ජීවිතේ හරි සරල විදියට ගෙවුනා. අද ඊයෙ නම් නෙමෙයි. මෙයට වසර ගානකට කලින්. අද අපි නවීකරණය වෙලා. ජනප්‍රිය ලෝකයක නවීන බඩු භාහිරාදිය අපේ සරල ජීවිතය අපෙන් ඈතකට අරන් ගිහින්. අපේ ආදි මුතුන්මිත්තන් අතීතයේ තම සීමිත අවශ්‍යතා මතින් ජීවිතය සරලව සතුටින් ගෙව්වා . නමුත් අද වන විට තාරුණ්‍ය  වෙළද නාමයන් ( brand ) මතින් ජීවිතය දකින්න පුරුදු වෙලා. The consumer එවන් brand එක පදනම් කරගෙන චරිතයක් වටා ගොඩ නැගුන කෙටි චිත්‍රපටයකි. ප්‍රියනාත් විදානපතිරණයන් මෙහි සියුම් අධ්‍යනයක් මගින් විශේෂිත වූ කෝණයකින් බලමින් සිද්ධි දාමයක් මෙලෙස ගොඩ නගා ඇත. අපි කතා කරමු මේ ගැන.
                                    එක් තරුණයෙක් තවත් තරුණියක් සමග ආදරයෙන් බැදෙනවා. නමුත් එක් අවස්තාවක ඔහු අතින්ම ඇය ඝාතනයට ලක් වෙනවා. ඉතින් මෙයට නවීකරනය වූ ලෝකයක, අපට ලගා කරගත නොහැකි හීන පස්සෙ දුවමින් යම්කිසි brand සංකල්පයක් මතින් ජීවිතය අතරමං වූ තරුණයකුගේ කතාවක් මෙම චිත්‍රපටය තුලින් ප්‍රතිනිර්මාණය කරයි. මේ මරණයට සැබෑවටම ඔහු වරදකරු ද?  ජන මාධ්‍ය කෙලෙස මහජනතාවගේ සිතැගියාවන් මාධ්‍ය තුලින් වෙනස් කිරීමට සමත් වී ඇත් ද? මෙම ගැටළු වලට මනාකොට පිලිතුරු දීමට සමත් වන ලෙස මෙම චිත්‍රපටය නිර්මාණය කොට ඇත.
              වරක එහි එන චරිතයක් (මනෝවෛද්‍යවරයකු විය හැක) මෙම තරුණයාගෙන් මෙසේ අසනවා.
                          " ඔබ මෙම මරණයට වරදකරු ද?                     නිවරදිකරුද? "
එවිට ඔහු පිලිතුරු දෙන්නේ
                          " නැහැ. මම වරදකරු නොවේ "
යනුවෙනි.
සැබෑවටම මොහු මෙම මරණයට වරදකරු විය හැකි ද?
මොහු තම ආදරවන්තිය පළමුව දකින දවසේ ඔහුගේ නෙත ගැටෙන්නේ ඇය ඇද පැළද සිටින දේවල් ය. ඔහුගේ ආකර්ශනය ඇය මතින් යම්කිසි භාන්ඩයක brand එකකට ලැබෙනව.

No comments:

Post a Comment