රළු පරළු රළ මැදින් ගොඩබිමක් කරා.....🏜️🏝️🏕️

ජනාධිපතිවරණය වූ කලී රටේ තීරණාත්මක බලවේගයයි.එහි හිණිපෙත්ත පුරවැසියාය.මේ යුගයේ අප කතා කල යුත්තේ පුරවැසියා ගැන නොව රට වැසියා ගැනය.නූතන රටවැසියා යනු යහපත් සමාජ ජීවිතයක් සදහා විවිධ අයිතිවාසිකම් ඇත්තෙකි.බහුතරයක් සමග රටක පැවතිය යුතු පාලනය පිලිබඳ තීන්දු ගැනීම එම රටවැසියාගේ එක් වගකීමකි.
මැතිවරණය පිලිබඳ කවුරුත් කෙසේ අදහස් දැක්වූද ජනතාව වශයෙන් බුද්ධිමත්ව තමන් වෙනුවෙන් ගන්නා තීරනය කතිරය ❎  තුළ පවතින බව සිතිය යුතුය.චන්දය තුළ  කැපුවත් නිල්, කොළ , රතු හෝ ජනප්‍රියත්වයට නොව මාගේ වගකීම කුමක්දැයි යනුවෙන් තීරනය කරන තුරු රට යන අත වෙනස් කළ නොහැකිය.මැතිවරණය හරහා  ජනතා ආකල්ප  හා පත් කර ගන්නා අයගේ ක්‍රමය වෙනස් කිරීම කාලෝචිතය.
   ප්‍රචණ්ඩත්වය සාපේක්ෂකව අඩු මට්ටමක පැවති නමුත් එකිනෙකා කෙරහි තරහව ද්වේශය ඉහළ මට්ටමක පැවති එයටත් ඉහළින් සාවද්‍ය පුවත් ලෙස වෙනම ක්ෂේත්‍රයක තිඹිරිගෙය නිර්මාණය කල දින 38 ක ජනාධිපතිවරණය නිමාවට පත් විය .
    නොවැම්බර් 16 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත් වන ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූයේ වැඩි චන්ද දහ තුන් ලක්ෂ හැට දහසයකිනි.රටේ විරුවා ,උත්තරීතර නායකයා, අනුරාධපුරයේ දී දිවුරුම් දුන්නේ රටට නව බලාපොරොත්තුවක් ඇති කරමිනි.හැත්තෑ ලක්ෂයකට ආසන්න ජනතාව තමා වෙත තැබූ ව්ශ්වාසය ඒ අන්දමින් සුරකින බවට ඔහු දුන් පොරොන්දුව ගැන සැබවින්ම සමස්ත රටවැසියා තබා ඇත්තේ විසල් බලාපොරොත්තුවකි.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයක් එළඹ තිබේ.ජාතික හා ගෝලීය වශයෙන් රටේ මෙන්ම මහජනතාවගේ පැවැත්ම තීරනය කරන ජනාධිපතිවරණයක් ලෙසින් හැදුන්වූවාට වරදක් නැත.එසේ නම් එහි සම්භාවනීය වගකිව යුත්තා දැනටත් ජනවරමින් පත්ව අහවරය. රට ගොඩ නැගීමේ භාරකරු ලෙසින් එඩිතර නායකයෙක් , දැය ජාතියට ගරු ඇති ඔබතුමාගේ   උනන්දුව මත රට ඉදිරි අනාගතය තුළින් වැජඹෙනවා ඇත.

✍️  M.A.B.එමේශා ධනංජි ආලෝක බංඩාර
      MAPT/ 19/ B1/06

No comments:

Post a Comment