රජ පුටුවේ බල අරගලය
මීළඟ ජනාධිපති සහ අපි
වසර දහස් ගන්නක් වු මිනිස් සංහතියේ සංවර්ධනයෙදි රාජතාන්ත්‍රිකයෙක් සමාජ ක්‍රමයක් විශෙශයෙන්ම සැම අයෙකුටම සර්වජන බලය ලංකවෙ හිමි වු වසර කිපයකි .පවතින පරිපාලනයට අනුව වසර පහකට වරක් ජනාධිපතිවරණක් පැවැත්වේ මෙවැනි ජනාධිපතිවරණය වලදි විවිධ පක්ෂ ,පාට ,ජාති බේදයන්ට අනුව ජනාධිපති අපෙක්ෂකයකු ඉදිරිපත් වේ.එහෙත් මොව්න්ගෙ අරමුණ රටෙ ස්තිරසර පැවැත්ම ද, නැතහොත් තම ජිවිතය සුරවිමනක් ලෙස විදිමද යන්න අප විසින් සිතිය යුත්තකි.ඕනැම රටක ජනාධිපතිවරයා තොරා ගැනිමෙ බලතල හිමි වන්නේ රටෙ ජනතව වන අපිටය.ජනාධිපතිවරණය ලන් වන කාලයට පමණක් ගෙයින් ගෙට ගොස් ජනතාවගේ මනාපය අපෙක්ශා කරන් අයකු හට තම මනාපය ලබා දෙනවද නැතහොත් ජනතාවගේ දුක තෙරුම් ගන්න දුක සැප බෙද ගන්න සරලව ජිවත් වන්නවු අයෙකුට තම මනාපය ලබා දෙනවද යන්න අප විසින් ම තීරණය කල යුතුය .ලාංකික සමාජ තුල දියවන්නවෙ සැප පහසුකම් විදිමින් ජිවත් වන ප්‍රබු පිරිසක් මෙන්ම මුඩුක්කු සංස්කෘතියේ ජිවත් වන අයද සිටි.මෙම සමාජ සංස්කෘතිය තුල අපගෙ නියමුවානන් රටක ජිවත් වන්න වු ජනතවගෙ පැවැත්ම උදෙසා කටයුතු කල යුතුය .
මීලග ජනාධිපති සහ අපි
අලුත් ලිපියක් මම ඔයාලා හමුවට අද අවේ මීලඟ ජනාධිපති සහ අපි යන්න පිලිබඳව මාගේ හද පතුලේ ඇති අදහස ඔබ සැමටම මෙලෙස ලිපියක් තුළින් ඉදිරිපත් කිරීමටයි....
රටේ ජනාධිපති යනුවෙන් හදුන්වනුයේ ආන්ඩුවේ ප්‍රධානියා, රාජ්‍යයේ ප්‍රධානියා, විධායකකයේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්හී සේනාධිනායකයා, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස රටේ ජනතාව හදුනා ගනී. එමෙන්ම මෙය ජනාධිපති ප්‍රධානත්වය දරන රටේ ප්‍රධාන ආයතන ද වේ. ශ්‍රී ලාංකාවේ සර්ව ජන චන්දය බලයෙන් රට තුල නව නායකයෙක් බිහි විය. ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සදහා පවත්වනු ලබන ජනාධිපතිවරණයකින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනී. මෙලෙස ජනාධිපතිවරයෙකු වීම සදහා ශ්‍රී ලාංකාවේ පුරවැසියෙකු වීම, වයස අවුරුදු 30 සම්පුර්ණ කළ අයෙකු වීම, දෝෂාභියෝගයකින් ඉවත් නොකළ අයෙක් නොවිය යුතු වීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම හෝ සිටි අයෙකු වීම යන සුදුසුකම් අනිවාර්යයෙන් සපුරාලිය යුතු විය.
ජනාධිපතිවරණය තුලින් 50%ක චන්ද මනාපයක් ලබා ගැනීමට සමත් වුවහොත් ඔහු හෝ ඇය රටේ ජනාධිපති ලෙස තේරී පත් විය. එලෙස තේරී පත් වූ ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා ඉදිරියේ හෝ පිලිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශ කරමින් අනතුරුව වැඩ බාර ගැනීම සිදු විය.
රටේ වත්මන් තත්ත්වය ගැන සොයා බැලූවිට ඇතැම් අවස්ථාව වල සතුටුදායක කරුණු සුලුතරයක් මෙන්ම දුක්බරදායක කරුණු ඇසීමට අපමණ අවස්ථා වර්තමාන ජනතාවට උදා වී ඇත. ස්වර ජන චන්දන බලයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා රටට මහත් සේවයක් ජනතාව වෙනුවෙන් ඉටු කර දීමට අපෙක්ෂාවෙන් පැමිණුනත් පසුව ඔවුන් තුළින් එබදු කිසිවක් දක්නට නොලබෙන අවස්ථා අපමණය. මෙලෙස රට තුල කනගාටුදායක ප්‍රශ්න ඇති වීම තුලින් අප රට විශාල ආගාදයකට වැටෙනු නියතය. එලෙස නොවන්නට ..ජනතාවක් ලෙස එක් වී බුද්ධිමත් තීරණයක් ගැනීම ජනතාව සතු විය. එලෙස රට තුල බුද්ධිමත් නායකයෙකු තෝරා පත් කර ගැනීම සදහා ජනතාවගේ සර්ව ජන චන්දන බලය නිසි නායකයෙක් හට පැවරීමට පෙර බුද්ධිමත් කටයුතු කිරීමට වැදගත් විය.
අසරණ ජනතාවගේ බදු මුදල් එක් රැස්කොට නිකරුණේ නාස්ති කර වියදම් කරන නායකයන් රටට අවශ්‍ය නැත. සංවර්ධන උදෙසා රටේ වටිනා උරුමයන් විනාශ කරමින් රට ආගාදයකට පත් කරන නායකයන් රටට අවශ්‍ය නැත. රටේ පොදු ප්‍රශ්න මතු වූ විට එයට නිසියාකාර බුද්ධිමත් තීරණ ගෙන කටයුතු කිරීමට නොදන්නා නායකයින් රටට අවශ්‍ය නැත. ජනතාව සැමවිටම බලාපොරොත්තු වන්නේ ජනතාවගේ සුබසාධනය උදෙසා කටයුතු කරමින් ජනතාවගේ පැත්ත පමණක් ගන්නා බුද්ධිමත් නායකයෙක වේ. මීලඟ ජනාධිපති තෝරා පත් කර ගැනීම සදහා ඔබත් මමත් බුද්ධිමත්ව තම චන්දය රටේ අනාගත වෙනුවෙන් ලබා දෙමු...
මාගේ ලිපිය කියවූ පාඨක හැමෝටම ස්තුතියි... Dilini Perera
මීලග ජනාධිපති සහ අපි
"ජන මතයට අනුව තේරී පතවන පුද්ගලයා එකම එක මතයක් වෙනුවෙන් නොව පොදු අරමුණක් වෙනුවෙන් සටන් කල යුතුය."
එදිනෙදා ජීවිතයේදී අප ගත කරන නිමේශයෙන් නිමේශයට රටේ ඒකීය අනාගතය තීරණය වෙනවා නොඅනුමානය.
එබැවින් "ජනාධිපතිවරණයක්" උදෙසා ජනතා බලය තීරනය වන්නේ ජනයාගේ අපේක්ෂා ආකල්ප මතය. එම අපේක්ශාවන් අප සියලුදෙනාටම පොදු අවශයතා ඉටුකරගත හැකි තීන්දු තීරණ විය යුතුය. එබැවින් අප සියලුදෙනා රටෙහි අනාගතය අපේක්ෂා ඉටු කර ගැනීමට සමත් ජනාධිපතිවරණ අපේක්ශකයෙකු තෝරා ගැනීමට සමති විය යුතුය.
අප විසින් ගනු ලබන තීන්දු රටෙහි යහපත් අනාගතය කෙරෙහි බලපෑම කල හැකි විදිමත් ඝෘජු තීරණ මත ක්‍රියා කල යුතුය. මන්ද ? පොදු නොවන අභිමතාර්තයන් ඔස්සේ ගමන් කරන විට අප එකිනෙකාගේ අවශ්‍යතා ඉටු නොවන අතර තම එකගතාවයන්ගෙන් යුතු එක අරමුනක් උදෙසා රටෙහි අනාගත අභිවෘද්ධියට කැප වෙන සේම, වැය වන සම්පත්, ප්‍රාග්ධනය, වත්කම් හිග රටක් වනු ඇත.
එවැන්නකට අවස්තාව ලබා දීම තුලින් තිරසාර සංවර්දනයට කිසිදු අයුරකින් ලගා වීමටවත් නොහැකිවීම මෙන්ම රටේ පාලන තන්ත්‍රය මන්දගාමී වීම නොපමාව කිව හැක. මන්දයත්,
ජනාධිපතිවරනයක් එලඹ ගත්කල වර්තමාන රටෙහි පවත්නා සම්පත් එලෙසින්ම හෝ දියුණු ලෙස අනාගත පරපුරට භාවිතයට ගත හැකි ආකාරයෙන් වර්තමාන ජීවත්වන අප රටෙහි සම්පත් භාවිතයට ගැනීම සුදුසු වන්නේය. ජනාදිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ශකයා, ජනයාගෙ ජන අදහස් ඉටු කිරීමට සමත් සැලසුම් සහගත නිර්මාණශීලී පුද්ගලයෙකු විය යුතුය. එවන් ජනතා අපේක්ශකයෙක් තෝරාගතයුතු ඉදිරිපත් කල යුතු සැලසුම් සහගත ක්‍රියාවලියක් විය යුතුය. ඒ සදහා ප්‍රදාන වන්නෙ අධ්‍යාපන කටයුතු, අර්ථික කටයුතු, සෞඛ්‍ය හා පෝශණය ඉහල නැන්වීම, සංස්කෘතිකාංග, ආරක්ෂාව හා රැකවරණය යන අංශ කෙරෙහි අවදානය යොමුකරමින් ඒ සදහා පුළුල් අනුග්‍රහක් ලබා දිය යුතුය.
එවන් සාර්ථක ජනතා අපේක්ශකයෙකුට ජනතා මතය තීරණය වන්නේ හැගීම් වලට අනුව නොව බුද්ධියට අවකාශය දී තෝරා පත් කර ගැනීමේදීය, අප විසින් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු වන්නේ දිගු කාලීන අධ්‍යාපන ක්‍රමවේද, දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්ති සාර්ථකව ඉටුකල හැකි රටෙහි ආරක්ෂාව හා රැකවරණය මනාව ලබා දීමට සමත් ජන නායකයෙක් තෝර පත් කර ගැනීමට අපි සමත් විය යුතු වෙමු.
සටහන - G.L.E.K. එදිරිසිංහ
මීළඟ ජනාධිපති කවුරුන් විය හැකිද ?
කෙසේ වෙතත් එක් පිරිසක් එක්සත් ජාතික පක්ෂය යලිත් වරක් පොදු අපෙක්ෂකයෙකුට අවස්ථාව ලබා දෙනු ඇතැයි විශ්වාස කරත් තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පක්ෂයෙන් නැවතත් ජනාධිපතිවරයෙකු පත් වේ යැයි මග බලා සිටියි.
මේ ආකාරයෙන් තව බොහෝ තර්ක විතර්ක විවිධ පක්ෂ වල විවිධ පුද්ගලයන් ඉදිරිපත් කල ද, ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති වුවහොත් හොදයි යන මතයේ මම ද සිටියි. එසේ පවසනුයේ මන්දයත්, මීට වසර ගණනාවකට ඉහත දී සිදු වූ එල් ටී ටී ත්‍රස්තවාදය ලංකාවෙන් සදහට ම තුරන් කොට ලංකාවට යලිත් වරක් නිදහස ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජයට කෘත ගුණ දැක්වීමක් ලෙසින් නැවතත් එම පක්ෂයට රට බාර දීම හොද යැයි මාගේ මතයයි. දැන් පවතින රජයේ පාලනය යහපාලනය නමින් හැදින්වුවද වත්මන් රටේ පාලනය යන ආකාරය බැලූවිට මෙයට යහපාලනය යැයි කිව හැකිද ?,
කෙසේ වෙතත් මෙම පාලනය සමයේ සිදු වූ විවිධ අයහපත් හේතු, විශේෂයෙන්ම බඩූමිල වර්ධනය වීම ප්‍රමුඛව විවිධ ස්තාන වල නැවතත් බෝම්බ පිපිරීම් ආදිය දක්නට ලැබීම හේතුවෙන් අප රටේ පාලනය, සංවර්ධන කටයුතු අඩාල වීමක් දක්නට ලැබුනි. එම නිසා මෙන්ම යහපාලනයේ වුනු තවත් බොහෝ අඩුපාඩු හේතුවෙන් අප රටේ පාලනය තවත් මොවුන් අත පැවතියහොත් රටේ ඉදිරි අනාගතය පිළිබඳව අනාරක්ෂිත හැගීමක් ජනතාව තුල මතයක් ගොඩනැගී ඇත. එය හේතුවෙන් රටේ ඉදිරි අනාගතය පිළිබඳ සිතා,රටේ සංවර්ධනය උදෙසා කැපවෙන ජනාධිපතිවරයෙකුගේ පැමිනීම අවශ්‍ය වී ඇත.
2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම සහිත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වුවහොත් රටේ සංවර්ධනය යම්තාක් දුරකට හෝ තවත් වර්ධනය විය හැක. සමෘද්ධිමත් වූ රටක හෙට දවස උදෙසා අභිමානවත් පාලනයක් එනතුරු ජනතාව විමසිලිමත් දෑසින් බලා සිටියි.මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට නම් රට යුද්ධයෙන් නිදහස් රටක් විය යුතුයි.නැවත යුද්ධයක් ඇති නොවීමට නම්, මොවුන් අතට රට පත් වුවහොත් හොද යැයි අප සිතමු.
Chalani Maduwanthika Jopiyas
MAPT/1997/12/11
මීළඟ ජනාධිපති සහ අපි
මේ මොහොත වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල බලවේගය තම ජනාධිපතිධූර අපේක්ෂකයන් නම් කර අවසානය. එක්සත් ජාතික පක්ෂය, පක්ෂය ඇතුලේම ඇති බල අරගලය නිසායෙන් අපේක්ෂකයෙක් පත්කරගැනීමට තවමත් සමත්වී නොමැත. බලය වෙනුවෙන් අරගල කරන්නා වූ මිනිසුන් මතින් රටක් ගොඩනැගිය හැකිද යන්න කල්පනා කිරිය යුතු කාරණාවකි.ජනනායකයෙක් ලෙසහැඳින්වීමට නම් එම පුද්ගලයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් විය යුතුය. නායකයා කටමැත දොඩවන පාලකයෙක් නොව වැඩකරනා සේවකයෙක් වියයුතුය. සේවය ලබාගැනීමට නොව සේවය කිරීමට සූදානම් පුද්ගලයෙකු විය යුතුය.
රට ගොඩනැගීමට නම් ඔහු මුලින්ම තම පක්ෂය ගොඩනැගිය යුතුය. තම පක්ෂය ගොඩනැගීමට නම් ඔහු පක්ෂයේ සාමාජිකයන්ව නිසියාකාරව හැසිරවිය යුතුය.පක්ෂයේ සාමාජිකයන් නිසියාකාරව හැසිරවීමට නම් ඔහු පක්ෂය තුල ආදර්ශමත් සේවකයෙක් ලෙස කටයුතු කල යුතුය. එවිට ඔහු වටා නිතැතින්ම ගෞරවයක් ගොඩනැගේ. මේ වන විට එවැනි නායකයන් සොයාගැනීම නම් හඳ අල්ලන්නවා වැනි ක්‍රියාවකි. ඒ වෙනුවට තම සල්ලි බලයෙන් තම පරම්පරාවේ බලයෙන් තමා වටා ගෞරවයක් ගොඩනගාගැනීමට උත්සුකවන්නා වූ දේශපාලකයන් නම් එමටය.
මීළඟ ජනාධිපති කවුරුන් විය හැකිද ?
කෙසේ වෙතත් එක් පිරිසක් එක්සත් ජාතික පක්ෂය යලිත් වරක් පොදු අපෙක්ෂකයෙකුට අවස්ථාව ලබා දෙනු ඇතැයි විශ්වාස කරත් තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පක්ෂයෙන් නැවතත් ජනාධිපතිවරයෙකු පත් වේ යැයි මග බලා සිටියි.
මේ ආකාරයෙන් තව බොහෝ තර්ක විතර්ක විවිධ පක්ෂ වල විවිධ පුද්ගලයන් ඉදිරිපත් කල ද, ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති වුවහොත් හොදයි යන මතයේ මම ද සිටියි. එසේ පවසනුයේ මන්දයත්, මීට වසර ගණනාවකට ඉහත දී සිදු වූ එල් ටී ටී ත්‍රස්තවාදය ලංකාවෙන් සදහට ම තුරන් කොට ලංකාවට යලිත් වරක් නිදහස ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජයට කෘත ගුණ දැක්වීමක් ලෙසින් නැවතත් එම පක්ෂයට රට බාර දීම හොද යැයි මාගේ මතයයි. දැන් පවතින රජයේ පාලනය යහපාලනය නමින් හැදින්වුවද වත්මන් රටේ පාලනය යන ආකාරය බැලූවිට මෙයට යහපාලනය යැයි කිව හැකිද ?,
කෙසේ වෙතත් මෙම පාලනය සමයේ සිදු වූ විවිධ අයහපත් හේතු, විශේෂයෙන්ම බඩූමිල වර්ධනය වීම ප්‍රමුඛව විවිධ ස්තාන වල නැවතත් බෝම්බ පිපිරීම් ආදිය දක්නට ලැබීම හේතුවෙන් අප රටේ පාලනය, සංවර්ධන කටයුතු අඩාල වීමක් දක්නට ලැබුනි. එම නිසා මෙන්ම යහපාලනයේ වුනු තවත් බොහෝ අඩුපාඩු හේතුවෙන් අප රටේ පාලනය තවත් මොවුන් අත පැවතියහොත් රටේ ඉදිරි අනාගතය පිළිබඳව අනාරක්ෂිත හැගීමක් ජනතාව තුල මතයක් ගොඩනැගී ඇත. එය හේතුවෙන් රටේ ඉදිරි අනාගතය පිළිබඳ සිතා,රටේ සංවර්ධනය උදෙසා කැපවෙන ජනාධිපතිවරයෙකුගේ පැමිනීම අවශ්‍ය වී ඇත.
2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම සහිත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වුවහොත් රටේ සංවර්ධනය යම්තාක් දුරකට හෝ තවත් වර්ධනය විය හැක. සමෘද්ධිමත් වූ රටක හෙට දවස උදෙසා අභිමානවත් පාලනයක් එනතුරු ජනතාව විමසිලිමත් දෑසින් බලා සිටියි.මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට නම් රට යුද්ධයෙන් නිදහස් රටක් විය යුතුයි.නැවත යුද්ධයක් ඇති නොවීමට නම්, මොවුන් අතට රට පත් වුවහොත් හොද යැයි අප සිතමු.
Chalani Maduwanthika Jopiyas
MAPT/1997/12/11
මිලග ජනාදිපති වරයා සහ අපි
ජනාධිපති තෝරාගනු ලබන්නේ ජනතාව වන අතර ඒ අවුරුදු පහක ධුර කාලයකට ය. ජනාධිපතිතුමාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට සහභාගි වීමට, ඇමතීමට සහ පණිවිඩ යැවීමට අයිතියක් ඇත. එසේම ජනාධිපතිතුමාට සියලු ම වරප්‍රසාද සඳහා හිමිකම් ඇත, ඡන්දය පාවිච්චි කිරිම අයිතියට අමතරව නිර්මුක්තිය සහ පාර්ලිමේන්තු සාමාජික ලෙස බලය, පාර්ලිමේන්තුවේ හෝ එහි සාමාජිකයෙක් ලෙස ඕනෑම වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව වගකිය යුතු නොවේ.
78 ව්‍යවස්ථාවට අනුව ඡනාධිපති පත් වන්නේ සමානුපාතික ක්‍රමයේ එන මාරු කල හැකි තනි ඡන්ද ක්‍රමයට හෙවත් stv ක්‍රමයටය.එහි දී ප්‍රකාශිත ඡන්ද වලින් 50% කට වඩා ඡන්ද ලබා ගන්නා අෂේක්‍ෂකයා ඡනාධිපති ධුරය උදෙසා තෝරා පත් කරලනු ලබයි.ඡනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස පිළිගනු ලබයි. ඡනපති අපේක්‍ෂකත්වය සඳහා පහත සඳහන් මුලික සුදුසුකම් සම්පූර්ණ කළ යූතුයි.
1. වයස අවුරුදු 30 ඉක්ම විය යුතුය.
2. ශ්‍රී ලංකා පූරවැසියෙක් විය යුතුය.
3. දෙවරකට වඩා ඡනාධිපති වුවෙක් නොවිය යුතුය.
4. දෝෂාභියෝගයකින් ඉවත් කල අයෙකු නොවිය යුතුය.
ජනාධිපතිවරයකු පත්වන්වන්ද ජන ාවවේ වැඩි කැෙැත් පරිදිය එවලස ජන ාව යම් පුේගලවේකුට
ෙනාපය ඵල කරනු ලබන්වන් ඔවුන්වග අවප්ක්ෂාවන් ඉටු වේවි යන බලාවපොවරොත්තුවවනි.බදු බරින් මිරිකි
අවාසි වලස කන්න අදින්න පවා වනොෙැකි වන වේශාපලනයකට ජන ාව කැෙති නැ . ගන්නා පඩියට
අවශය ා සපුරා ග ෙැකි පක්ෂය වෙය යැයි කියා පක්ෂය පසුපස වනොයා
නිවැරදි නායකත්වයක් දිය ෙැකි ජන ාවවේ පැනයක් වලට විසදුම් වසවිය ෙැකි නායකත්වයක් සැවවොෙ
අවප්ක්ෂා කරනු ලබයි.
2020 රට කොයිබටද? ඔබ සිතුවේ ඔහු ගැනද?
පෙරහැර කරන්නම්
කැවුම් කිරිබත් කන්නම්
සාදු නාදෙන් ගිගුම් දෙන්නම්...."
රටක පැවැත්මට සුදුසු නායකයෙක් රට තුලින්ම බිහිවිය යුතුය.එසේ නොවන්නේ නම් රට තුලින්ම ගැටළු මතුවන්නා සේම විදේශයන් මගින් එල්ල වන බලපෑම් වැඩි විය හැක. අතීතය දෙස බලන විට ලන්දේසි,පෘතුගීසි,ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ රටේ ආරක්ෂාව උදෙසා බොහෝ කැරළි රට තුලින්ම ඇති විය. නියම නායකයකු වටා ඉතා ශක්තිමත් යුද්ධ කන්ඩායම් එකතු වී රට ආරක්ෂා කළ බව ඉතා ආඩම්බරයෙන් අපට ප්‍රකාශ කල හැකි නොවේ ද?
ප්‍රජාතන්ත්‍රවාදය තුලින් රටකට වර්තමානයේ අවැසි නායකත්වය කෙලෙස විය යුතු ද?
රටක් තුල ජීවත් වන පුරවැසියන්ට හිමි චන්ද බලය මගින් සුදුසු නායකයකු අප හැමෝම වෙනුවෙන් පත් කර ගත යුතුය. බොහෝ විට අතීතය,වර්තමානය,අනාගතය යන තුන් කාලය ගැනම හොදට සිතා බලා පුරවැසියන් වන අප සුදුසුම තීරණය ගත යුතුය. අතීතය දෙස බලන විට වසර 30 යුද්ධයක අමිහිරි මතක අප කා අතරත් ඇත. නමුත් වර්තමානය වන විට එය අවසන් වී ඇත.එසේ නම් රටේ සංවර්ධනය තුළින් ලොව දිනා ගැනීම කටයුතු කල යුතු පාලකයකු අපට අවශ්‍ය නොවන්නේ ද? රටේ ආරක්ශාව සුළුවෙන් නොතකන පාලකයකු අවශ්‍යම වන්නේය.
වසර කිහිපයක් ආපස්සට ගොස් බලමු.
ප්‍රධාන වශයෙන් බලන කල රට තුල සිදු වූ සිදු වීම ගැන විමසා බලන විට මහ බැංකු කොල්ලය, විදේශ රටවල සමග ඇති වූ ගිවිසුම, අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය හා ආගමික වශයෙන් ඇති වූ ගැටළු මගින් රටක අස්ථාවරත්වය විදහා දක්වන බව පැහැදිලිය.
එසේ නම් 2020 වසරේ දී ඇති ජනාධිපතිවරණය සදහා සහභාගි වන අපේක්ශකයන් තුලින් අප තෝරාගත යුත්තේ කවරෙක් ද?
අපේක්ශකයා කුමන පක්ශයකින් වුවද රටේ පුරවැසියාට කම් නැත. අවැසි වන්නේ රටක ආරක්ෂාව , සංවර්ධනය , සංහිඳියාව ,ආදී බොහෝමයක් දෑ පිලිබද වගකීමක් දැරිය හැකි බුද්ධිමත් ජනතාවාදී නායකයෙකි.
අතීතයේ සිටි නායකයන් දෙස බැලූ විට ඔවුන්ගේ ක්‍රියාකලාපයන් නිසා රටට යම් යම් ප්‍රතිලාභ හමු ව්ව් ඇත. දැන් දැන් සිදුවන ක්‍රියා පිලිවෙත් පිලිබද වතාවක් නොව සිය දහස්වර සිතීමට සිදු වී ඇත. බදු බර නිසා වඩාත් පීඩාවට පත් ජනතාව දේශපාලකයන්ගේ අතකොලු බවට පත් වී ඇත. දේශපාලනය පිලිබද යම් යම් මත තිබුනද එය සුදුසු නිවැරැදි තීරණයක් කර ගැනීමට අප වග බලා ගත යුතුය.
ප්‍රථමව අපට අපගේ රට නිදහස් කර ගත යුතුව ඇත.මක්නිසාද යත් විවිධ බලවේගයන් දේශපාලනය හරහා ක්‍රියාත්මක වන බැවිනි.කොන්ද කෙලින් ඇති නායකයකු අපට අවැසි වේ.එහෙයියන් අවැසි නොවේ.
මම කැපුවත් නිල්, කැපුවත් කොලය, රතුය, යැයි සිතා චන්දය පාවිච්චි කිරීම තුලින් අපේ අනාගතය අපිම විනාශ කර ගැනීමක් සිදු කරයි.එවැනි අන්ධ මානසිකත්වයන් වලින් මිදීමට සුදුසුම කාලය යි. නිවැරැදිව සිතා නිවරදි තීරණ ගැනීමට පෙල ගැසෙමු.මේ එලබඹෙන්නෙ ඔබේත් මගේත් රට ගොඩ නැගීමේ මුල් පියවර තබන කාලය යි.
මීළඟ ජනාධිපතිවරයා සහ අපි
රට ගොඩනැගිය හැකි සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඇතමුන් අදහස් කරන අතර ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති වීමට බොහෝ ඉඩක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතට බව බොහෝ දෙනා තර්ක කරයි.කව්රුන් කෙස් අදහස් ඵල කලද වැදගත් වන්නේ නිල්,කොළ,රතු ලෙස කල්ලි ගැසී භේද බින්න ඇතිකරගැනීම නොව පක්ෂ පාට භේද නොතකා සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දශක ගනනාවක්ම එක තැන පල් වෙන අප වැනි රටක් මෙතෙක් පැවති අගාධයෙන් ගොඩගත හැකි රටට සේවයක් කළ හැකි,රටේ ජනතාවගේ අභිවෘද්ධිය අපේක්ෂා කරන රට සංවර්ධනයේ අස්වනු කරා රැගෙනයා හැකි දූරදර්ශී බුද්ධිමත් ජන නායකයෙකු නොවෙද?
වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය
Next President & Us
The 2019 Sri Lankan presidential election will be the 8th presidential election, scheduled to be held after 09 January and before 09 December 2019. The incumbent president Mr. Maithripala , Sirisena’s term of office will end on 09 January 2020, however he is eligible to run for a second term.
As of now, it is one of the most difficult questions of the minds of Sri Lankans ‘ Who will be the president of Sri Lanka in 2020. There are several possible names heard around the arena. Of podujana peramuna) The UNP front liner ‘ Sajith Premadasa’ are suggested along with the names of current president ‘Mithripala Sirisena’ and the Prime minister Ranil Wickramasinghe ( also UNP)
I like to Sri Lanka ‘Podujana Peramuna’. In next Presidential election my choice is ‘ Gotabaya Rajapaksha’ , because, now Sri Lanka is not safety country. ‘ Gotabaya Rajapaksha’ is a retired officer of the Sri Lanka Army, a former secretary to Ministry of Defence and Urban Development of Sri Lanka.
Today the government is not a good. Many of Sri Lankan people hate to the government.in before 2015 presidential election president ‘ Miththripala Sirisena’ said to us, ‘’ I will give you ‘ Yahapalana’ government. I develop this country very well’’. Then people gave to their choice for Mr. Sirisena, but now many of people understood he is not a good president in Sri Lanka.
Now I think Sri Lanka is not a safety area.So we want to the brave Lion in Sri lanka. I think our brave Lion is ‘Gotabaya Rajapaksha’. He will develop to mother of Sri Lanka. He can give to the safety for people. Now our Sri Lankan hero is ‘ Gotabaya Rajapaksha’.
So my idea is ‘Gotabaya rajapaksha’ will be a next president.
MAPT/19/B1/24
Our next president
Next president and us
The president is the highest elected or appointed person in a country. We says president is the first person of a state a presidential election determiners how the next four years would be. The election is a fight between different political parties and they fight to win and represent the political beliefs and rules of their followers.
I think the ideal candidate for president should be very strong person he/she should be fair, strong and posses compassion the ideal president we as humans tend to tool for a leader to guide us. Not to control us. As Sri Lankas I think the next president should many more qualities other than past presidents who governance our country he /she should be most effective as providing direction, inspiration and guidance, passion, confidence, communicate and ambition. The nurture the strengths and talents of their people and build teams committed to achieving common goals the most effective kaders should be like that.
In srilankans it is very important to having a venerated leadership role in the policy making. It would implement ideas and change several factors of todays budgetary politics and foreign relations. And also it's very important the candidate for president should here strong military Expirience. Keeping Sri Lanka people free and safe is grate important it my opinion war should always be the last opinion so the first person should here good military experience to control many had situations that may be happen in future. The most common and agonising Expirience that we faced in last April and 21 st is very good example for about mention point.
President hold a substantial amount of power that only few have excercifed it. So the next president should be like that.
MAPT/19/B1/36
Tharushi anjala dangalla
මීලග ජනාධිපතිවරයා සහ අපි
රටේ තවත් හරවුම් ලක්ශයක් පෙන්නුම් කරමින් මේ මොහොත වන විට මුලු රටම ඉදිරියේ එළබෙන ජනාධිපතිවරණය පිලිබඳ විවිධ සoවාද ගොඩ නැගී ඇති බව නොරහසකි රටේ ජනතාව විවිද මත දරමින් තමන් අපේක්ෂා කරන පුද්ගලයා ජනාධිපති තනතුර සදහා තේරී පත්වන තුරු සිටින්නේ කුතුහලයෙන්ය. නමුත් ජනතාවගේ තීරණයන් සියල්ල නිවැරැදි ද? රටේ ජනාධිපති තනතුර සදහා තේරී පත් වන්නේ සුදුස්සන්ද? සිතා බලන්න!
රටේ හොද පාලනයක් ආරක්ෂවක් තිබුනා නම් මීට මාස 3කට පෙර රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිනිසුන් අසරණ වේවිද??
ජනාධිපතිවරයා යනු රට පාලනය කරනු ලබන නාවික විදායක නායකයා වේ. රටක් තුල පැවැතිය යුතු පරිපාලන කරයුතු සියල්ල මෙහෙයවනු ලබන්නේ ශ්‍රි ලංකා ජනරජයේ රාජ්‍ය ප්‍රදානියා වේ. හමුදා සේනාවන්ට අණදෙන ප්‍රදානියා වේ. මෙවැනි බලතලයක් දැරීමට සුදුසු වන්නේ කුමන ආකාරයේ පුද්ගලයෙකු ද? ඒ පිලිබඳ මාගේ අදහස මෙසේය. මේ වන විට අප රට සoවර්දනය වෙමින් පවතින රටකි. රට තුල සoවර්දනය වීමට අවශ්‍ය විවිද පැතිකඩයන් ඇත. ඒ පිලිබඳ සිතා බලා කඩිනම් තීරණ ගත හැකි පුද්ගලයෙකු පත් කිරීම අපගේ වගකීම වේ. රට පත් වී ඇති අගාධයට වග කිව යුත්තේ චන්දදායකයින් වන අප නොවේද??
රටේ ජනතාව පිලිබඳ සිතා මතා කටයුතු කරන, ජනතාව ආර්ථික, සාමාජිව ආදී ගැටලු වලින් පීඩා විදිමින් සිටින බැවින් ඒවායින් සියලු ජනතාව මුදා ගැනීමට දූරදර්ශි තීරණ ගැනීමට හැකි පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස පත් වීම අනිවාර්ය වේ. රටේ ජනාධිප යනු තම බඩවියත පමණක් තර කර ගන්නා අයෙකු නොව අවංක රට කෙරෙහි හැගීමෙන්, ජනතාව පිලිබඳ සිතා මතා කටයුතු කල හැකි පුද්ගලයෙකුය. එය මාගේ අදහස යි. එමෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සලකන අප රටෙහි ඇති ස්වභාව සෞන්දර්ය විනාශ කිරීමට හා රට අයිති කිරීමට මාන බලන විවිදාකාර බලවේගයන් ඇත. එම බලවේග වලින් රට ආරක්ෂා කිරීමට හැකි ජනාධිපතිවරයෙකු පත් වීම අනිවාර්ය වේ. රට විනාශ කිරීමට රට තුලම සිටිනා විවිධ රකුසන් කෙරෙහි දැඩි තීරණ ගත හැකි එඩිතර නායකත්වයක් අප රටට අත්‍යාවශ්‍ය වේ. මෙය මාගේ අදහස යී.
තරූෂා ඩිල්ශානි උඩවෙලආරච්චි.
MAPT/B1/19/23
මීලග ජනාධිපති සහ අපි
මීළඟ ඡනාධිපති සහ අපි බුදු සිරි පතුලින් තෙවරක් නැහැවුණ ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු මගේ රට අන් සියළු රටවලට වඩා විශේෂ වන බව ඔබ,මා,අපි දනිමු.එනමුත් ලෝකය දියුණුවත්ම මුතු ඇටය වන් මගේ රට කෙළවරක් නොමැති යුධ බිමක ගිණි දැල් මත හිදමින් සොයන්නේ සිහිල් සුළං පොදක් නොවේද?අනාත වු හැගුම් සමඟ මේ සොයන්නේ දුෂ්ඨ ලෝකයට සංවේදි මිනිස් පරපුරක් බිහිකරන්නට අවශ්‍ය පෙරගමන්කරු කවුරැන්ද යන්න යි. ඒ පෙරගමන්කරු රඡ නොහොත් ඡනාධිපතිවරයා ලෙසට හැදින්වීමට පුළුවන. එසේ නම් රටකට ඡනාධිපතිවරයෙක් සිටිය යුත්තේ ඇයි ද ? කුමකටද?යන ප්‍රශ්ණාවලි රාශියක් ඔබට,මට,අපිට ඇති විය හැකිය.එනමුත් ඡනාධිපතිවරයෙක් යනු කවුරුන්ද යන්න සොයා බැලීමෙන් එම ප්‍රශ්ණයට පිළිතුර ලැබෙනු ඇත. ඡනාධිපතිවරයා යනු කවුරුන්දැයි මුලින්ම හදුනාගත යුතුය.අතීතය දෙස හැරී බැලුවහොත් , ඡනාධිපතිවරයා නොව එකල රට පාලනය කරනු ලැබුවේ රඡතුමා විසිනි.නමුත් වත්මන් සමාඡ පරිණාමය සමඟ රඡ යන නාමය ඡනාධිපති ලෙස වර්ධනය විය.එකල තිබු ඒකාධිපතිබව ආදි බෙහෝ දේ අඩු වී වත්මන වන විට ඡනාධිපති යන තනතුර නිර්මාණය වී ඇත.කුමන තනතුර කුමන නමකින් ඉදිරිපත් වුවද අවසානයේ සිඳු විය යුත්තේ ,ඒකීය මාතෘභුමියක් ගොඩනගමින් රටත්,ඡාතියත්, ආගමත් රැකගෙන නව ලෝකය තරණය කිරිමයි. සත්‍ය ලෙසටම ඡනාධිපතිවරයෙක් සිටිය යුත්තේ ඇයි දැයි යමෙක් ඔබෙන් ඇසුවහොත් ඔබ කියන්නේ කුමක්ද ? රටේ සියළුම ඉදිරි තීරණ ගන්නා,තම රට,ඡනතාව ඉදිරියට රැගෙන යන නියමුවා යැයි ඔබ කියයි.එය නිවැරදි පිළිතුර විය හැකි වුවද,එදා සිට අද දක්වා එය කෙතරම් සාර්ථක ලෙස සිදුවුයේ ද යන්න අද වන විට ප්‍රශ්ණාර්ථයක්ම වේ.මන්ද අපේ රඡ දරුවන් විදේශීය පරගැතියන්ගෙන් දිවි හිමියෙන් බේරාගත් තම මාතෘ භූමිය,ගහක් කොළක් නොමැති කන්තාරයක් සේ වියළි මිය දෙන්නට යන බව නොරහසකි.එසේ නම් ඡනාධිපතිවරයෙක් යනු රට ආරක්ෂා කිරීමට රටේ ඉදිරි ගමන සාර්ථක කර ගැනිමට ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරන පුද්ගලයා වේ.බලලෝබයට,තනතුරු ලෝබයට එම තනතුර පත් කර ගන්නවාද?නැතිනම අපේ ආරක්ෂකයා ,අපේ නියමුවා යැයි සිතා තෝරා ගන්නවාද යන්න අපේ බුද්ධිය මෙහෙයවා කළ යුතු දෙයක් බව අපි තරයේ සිහිතබා ගත යුතුය.එසේනම් මීළග ඡනාධිපති තෝරාගත යුත්තේ කවුරුන්ද යැයි කෙනෙක් ප්‍රශ්ණ කළ විට ඒ අපි බව ඔබ මා නිසැකවම දන්නා කරුණකි. තිස් වසරක යුද්ධයක් අපේ රටේ ඇති වුයේ ඇයි?කළු ඡූලිය ආදි විවිධ අමානුෂික කාලයන් අපේ රටේ ඇති වුයේ ඇයි?එය ආරම්භ වු කාලයේ සිටම අපේ රටේ පාලකයන් රටේ ආරක්ෂකයා වුයේ නම් මෙවැනි කුරිරු අතීතයක් අපට හිමි නොවන්නට තිබිණ.සිය දහස් ගණන් මිනිසුන් මරුමුවට ඇද දැමු තිස් වසරක යුද්ධය මැඩලීමට හැකි වූයේ ඊට සුඳුසු පාලකයෙක් අපි පත් කරගත් නිසාම ය.දැන් රට නිදහස් නමුත් රටේ සංවර්ධනය,අධ්‍යාපනය,රැකියා ආදි සියළුම අංශ සංවර්ධනය දැන් සිදු කල යුතුය.මන්ද යුද්ධයකින් බැට කෑ රටකට අවශ්‍ය බොහෝ දේ තිබේ.ඒ නිසාම රටේ සංවර්ධන ඉතාම වැදගත් ය.එය යුද්ධය අවසන් වු මොහොතේම ආරම්භ වු බව පෙනෙන්නට තිබුණ ද වර්තමානය තුළ එය සිඳු වනවාද යන්න ප්‍රශ්ණාර්ථයක් වී ඇත.එයට හේතු සාධක සෙවීමේ දි මතු වන්නේ පාලකයන්ගේ චංචල ක්‍රියාවලිය යි. තිස් වසරක යුද්ධය අවසන් වී වසර දහයක් ගෙවෙන්නටත් මත්තෙන් තවත් එවැනිම ඛේදවාචකයකට මුහුණ දෙන්නට විය. ඒ දැනට මාස හතරකට පෙර සිදු වු පාස්කු දින ප්‍රහාරය යි.එය අප කාගෙත් දෙනෙත් කඳුළින් පිරවු අනාරක්ෂිත හැගීම් සිත වෙලාගත් දිනය යි.අහිංසක ,අසරණ ඡීවිත කෙතරම් ප්‍රමාණයක් අහිමි වුයේ ද? අදටත් ඡීවිත කෙතරම් ප්‍රමාණයක් අනාරක්ෂිත වී තිබේද? මේ සියළුම දේහට වගකිව යුත්තන් කවුරුන්ද යැයි ඔබ මඳකට සිතා බැලුවාද?ඒ මොහොතේ මීළඟටත් මෙවන් විපතක් සිඳු නොවන්නට වගබලා ගත යුතුයැයි සිතුනේ නැතිද? ඒ වගකීම ඔබ මා සතුව ඇත. දැන් එළඹ ඇත්තේ බුද්ධියෙන් සිතිය යුතු කාලයයි.අපේ රට ,දේශය යැයි වචනයෙන් නොකියා සිය කාර්යයෙන්ම ඉස්මතු කර ගන්නට දැන් හොඳම කාලය එළඹි ඇත. මීළග ඡනාධිපති අපි තෝරාගත යුත්තේ ඒ පදනම මත සිට නොවේද?ඉගෙනීමට,දියුණුවීමට ආදි ඕනෑම දෙයකට වුවද රටක් තිබිය යුතු ය.සිංහල බෞද්ධ රටක් වන අපේ රට තුළ ඡාතිවාදීකම්,ආගම්වාදීකම් සඳහා ඉඩ නොදී සියළුම දෙනා එකාවන්ව එකට සිටිය යුතු ය.එයට සියළුම මිනිසුන් රකිනා රට රකිනා අයෙකු තෝරා ගැනීම මේ මොහොතේ සිඳු විය යුතු ය.බුද්ධිය මෙහෙයවා මනසින් සිතා ගත යුතු තීරණය ගන්නට අපි සියළුම දෙනා අත්වැල් බැද ගනිමු. පක්ෂ පාඨ නොතකා රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් 2020 දී දියවන්නාවේ මුලිකයා අපේ රටේ ආරක්ෂකයා ,ඡනාධිපතිවරයා බුද්ධිමත්ව සිතා තෝරා ගනිමු.නැතිනම් අමු අමුවේ මිනිසුන් මරණ,දුෂිත රටක බියගුල්ලන් ලෙස සිටිමට සිදු වේ.
සටහන:-
දිලිනි මහේෂිකා ප්‍රේමතිලක.
MAPT/19/B1/32
