ජන මතයෙන් අභිසෙස් ලද නව රජුන්

                  රටක මුලික පැවැත්මේ අත්තිවාරම වන්නේ පාලකයා නොහොත් ජන වරමින් අභිසෙස් ගැන්වෙන ජන නායකයාය. අතිතයේ සිටම ශ්‍රි ලංකාවේ පාලනය විවිධ වු රාජ්‍ය පාලකයනට යටත්ව සිදු විය. වර්ථමානය වන විට ප්‍රජාතන්ත්‍රවාදී පාලන සමය එළඹ ඇත. දේශපාලනය යනු රාජ්‍ය බලය අල්ලා ගැනීම සදහාපුද්ගලයන්ගේ කණ්ඩායමක් විසින් සිදු කරන බල අරගලය බව හැකිවිය හැකිය.

                   2015 සිට 2019 වන තෙක් පැවති මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාගේ රාජ්‍ය කාලයට පසු විස්සයි විස්සේ නව ජනාධිපති තෝරා ගැනීමට පසු ගිය දින කිහිපයේ ශ්‍රි ලංකාදිපය පුරා අන්දෝලාත්මක වු ජනපති මත විමසුම දක්නට ලැබින්.  දියවන්නාවේ සුර සැප විදිනා රජ ආසන හෙබවන පිරිස ද මේ කාල වකවානුව තුළ ජනතාවට මුහුණ පෙන්විමට ඉතා උද්‍යෝගයෙන් ජනතාව සොයා එයි. විස්සයි විස්සේ රජ සියසුනට හිමිකම් ලැබිමට නියමිත වන්නේ සර්වජන ජන්ද බලය හිමි විමෙන් පසු 7වන විධායක ජනාධිපතිවරයාය.

                    විවිධ වු පක්ෂ පාට කිහිපයට අමතරව විශාල ජනපති අපේක්ෂකයින් පිරිසක් මෙවර ජන්දය සදහා නාම යෝජනා 2019 ඔක්තෝම්බර්  07 වන දින ඉදිරිපත් කර ඇත. රටේ දියුණුවට වඩා තම ස්වයං අභිවෘද්ධිය උදෙසා මෙතරම් ප්‍රමාණයක් අපේක්ෂකයන් ඉදිරිපත් වුවේද යන්න අපට ගැටලුවකි .35 දෙනෙකුගෙන් යුත් ජනපති අපෙක්ෂකයන් ගේ ජනද පත්‍රිකා වේ දිග අඩි 2 කි.මෙවර  ජනාධිපතිවරණය ට ප්‍රදාන පක්ෂ දෙකෙන් පවුල් වාදය මත පදනම් වු රජපක්ෂ පවුලේ සමාජිකයකු වු ගෝටා මැතිදුන්ද ප්‍රෙමදාස පවුලේ පුංචි ප්‍රෙමදාස ද තරග වදි.

                      ගම් දනවි සිසාරා සජිත්, ගෝටා යනුවෙන් ජය ගෝශා දෙරණ සිසාර රැව් පිළිරැව් නගයි. රට ආගාදයට නොව විශ්වය හමුවේ තාක්ෂණය සමග හරි හරියේ ගණුදෙනු කිරිමට අවශ්‍ය වන නුවනසින් ලොව දකින මහා කලු සිංහලයෙකු රටට අවශ්‍ය බව ජන මතය වේ.
2019 නොවැම්බර් මස 16 වන දින ඉතිහාසයේ පලමු වතාවට අඩි 2ක් පමණ දිගති ජන්ද පත්‍රිකාව රැගෙන ජනතාව මනාපය ඵල කිරිමට යොමු විය. සමස්ථ ජන ප්‍රතිශතයක් 80% ජන්ද ප්‍රමාණය මෙවර හිමි වී තිබේ.

                    දේශිය මෙන්ම  විදේශිය ශ්‍රි ලාංකිකයන් ද ජන්දය ප්‍රකාශ කිරිමට විශාල උනන්දුවක් දක්වන ලදි. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා එක හෙළයේ මැතිවරණ රැලි නොනවත්වා පවත්වන අයුරැ මෙන්ම  විවිධ වු ප්‍රතිපත්ති ප්‍රකාශනයන් හමුවේ තම ජන්දය ලබා ගැනිමට අපෙක්ෂකයන් බොහෝ වෙහෙසක් දරයි.
                 
                     2019 ඉල් මස 17 වනදා අලුයම වන විට ප්‍රතම තැපැල් ජන්ද ප්‍රතිපලය නිකුත් විය. එහි ජයග්‍රහණය ගෝටාබය මැතිදුන්ට හිමි වුවද කෙමෙන් කෙමෙන් ජන්ද ප්‍රතිපල නිකුත් විමේදී උතුරු පළාතේ සුවිශේෂී වු ජයග්‍රහණය සජිත් මැතිදුන්ට හිමි විය .දමිළ ජනතාවගේ විශාල මනාපයක් පුංචි ප්‍රේමදාස ට හිමි වුවද ගෝටාබය මැතිදුන්ට ද විශාල ජනතා මනාපයක්  හිමි විය.

                  මැතිවරණ විචාරකයන් ට අනුව ඔවුන්ගේ අදහස වුයේ දෙවන මනාපයක් ගණනය කිරිමේ අවස්ථාව ක් ඇතිවිය හැකි බවය. එම විචාරක වාර්තා බිද හෙල්මින් සමස්ථ ජන්ද ප්‍රතිපලය ට අනුව ගෝටාබය මහතා 50% වඩා ජන්ද ප්‍රතිපලය ලබා ගනු අතර විපක්ෂ අපෙක්ෂකයකු වු සජිත් මැතිදුන් ජන්ද සටනෙන් ඔහුගේ පරජය බාර  ගෙන ඉවත් වන්නට විය . එමෙන්ම ජ්.ව්.පෙ ද බලාපොරොත්තු වු තරම් ජනතා මනාපයක් ලබා ගැනිමට නොහැකි විය. ජනපති වරමෙන් අභිසෙස් ලද හිටපු ආරක්ෂක ලේකම් වරයෙකු වු ගෝටාබය රාජපක්ෂ මැතිතුමන් වත්මන් ශ්‍රී ලංකාද්වීපයේ 7වන විදායක ජනාධිපති වශයෙන් රෑවැන්වැලි මහ සෑ රදුන් අභියස දිව්රැම් දෙන ලදි.

                   දියවන්නා වේ සුර සැප විදින්නකු නොව බේරේ වැවේ පිපී නෙලුමක් විලස නව රජු භීෂණයෙන් , වංචාවෙන් තොර රජයයක් ලෙස රටම නව මානයක ට මංපෙත් විව්රකරන්නා වු තාක්ෂණයේ හිනිපෙත්තහිම ළෙලදෙන්නට සමානාත්මතාවය , සහවේදනයෙන් ලත් ජනපතිවරයකු ලෙස රජ සිහසුනේ වැජබේ යැයි අභිලාශයෙන් වරම් දුන් ජනතාවගේ දුක හදුනන මහා සිංහලයේ රාජපක්ෂ වරයෙකු හට විස්සයි විස්සෙන් ඇරබෙන රටේ සිහසුන පුද කරමි.🌷🌷🌷🌷🌷🌷🌷


ගිම්හානි මදාරා

No comments:

Post a Comment