දේශපාලනය ,,,,,,,,,,
දේශපාලනය යන වචනය ගත් කල එහි මහත් වූ බැරෑරැම් කාර්‍යයක් ගැබ්ව ඇත. එනම් දේශපාලනය යන්නෙන් අදහස් කරනුයේ දේශය පාලනය කිරීමයි. එය ඔබ අප හිතන තරම් පහසු වූවක් නොවේ. රටක් තුල ජීවත් වන සියලු ජනයා විශ්වාසය තබනුයේ දේශපාලනය මතයි. රටක පවැත්මත්, සංවර්ධනය ඉහල යෑම සදහාත් මෙන්ම රටක සංවර්ධනය බිද වැටී රට ආර්ථික අතින් කඩා වැටීමටත් මහත් ලෙස බලපාන සාධකය වනුයේ දේශ්පාලනයි. දේශය පාලනය කිරීම සදහා පාලකයන් පත් කිරීමට සියලු පුරවැසියන් හට නිදහස හිමි වූයේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේය. ඒ හරහා සියලු පුරවැසියන් හට සර්වජන ජන්ද බලය හිමි විය. එත් සමග ජනයාට තම කැමත්ත පරිදි රටට පාලකයන් පත් කිරීමට හැකියව උදා විය.
සර්ව ජන ජන්ද බලය හිමි වූවත් බොහෝ ජනයා තුල තමන් තෝරා පත් කර ගත යුත්තේ කවර ආකාරයේ පුද්ගලයෙක්ද යන්න තීරණ ගැනීමේ හැකියාවක් නොමැත. එසේම ඒ සදහා යෝග්‍ය පරිසරයන්ද අහිමි වෙමින් පවතී. ඇතැම් බුද්ධිමත් පුද්ගලයන් දේශපාලනයට පැමිණෙන්නේ රටට සේවයක් කිරීමේ අරමුණෙනි. එම අරමුණින් පැමිණෙන දේශපාලකයන්ගෙන් රටට සේවයක් සිදු වුවද තමන්ගේ වාසිය තකා සහ දේශපාලනය රැකියාවක් බවට පත් කරගනිමින් පැමිණෙන දේශපාලකයන් නැතුවාම නොවේ. ඔවුන් තුලින් ජනතා සේවයක් ඉටු වෙනවාද නැද්ද යන්න ඔබට බාරය. එමෙන්ම නිවැරදි පාලකයන් තෝරා පත් කිරීමද ඔබට භාරය.
කෙසේ වෙතත් මේ දිනවල විශාල ලෙස කතා බහට ලක් වූයේ දේශපාලන බලවේගයේ තීරණාත්මක සාධකය වන ජනාධිපතිවරණය ගැනයි. වසර 05 කට වරක් උදා වන මෙම අනගි අවස්ථාවට තම වටිනා ජන්දය භාවිතා කිරීමට ජනතාව පුන පුනා බලා සිටි අයුරු මා හට තවමත් මතකය.
එම තීරණාත්මක ජනාධිපතිවරණය මෙවරත් එනම් 2019 වර්ශයේ නොවැම්බර් මස 16 දින පැවැත්විණි . හත් වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට ජනයා වැල නොකැඩී ජන්ද මධ්‍යස්ථාන වෙත ගිය ආකාරය බාලා ඉන්නට තරම් අපූරුය. ජන්දයට පෙර ජනතාව තුල මහත් උද්‍යෝගයක් දක්නට ලැබුනි. ඒ තම රටට නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට ඇති අවශ්‍යය තාවයේ උද්‍යෝගයයි. ජන්දයට පෙර ජනතාවගෙන් මා ජනාධිපතිවරණය පිලිබඳව විමසුවෙහි. ඉන් මා හට ගම්‍ය වූයේ ජනතාව විවිධ පක්ෂ කෙරෙහි, විවිධ පුද්ගලයන් කෙරෙහි විවිධ මත දරන බවක් ය. සමහර ජන්ද දායකයන් තමන්ගේ ජන්දය භාවිතා කිරීමට සූදානමින් සිටියේ පරම් පරාවෙන් පැවතගෙන එන ආකාරයටය. ඇතමුන් තම ජන්දය බුද්ධිමත්ව සිතා කා හට දිය යුතු දැයි තීරණය කර තිබුණි. තවත් සමහරු වෙනසක් බලාපොරොත්තුවෙන් ජන්දය භාවිතා කිරීමට සූදානම්ව සිටියහ. ඒ අතර තවත් පිරිසක් තම වාසිය පතා තම නිදහස් ජන්දය භාවිතා කිරීමට සූදානමින් සිටියහ.
කෙසේ හෝ රට තුල වෙසෙන සියලු ජන්ද දායකයන් තම වටිනා ජන්දය හත්වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීම සදහා භාවිත කොට හමාරය. ජන්දය ලබා දුන් පසු ජනයා තුල දක්නට ලැබුනේ මහත් නොසන්සුන් තාවයකි. ඒ හත්වන විධායක ජනාධිපතිවරයා කවුරුන් වේවිද යන සැකය තැතිගැම්ම නිසාවෙනි. මෙවර ජනාධිපතිවරණය මා දුටු අයුරින් ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් කෙරෙහි දැඩි ලෙස ඉලක්ක ගත වී තිබුනි. අපේක්ෂකයන්ටත් වඩා විශාල තරගයක් පක්ෂ වලට වෙන් වී බෙදී සිටි ජනතාව තුල දක්නට ලැබුනි
.
කෙසේ හෝ 2019 නොවැම්බර් මස 17 වන දින සියලු ජන්ද දායකයන් බලාපොරොත්තුවෙන් සිටි ජන්ද ප්‍රතිඵල නිකුත් විය. එ ජනාධිපතිවරයා තෝරා පත් කරමිනි. රට පුරා ගිගිරුම් හඩවල් ඇසෙන්නට විය. රට පුරා කිරිබත් ඉදෙන්නට විය.ඒ තමා බලාපොරොත්තු වූ අපේක්ෂකයා ජනාධිපතිවරයා වීමේ සතුටටය. පිරිසක් එසේ තම සතුට සමරන විට තවත් පිරිසක් තම පරාජයේ වේදනාව විද දරා ගත්තේය. කෙසේ වෙතත් තම පරාජය විද දරාගනිමින් රට තුල කළ කෝලහාල නොකිරීම නිසාවෙන් එම ජනයා පිලිබඳව මා හද තුල ඇත්තේ අභිමානයකි.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල උදා වූයේ මෙලෙසිනි.
මේ ආකාරයට මැතිවරණයේ නිමාව සටහන් වී හමාරය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් මස 18 දින ඓතිහාසික රුවන්වැලි සෑරදුන් අභියසදී දිවුරුම් දුන්නේය.
මේ ආකාරයට පත් වූ නව ජනාධිපතිවරයා හට සුභ පතුම් එක්කරන අතර කවුරුන් කෙසේ ජනාධිපති වුවද ඔහුගේ වගකීම හරි හැටි තේරුම් ගෙන ක්‍රීයා කල යුතුය.එමෙන්ම රටේ යහපත පතා තීන්දු තීරණ ගත යුතුය. මෙවර ජනයා තෝරපත් කරගත් ජනාධිපතිවරයා හට අප රට සංවර්ධනයේ ඉහලටම ගෙන යෑමට මා සුභ පැතුම් එක් කරමි.
සටහන ÷ K.M.P.S.සුරවීර
MAPT/19/B1/34

No comments:
Post a Comment