මීලග ජනාධිපති සහ අපි

දේශපාලනය යනු රාජ්‍ය බලය අල්ලා ගැනීම සදහා පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන බල අරගලයක් බව නිකොලායි මැකියාවේලි "කුමාරයා" කෘතියේ දක්වන ලදී. එය ඇත්තෙන්ම ලාංකික දේශපාලනයට හොදහැටි ගැලපෙන නිවැරැදි ම අර්ථකථනය කි. මන්දයත් 1948 සිට වර්තමානය දක්වාම දේශපාලකයින් බලය පසුපස හඹා යාමක් විනා අන් කිසිවක් ඔවුන්ගෙන් දක්නට නොලැබීමයි.

දැන් කරලියට පැමිණ ඇත්තේ ඉදිරි ජනපති කවුද යන්නයි. ජනතාව කුමන තීරණය ක් අවසානයේ ලබා දෙයිද යන ගැටලුව මේ කාලය තුල දළු ලා වැඩෙමින් පවතී. පත්වන්නෙ රටේ 7 වන විධායක ජනාධිපතිවරයා යි. ජනාධිපතිවරණය අනිවාර්යයෙන් නොවැ 9 ත් දෙසැ. 9ත් අතර කාලා සීමාවේ පැවත්විය යුතු අතර ජන. 9 වනදා නව ජනපති වැඩභාර ගැනීමට නියමිතය. ලංකාවේ එදා සිට තවමත් ජනාධිපතිවරු පත්වීමෙන් හා ඉවත්වීමෙන් සිදුවන්නේ දූශිත බල තණ්හාවට පොරකෑම විනා අන් කිසිවක් නොවේ. සුරසැප විදීම විනා ජනතාවගේ හදවතට කතා කිරීමට, ජනතාව වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටීමට මේ වනතෙක් කිසිදු නායකයෙකුට හැකි වී නැත.
නව නායකයෙකු රට තුල ඇතිකල යුත්තේ කුමන ආකාරයක වෙනසක්දැයි සැලකිල්ලෙන් බැලිය යුතුය.මන්දයත් ජනතාව ගතවන හැම තත්පරයකදීම බදු බරින් පීඩා විදියි,දිනෙන් දින ඉහල පහල යන ඉන්ධන මිල මෙන්ම බඩු මිලද දරා ගැනීම පහසු නැත.එසේම නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය ද දැන් දැන් ජනතාවගේ මුදල් මතම යැපෙන්නක් බවට හැඩ ගැසී ඇත.
දැනගත යුතු තිත්ත ඇත්තක් තිබේ. මැද පෙරදිග කාන්තාවන් ලක්ශ 20කට ආසන්න ප්‍රමාණයක් පාරේ ත්‍රීවීල් වල තරුණයින් ලක්ශ 10ක් පමණ සිදු කරන්නෙ මේ සංවර්ධනය වෙමින් පවතිනවා යැයි කියන මේ රට සංවර්ධනය කිරීමට දායක වීමද?. රටේ තරුණ ශ්‍රමය මෙසේ විනාශ වී යෑමට වග කිව යුත්තන් මෙම අදූරදර්ශී දේශපාලකයින් නෙවේද?. නිසි ජනපති අපේක්ශකයෙකු නම් ඔහුගේ හෝ ඇයගේ ඉදිරි ප්‍රතිපත්ති වල මෙ පිළිබඳ සැලසුම් හෝ අර්බුදය විසදිය යුතු ආකාරයක් සදහන් කිරීම අනිවාර්ය නොවන්නේද?. හිතේ හැටියට පාලකයින් රට ඇපයට තබා ලබා ගන්නා ණය ආධාර වලින් ම පමණක් මේ රට සංවර්ධිත කිරීමට කටයුතු කල හැකිද?.මේවා ජනාතාව නැවත නැවත් සිතා බැලිය යුතු කරුණුයි.
ජනාධිපතිවරයෙකු රටේ ජාතික ආරක්ෂාව, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වගකීම භාරගත යුතුය.මුලු රටටම එක නීතියක් අත්‍යවශ්‍ය ය. යුක්තිය පසිදලන ආයතන වල ලබා දෙන තීන්දු තීරන ව්‍යාකූලත්වයට පත් නොවන්නේ එවිටය. වාසි අතට නීතිය නැමෙන බව දැකීම ජනතාවගේ සතුට නොවන්නේය. ඒ සදහා රටේද නිසි නායකත්වය ක් පැවතීම අනිවාර්යය වේ. ලග එන ජනාධිපතිවරණය ඒ සදහා ජනතාවට ලැබෙන හොද අවස්තාවකි.
මීලග ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ බොරු පොරොන්දු දෙන අදූරදර්ශි නායකයෙකු නොවිය යුතු අතර ලබා ගත් බලය ජනතා සුබසිද්ධිය වෙනුවෙන් අවියක් කරගන්නෙකු විය යුතුය. රට, ජාතිය, ආගම පණ මෙන් ආරක්ෂා කරන්නෙකු විය යුතුය. සංඝරත්නය විවේචනය නොකරන අන් ආගමික නායකයින්ටද සවන් දෙන නායකයෙකු විය යුතුය. දක්ෂතා අගයකරමින් නව යෝජනා සදහා අවස්ථා ලබා දෙන එවැන්නන්ට නිසි ගෞරවය ලබා දෙන, නව අධ්‍යාපන අවස්ථා ලබා දෙන නව මාවතක රට ගෙන යා හැකි නායකයෙකුට දැන් අප අවස්ථාව ලබා දිය යුතුය.
ඉදිරි ජනාධිපතිවරණය ට කල් යල් සකසන මේ මොහොතේ දැන් අපේක්ශකයින් දෙදෙනෙකු තමන් නිල වශයෙන් ජනාධිපතිවරණය ට ඉදිරිපත් වන බව ජනතාව ඉදිරියේ ප්‍රකාශ කොට හමාරය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය් කරමින් හිටපු ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක මහතාත් ය.

කෙසේවෙතත් ඉදිරියේදී තව තවත් නව මුහුණු ජනතාව ඉදිරියේ පෙනී සිටීම නොඅනුමානය. ජනතාව කල යුත්තේ රටට අවැසි නිසි නායකත්වය ඒ අතරින් සොයා ගැනීම විනා පාට පාට කණ්නාඩි පැලදීමට උත්සුක වීම නම් නොවේ..
සටහන - කාවින්දි වීරසිංහ

No comments:

Post a Comment