මා දුටු ජනාධිපතිවරණය

දේශපාලනය යනු දේශය පාලනය කිරීමයි. ශ්‍රී ලංකාව තුළ නව ජනාධිපති වරයෙකු තෝරා පත්කර ගැනීම සදහා වසර 5කට වරක් පැවැත්වෙන ජනාධිපතිවරණය මෙවරත් පැවැත්වීමට කටයුතු කර තිබුණි. එබැවින් මෙවර හත්වන විධායක  ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 දිනට යෙදී තිබේ..ජනාධිපතිවරයෙකු රටෙහි සිටින ඉහළම පුද්ගලයා වේ. ඔහු තෝරාපත් කර ගැනීමට ජනතාවට ලැබෙන වටිනාම අවස්තාව සර්වජන චන්ද බලයයි. ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන නායකයා ජනතාව වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් කටයුතු කල යුතුය.
     
        මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 35කට ආසන්න ප්‍රමාණයක් තරග වැදුන අතර ඉන් ප්‍රධාන පක්ෂ දෙකක විශාල තරගයක් පැවතුනි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස පෙනී සිටි සජිත් ප්‍රේමදාස මහතා හංසයා ලකුනෙන් ද පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුව ලකුණෙන් තරග වැදුනහ. 7 වන විධායක ජනාධිපතිවරණය සදහා මෙවර රටේ ජනයා මහත් උනන්දුවකින් තමන්ගේ ජන්දය  ප්‍රකාශ කරනු ලබන පක්ෂය සදහා තම සහයෝගය දැක්වූ අතර ඒවායේ ජයග්‍රහණය සදහා තම දේපළ මිල මුදල් යාන වාහන පවා නැති කර ගත් අවස්තා මෙම මැතිවරණය තුළ දක්නට ලැබුනි..

මෙවර මැතිවරණය මා දුටු සාමකාමී මැතිවරණයක් වූවෙමි.එහිදී ගහ මරාගැනීම් කිසිවක් සිදු නොවුන අතර සුලු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට  ඉතා සාමකාමී අයුරින් ජය පරාජය විද ගත්හ. තවද වෙනත් මැතිවරණ හා සසදන කල පරිසර දූෂණය ඉතාමත් අවම මට්ටමෙන් සිදු වූ බව මතක් කල යුතුම දෙයකි.පෝස්ටර්, බැනර් සැරසිලි ඉතාමත් සුලු වශයෙන් ප්‍රධාන නගර වල පවා දකින්නට ලැබුනි.

    මෙවර මැතිවරණය සදහා එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදහස් අනූහයක් ජන්ද දායකයන් තම ජන්දය ලබා දීම සදහා වරම් ලබා තිබූ අතර ඒ අතරින් එක් පුද්ගලයකු ලෙස මා ද මාගේ කුලුදුල් ජන්දය ලබා දුන්නෙමි.එය මාගේ සතුටට එක් හේතුවකි. මේ අතරින් ජන්දය ලබා නොදුන් පිරිසද සාපේක්ෂව ඉහළ අගයක් ගනී. එහිදී මිනිසුන්ගේ මතය කවුරුන් බලයට පැමිනියද රටට සිදු වන යහපතක් නොමැති යන්නයි...
        ජයග්‍රහණය කර පුද්ගලයන් ඒ සතුට නිදහසේ විදි අතර ගම් දනව් පුරා කිරිබත් ඉදුනේ සතුටටය.. පරාජිත වූවන් සම සිතින් එය විද දරා ආදර්ශමත් ආකාරයෙන් පිටවී ගියේය.. එය මිනිසුන් මහත් ආඩම්බරයෙන් මතක් කරයි.. කෙසේ හෝ කවුරුන් හෝ තම සිතැඟි ඉටු කරගන්නවාට වඩා රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් යම් දෙයක් කරනවා දැකීම අප කාගේත් බලාපොරොත්තුව වේ. රටට සුබවාදී අනාගතයක් උදාවනු දැකීම මාගේ එකම පැතුමයි..

      M.M.H.P.K.De Silve
      MAPT /19/B1/02

No comments:

Post a Comment