මැතිවරණයේ නිමාව සටහන් වී හමාරය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති ලෙස ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින (18) සුභ මොහොතින් ඓතිහාසික රුවන්වැලි සෑරදුන් අභියසදී දිවුරුම් දුන්නේය...
මා දැක්වූ ආකාරයට ම ජයග්‍රහණය විනෝදයක් නොව එය අභියෝගයකි. 2009 යුධ ජයග්‍රහණයෙන් වසර 10 කට පසු මුළු රටේම නායකත්වය එතුමන්ට පැවරී ඇත. ඊට සුභ පතා අපටද ගැලවී යා නොහැකිය. රටවැසියන් ලෙස අපට ඉමහත් කාර්‍යභාර්‍යක් පැවරී ඇත. එය අප බුද්ධියෙන් විමසා හොදාකාරව තේරුම් ගත යුතුය. අදින් පසු රට හැදෙනු ඇත්තේ එතුමන් සිතන ආකාරයටය. උපනූපන් දරුවන් වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීම එතුමන්ට ඇති අභියෝගයයි.
ගෝඨාභය රාජපක්ෂ අභිනව ජනාධිපතිවරයා, ස්වකීය තනතුරට පත්වන්නේ නව දේශපාලන පක්ෂයකිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි දිගුකාලීන අතීතයක් ඇති පක්ෂයක් බැහැර කර නව දේශපාලන අරමුණ කින් බලයට පත්වී තිබේ. මේ ආකාරයට නව දේශපාලන පක්ෂ නව අරමුණු පෙරදැරි කරගනිමින් බිහිවිය යුතුය. ඒ බහුපක්ෂ ක්‍රමයක් පවතින අප රටට හොද අවස්ථාවකි.
විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රතිඵලය ගැඹුරින් කියවා ගත යුතුය. එහි බෙදුම්වාදය මුල් බැසගෙන ඇත. මේ රටේ දේශපාලනය වැරදි විදිහට කියවා සමාජය විකෘති කිරීමට උත්සහ නොකල යුතුය. මන්දයත් එවැන්නක් අවසන ලේ ගංගාවල් සෑදෙන බව අතීත සාක්ෂීන් පෙන්වා දී ඇති හෙයිනි. උතුරු නැගෙනහිර අවුල් කරන දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය වැනි ජාතිවාදී පක්ෂ අක්‍රීය කල යුතුය. එය හිතන තරම් ලෙහෙසි නැත. ජනාධිපතිවරයා ට පැවරෙන වගකීම සුළුපටු නැත. එනම් ඔහු සමස්ථ රටම මුල සිටම ගොඩ නැගිය යුතුය. ඒ සදහා බොහෝ වැඩ ඉදිරියට කල යුතුය.
මීලගට එළැඹීමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තු මහ මැතිවරණය යි. විශේෂයෙන් නව දේශපාලන සංස්කෘතිය ක් සහිත ආණ්ඩුවක් හා විපක්ෂයක් අවශ්‍ය ය. මහා මැතිවරණයකදී අවස්ථාවාදී දේශපාලකයින් ගෙදර යැවීම ජනතාවගේ මීලග අභියෝගයයි.
ෆොටෝ, බෝඩ්, බැනර්, පෝස්ටර්, කටවුට් නොමැති ශීලාචාර මැතිවරණ ක්‍රියාවලියක ආරම්භයක් අපි දුටුවෙමු. ඒ ගැන අප ආඩම්බර විය යුතුය. රට දේශපාලනික වශයෙන් වැඩිවියට පත්වෙමින් තිබේ. එසේම මින් පෙර සිදු නොවූ ආකාරයට විදේශගතව සේවය කරන ලාංකිකයන්ගේ පැමිණීම සුවිශේෂී සිදුවීමකි. ආ බහුතරය ගෝඨාභය රාජපක්ෂ ට පක්ෂපාතී විය. රටේ ආර්ථිකය වෙනුවෙන් ශ්‍රමය කැප කරනවා සේම තම රටේ අනාගතය වෙනුවෙන් තම අයිතිය පෙන්වීමට මාතෘභූමියට පැමිණීම අප අගය කල යුතුය. විශේෂයෙන් 83% ප්‍රතිශතයක් චන්දය ප්‍රකාශ කිරීමෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම අනාගත රටට සුභ ලකුණකි.
ජනතාව 225 න් පිටස්තරයෙකු තෝරා ගෙන ඇත. ඒ නිසාම ජනතාව තුල ඇත්තේ බලාපොරොත්තු සහගත විශ්වාසයකි. ජනාධිපතිවරණයේ ගෞරවයක් වේ නම් එය රටේ මිනිසුන්ට පිරිනැමිය යුතුය. දේශපාලකයින් එය කොල්ල නොකෑ යුතුය. ගෝඨාභය යනු බෙදුම්වාදීන්ට, ආගමික ත්‍රස්තවාදීන් ට, පාදඩයන්ට, ලාංකික සමාජය දුන් උත්තරයයි.
ශ්‍රී ලාංකිකයිනි,
ජාතිවාදය, බෙදුම්වාදය, ඒවා වපුරන පක්ෂ වලට පවරන්න...
ඔබ නිදහස් වෙන්න...
රටට ආදරය කරන්න...
ජනතාවට ජයවේවා !!!!
සටහන - කාවින්දි වීරසිංහ.

No comments:
Post a Comment