මෙවර ජනාධිපතිවරණය

රටේ ජනාධිපතිවරයා යනු රටේ ප්‍රමුඛ දේශපාලන ප්‍රතිරූපයයි. ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති, චන්දයෙන් තේරී පත් වන අතර ඔහු රජයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා වේ. 
ඉකුත් නොවැම්බර් 16 වෙනිදා මෙම තනතුර සදහා සුදුස්සෙකු පත් කර ගැනීමට ජනාධිපතිවරණයක් පැවතුනි. මෙහිදී සුවිශේෂී කරැණක් වූයේ මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 35  දෙනෙකු සහභාගි වීමයි. මන්ද යත් මෙතෙක් පැවති මැතිවරණ වලින් වැඩිම අපේක්ෂකයන් පිරිසක් සහභාගි වූ මැතිවරණ මෙයයි. 
රටේ පවතින තත්ත්වයත් සමග අප රටට අවශ්‍ය වන්නේ යෝද සෙවනැල්ලකි. රට තුල නිදහසේ ජීවත් වීමට ජනතාවට හැකි වන පරිදි ද ආර්ථිකය ඉහළ නැoවිය හැකි, රටට පන මෙන් ආදරය කරන, මනා දැනුම් සම්භාරයකින් යුත්, පෞර්ෂත්වකින් යුත් පුද්ගලයෙකු රටේ ජනාධිපතිවරයා වීම අනිවාර්ය වේ.
 මෙවර කුළුදුල් චන්දය ප්‍රකාශ කිරීමට මටද අවස්ථාව උදා වුනි. ඒ අනුව ඉහත කාරණා සියල්ල හිමි පුද්ගලයෙකු හට මා මාගේ චන්දය ප්‍රකාශ කලහ.
7 වන විධායක ජනාධිපති තෝරා පත් කර ගන්නා මෙවර ජනාධිපතිවරණයට ප්‍රදාන පක්ෂ 2ක් අතර විශාල තරගයක් පැවතිනි. එක්සත් ජාතික පක්ශයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හoසයා ලකුණෙන්ද  පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුව ලකුණෙන් ද තරගයේ යෙදුනහ.
ඉන් පසු ප්‍රතිඵල ප්‍රකාශ වන මුල් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ  සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව පෙනී ගිය අතර වේගවත් ලෙස එතුමා උතුරු හා නැගෙනහිර ආසන ජයග්‍රහණය කිරීමට සමත් විය. දමිළ ජනතාව ඔහු හට වැඩි මනාපයක් දක්වන බව පෙනී ගියේය. ඉන් පසු මධ්‍යහ්න කාලය වන විට පොදු ජන පෙරමුණේ ගෝඨාභය  රාජපක්ෂ මහතා බහුතර සිoහල චන්ද  හිමි කර ගත්හ.අවසානයේදී මෙතෙක් වාර්තා වූ වැඩිම චන්ද ප්‍රතිශතය ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කලහ.
2019.11.18 දින 7වන විධායක ජනාධිපති ලෙස බෞද්ධයාගේ මුදුන් මල් කඩ බදු අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිපිට දියුරුන් දුන් අතර එතුමන් හට අප රට තව තවත් දියුණුවට පත් කිරීමට එතුමන් හට ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


තරූෂා ඩිල්ෂානි උඩවෙලආරච්චි.
MAPT/19/B1/23

No comments:

Post a Comment