දේශපාලනය කියන්නෙ රටේ කොදුනාරටිය වගේ .ඉහළ සාර්ථක රටක් හීනය සැබැ වෙන්නේ අපෙ මනාපය මත පත් වෙන ජනාධිපතිගෙ දක්ශතාවය සහ ඔහු තුල පවත්නා බුද්දිමත්කම ,නිවරැදි දැක්ම මතය.අමු අමුවෙ ලග එන අපෙ ජනාධිපතිවරණය ගැන ලාංකික අපි විතරක් නෙවෙයි .ලොකෙ නන් දෙසින් මිනිසුන් ඇහ ගහගෙන ඉන්නෙ.මොකක්ද කොන්ද පන තියෙන හොද බුද්දිමත් මනුස්සයෙක් අපෙ රටෙ ජනාධිපතිකම අරගෙන නිවරදියි නායකත්වය යටතේ අපෙ රට ඉහලට ගෙනියන්වට ඉරිසියවෙන් අනික් ම්නිස්සු බලන් ඉන්නෙ.මොකක්ද එතකොට එ බලන් ඉන්න උකුසු ඇස් වලට අපිව ඔන ඔන විදි අහු කර ගන්න ,උන්ගෙ වැඩ කර ගන්න බැරි වෙනව.
අපෙ රටේ දැනට තියෙන තත්ත්වය පවා ඉතාම කනගාටුදායකයි.මොකක්ද අරව දෙන්නම් මෙවා දෙන්නම් කියලා මිනිසුන් රවට්ටලා අපිව නියොජනය කරන්නපාර්ලිමේන්තුව කියන තැනට අපේම පිහිටෙන් අපේ කර උඩින් ගිහින් අවසනයේ අපිටම කොකා පෙන්නන එක තමා වෙන්නෙ..අවසනයේ අපිට වෙන්නෙ කිසි දෙයක් නැතුව උඩ බලගෙන ඉන්නයි.අපේ රටෙ කොච්චරනම් ප්‍රශ්න තියෙනවද? උන් එවා දැක දැක දැනගෙනම නොදන්න බබාලා වගේ උන්ගෙ බඩ කට පුරවගෙන සැපේ ඉන්නවා .මේ හැම දෙයක්ම උඩුයටිකුරු කරලා අපෙ රටට අලුත් අලොකයක් දෙන්න පුලුවන් ,අලුත් විදියට අපෙ රට ගොඩනගන්න පුලුවන් කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් මනුස්සයෙක් අපිට ජනාධිපති විදියට ඔන ..
ඉගෙන ගන්න අපහසුතා තියෙන ,අන්ත අසරන දුප්පත් ලමයි කොච්චරනම් ඉන්නවද..රැකියා නැතුව හොදට ඉගෙන ගෙන ඉගෙනිමට සරිලන රැකිය නැති තරුණ පරම්පරාව කොච්චර ඉන්නවද ? ඉහලටම ඉගෙන ගන්න ඔන එත් විදියක් නැති උන් කොච්චර ඉන්නවද .එ හැමදෙනාටම සාධාරණයක් වෙන විදියට රටේ නායකත්වය ගන්න පුලුවන් මනුස්සයෙක් අපිට ඕන.තමන්ගේ වාසියට රට පාවලා දෙන පුටුවට එන්න කලින් වෙන විදියක් ආවට පස්සේ වෙන විදියක් වෙන මනුස්සයෙක් නෙවෙයි.
දේශපාලන වාසි වලට අරකෙන් මේකට මෙකෙන් අරකට පැන පැන ඉන්නෙ නැතුව තමන්ගේ මව් රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් ඉහළ සාර්ථක යමක් නොපිරිහෙලා නොපැකිලව කරන්න පුලුවන් හොද මනුස්සයෙක් අපේ ඉදිරි ජනාධිපති විදියට පත් වෙන්න ඕනමයි.නැත්තම් ලස්සන රටක් ලස්සන අනාගතයක් අපිට හිනයක්ම වෙයි.
MAPT /19/B1/18
P.D.H.A.Dissanayaka
No comments:
Post a Comment