදර්ශි තීරණ ගැනීමට හැකි පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස පත් වීම අනිවාර්ය වේ. රටේ ජනාධිප යනු තම බඩවියත පමණක් තර කර ගන්නා අයෙකු නොව අවංක රට කෙරෙහි හැගීමෙන්, ජනතාව පිලිබඳ සිතා මතා කටයුතු කල හැකි පුද්ගලයෙකුය. එය මාගේ අදහස යි. එමෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සලකන අප රටෙහි ඇති ස්වභාව සෞන්දර්ය විනාශ කිරීමට හා රට අයිති කිරීමට මාන බලන විවිදාකාර බලවේගයන් ඇත. එම බලවේග වලින් රට ආරක්ෂා කිරීමට හැකි ජනාධිපතිවරයෙකු පත් වීම අනිවාර්ය වේ. රට විනාශ කිරීමට රට තුලම සිටිනා විවිධ රකුසන් කෙරෙහි දැඩි තීරණ ගත හැකි එඩිතර නායකත්වයක් අප රටට අත්‍යාවශ්‍ය වේ. මෙය මාගේ අදහස යී.
තරූෂා ඩිල්ශානි උඩවෙලආරච්චි.
MAPT/B1/19/23
No comments:
Post a Comment