මීළඟ ජනාධිපති සහ අපි

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතට අනුව ජනාධිපතිවරයා යනු රටක ප්‍රධාන පුරවැසියායි. රටක ජනාධිපතිවරයාගේ සේවා කාලය වසර 5කි.ජනාධිපතිවරයා තෝරාපත් කර ගන්නේ රටේ සාමන්‍ය ජනතාවගේ වටිනා මනාපයෙනි.මෙම වසරේ අවසාන කාල පරිච්ඡේදය වන විට අප රටට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා මැතිවරණය පැවැත්වීය යුතුය. ජනාධිපතිවරණයක් සදහා අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඉදිරිපත් වන අතර ඒ තුළින් ද ජනතාව විසින් තෝරා ගන්නේ තමන්ට වඩාත් විශ්වාසවන්ත පුද්ගලයාය. ඔහුට රටේ ජනතාවගේ සමස්ථ මනාපයෙන් වැඩි ප්‍රතිශතයක් ලැබේ.
  
   අප රටෙහි මීලඟ ජනාධිපති සදහා අපේක්ෂකයන් කිහිප දෙනෙකු මේ වන විටත් තෝරාපත් කර අවසන්ය. මෙතෙක් කාලයක් පුරාවට තෝරාපත්වූ නායකයන් අතරෙන් ජනතාවගේ අපේක්ෂවන් වෙනුවෙන් කටයුතු කල නායකයන් සිටින්නේ අතලොස්සක් පමණි. කරලිය තුළ කතාබහට ලක්වන ප්‍රධාන චරිත ලෙස රාජපක්ෂ වරුන් දැක්විය හැකිය. රාජපක්ෂ පවුලේ දේශපාලන පසුබිම ඉතා ඉහලයි.වසර 30ක් පුරාවට රට තුළ පැවැති යුද්ධමය තත්වයන් නිරාකරණය කරමින් නිදහස් ශ්‍රි ලංකාවක් නිර්මාණය කර දුන් රාජපක්ෂ වරුන්ට වර්තමානයේ බොහෝ ශ්‍රි ලාංකිකයන් දැඩි ඇල්මක් දක්වයි.ඒ අනුව නව ජනාධිපතිවරණය සදහා රාජපක්ෂ පවුලේ අපේක්ෂකයකු ඉදිරිපත් වේ.එසේම රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස ද මීලඟ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වෙයිද යන්න මේ දින වල කතාබහට ලක්වන මාතෘකවකි.

    වසර 30ක් පුරාවට මේ රටෙහි පැවැති යුද්ධමය සමය රාජපක්ෂ මහතා අවසන් කිරීමෙන් පසුව අප රටේ ජනතාව පසුගිය කාල වකවානුව තුළ නිදහසේ හුස්ම ගන්නට පටන්ගන්නවාත් සමගම මෙම වසරේ අප්‍රේල් මාසයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ජනතාවට නැවතත් මරණ බිය දැනෙමින් පවතී.වර්තමාන පාලන සමයේ අසාර්ථකත්වය මතු වූ ප්‍රධාන අවස්තාවක් ලෙස එය දැක්වීමට හැකිය.එබැවින් මීලඟ ජනාධිපති වරයාට රට වෙනුවෙන් ඉටු කිරීමට විශාල වගකීමක් පැවරී තිබේ.

නමුත් වර්තමානය වන විට මිනිසාට දේශපාලනය යන මාතෘකාව පිළිකුල් වී තිබේ.අප කුඩාකල සිටම ශ්‍රි ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් යන නාමයෙන් නම් දරා තිබුනද එය වෙනස් කිරීමට මේ වන විටත් කිසිදු පාලකයෙකුට හැකි වී නොමැත.පාලකයෙක් පත් වීමට පෙර රටේ අහිංසක ජනතාවට දහසක් පොරොන්දු දුන්නද  ඔවුන් පත් වූ පසු තන්හාව මානය නිසා ජනතාවට පොරොන්දු ඉටු කිරීමට අමතක වී ඔවුන්ගේ පසුම්බිය තර කර ගැනීමට පමණක් උත්සාහ දරයි. එම නිසා නව ජනාධිපතිවරයාගෙන් අප අපේක්ෂා කරන්නේ යහපත් ශ්‍රි ලංකාවක් සමෘද්ධිමත් රටකි. අප රටෙහි දරිද්‍රතාව නිසා දුක් විදින  ජනතාව වෙනුවෙන් සේවාවන් ඉටු කිරීමට ශ්‍රි ලංකාව නිදහස් කර ගැනීමටත් ජනාධිපතිවරයා කටයුතු කල යුතුය.

වර්තමානය වන විට රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ  සේවය සදහා  නූගත් පුද්ගලයන් දේශපාලන බලය මත රැකියා සදහා යොමු කිරීමට පාලකයන් පෙලඹී තිබේ. එමගින් උගතුන්ට අවස්තාව නොමැති වනවා සේම රටෙහි ඉදිරි ගමනට මෝඩයින් දායක වෙයි.

නව ජනාධිපතිවරණය සදහා ජනතාව තෝරා ගත යුත්තේ රට වෙනුවෙන් යමක් කල හැකි නායකයෙකි.රටෙහි අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ආර්ථික ආදී සියලු අංශ සංවර්ධනය කරමින් ආසියාවේ ආශ්චර්යය බවට අප රට ඇත්තෙන්ම පත් කල හැකි නායකයෙක් රටෙහි දූෂණ නවතා දැමිය හැකි නායකයෙක් පත් වන්නේ නම් එය ශ්‍රි ලංකාවේ අනාගතය සදහා වැදගත් මෙහෙයක් ඉටු වේවි.

M.M.H.P.K.De silva
MAPT / B1/19/02

No comments:

Post a Comment