*~මා දුටු මැතිවරණය*~
_"ප්‍රජාතන්ත්‍රයේ ප්‍රකාශනය ඡන්දයයි"_
පසුගිය 16 වන දින මෙරට මහජනතාවට එෙතිහාසික දිනයක් විය.එනම් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා පත්කර ගැනීමේ අයිතිය ජනසතු වූ නිසාවෙනි.මෙම මැතිවරණය මීට පෙර පැවති මැතිවරණ සමග සසදන විට විශේෂ මැතිවරණයක් වූ අතර එ් සදහා හේතූන් කිහිපයන් බලපාන්නට විය.එයින් ප්‍රධාන හේතුවක් වූයේ ලංකා ඉතිහාසය තුල ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් දක්නට ලැබුනේ මෙම මැතිවරණයෙනි.එ් සදහා තරගකරුවන් 35 දෙනෙකු ඉදිරිපත් වූ අතර එ් අතරින් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් අතර පැවතියේ උණුසුම් තරගයකි.
මෙම මැතිවරණය වෙනදා මෙන් අැදිරි නීති, ප්‍රචණ්ඩ ක්‍රියා වලින් තොරව ශ්‍රී ලංකා ඉතිහාසය තුල පැවති සාමකාමීව මැතිවරණය ලෙස පෙන්වා දිය හැකිය.කෙසේ වෙතත් අවසානයේ 16වන දින සවස 5වන විට ජනතාපරමාධිපත්‍ය බලය අවසන් වූ අතර පසුදා උදෑසන ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග අපට වැටහී ගියේ ඊලාම් ජාතිවාදීන් රට දෙකඩ කිරීමට ගත් ප්‍රචණ්ඩ අායාසයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන් ජනතාව විසින්ම වෙන්කර ගැනීමේ තැනට තල්ලු වීම මොනතරම් බිහිසුණුද යන්නයි.පසුගිය 17 වෙනිදා ලංකා සිතියමේ උතුරු -නැගෙනහිර කොල පාටත් දකුණු ප්‍රදේශ රක්ත වර්ණයෙන් දිස් වීමට බලපෑවේ එ් එ් ජන්ද අපේක්ෂයකයින් ජනතාවට ලබාදුන් පොරොන්දු වල ප්‍රතිඵලයක් වශයෙනි.එ් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොවේද? මහා ජාතිය සිංහල වූ පලියට දෙමළ මුස්ලිම් ජනතාවට තම අයිතීන් දිනාගැනීමේ අවකාශය නොමැතිද? තම ස්වාධීන කැමැත්ත ජන්දය මගින් ප්‍රකාශ කිරීමේ හැකියාව ජනතාව සතුය.එයින් පෙනී යන්නේ උතුරේ ජනතාව සජිත්ටත් දකුණේ ජනතාව ගෝඨාභයටත් යන්න නොවෙයි.සජිත්ට වඩා දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලන අරමුණු ගෝඨාභයගෙන් ඉටුකරගත හැකියි යන විශ්වාසයෙන් ඔවුන් ඡන්දය ලබාදුනි.ජනතාවගේ මූලික අපේක්ෂාව වන්නේ පිවිතුරු, පිරිසිදු , තිරසාර සංවර්ධනයකට මෙරට ළගාකරගත හැකි පුද්ගලයකු ජනාධිපති බලතල ලබාදීමය.අාසියාවේ මුතු අැටය පසුගික වකවානුවේ කදුලු බිදුවක් බවට පත්වූයේ පාලකයන්ගේ අමන්‍යෝඥ ක්‍රියාකලාප නිසාවෙනි.
17වන දින උදෑසන වන විට ජනතා පරමාධිපත්‍ය බලය ඔස්සේ බහුතර ජනතා කැමැත්තෙන් හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කල ගෝඨාභය රාජපක්ෂ මහතා හැට නව ලක්ෂ විසි හතර දහස් දෙසිය විසි පහක ජනකා මනාපයෙන් තේරී පත්විය.පනස්පන් ලක්ෂ තිස්නව දාහක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා දෙවනි ස්ථානය ලබාගත් අතර ලක්ෂ 13ක වැඩි ජන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට හත්වන විධායක ජනාධිපති වීමේ භාග්‍ය උදාවිය.
රුවන්වැලි මහ සෑ රදුන් ඉදිරිපිට දිව්රුන් දුන් ගෝඨාභය මැතිදුන් ප්‍රකාශ කර සිටියේ ඔහු විජයග්‍රහණය කරනු ලැබුවේ බහුතර සිංහල ජනතාවගේත් මහා සංඝ රත්නයෙත් ජන්ද වලින් බවයි.ප්‍රතිඵලය කෙසේ වෙතත් පාට පක්ෂ භේදයකින් තොරව ජනතාවට සේවය කිරීමේ වගකීම ඔහුට පැවරී හමාරය.
2019 නොවැම්බර් මස 16 වන දින පැවති මැතිවරණය අප දුටු සාමකාමීව මැතිවරණය කිවහොක් මා නිවැරදිය.අවසන් වශයෙන් කිව හැක්කේ ගුණගරුක,නීතිිගරුක ,විනයගරුක සංවර්ධිත,ත්‍රස්තවාදයට නොනැමෙන රටට වෙන්වූ අාර්ථික දැක්මක් අැතිව ඉදිරි වසර 5 ක කාලය ජනතාවට අාර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ප්‍රමුඛතම අනාගතයක් හිමිකර දීමට කටයුතු කලහොත් සෑම අතින්ම
සෑම කෝණයකින්ම සෑම මානයකින්ම හෙම්බත්ව සිටින ශ්‍රී ලාංකික අපට එය පමණක් ප්‍රමාණවත් වනු අැතැයි මාගේ විශ්වාසයයි.
MAPT/19/B1/36
Tharushi anjala

No comments:
Post a Comment