මා දුටු  ජනාධිපතිවරණය                                      මෙවර පැවැති ජනපතිවරණය ඉතා තියුණු           මුහුණුවරක් ගත් ආකාරය දකින්නට හැකි වුණා .පක්ෂ හා  විපක්ෂ  දෙපිරිස ම තිියුණු තරගයක් දුන් ආකාරය       දැක ගත හැකි වුණා.මෙවර මැතිවරණය ඉතා  සාමකාමී මැතිවරණයක්  ලෙස හදුනා ගත හැක.කෙසේ නමුත්
මැතිවරණ කාල  සීමාව  තුළ  වැඩි  ජන්ද ප්‍රමාණයක්  ලබා ගත හැකි වීමට ආණ්ඩු පක්ෂය සමත් වුණා.  කෙසේ  වුවත් ජය පරාජය මැද වඩාත් නිවැරදි තීරණය     ගැනීමට  ජනතාව සමත්ව ඇති වග හොදින් ම පසක්  වෙයි .මෙහි දී මැතිවරණ කාල සීමාව තුළ දැක ගත හැකි  වූයේ ජනතාව මල් වෙඩි පත්තු කරමින් තම  සතුට ප්‍රකාශ කළ ආකාරය දැකිය හැකි විය.                                                   තව ද අප පවුලේ  සියල්ලන් ම රූපවාහිනී තිරය  දෙසට  එකතු  වී ජන්ද ප්‍රතිඵල එන විට නොඉවසිල්ලෙන් තොරතුරු ලැබෙන තෙක් සිිට් ආකාරය  සිහිපත් වන විට මුවගට සිනහවක් ද නැග එන්නේ  නිතැතිනි. ඒ අතරවාරයේ අපි සිතුවම් පට නරඹමින් ව්නෝද වුනෙමු. මෙලෙස මුලු රට ම එක ම උත්සවයක්  ව ජන්ද ප්‍රතිඵල දැන ගැනීමට යුහුසුළුවන ආකාරය මනාව දැක ගත හැකි වුණි.
                  කෙසේ  හෝ පක්ෂව හා ව්පක්ෂව වැඩි ජන්ද       අඩු ජන්ද  අතර දෝලනය  වෙමින්  පැවති මැතිවරණය    තුළ ජයග්‍රහණය කිරීමට ආණ්ඩු පක්ෂය සමත් වුණි.
එහිදී  ව්පක්ෂය පරාජය වුවද දෙපිරිස ම ඉතා තිියුණු තරගයක් දුන් ආකාරය දකින්නට හැකි වුණි .මට හැගී ගිය ආකාරයට  මෙම  මැතිවරණය ජනතාව ඉතා නැනවත් ව බාවිත කොට ඇත.මෙමගින්  ඉතා නැණවත්  නායකයන් පිරිසක්  පාර්ලිමේන්තුවට තේරී පත් වුණි .ඒ හරහා මා  සිතන ආකාරයට රට නැවත ගොඩනැගීමට  නිසි නායකත්වයක් අපට ලැබී ඇති වග මොනවට පැහැදිලි වේ.එමගින්  සුභවාදීව ඉදිරිය දැකීමට ජනතාවට දැන් අවස්ථාව උදා වී ඇත.                                                    මා දරන මතයට අනුව කුමන පක්ෂකින් ජය ගත්‍ත ද රට ගොඩනැගීම  වගේම ජනතාවාදී නායකයෙක්  මේ අවස්ථාවේ අපට ලැබී ඇත.එහිදී  නායකයාගේ කාර්ය වන්නේ රට නිවැරදි මාවතේ ගමන් කර වීමට සැලස්වීමයි.මෙලෙස ගත් කල සමස්ථ මැතිවරණය දෙස  බලන කල පෙනී යන්නේ ඉතා  සාධාරණ මැතිවරණයක්  පවත්වා ඇති වගයි.                                  අවසන  මා ප්‍රාර්ථනය කරන්නේ   මේ  නව නායකත්වය සමග අපට ජීවිත් ව්මට  හැකි සන්ව‍ර්ධනයේ  අරුණෝදය නැග එන සුන්දර  රටක් තුළ   දිිව් ගෙවීමට  හැකි  වන්න යන්නයි .                                                                               MAPT /19/B1/19                                                                       K.D.P.M.Kiriwaththuduwa

No comments:

Post a Comment