රටම සැනසු පුනරුද යුගය .....2019

   

            ජනාධිපතිවරණය  යනු  රටක තීරණාත්මක බලවේගයක්. මන්ද   එම  බලවේගය    තුල  ඇත්තේ රටේ යහපතත්,ජනතාවගේ  අනාගත   අභිවෘද්ධියත් නිසාවෙනි .    පාට , පක්ෂ, ආගම්  මෙන්ම  ජාති  කිසිවක්  මෙයට  අදාල නොවේ .   අවශ්‍ය වන්නෙ    රටේ  ඉරණම   හා  රටෙහි    අනාගතය වේ . කෙසේ  වෙතත්    ශ්‍රි   ලාංකිකයන්ට නිදහසේ   ජීවත් විමට ,  ආර්ථිකය     මෙන්ම සුරක්ෂිත   අලුත් රටක්   නිර්මාණය  කිරිමට    ශක්තිය, බලය ලබාදෙන එම   මහජන   කැමැත්ත මේ වන විටත්  ලබා  දී      ජනාධිපතිවරණ   මැතිවරණයේ නිමාව  සටහන් වී ඇත.
       
       ඒ    අනුව  මහජනතාවගේ    කැමැත්ත මත   ශ්‍රි ලංකා  ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී   ජනරජයේ  අභිනව  ජනාධිපති  ලෙස  ,  ගරු ගෝඨාභය   රාජපක්ෂ මහතා  ඉකුත්  18වන   දින  රුවන්වැලි මහාසෑරදුන් අභියස දිවුරුම්  දුන්නේය .


 
  කෙසේ  වෙතත් මෙවර ජනාධිපතිවරණය  ගැන  කතා කිරිමට   කරුණු රැසකි  .   මන්ද   පෙර   මැතිවරණ  වලට වඩා  මෙවර  මැතිවරණය    සාමකාමී කමක් ගැනීමයි  .මැතිවරණයට පෙරත්  , පසුත්   එය   එලෙසම පැවතිණි.ජනතාව තුලද කිසිදු  ගැටුමක් නොවිණි   . එසේවීමට  හේතුව  නම් ජනයා විසින්  බලාපොරොත්තුවු  වෙනස  නිසාවෙනි සැබෑවට නියම   වෙනස මෙයයි. පෝස්ටර්, බැනර් මෙවර සීමිත ප්‍රමාණයක් දැකගැනීමට  තිබේ .  මැතිවරණය    අවසානයේදී ද  සියල්ලන්ම    එකා වගේ  අපවිත්‍ර  වු  තැන් සකස් කර ගතින්  පමනක්  නොව   ආකල්ප වලින්  ද සපිරි  ජනාතවක්  සිටින  බව පෙන්නුම් කරයි.  එලෙසම   තවත් වැදගත්දෙයක්වනුයේ  " ජනාධිපති උත්සවය ".අනිකුත් ජනාධිපතිවරණසේම   මෙවරත්  ජනාධිපති උත්සවය   පැවැත්  වූයේ ගාලුමුවදොර   වේ .   දැකගත   හැකි   වු විශේෂ  ම දේ නම්  සාමාන්‍යයෙන්  ජනාධිපති උත්සවයකදී   ආදාල උත්සව පැවැත්වෙන  ප්‍රදේශයේ  පාරවල් සියල්ලන්ම පාහේ වසයි . කුමන    ආණ්ඩුව ආවද   එය  එසේම  සිදුවිය .   නමුත්   මෙවර වෙනසක්   එක් කරමින් ,    උත්සවය  පැවතුනද  පාරවල් කිසිවක්   අවහිර නොකිරීමට වග  බලාගත්තේ ය. ඔහුගේ  දැක්ම හරිම   පැහැදිලි   .   එමෙන්ම දිගුකාලීන දැක්මක් .

 වත්මන්  ජනාධිපති  ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ  ආකල්පහරිම උසස් මා එසේ  කීමට හෙතුව  වන්නේ මැතිවරණ  ප්‍රචාරන කටයුතුවලදී  මා  දුටු  මෙන්ම   මා  ලත්     අත්දැකීම් නිසාවෙනි .එසේකීමට හේතුවක් නම් මෙවර මැතිවරණයේදී ජන   රැලි බොහොමයක් පැවතිණි.නමුත්  මේ  කිසිදු රැලියක  එතුමා කිසිම  කෙනෙකුට වචනයකින්  හෝ  අවමන්   නොකල         පුද්ගලයෙකි .      ඔහු පෙන්වූයේ     අනාගතය    දැක්ම  පමනකි ,රට  වෙනුවෙන්   ඔහු  කිරිමට  බලාපොරොත්තු   වෙන සේවාව පමනකි .ස්ථීර අරමුණු  සහිතව     අලුත් ගමනක්  පිලිබඳ  ඔහුගේ  කතාවන් තුලින් පිලිබිඹුවෙයි .  එදා කතාවට  සිමා වු    එය   අද    ඇත්තේ     ක්‍රියාවලියට  නැංවීමට පමනකි .
 
  ඔබට   මතකද අපට ,ඔබට මුලු රටටම  බියෙන්  ජිවත්  විමට සිටිකාලය . එම බිහිසුණු   යුද්දය ..... යුද්දය  නවතා  සාමකාමී රටක්   ලෙස    ශ්‍රි ලංකාව අපට     ඒ අභීත නායකයා    අද වසර  10 කට  පසු   රටෙහි    ජනාධිපති වශයෙන්   භාරකාරත්වය ලබාගන්නා මොහොතේ    අප  ඔහු සමග එකටසිටිය යුතුය .  එමෙන්ම එතුමන්ට  අත දෙන්නට   අද   දින   ( 21 )රටෙහි   අග්‍රාමාත්‍ය  ලෙස හිටපු  ජනාධිපති   මහින්ද  රාජපක්ෂ  මහතා     අද   දින  දිවුරුම් දුන්නේය .කිසිදු සැකයක් නොමැත .මෙවර       අප  සියලු දෙනාටම එක්ව  දිගු ගමනක්    යා  හැකිය .

මැතිවරණය  ඔබ මනාව වටහාගත්තේ නම්     ඒ   තුල  වෙනසක්  නොදුටුවා නොවිය  හැකිය. මන්ද      එය   නෙත  ගැටෙන කරුනක්  නිසාවෙනි .     එලාර    හා දුටුගැමුණු  යුද්ද  මෙන්  නොහැගිනි  ද ?    උතුරු නැගෙනහිර විශාල  බෙදුම්වාද හැගීමක්       මා හට  මෙන්ම  ඇතැමුන්ට   ද දැනෙන්නට   ඇති .
             අවශ්‍ය  නැත..
             ඇති .....වසරගනක්  හොදින්    බැට  කෑ  අපට   ,ඔබට  නැවත්   එය    අවශ්‍ය  නොවේ.  රට   තුල    ආගම්  භේද ,  ජාති භේද කිසිවක්  අවශ්‍ය  නොවෙයි .   අපි හැමොම   ශ්‍රි ලාංකිකයන් .ඒ හැගීම පමනක්  ප්‍රමාණවත් ගමනක්     යාමට . අපි හැමගේම    ගැටලූ වලට  පිලිතුර  එතුමන් පමනක් ම වෙයි .ඒ  "ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා" නැතිකර   ගත්  කාලය නැවත  ගත නොහැකි. නමුත්   දැන්  ඇත්තේ ගමනක්    යාමට පමනකි .  ඔබගේ  මතය,  හැගිමවෙනස්  විය  හැකිය නමුත්  අවශ්‍ය වන්නේ     රටේ   අනාගතය පමනකි, ඉපදෙන්න සිටින     දරුවාගේ   අනාගතය පමනකි .සියල්ල පසෙක  දමා   අද  සහ   හෙට   ගැන   සිතා   කැප  විමට එකතු  වෙමු .

" වඩා වැදගත්   වන්නේ  ජයග්‍රහනය කරා   යන ගමන  නොව  ජයග්‍රහනයෙන්  පසුව  එය රදා පවත්වා ගැනිමේ  සැලැස්ම වේ . "

_  ගෝඨාභය රාජපක්ෂ _






  සටහන
 W.A.S.ප්‍රසාදිනී  රත්නසිරි 

No comments:

Post a Comment