executive presidency and the presidential election

The executive president, late J.RJayawardadanewh was of the first holder of this office and "brainchild" of the executive presidency, had linguished as the leader in waiting of the United national party and our country for decade with strong and powerfully. The executive presidency was one which could offer strenth and stability country for period of the timewas his vision many time he had been deeply trusted by frequency change and lounched out stablished the open economy to our country. Not only he extened the duration of the term of office from the custermary five to six years. Always he mined the executive presidency with almost all the powers of government.

One day president Jayawardana proudly told that all he couldn't do was to turn "a man into a women." After the end of Jayawardana 's rule he handed over the presidential candidate to prime minister R.Premadasa at the some time and he was selected as the second executive president by the sri lankan people while the firing in the north and south.

Mr. Premadasa had his own authoritical rulling style of government and it was short lived. His clossed partner members sponcerd him an impeachment motion. However he manage to escape from it but he was assinated unfortunately by the suicide bomber. After Mrs. Chandrika kumarathunga won the presidential election and selected 3rd executive president "abolshing the executive presidency " was the slogan of her election campaign. She never abolish executive presidency. This executive presidency was most useful to defeat the three decade brutal war northern and Northern Eastern province.

Executive president Mr. Mahinda Rajapaksha could defeat the tamil terrorism and won the elam war. Mr. Rajapaksha also wanted to abolish the executive presidency as well as it was his slogan too.

Mr . Rajapaksha also had his own agenda some time he was not shy to use this executive presidential power. However he was willing to be loyal to him and to need the goodness of him. president Rajapaksha who gave withe the constitution the most and tried to pass through the parliament his 18 amendment he wished to become as the president for the life time. Many people of the country hate and reject igno the Rajapaksha government. And Rajapaksha good will was going down day by day. J.V.P and U.N.P came forwards against the Rajapaksha regime and people gatherd the opposition.

Sri lankan voters wanted a difference . So results of this matter Mr. Maithripala Sirisena was joined with them and selected as the common candidate to the presidential election. After wining Mr. Maithripala Sirisena donated the powers of the executive presidency arbitrarily sacking a prime minister, intalling his own and then diddolving parliament. Untill he was told by the suprimcourt thatbthose decision were unconstitutional. If there is one person who wouldn't want the executive presidency abolished now. It would be president sirisena!

The results of this situation the United national party won the parlimental00000 election the leader of the UNP prime minister Ranil wickramasingeha was leading with executive power indicating wor demorcretz concept like president sirisena word "butterflies". President Sirisena and prime minister Ranil wickramasinge who lounched "Yaha palana government ". That it didn't get the benefits for the people in the country .at the last of the yahapalana drama was boken down.

The people hopeda new way to the country . Prime minister's yahapalana government economic system of the most liberal democratic system was gone unpleasent to the citizen in all ways.
While they were beginning the government ,they started to hurt oppositional political leaders army officer who were lead in the Warfield and the venerable menus. The tamil leaders and foreign tami 'Diespora' pumped their dolars thorough the NGO,to country for lounched their activities by uvil organizers

Recently tamil leaders have presented their federal approuchment .Then the rising of Gotabaya Rajapaksha for the presidential candidate for the next executive. All of then were gatherd with new democratic party. But according to the public saying "all dark cloud has a silver line" .

Mr. Gotabaya Rajapaksha who was presidential election by a majority of thirteen hundred thousand over votes against Mr. Sajithpremadase of the new democratic front. As he won by leading 11% point among other candidates. There were 35 candidates presented in the election. It was high amount the people here spoken and they want a new the new era of darkness obliterated. The people gave opinion makes a lesson on the difference between darkness and the light. Now the people have begun to eat easy. Mr . gotabaya Rajapaksha and the SLPP an ensure the country. The people want the assurance of a functions economy and the firefall of security and proudly sri lankan citizens. The president Gotabaya Rajapaksha sworn at the Ruwanvali saya premisos in the Anuradapura. The oeople of the country have new hopes of the future.

✒Written by -Nimesha Peiris.
🎓Media Arts Production Technology.
⭕MAPT/19/B1/08.

රළු පරළු රළ මැදින් ගොඩබිමක් කරා.....🏜️🏝️🏕️

ජනාධිපතිවරණය වූ කලී රටේ තීරණාත්මක බලවේගයයි.එහි හිණිපෙත්ත පුරවැසියාය.මේ යුගයේ අප කතා කල යුත්තේ පුරවැසියා ගැන නොව රට වැසියා ගැනය.නූතන රටවැසියා යනු යහපත් සමාජ ජීවිතයක් සදහා විවිධ අයිතිවාසිකම් ඇත්තෙකි.බහුතරයක් සමග රටක පැවතිය යුතු පාලනය පිලිබඳ තීන්දු ගැනීම එම රටවැසියාගේ එක් වගකීමකි.
මැතිවරණය පිලිබඳ කවුරුත් කෙසේ අදහස් දැක්වූද ජනතාව වශයෙන් බුද්ධිමත්ව තමන් වෙනුවෙන් ගන්නා තීරනය කතිරය ❎  තුළ පවතින බව සිතිය යුතුය.චන්දය තුළ  කැපුවත් නිල්, කොළ , රතු හෝ ජනප්‍රියත්වයට නොව මාගේ වගකීම කුමක්දැයි යනුවෙන් තීරනය කරන තුරු රට යන අත වෙනස් කළ නොහැකිය.මැතිවරණය හරහා  ජනතා ආකල්ප  හා පත් කර ගන්නා අයගේ ක්‍රමය වෙනස් කිරීම කාලෝචිතය.
   ප්‍රචණ්ඩත්වය සාපේක්ෂකව අඩු මට්ටමක පැවති නමුත් එකිනෙකා කෙරහි තරහව ද්වේශය ඉහළ මට්ටමක පැවති එයටත් ඉහළින් සාවද්‍ය පුවත් ලෙස වෙනම ක්ෂේත්‍රයක තිඹිරිගෙය නිර්මාණය කල දින 38 ක ජනාධිපතිවරණය නිමාවට පත් විය .
    නොවැම්බර් 16 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත් වන ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූයේ වැඩි චන්ද දහ තුන් ලක්ෂ හැට දහසයකිනි.රටේ විරුවා ,උත්තරීතර නායකයා, අනුරාධපුරයේ දී දිවුරුම් දුන්නේ රටට නව බලාපොරොත්තුවක් ඇති කරමිනි.හැත්තෑ ලක්ෂයකට ආසන්න ජනතාව තමා වෙත තැබූ ව්ශ්වාසය ඒ අන්දමින් සුරකින බවට ඔහු දුන් පොරොන්දුව ගැන සැබවින්ම සමස්ත රටවැසියා තබා ඇත්තේ විසල් බලාපොරොත්තුවකි.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයක් එළඹ තිබේ.ජාතික හා ගෝලීය වශයෙන් රටේ මෙන්ම මහජනතාවගේ පැවැත්ම තීරනය කරන ජනාධිපතිවරණයක් ලෙසින් හැදුන්වූවාට වරදක් නැත.එසේ නම් එහි සම්භාවනීය වගකිව යුත්තා දැනටත් ජනවරමින් පත්ව අහවරය. රට ගොඩ නැගීමේ භාරකරු ලෙසින් එඩිතර නායකයෙක් , දැය ජාතියට ගරු ඇති ඔබතුමාගේ   උනන්දුව මත රට ඉදිරි අනාගතය තුළින් වැජඹෙනවා ඇත.

✍️  M.A.B.එමේශා ධනංජි ආලෝක බංඩාර
      MAPT/ 19/ B1/06
ජනාධිපතිවරණයේ පසුවදන

            ජනාධිපතිවරණයට පසුවදනක් ලෙස මේ මොහොතේ පියවරුන් නොමැති දරුණු පරාජයක බර තනිව අත් විදිමින් සිටින සජිත් ප්‍රේමදාස නම් මිනිසා සම්බන්ධව අවසාන වශයෙන් යමක් ලිවිය යුතුය.


         අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරපු සිස්ටම් Change කරන්න කතා කරපු ඇතැම් අපේක්ෂකයෝ පරාජය පිළිගැනීමට නොහැකිව ජනතාවගේ පිට වරද පටවමින් විවිධ කතා කියමින් සිටින මොහොතක, ජයග්‍රාහකයාට සුභ පැතීමට වත් ඔවුන් හොයා ගැනීමට නොමැති පසුබිමෙක මේ පරාජයේදී තමන් සමග ඉතුරු වුණු කිහිප දෙනා සමග මැතිවරණ දෙපාර්තුමේන්තුවටම ගොස් ජයග්‍රාහී අපේක්ෂකයාට සුභ පැතීම සම්බන්ධව සජිත්ව අගය කළ යුතුය.

          මැතිවරණ පරාජයත් සමග පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් ඉල්ලා අස් වීම තුළ ඔහු යමක් ඔප්පු කර ඇත. කිසිදු විරෝධයකින් තොරව මේ මොහොතේ ආණ්ඩුවේ සියළුම නායකයින් ඉල්ලා අස් විය යුතු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඉෂ්ඨ කිරීමට අවංක සහයෝගය ඔවුන් විසින් ලබා දිය යුතුය.



         සජිත් ට මෙවර ඡන්දය නොදුන් අය තුළ පවා සජිත් ගැන මහා ආරෝවක් හෝ වෛරයක් ඇතයි මා විශ්වාස නොකරමි. මේ සජිත් ගේ කර පිටින් ගියේ වසර 5ක් තුළ මිනිස්සු තුළ කැකෑරුණු වේදනාවක් ගැන ජනතාවගේ සමස්ථ පිළිතුරය.
එසේ නම් මේ පරාජයට වගකිවයුත්තන්ට මෙය සජිත් ගේ පුද්ගලික පරාජයක් යැයි එහි වගකීම ඔහු පිට පටවා අත පිහිදාගත නොහැක.

              මේ රටේ බහුතර ජනතාවට මහා වරදක් කළ මිනිසෙකු නොවන අවුරුදු 52ක් පමණක් වූ සජිත් ට අත් වූ මේ ඉරණම සම්බන්ධව දේශපාලනය කියන්නෙ අනෙකා පාගා තලා දැමීමම යැයි කල්පනා නොකරන මිනිසුන්ට යම් වේදනාවක් නැත්තේ නැත.
2015 ජනවාරි 8 වෙනිදා තීරණාත්මකව පරාජය වීමෙන් මාස එක හමාරකටත් වඩා අඩු කාලයකදී නුගේගොඩ නගරයෙන් දෙවන අරගලය ඇරඹීමට රාජපක්ෂවරුන්ට තිබූ හයිය සජිත් ප්‍රේමදාස මහතාට ඇත්දැයි කියන්න මා දන්නේ නැත.

              විශේෂයෙන්ම කුමනාකාරයේ දේශපාලන විවේචන තිබුණද එදා මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි විමල් ලා, ගම්මන්පිලලා වැනි සටන අත නොහරින සටන් සගයන් සජිත් සමග සිටිනා බවක් දැනට පේන්නට නැත. ඊයේ හවස 5 වෙනතෙක් සජිත් ළග සිටි අයගෙන් සාතිශය බහුතරයක් සජිත්ගේ ජනප්‍රියත්වයෙන් තම ඊළග පාර්ලිමේන්තු පුටුව රැකගන්නට මාන බැලූ අයය. ඒ අය දැනටම සජිත්ව අතහැර දමා ඇත. සජිත් ට තව දුරටත් යමක් කිරීමට අවශ්‍ය නම් සජිත් තම කණ්ඩායම ගැන කල්පනා කළ යුතුමය.


        මා මේ පරාජය දකින්නේ 1970 වසරේදී එක්සත් ජාතික පක්ෂයට අත් වූ මාර පරාජයට සමාන පරාජයක් ලෙසය. 1970දී හතර ගාතෙන් වැටුණු එක්සත් ජාතික පක්ෂය ජේ ආර් විසින් කෙළින් කළේ කෙසේදැයි සජිත් ප්‍රේමදාස විසින් කියවිය යුතුය. අධ්‍යයනය කළ යුතුය. ඉන් පාඩම් ඉගෙන ගත යුතුය.
මෙවර රාජපක්ෂවරුන් ෆීනික්ස් කුරුල්ලකු සේ අළු මතින් නැගී සිටියා මෙන් යළි නැගී සිටීමට අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂය බින්දුවේ සිට පටන් ගත යුතුය. පැලැස්තර විසදුම් වලින් නැවත ගොඩ ඒමක් නැත. ජාතියට හතුරු, ආගමට හතුරු, බුදුදහමට වින කරන, ජාතිය ආගම පාවා දෙන්නන්ගේ ගුබ්බෑයමක් ලෙස හංවඩු ගැසී ඇති එක්සත් ජාතික පක්ෂය සුද්ධ කිරීම ඇරඹීම කොතනින් හෝ පටන් නොගත හොත් එක්සත් ජාතික පක්ෂය නම් දැවැන්ත දේශපාලන ප්‍රවාහය මේ රටේ දේශපාලන භූමියේ ලිලිපුට්ටෙකු බවට පත්වීම වැළක්විය නොහැක....!!! 🐘

මනුජ බණ්ඩාර
Mapt/B1/19/35

මා දුටු ජනාධිපතිවරණය

දේශපාලනය යනු දේශය පාලනය කිරීමයි. ශ්‍රී ලංකාව තුළ නව ජනාධිපති වරයෙකු තෝරා පත්කර ගැනීම සදහා වසර 5කට වරක් පැවැත්වෙන ජනාධිපතිවරණය මෙවරත් පැවැත්වීමට කටයුතු කර තිබුණි. එබැවින් මෙවර හත්වන විධායක  ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 දිනට යෙදී තිබේ..ජනාධිපතිවරයෙකු රටෙහි සිටින ඉහළම පුද්ගලයා වේ. ඔහු තෝරාපත් කර ගැනීමට ජනතාවට ලැබෙන වටිනාම අවස්තාව සර්වජන චන්ද බලයයි. ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන නායකයා ජනතාව වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් කටයුතු කල යුතුය.
     
        මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 35කට ආසන්න ප්‍රමාණයක් තරග වැදුන අතර ඉන් ප්‍රධාන පක්ෂ දෙකක විශාල තරගයක් පැවතුනි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස පෙනී සිටි සජිත් ප්‍රේමදාස මහතා හංසයා ලකුනෙන් ද පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුව ලකුණෙන් තරග වැදුනහ. 7 වන විධායක ජනාධිපතිවරණය සදහා මෙවර රටේ ජනයා මහත් උනන්දුවකින් තමන්ගේ ජන්දය  ප්‍රකාශ කරනු ලබන පක්ෂය සදහා තම සහයෝගය දැක්වූ අතර ඒවායේ ජයග්‍රහණය සදහා තම දේපළ මිල මුදල් යාන වාහන පවා නැති කර ගත් අවස්තා මෙම මැතිවරණය තුළ දක්නට ලැබුනි..

මෙවර මැතිවරණය මා දුටු සාමකාමී මැතිවරණයක් වූවෙමි.එහිදී ගහ මරාගැනීම් කිසිවක් සිදු නොවුන අතර සුලු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට  ඉතා සාමකාමී අයුරින් ජය පරාජය විද ගත්හ. තවද වෙනත් මැතිවරණ හා සසදන කල පරිසර දූෂණය ඉතාමත් අවම මට්ටමෙන් සිදු වූ බව මතක් කල යුතුම දෙයකි.පෝස්ටර්, බැනර් සැරසිලි ඉතාමත් සුලු වශයෙන් ප්‍රධාන නගර වල පවා දකින්නට ලැබුනි.

    මෙවර මැතිවරණය සදහා එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදහස් අනූහයක් ජන්ද දායකයන් තම ජන්දය ලබා දීම සදහා වරම් ලබා තිබූ අතර ඒ අතරින් එක් පුද්ගලයකු ලෙස මා ද මාගේ කුලුදුල් ජන්දය ලබා දුන්නෙමි.එය මාගේ සතුටට එක් හේතුවකි. මේ අතරින් ජන්දය ලබා නොදුන් පිරිසද සාපේක්ෂව ඉහළ අගයක් ගනී. එහිදී මිනිසුන්ගේ මතය කවුරුන් බලයට පැමිනියද රටට සිදු වන යහපතක් නොමැති යන්නයි...
        ජයග්‍රහණය කර පුද්ගලයන් ඒ සතුට නිදහසේ විදි අතර ගම් දනව් පුරා කිරිබත් ඉදුනේ සතුටටය.. පරාජිත වූවන් සම සිතින් එය විද දරා ආදර්ශමත් ආකාරයෙන් පිටවී ගියේය.. එය මිනිසුන් මහත් ආඩම්බරයෙන් මතක් කරයි.. කෙසේ හෝ කවුරුන් හෝ තම සිතැඟි ඉටු කරගන්නවාට වඩා රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් යම් දෙයක් කරනවා දැකීම අප කාගේත් බලාපොරොත්තුව වේ. රටට සුබවාදී අනාගතයක් උදාවනු දැකීම මාගේ එකම පැතුමයි..

      M.M.H.P.K.De Silve
      MAPT /19/B1/02

                           මා දුටු  ජනාධිපතිවරණය                                      මෙවර පැවැති ජනපතිවරණය ඉතා තියුණු           මුහුණුවරක් ගත් ආකාරය දකින්නට හැකි වුණා .පක්ෂ හා  විපක්ෂ  දෙපිරිස ම තිියුණු තරගයක් දුන් ආකාරය       දැක ගත හැකි වුණා.මෙවර මැතිවරණය ඉතා  සාමකාමී මැතිවරණයක්  ලෙස හදුනා ගත හැක.කෙසේ නමුත්
මැතිවරණ කාල  සීමාව  තුළ  වැඩි  ජන්ද ප්‍රමාණයක්  ලබා ගත හැකි වීමට ආණ්ඩු පක්ෂය සමත් වුණා.  කෙසේ  වුවත් ජය පරාජය මැද වඩාත් නිවැරදි තීරණය     ගැනීමට  ජනතාව සමත්ව ඇති වග හොදින් ම පසක්  වෙයි .මෙහි දී මැතිවරණ කාල සීමාව තුළ දැක ගත හැකි  වූයේ ජනතාව මල් වෙඩි පත්තු කරමින් තම  සතුට ප්‍රකාශ කළ ආකාරය දැකිය හැකි විය.                                                   තව ද අප පවුලේ  සියල්ලන් ම රූපවාහිනී තිරය  දෙසට  එකතු  වී ජන්ද ප්‍රතිඵල එන විට නොඉවසිල්ලෙන් තොරතුරු ලැබෙන තෙක් සිිට් ආකාරය  සිහිපත් වන විට මුවගට සිනහවක් ද නැග එන්නේ  නිතැතිනි. ඒ අතරවාරයේ අපි සිතුවම් පට නරඹමින් ව්නෝද වුනෙමු. මෙලෙස මුලු රට ම එක ම උත්සවයක්  ව ජන්ද ප්‍රතිඵල දැන ගැනීමට යුහුසුළුවන ආකාරය මනාව දැක ගත හැකි වුණි.
                  කෙසේ  හෝ පක්ෂව හා ව්පක්ෂව වැඩි ජන්ද       අඩු ජන්ද  අතර දෝලනය  වෙමින්  පැවති මැතිවරණය    තුළ ජයග්‍රහණය කිරීමට ආණ්ඩු පක්ෂය සමත් වුණි.
එහිදී  ව්පක්ෂය පරාජය වුවද දෙපිරිස ම ඉතා තිියුණු තරගයක් දුන් ආකාරය දකින්නට හැකි වුණි .මට හැගී ගිය ආකාරයට  මෙම  මැතිවරණය ජනතාව ඉතා නැනවත් ව බාවිත කොට ඇත.මෙමගින්  ඉතා නැණවත්  නායකයන් පිරිසක්  පාර්ලිමේන්තුවට තේරී පත් වුණි .ඒ හරහා මා  සිතන ආකාරයට රට නැවත ගොඩනැගීමට  නිසි නායකත්වයක් අපට ලැබී ඇති වග මොනවට පැහැදිලි වේ.එමගින්  සුභවාදීව ඉදිරිය දැකීමට ජනතාවට දැන් අවස්ථාව උදා වී ඇත.                                                    මා දරන මතයට අනුව කුමන පක්ෂකින් ජය ගත්‍ත ද රට ගොඩනැගීම  වගේම ජනතාවාදී නායකයෙක්  මේ අවස්ථාවේ අපට ලැබී ඇත.එහිදී  නායකයාගේ කාර්ය වන්නේ රට නිවැරදි මාවතේ ගමන් කර වීමට සැලස්වීමයි.මෙලෙස ගත් කල සමස්ථ මැතිවරණය දෙස  බලන කල පෙනී යන්නේ ඉතා  සාධාරණ මැතිවරණයක්  පවත්වා ඇති වගයි.                                  අවසන  මා ප්‍රාර්ථනය කරන්නේ   මේ  නව නායකත්වය සමග අපට ජීවිත් ව්මට  හැකි සන්ව‍ර්ධනයේ  අරුණෝදය නැග එන සුන්දර  රටක් තුළ   දිිව් ගෙවීමට  හැකි  වන්න යන්නයි .                                                                               MAPT /19/B1/19                                                                       K.D.P.M.Kiriwaththuduwa

ජන මතයෙන් අභිසෙස් ලද නව රජුන්

                  රටක මුලික පැවැත්මේ අත්තිවාරම වන්නේ පාලකයා නොහොත් ජන වරමින් අභිසෙස් ගැන්වෙන ජන නායකයාය. අතිතයේ සිටම ශ්‍රි ලංකාවේ පාලනය විවිධ වු රාජ්‍ය පාලකයනට යටත්ව සිදු විය. වර්ථමානය වන විට ප්‍රජාතන්ත්‍රවාදී පාලන සමය එළඹ ඇත. දේශපාලනය යනු රාජ්‍ය බලය අල්ලා ගැනීම සදහාපුද්ගලයන්ගේ කණ්ඩායමක් විසින් සිදු කරන බල අරගලය බව හැකිවිය හැකිය.

                   2015 සිට 2019 වන තෙක් පැවති මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාගේ රාජ්‍ය කාලයට පසු විස්සයි විස්සේ නව ජනාධිපති තෝරා ගැනීමට පසු ගිය දින කිහිපයේ ශ්‍රි ලංකාදිපය පුරා අන්දෝලාත්මක වු ජනපති මත විමසුම දක්නට ලැබින්.  දියවන්නාවේ සුර සැප විදිනා රජ ආසන හෙබවන පිරිස ද මේ කාල වකවානුව තුළ ජනතාවට මුහුණ පෙන්විමට ඉතා උද්‍යෝගයෙන් ජනතාව සොයා එයි. විස්සයි විස්සේ රජ සියසුනට හිමිකම් ලැබිමට නියමිත වන්නේ සර්වජන ජන්ද බලය හිමි විමෙන් පසු 7වන විධායක ජනාධිපතිවරයාය.

                    විවිධ වු පක්ෂ පාට කිහිපයට අමතරව විශාල ජනපති අපේක්ෂකයින් පිරිසක් මෙවර ජන්දය සදහා නාම යෝජනා 2019 ඔක්තෝම්බර්  07 වන දින ඉදිරිපත් කර ඇත. රටේ දියුණුවට වඩා තම ස්වයං අභිවෘද්ධිය උදෙසා මෙතරම් ප්‍රමාණයක් අපේක්ෂකයන් ඉදිරිපත් වුවේද යන්න අපට ගැටලුවකි .35 දෙනෙකුගෙන් යුත් ජනපති අපෙක්ෂකයන් ගේ ජනද පත්‍රිකා වේ දිග අඩි 2 කි.මෙවර  ජනාධිපතිවරණය ට ප්‍රදාන පක්ෂ දෙකෙන් පවුල් වාදය මත පදනම් වු රජපක්ෂ පවුලේ සමාජිකයකු වු ගෝටා මැතිදුන්ද ප්‍රෙමදාස පවුලේ පුංචි ප්‍රෙමදාස ද තරග වදි.

                      ගම් දනවි සිසාරා සජිත්, ගෝටා යනුවෙන් ජය ගෝශා දෙරණ සිසාර රැව් පිළිරැව් නගයි. රට ආගාදයට නොව විශ්වය හමුවේ තාක්ෂණය සමග හරි හරියේ ගණුදෙනු කිරිමට අවශ්‍ය වන නුවනසින් ලොව දකින මහා කලු සිංහලයෙකු රටට අවශ්‍ය බව ජන මතය වේ.
2019 නොවැම්බර් මස 16 වන දින ඉතිහාසයේ පලමු වතාවට අඩි 2ක් පමණ දිගති ජන්ද පත්‍රිකාව රැගෙන ජනතාව මනාපය ඵල කිරිමට යොමු විය. සමස්ථ ජන ප්‍රතිශතයක් 80% ජන්ද ප්‍රමාණය මෙවර හිමි වී තිබේ.

                    දේශිය මෙන්ම  විදේශිය ශ්‍රි ලාංකිකයන් ද ජන්දය ප්‍රකාශ කිරිමට විශාල උනන්දුවක් දක්වන ලදි. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා එක හෙළයේ මැතිවරණ රැලි නොනවත්වා පවත්වන අයුරැ මෙන්ම  විවිධ වු ප්‍රතිපත්ති ප්‍රකාශනයන් හමුවේ තම ජන්දය ලබා ගැනිමට අපෙක්ෂකයන් බොහෝ වෙහෙසක් දරයි.
                 
                     2019 ඉල් මස 17 වනදා අලුයම වන විට ප්‍රතම තැපැල් ජන්ද ප්‍රතිපලය නිකුත් විය. එහි ජයග්‍රහණය ගෝටාබය මැතිදුන්ට හිමි වුවද කෙමෙන් කෙමෙන් ජන්ද ප්‍රතිපල නිකුත් විමේදී උතුරු පළාතේ සුවිශේෂී වු ජයග්‍රහණය සජිත් මැතිදුන්ට හිමි විය .දමිළ ජනතාවගේ විශාල මනාපයක් පුංචි ප්‍රේමදාස ට හිමි වුවද ගෝටාබය මැතිදුන්ට ද විශාල ජනතා මනාපයක්  හිමි විය.

                  මැතිවරණ විචාරකයන් ට අනුව ඔවුන්ගේ අදහස වුයේ දෙවන මනාපයක් ගණනය කිරිමේ අවස්ථාව ක් ඇතිවිය හැකි බවය. එම විචාරක වාර්තා බිද හෙල්මින් සමස්ථ ජන්ද ප්‍රතිපලය ට අනුව ගෝටාබය මහතා 50% වඩා ජන්ද ප්‍රතිපලය ලබා ගනු අතර විපක්ෂ අපෙක්ෂකයකු වු සජිත් මැතිදුන් ජන්ද සටනෙන් ඔහුගේ පරජය බාර  ගෙන ඉවත් වන්නට විය . එමෙන්ම ජ්.ව්.පෙ ද බලාපොරොත්තු වු තරම් ජනතා මනාපයක් ලබා ගැනිමට නොහැකි විය. ජනපති වරමෙන් අභිසෙස් ලද හිටපු ආරක්ෂක ලේකම් වරයෙකු වු ගෝටාබය රාජපක්ෂ මැතිතුමන් වත්මන් ශ්‍රී ලංකාද්වීපයේ 7වන විදායක ජනාධිපති වශයෙන් රෑවැන්වැලි මහ සෑ රදුන් අභියස දිව්රැම් දෙන ලදි.

                   දියවන්නා වේ සුර සැප විදින්නකු නොව බේරේ වැවේ පිපී නෙලුමක් විලස නව රජු භීෂණයෙන් , වංචාවෙන් තොර රජයයක් ලෙස රටම නව මානයක ට මංපෙත් විව්රකරන්නා වු තාක්ෂණයේ හිනිපෙත්තහිම ළෙලදෙන්නට සමානාත්මතාවය , සහවේදනයෙන් ලත් ජනපතිවරයකු ලෙස රජ සිහසුනේ වැජබේ යැයි අභිලාශයෙන් වරම් දුන් ජනතාවගේ දුක හදුනන මහා සිංහලයේ රාජපක්ෂ වරයෙකු හට විස්සයි විස්සෙන් ඇරබෙන රටේ සිහසුන පුද කරමි.🌷🌷🌷🌷🌷🌷🌷


ගිම්හානි මදාරා

මම වෙනුවෙන් නොව අප වෙනුවෙන්


තවත් ගෙවුණු වසර පහකට පසු ශ්‍රී ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරණය පසුගිය දහසය වෙනි දින එනම් වර්ෂ 2019ක් වූ නොවැම්බර් මස 16 වෙනි දින පැවැත්විණ.නව ජනාධිපතිවරයෙක්ද පත්විණ.කැවුම් කිරිබත් කා නැටුම් නටාද හමාරය.සමහරක් තම සේසතම නැති කරගෙනද හමාරය. ඒ කෙසේ නමුත් කොහොම කොහොමින් හෝ මැතිවරණ කොමසාරිස් තුමාගේ ඉමහත් සැනසීමකට ඡන්දයද හමාරය. 

ඡන්දයෙන් ගොඩ ගිය පාර්ෂවය, ඡන්දයෙන් යට ගිය පාර්ෂවය හැරුණුකොට කතා කළ යුතු කාරණා බොහොමයකි. ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කම ඉන් එක් කාරණයකි. මක්නිසාද යත් ලියාපදිංචි ඡන්ද අතුරින් නොවැටෙනා ඡන්දද බොහෝ වෙන බැවිනි. ඡන්දය භාවිතා කිරීම පුරවැසියකුට අනිවාර්ය නොවුනද එය පුරවැසියකුගේ අයිතියකි. තම හඬ රටක තීරණාත්මක තීරණයක් වෙනුවෙන් නිහඬව එසවීමට ඇති අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ සමස්ථ ජනයා අතුරින් ඡන්ද හිමිකම ලැබෙන්නේ සීමිත කොටසකට පමණි.තවත් අතකට මෙය පුද්ගලයකු ලබන්නා වූ වරප්‍රසාදයකි. මෙම වරප්‍රසාදය භාවිතා නොකරන කොට්ඨාසයක්ද වෙයි. 

                 ඇත්තය.ඡන්දය දානවාට වඩා නොදා ඉඳිම හොඳයැයි කීවොත් එය අතිශෝක්තියක් නොව.ශ්‍රී ලංකාවේ අතීතය හා දේශපාලනය ගලපන කළ සමහරක් ජනතාවට ඇත්තේ කලකිරීමකි.පාලකයෙකුගෙන් බලාපොරොත්තු වූ දේවල් නොලැබෙන විට එසේත් නැත්නම් දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය අත් විඳ ඇති විට පුද්ගලයකු ඡන්දය දැමීමට පසුබට වේ.තවද දේශපාලකයන්ගේ පුහු ආටෝප කතාවටද 'සුකුරුත්තම්' වැඩ වලටද අප්‍රියක් ඇති වීමෙන් ඡන්දය භාවිතා නොකිරීමට ඉටා ගනියි. තව බොහොමයක් දෙනෙක්ට පාලකයන් හා මෙම දේශපාලනය නම් සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවම විශ්වාසයක් නොමැත.සත්තකින්ම ලංකාවේ දේශපාලනය ගත් කළ පාලකයින්ව විශ්වාස කිරීම නම් කිසිසේත්ම කළ නොහැක්කකි.       "කවුරු ආවත් ඔච්චරයි"                                        "ඔය කවුරුත් අපිට කන්න අඳින්න දෙනවැයි"   ජනතාව දේශපාලනය පිළිබඳව මෙවැනි අදහස් දැරීම වැරදියැයි කිව නොහැක.

                නමුත් එක් ඡන්දයක වටිනාකම අප තේරුම්ගත යුතුය.අපේ බඩට කෑම හොයාගන්නේ අපි බව ඉතාමත් හරිය.නමුත් බඩ ගැන මෙන් අපට රට ගැන සිතිය නොහැක.අපට බඩ ගැන බලාගත හැකිමුත් රටක් නියමාකාරයෙන් බලාගැනීමට නම් පාලකයෙකු පත්කරගැනීම අනිවාර්ය වෙයි.එම පාලකයාගේ හිතු මනාපෙට නොව රටක මහ ජනතාව වශයෙන් අපට අවැසි දේ එම පාලකයා ලවා සිදු කරගැනීමට අපි වග බලාගත යුතුය.දැන් තාක්ෂණයත් සමගම ජනතාවද ඉතා දියුණුය.එබැවින් ජනාධිපතිවරයෙක්ට රටක ජනතාවකගේ අකමැත්තට වැඩ කළ නොහැකිය.මහ ජනතාව වන අපි එක් පාලකයෙක්ට වඩා බලවත් බව අප තේරුම්ගත යුතුය.

සත්තකින්ම කාරණය නම් මෙයය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් අර්ධ ශතකයට ආසන්න තරම් ගණනක් ඉල්ලුම් කලා වීමට පුලුවන.ඒ අතරිනුත් අපේක්ෂකයින් දෙදෙනෙක් බලවත් වුනා වෙන්නත් පුලුවන.ඒ අපේක්ෂකයින් දෙදෙනාගේම බොහෝ අඩුපාඩු තිබුණා වෙන්නත් පුලුවන.මේ අපේක්ෂකයින් දෙදෙනාටම අඩුපාඩු ඇති බැවින් ඡන්දය නොදී සිටීමට නොව ඒ අතුරින් අඩුපාඩු වඩා අඩු පුද්ගලයා කවුරුන්දැයි තේරුම්ගනිමින් ඡන්දය පළ කිරීමට මහ ජනතාව වශයෙන් අපට දැනුමක් තිබිය යුතුය.මන්දයත් අඩුපාඩු වඩා වැඩි පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස පත්වුව හොත් රටට වෙන වින්නැහිය සිතා ගැනීමටවත් නොහැකිවනු ඇත.

පක්ෂය වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යුතුය.යටගිය පරම්පරාව වෙනුවෙන් නොව ඒමට සිටින පරම්පරාව වෙනුවෙන් අපගේ වටිනා ඡන්දය භාවිතා කළ යුතුය.එය ශ්‍රී ලාංකීය පුරවැසියකු වශයෙන් ඔබේ මගේ වගකීමකි.මම වෙනුවෙන් නොව අපි වෙනුවෙන් "මම ඡන්දය දමන්නෙමි " යි යන තැනට අප අදහස් වෙනස් කර ගත යුතුය.

-ක්‍රිෂෙල් වර්ණකුලසූරිය-

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරණය

දේශපාලනය ,,,,,,,,,, 
                               දේශපාලනය යන වචනය ගත් කල එහි මහත් වූ බැරෑරැම් කාර්‍යයක් ගැබ්ව ඇත. එනම් දේශපාලනය යන්නෙන් අදහස් කරනුයේ දේශය පාලනය කිරීමයි. එය ඔබ අප හිතන තරම් පහසු වූවක් නොවේ. රටක් තුල ජීවත් වන සියලු ජනයා විශ්වාසය තබනුයේ දේශපාලනය මතයි. රටක පවැත්මත්, සංවර්ධනය ඉහල යෑම සදහාත් මෙන්ම රටක සංවර්ධනය බිද වැටී රට ආර්ථික අතින් කඩා වැටීමටත් මහත් ලෙස බලපාන සාධකය වනුයේ දේශ්පාලනයි. දේශය පාලනය කිරීම සදහා පාලකයන් පත් කිරීමට සියලු පුරවැසියන් හට නිදහස හිමි වූයේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේය. ඒ හරහා සියලු පුරවැසියන් හට සර්වජන ජන්ද බලය හිමි විය. එත් සමග ජනයාට තම කැමත්ත පරිදි රටට පාලකයන් පත් කිරීමට හැකියව උදා විය. 
           
                සර්ව ජන ජන්ද බලය හිමි වූවත් බොහෝ ජනයා තුල තමන් තෝරා පත් කර ගත යුත්තේ කවර ආකාරයේ පුද්ගලයෙක්ද යන්න තීරණ ගැනීමේ හැකියාවක් නොමැත. එසේම ඒ සදහා යෝග්‍ය පරිසරයන්ද අහිමි වෙමින් පවතී. ඇතැම් බුද්ධිමත් පුද්ගලයන් දේශපාලනයට පැමිණෙන්නේ රටට සේවයක් කිරීමේ අරමුණෙනි. එම අරමුණින් පැමිණෙන දේශපාලකයන්ගෙන් රටට සේවයක් සිදු වුවද තමන්ගේ වාසිය තකා සහ දේශපාලනය රැකියාවක් බවට පත් කරගනිමින් පැමිණෙන දේශපාලකයන්  නැතුවාම නොවේ. ඔවුන් තුලින් ජනතා සේවයක් ඉටු වෙනවාද නැද්ද යන්න ඔබට බාරය. එමෙන්ම නිවැරදි පාලකයන් තෝරා  පත් කිරීමද ඔබට භාරය. 

          කෙසේ වෙතත් මේ දිනවල විශාල ලෙස කතා බහට ලක් වූයේ දේශපාලන බලවේගයේ තීරණාත්මක සාධකය වන ජනාධිපතිවරණය ගැනයි. වසර 05 කට වරක් උදා වන මෙම අනගි අවස්ථාවට තම වටිනා ජන්දය භාවිතා කිරීමට ජනතාව පුන පුනා  බලා සිටි අයුරු මා හට තවමත් මතකය. 
     
               එම තීරණාත්මක ජනාධිපතිවරණය මෙවරත් එනම් 2019 වර්ශයේ නොවැම්බර් මස 16 දින පැවැත්විණි . හත් වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට ජනයා වැල නොකැඩී ජන්ද මධ්‍යස්ථාන වෙත ගිය ආකාරය බාලා ඉන්නට තරම් අපූරුය. ජන්දයට පෙර ජනතාව තුල මහත් උද්‍යෝගයක් දක්නට ලැබුනි. ඒ තම රටට නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට ඇති අවශ්‍යය තාවයේ උද්‍යෝගයයි. ජන්දයට පෙර ජනතාවගෙන් මා ජනාධිපතිවරණය පිලිබඳව විමසුවෙහි. ඉන් මා හට ගම්‍ය වූයේ ජනතාව විවිධ පක්ෂ කෙරෙහි, විවිධ පුද්ගලයන් කෙරෙහි විවිධ මත දරන බවක් ය. සමහර ජන්ද දායකයන් තමන්ගේ ජන්දය භාවිතා කිරීමට සූදානමින් සිටියේ පරම් පරාවෙන් පැවතගෙන එන ආකාරයටය. ඇතමුන් තම ජන්දය බුද්ධිමත්ව සිතා කා හට දිය යුතු දැයි තීරණය කර තිබුණි. තවත් සමහරු වෙනසක් බලාපොරොත්තුවෙන් ජන්දය භාවිතා කිරීමට සූදානම්ව සිටියහ. ඒ අතර තවත් පිරිසක් තම වාසිය පතා තම නිදහස් ජන්දය භාවිතා කිරීමට සූදානමින් සිටියහ. 

                        කෙසේ හෝ රට තුල වෙසෙන සියලු ජන්ද දායකයන් තම වටිනා ජන්දය හත්වන විධායක  ජනාධිපතිවරයා පත් කර ගැනීම සදහා භාවිත කොට හමාරය. ජන්දය ලබා දුන් පසු ජනයා තුල දක්නට ලැබුනේ මහත් නොසන්සුන් තාවයකි. ඒ හත්වන විධායක ජනාධිපතිවරයා කවුරුන් වේවිද යන සැකය තැතිගැම්ම නිසාවෙනි. මෙවර ජනාධිපතිවරණය මා දුටු අයුරින් ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් කෙරෙහි  දැඩි ලෙස ඉලක්ක ගත වී තිබුනි. අපේක්ෂකයන්ටත් වඩා විශාල  තරගයක් පක්ෂ වලට වෙන් වී බෙදී සිටි ජනතාව තුල දක්නට ලැබුනි
            කෙසේ හෝ 2019 නොවැම්බර් මස 17 වන දින සියලු  ජන්ද දායකයන් බලාපොරොත්තුවෙන් සිටි ජන්ද ප්‍රතිඵල නිකුත් විය. එ ජනාධිපතිවරයා තෝරා පත් කරමිනි. රට පුරා ගිගිරුම් හඩවල් ඇසෙන්නට විය. රට පුරා කිරිබත් ඉදෙන්නට විය.ඒ තමා බලාපොරොත්තු වූ අපේක්ෂකයා ජනාධිපතිවරයා වීමේ සතුටටය. පිරිසක් එසේ තම සතුට සමරන විට තවත් පිරිසක් තම පරාජයේ වේදනාව විද දරා ගත්තේය. කෙසේ වෙතත් තම පරාජය විද දරාගනිමින් රට තුල කළ කෝලහාල නොකිරීම නිසාවෙන් එම ජනයා පිලිබඳව මා හද තුල ඇත්තේ  අභිමානයකි. 

        ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල උදා වූයේ මෙලෙසිනි. 



                                    මේ ආකාරයට මැතිවරණයේ නිමාව සටහන්  වී හමාරය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් මස 18 දින ඓතිහාසික රුවන්වැලි සෑරදුන් අභියසදී දිවුරුම් දුන්නේය. 






                                      මේ ආකාරයට පත් වූ නව ජනාධිපතිවරයා හට සුභ පතුම් එක්කරන අතර කවුරුන් කෙසේ ජනාධිපති වුවද ඔහුගේ වගකීම හරි හැටි තේරුම් ගෙන ක්‍රීයා කල යුතුය.එමෙන්ම රටේ යහපත පතා තීන්දු තීරණ ගත යුතුය. මෙවර ජනයා තෝරපත් කරගත් ජනාධිපතිවරයා හට අප රට සංවර්ධනයේ ඉහලටම ගෙන යෑමට මා සුභ පැතුම් එක් කරමි. 



                                                                                                               සටහන  ÷   K.M.P.S.සුරවීර  
                                                                                                                                     MAPT/19/B1/34

මෙවර ජනාධිපතිවරණය

රටේ ජනාධිපතිවරයා යනු රටේ ප්‍රමුඛ දේශපාලන ප්‍රතිරූපයයි. ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති, චන්දයෙන් තේරී පත් වන අතර ඔහු රජයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා වේ. 
ඉකුත් නොවැම්බර් 16 වෙනිදා මෙම තනතුර සදහා සුදුස්සෙකු පත් කර ගැනීමට ජනාධිපතිවරණයක් පැවතුනි. මෙහිදී සුවිශේෂී කරැණක් වූයේ මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 35  දෙනෙකු සහභාගි වීමයි. මන්ද යත් මෙතෙක් පැවති මැතිවරණ වලින් වැඩිම අපේක්ෂකයන් පිරිසක් සහභාගි වූ මැතිවරණ මෙයයි. 
රටේ පවතින තත්ත්වයත් සමග අප රටට අවශ්‍ය වන්නේ යෝද සෙවනැල්ලකි. රට තුල නිදහසේ ජීවත් වීමට ජනතාවට හැකි වන පරිදි ද ආර්ථිකය ඉහළ නැoවිය හැකි, රටට පන මෙන් ආදරය කරන, මනා දැනුම් සම්භාරයකින් යුත්, පෞර්ෂත්වකින් යුත් පුද්ගලයෙකු රටේ ජනාධිපතිවරයා වීම අනිවාර්ය වේ.
 මෙවර කුළුදුල් චන්දය ප්‍රකාශ කිරීමට මටද අවස්ථාව උදා වුනි. ඒ අනුව ඉහත කාරණා සියල්ල හිමි පුද්ගලයෙකු හට මා මාගේ චන්දය ප්‍රකාශ කලහ.
7 වන විධායක ජනාධිපති තෝරා පත් කර ගන්නා මෙවර ජනාධිපතිවරණයට ප්‍රදාන පක්ෂ 2ක් අතර විශාල තරගයක් පැවතිනි. එක්සත් ජාතික පක්ශයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හoසයා ලකුණෙන්ද  පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුව ලකුණෙන් ද තරගයේ යෙදුනහ.
ඉන් පසු ප්‍රතිඵල ප්‍රකාශ වන මුල් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ  සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව පෙනී ගිය අතර වේගවත් ලෙස එතුමා උතුරු හා නැගෙනහිර ආසන ජයග්‍රහණය කිරීමට සමත් විය. දමිළ ජනතාව ඔහු හට වැඩි මනාපයක් දක්වන බව පෙනී ගියේය. ඉන් පසු මධ්‍යහ්න කාලය වන විට පොදු ජන පෙරමුණේ ගෝඨාභය  රාජපක්ෂ මහතා බහුතර සිoහල චන්ද  හිමි කර ගත්හ.අවසානයේදී මෙතෙක් වාර්තා වූ වැඩිම චන්ද ප්‍රතිශතය ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කලහ.
2019.11.18 දින 7වන විධායක ජනාධිපති ලෙස බෞද්ධයාගේ මුදුන් මල් කඩ බදු අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිපිට දියුරුන් දුන් අතර එතුමන් හට අප රට තව තවත් දියුණුවට පත් කිරීමට එතුමන් හට ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


තරූෂා ඩිල්ෂානි උඩවෙලආරච්චි.
MAPT/19/B1/23

කොයි කවුරුත් බලා සිටි 16
කොයි කවුරුත්ද දෑස් දල්වන් බලන් සිටියෙ නොවැම්බර්  මස 16 වන දින උදා වන්නේ කවදා දැයි බලා ගෙනය. ඒ ශ්‍රී ලංකාවේ තීරනාත්මක දිනයක් වන ලංකාවෙ මීලග හත්වන විධායක ජනාධිපති  කවුරුන්ද යන්නයි.මෙවර අපේක්ෂකයින්  35 තරග වැදුනි.අපේක්ෂ්කරයින් 35 උවද 100 උවද මිනිසුන් චන්දය දෙනු ලබන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂ්කයින් හට වේ.ප්‍රධාන පක්ෂ දෙක වන්නේ එක්සත්ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනයි.ඉන් අනතුරුව ඇත්තේ ජාතික ජනබලවේගයයි. ඒ අනුර කුමාර මහතා නියෝජනය කරනු ලබන පක්ෂය යි.එය ගිය වර ජනතා විමුක්ති පෙරමුන වේ.මෙවර කුඩා සංවිධානයන් රැස් කරගනිමින් එය බලවෙගයක් බවට පත් විය.මෙහි මුල්ම ජන රැලිය පැවැත් වූයේ කොලබ ගාලු මුවදොර පිටියේදීය.එක්සත් ජාතික පකෂයේ රැලියද එම ස්තානයේම පැවැත් වූ අතර පොදු ජන පෙරමුනේ රැලිය අනුරාධපුරයේදී පැවැත්විය.ජාතික ජන බලවේගයට ගිය වර ගත් 5% මෙවර අහිමි විය.කෙසේ වෙතත් ජනතාව පුන පුනා බලා සිටියේ GOTA, SAJITH අතුරින් කවුරුන් මීලග ජනාධිපති  වෙයිද යනුවෙනි.මෙය බල කදවුරු දෙක අතර ඇති වූ සීතල යුද්ධයක් වැනිය. හන්සයා ඉදිරියේ X ගසා SAJITH දින්වන්න යනුවෙන් හා 🌷 ඉදිරියෙන් X ගසා GOTA දිනවන්න යනුවෙනි.නොවැම්බර් 16 උදා විය මම උදේම චන්ද පොලට ගියෙමි චන්ද පොලේදීද සම හරක් මිනිසුන් හන්සයා පොහොට්ටුව යන්න වාද විවාද කරයි.රාත්‍රිය උදා විය. නගරය හැලහොල්මනක් නැතිවිය.කිසිවකුගේ කට හඩක් නැත.අලුයම උදාවිය. රතිඤ්ඤා හඩ දසතින් අසෙන්නට විය.අලුයම 5 වන විට ගොඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ඇති බවට නිල නොවන ආරන්චි මාර්ගයන්ගෙන් දැන ගැනීමට හැකිවිය. උදෑසන වන විට සියල්ල හමාරය GOTA GOTA දසතින් අසෙන්නට විය.සජිත් ප්‍රේමදාස මහතා පරාජය බාරගෙන ත්මන් පක්ශයේ නියෝජ්‍ය  නායක. දූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක් සිදු කරයි.අනතුරුව පොහොට්ටුව පිබිදෙන්නට විය. නමුත් 2015 මුහුනු මෙදාත් දැක ගැනීමට හැක.කිසිවක් වෙනස් වී නැත.මිනිසුන් මුලාවට පත් වී ඇත.සිස්ටම් එකක් change කරමින් සිටියි.මෙවා බොරු බයිලා.තව ටික කලක් යනවිට සුපුරුදු රිද්මයට අනුගත වේ.කියන්නට බොහෝ දේ ඇත.කියා නිම කරන්නට බැරිය.අපට ලැබෙන දෙයක්ද් නැත.නව ජනාධිපති  හට සුභපැතුම් පුද කරමි.

                                   සටහන :- නිපුන් රාජපක්ෂ
                                             MAPT/19/B1/16

Presidencial election

இலங்கை வாழ்க்கை தொழில் சார் தொழில்நுட்ப பல்கலைக்கழகம் வெற்றியின் 10வது அகவை






   இலங்கை வாழ்க்கை தொழில் சார்  தொழில்நுட்ப பல்கலைக்கழகம்
வெற்றியின் 10வது அகவை
Image result for 10th anniversary
பல்கலைக்கழகம் உங்கள்   வாழ்க்கையை படிப்படியாக வெல்ல சரியான இடம். உலகை பிரகாசமாக பிரகாசிக்க வைக்கும் பூக்களை மலர வைக்கும் பூங்காவே பல்கலைக்கழகம். பல்கலைக்கழகமே கல்விக்கான சரியான தகுதிகளை உருவாக்குகிறது.
        A/L பாடத்தில் தேர்ச்சி பெறும் ஒவ்வொரு மாணவரின் விருப்பமும் ஒரு பல்கலைக்கழகத்தில் பட்டம் பெற்ற பிறகு ஒரு சிறந்த வேலையைப் பெறுவதுதான். சமுதாயத்திற்கு நன்மை செய்யக்கூடிய ஒரு குடிமகனை உருவாக்குவது ஒரு பல்கலைகழகம் ஆகும்.
                  இதற்கிடையில், இலங்கை வாழ்க்கை தொழில் சார்  தொழில்நுட்ப பல்கலைக்கழகம் இலங்கையின் ஒரே ஒரு தொழில்நுட்ப பல்கலைக்கழகமாகும். இந்த பல்கலைக்கழகம் உலகின் மிகச் சிறந்த பல்கலைக்கழகங்களில் ஒன்றாகும், இங்கு உள்ள தொழில்நுட்பம் உலகின் மிகச் சிறந்த ஒன்றாகும். 2009 இல் நிறுவப்பட்ட இது 2019 ஆம் ஆண்டில் காலடி எடுத்து வைப்பதன் மூலம் 10 வது ஆண்டு நிறைவையும் தனது வெற்றியையும் குறிக்கிறது.
          Image result for uovt
   இலங்கை வாழ்க்கை தொழில் சார்  தொழில்நுட்ப பல்கலைக்கழகம்         இரத்மலானையில் அமைந்துள்ளது. இந்த பல்கலைக்கழகத்தில் தொழில்நுட்ப பட்டம் பெறலாம். தொழில்நுட்பத்துடன் போராடும் ஒரு சமூகத்தில் மற்ற தொழில்களை விட தொழில்நுட்ப பட்டத்தின் மதிப்பு மற்றும் தொழில்முறை திறன் மிக அதிகம். இலங்கையின்  வாழ்க்கை தொழில் சார்  தொழில்நுட்ப பல்கலைக்கழகம் இரண்டு பீடங்களைக் கொண்டுள்ளது.

             1)யிற்சி தொழில்நுட்ப பீடம் (FTT)
             2) தொழில்முறை மற்றும் தொழில்துறை தொழில்நுட்ப பீடம் (FIVT)

12 துறைகள் மற்றும் 15 பட்ட படிப்புகள் உள்ளன.

FTT துறைகள்

* தகவல் தொழில்நுட்பத் துறை
* மொழி ஆய்வுகள் துறை
* முகாமைதுவ தொழில்நுட்பத் துறை
* கல்வி பயிற்சி தொழில்நுட்பத் துறை
  FIVT துறைகள்

* கட்டுமான தொழில்நுட்பத் துறை
* கட்டிட சேவைகள் தொழில்நுட்பத் துறை
* மின் மற்றும் இயந்திர தொழில்நுட்பத் துறை
* திரைப்பட மற்றும் தொலைக்காட்சி தொழில்நுட்பத் துறை
* வேளாண்மை மற்றும் உணவு தொழில்நுட்பத் துறை
* அளவு கணக்கெடுப்பு துறை
* உற்பத்தி தொழில்நுட்பத் துறை
* ஹோட்டல் முகாமைதுவ தொழில்நுட்பத் துறை


இந்த துறைகளின் கீழ் பட்ட படிப்புகள் நடத்தப்படுகின்றன.


FTT  பட்ட படிப்புகள்

* வலையமைப்புதொழில்நுட்பத்தில் இளமானி பட்டம்
* மென்பொருள் தொழில்நுட்ப  இளமானி பட்டம்
* மல்டிமீடியா மற்றும் வலை தொழில்நுட்பஇளமானி பட்டம்
* ஆங்கில மொழி கற்பித்தலில் கலைஇளமானி பட்டம்
* முகாமைதுவ தொழில்நுட்பத்தில் இளமானி பட்டம்


FIVT  பட்ட படிப்புகள்

* கட்டுமான சேவைகள் தொழில்நுட்பத்தில்இளமானி பட்டம்
* கட்டிட சேவைகள் தொழில்நுட்பத்தில் இளமானி பட்டம்
* உற்பத்தி தொழில்நுட்பத்தில் ஊடக இளமானி பட்டம்
* இயந்திர மின்னணு தொழில்நுட்ப இளமானி பட்டம்
* உணவு பதப்படுத்தும் தொழில்நுட்ப இளமானி பட்டம்
* உற்பத்தி தொழில்நுட்பத்தில் இளமானி பட்டம்
* அளவு கணக்கெடுப்பு தொழில்நுட்ப தொழில்நுட்ப வல்லுநரின் இளமானி பட்டம்
* ஹோட்டல் முகாமைதுவ  இளமானி பட்டம்
* திரைப்படம் மற்றும் தொலைக்காட்சி தொழில்நுட்ப இளமானி பட்டம்.

                                                      Image result for uovt
  இந்த பல்கலைக்கழகத்தில் உள்ள பிற பல்கலைக்கழகங்கள் வழங்கும் தொழில்நுட்ப பட்டம் நடைமுறை நடவடிக்கைகள் மூலம் வழங்கப்படுகிறது என்பது குறிப்பிடத்தக்கது. ஒரு பல்கலைக்கழக மாணவர் என்பது எப்போதும் அறிவைத் தேடும் ஒரு நபர். அவர் எப்போதும் சமூகம் மற்றும் சமூகத்தின் அறிவைத் தேடும் ஒரு நபர். இதற்கு புதிய ஊடகங்கள், நூலகம் மற்றும் பிற வசதிகள் தேவை. அதற்கேற்பவளாகத்தில் ஆய்வக வசதிகள், நூலகங்கள் மற்றும் ஸ்டுடியோ வசதிகள் உள்ளன.
                        தே.தொ.ம தகுதி அடிப்படையில் மாணவர்கள் ஆரம்பத்தில் பல்கலைக்கழகத்தில் நுழைய தேர்வு செய்யப்பட்டிருந்தாலும், 2017 ஆம் ஆண்டு முதல், அவர்களும் மேம்பட்ட மட்டத்திலிருந்து தேர்வு செய்யப்பட்டனர். இந்த பல்கலைக்கழகத்தின் மற்றொரு முக்கியமான கற்பித்தல் செயல்பாடு, வார இறுதியில் தகுதி பெற்ற மாணவர்களுக்கு தங்கள் பட்டப்படிப்பைத் தொடர வாய்ப்பளிப்பதாகும்.
                         பல்கலைக்கழகம் துவங்கி பத்து ஆண்டுகள் கடந்துவிட்டன, பல்கலைக்கழக மாணவர்கள் தங்கள் போட்டிகளில் பல வெற்றிகளைப் பெற்றுள்ளனர் மற்றும் பல்கலைக்கழகத்தின் பெயரை இலங்கை முழுவதும் மற்றும் சர்வதேச அளவில் கொண்டு சென்றுள்ளனர். அத்தகைய பல்கலைக்கழகம் நிச்சயமாக மிகவும் திறமையான சில தொழில் வல்லுநர்களை வேலை உலகிற்கு உருவாக்கும்.
               என்பதில் ஐயம் எதுவும் இல்லை இந்த திறமை மிக்க பல்கலைக்கழகத்தின் புகழும் திறமைகளும் இலங்கை முழுவதிலும் உள்ள மாணவர்களை தனிவயப்படுத்த வேண்டும் என்று வாழ்த்துகிறேன்.

D.F.RIBISHAN
MAPT/19/B1/25
*~මා දුටු මැතිවරණය*~

 _"ප්‍රජාතන්ත්‍රයේ ප්‍රකාශනය ඡන්දයයි"_

පසුගිය 16 වන දින මෙරට මහජනතාවට එෙතිහාසික දිනයක් විය.එනම් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා පත්කර ගැනීමේ අයිතිය ජනසතු වූ නිසාවෙනි.මෙම මැතිවරණය මීට පෙර පැවති මැතිවරණ සමග සසදන විට විශේෂ මැතිවරණයක් වූ අතර එ් සදහා හේතූන් කිහිපයන් බලපාන්නට විය.එයින් ප්‍රධාන හේතුවක් වූයේ ලංකා ඉතිහාසය තුල ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් දක්නට ලැබුනේ මෙම මැතිවරණයෙනි.එ් සදහා තරගකරුවන් 35 දෙනෙකු ඉදිරිපත් වූ අතර එ් අතරින් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් අතර පැවතියේ උණුසුම් තරගයකි.

මෙම මැතිවරණය වෙනදා මෙන් අැදිරි නීති, ප්‍රචණ්ඩ ක්‍රියා වලින් තොරව ශ්‍රී ලංකා  ඉතිහාසය  තුල පැවති සාමකාමීව මැතිවරණය ලෙස පෙන්වා දිය හැකිය.කෙසේ වෙතත් අවසානයේ 16වන දින සවස 5වන විට ජනතාපරමාධිපත්‍ය බලය අවසන් වූ අතර පසුදා උදෑසන ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග අපට වැටහී ගියේ ඊලාම් ජාතිවාදීන් රට දෙකඩ කිරීමට ගත් ප්‍රචණ්ඩ අායාසයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන් ජනතාව විසින්ම වෙන්කර ගැනීමේ තැනට තල්ලු වීම මොනතරම් බිහිසුණුද යන්නයි.පසුගිය 17 වෙනිදා ලංකා සිතියමේ උතුරු -නැගෙනහිර කොල පාටත් දකුණු ප්‍රදේශ රක්ත වර්ණයෙන් දිස් වීමට බලපෑවේ එ් එ් ජන්ද අපේක්ෂයකයින් ජනතාවට ලබාදුන් පොරොන්දු වල ප්‍රතිඵලයක් වශයෙනි.එ් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොවේද? මහා ජාතිය සිංහල වූ පලියට දෙමළ මුස්ලිම් ජනතාවට තම අයිතීන් දිනාගැනීමේ අවකාශය නොමැතිද?  තම ස්වාධීන කැමැත්ත ජන්දය මගින් ප්‍රකාශ කිරීමේ හැකියාව ජනතාව සතුය.එයින් පෙනී යන්නේ උතුරේ ජනතාව සජිත්ටත් දකුණේ ජනතාව ගෝඨාභයටත් යන්න නොවෙයි.සජිත්ට වඩා දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලන අරමුණු ගෝඨාභයගෙන් ඉටුකරගත හැකියි යන විශ්වාසයෙන් ඔවුන් ඡන්දය ලබාදුනි.ජනතාවගේ මූලික අපේක්ෂාව වන්නේ පිවිතුරු, පිරිසිදු , තිරසාර සංවර්ධනයකට මෙරට ළගාකරගත හැකි පුද්ගලයකු ජනාධිපති බලතල ලබාදීමය.අාසියාවේ මුතු අැටය පසුගික වකවානුවේ කදුලු බිදුවක් බවට පත්වූයේ පාලකයන්ගේ අමන්‍යෝඥ ක්‍රියාකලාප නිසාවෙනි.

17වන දින උදෑසන වන විට ජනතා පරමාධිපත්‍ය බලය ඔස්සේ බහුතර ජනතා කැමැත්තෙන් හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කල ගෝඨාභය රාජපක්ෂ මහතා  හැට නව ලක්ෂ විසි හතර දහස් දෙසිය විසි පහක ජනකා මනාපයෙන් තේරී පත්විය.පනස්පන් ලක්ෂ තිස්නව දාහක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා දෙවනි ස්ථානය ලබාගත් අතර ලක්ෂ 13ක වැඩි ජන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට හත්වන විධායක ජනාධිපති වීමේ භාග්‍ය උදාවිය.

රුවන්වැලි මහ සෑ රදුන් ඉදිරිපිට දිව්රුන් දුන් ගෝඨාභය මැතිදුන් ප්‍රකාශ කර සිටියේ ඔහු විජයග්‍රහණය කරනු ලැබුවේ බහුතර සිංහල ජනතාවගේත් මහා සංඝ රත්නයෙත් ජන්ද වලින් බවයි.ප්‍රතිඵලය කෙසේ වෙතත් පාට පක්ෂ භේදයකින් තොරව ජනතාවට සේවය කිරීමේ වගකීම ඔහුට පැවරී හමාරය.

2019 නොවැම්බර් මස 16 වන දින පැවති මැතිවරණය අප දුටු සාමකාමීව මැතිවරණය කිවහොක් මා නිවැරදිය.අවසන් වශයෙන් කිව හැක්කේ ගුණගරුක,නීතිිගරුක ,විනයගරුක සංවර්ධිත,ත්‍රස්තවාදයට නොනැමෙන රටට වෙන්වූ අාර්ථික දැක්මක් අැතිව ඉදිරි වසර 5 ක කාලය ජනතාවට අාර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ප්‍රමුඛතම අනාගතයක් හිමිකර දීමට කටයුතු කලහොත් සෑම අතින්ම
සෑම කෝණයකින්ම සෑම මානයකින්ම හෙම්බත්ව සිටින ශ්‍රී ලාංකික අපට එය පමණක් ප්‍රමාණවත් වනු අැතැයි මාගේ විශ්වාසයයි.

MAPT/19/B1/36
Tharushi anjala
මා දුටු ජනාධිපතිවරණය
ලෝකයේ සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකම දක්කන්ට ලැබෙන සුවිශේෂී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වන්නේ කලින් කලට මැතිවරණ පැවැත්වීමයි.නමුත් තවමත් ලොකයේ ඇතැම් රටවල් සමාජවාදී ස්වරූපයෙන් සිටීම දැකිය හැකිය. පළවන,පළවන,දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැවත එවැනි කියාවන්ගෙන් වැලැකී සිටීමට විවිධ ජාත්‍යන්තර සංවිධානයන් ලෝකය තුල දැකගත හැකිය. වර්තමානය වනවිට අපට දැක ගැනීමට හා ඇගවීමට ඇතැම් රටවල සීතල යුද්ධයක් පවිතිනවා යැයි හැගේ.මන්ද ඔවුන් කරනු ලබන විවිධ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසාය.
                  කෙසේවුවද ශ්‍රී ලංකාව නැමති කුඩා දූපත තුල මැතිවරණ නම් ජයටම සිදිවෙමින් පවතී
එසේ කීමට හේතුව ශ්‍රී ලංකාව තුල මෙම මැතිවරණවල දක්නට ලැබෙනෙ ජනප්‍රියත්වයයි.2015 ජාධිපතිවරණයෙන් හැටදෙලක්ෂයක් වූ ජනතා ඡ්න්දයෙන් ජානධිපතිවරයෙකු තෝරාපත් කර ගනු ලැබීය.එය සම්මුතිවාදී නොයෙසේනම් යහපාලන අණ්ඩුව ලෙස ජන්ප්‍රිය විය. පැවති පාලනයේ වංචා දූශන සෙවීමටත් මිනීමැරුම් නඩුවල අයිතිකාරයෝ සෙවීමටත් ,වසීම් තාජුඩීන් ඝාතනය ,ලසන්ත ඝාතනය ,එක්නැලිගොඩ අතුරුදහන් වීම් වැනි තවත් විශාල වංචා සෙවීමට එම රජය පත්විය.
                       නමුත් කෙමෙන් කමෙන් කාලය ගතවන්නට විය .පැවති රජයේ වංචා දූශන එලි කිරීමට අපොහොසත් විය.නමුත් යහපාලන අණ්ඩුවෙ විවිධ වංචා දූශන එලිවීමට පටන් ගත්හ .බැදුම්කර වංචාව මෙතෙක් සිදුවූ විශාලතම වංචාව ලෙස ඇතමුන් ප්‍රකාශ කරනු ලබයි.නමුත් ඒවායේ ඇත්ත නැත්ත තවමත් හරියට නොදනී. කෙසේ වුවද 2019 ජනාධිපතිවරණය පැවැත්විණි . ප්‍රධාන බලකදවුරු වූයේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුක පොදුජන පෙරමුන හා සජිත් ප්‍රේමදාස ප්‍රමුක නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයයි.
                   විශේෂයෙන් මොවුන් දෙපලගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්කල විවිධ පරස්පර වූ අදහස් දක්නට ලැබුණි.ජනපතිවරවරණයේ සියලු කටයුතු කෙමෙන් කෙමෙන් අවසන්විය අපේක්ෂකයින් දෙදෙනාට අමතරව තවත් තිස්පස්දෙනෙකු ජනාධිපතිවරණය සදහා තරග කරනු ලැබීය.මෙය මැතිවරණ ඉතිහාසයේ විශාලතම ජනාධිපතිවරණයයි එමෙන්ම වියදම් අධිකම මැතිවරණ වීමද මෙයයි.සියල්ලන් උදෑසනින්ම ඡන්ද පොළට ගොස් තම ඡන්දය භාවිතා කෙරිනි. කෙමෙන් හොරා ගතවන්නට විය. වේලාව සවස පහයි. දැන් ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කරන ස්තානයන්වලට ගෙන යනු ලබයි.කේසේ වුවද වෙනත් ජනාධිපතිවරණයන්වලට වඩා මා දුටු සාමකාමී මැතිවරණයක් ලෙස කිව යුතුමය .ඒ රජයේ පැවතී දක්ශතාවයයි. කෙමෙන් හොරා ගතවිය ඡන්ද ප්‍රතිඵල අවසානයේ දෙදෙනාගෙන් එක් අයෙකු ජයග්‍රහණය විය
ඒ ගෝඨාභය රාජපක්ෂ මහාතාය. මේ අවසන් නිගමනය නොවේ අප බලා සිටිමු. ස්තූතියි .


MAPT/19/B1/17

இலங்கை ஜனாதிபதி தேர்தல் 2019


இலங்கை ஜனாதிபதி தேர்தல் 2019
Image result for president election 2019 after then srilanka
2019 இலங்கை அரசுத்தலைவர் தேர்தல் (2019 Sri Lankan presidential election) இலங்கையின் 7-வது நிறைவேற்று அதிகாரம் கொண்ட அரசுத்தலைவரைத் தேர்ந்தெடுக்க 2019 நவம்பர் 16 இல் நடைபெற்ற தேர்தல் ஆகும். நடப்பு அரசுத்தலைவர் மைத்திரிபால சிறிசேனவின் பதவிக்காலம் 2020 சனவரி 9 இல் முடிவடைய இருந்த நிலையில், தேர்தல் முன்கூட்டியே அறிவிக்கப்பட்டது. இலங்கை தேர்தல் வரலாற்றில் முதல் தடவையாக நடப்பு அரசுத்தலைவர் ஒருவரோ, பிரதமர் ஒருவரோ அல்லது எதிர்க்கட்சித் தலைவர் ஒருவரோ அரசுத்தலைவராகப் போட்டியிடுவதைத் தவிர்த்தனர்.
Image result for president election 2019 symbols
2019 நவம்பர் 17 இல் அதிகாரபூர்வமான இறுதி முடிவுகள் அறிவிக்கப்பட்டன. இதன்படி, இலங்கை பொதுசன முன்னணி வேட்பாளர் கோட்டாபய ராஜபக்ச 52.25% வாக்குகள் பெற்று வெற்றி பெற்றார். ஐக்கிய தேசியக் கட்சியின் வேட்பாளர் சஜித் பிரேமதாச 41.99% வாக்குகளைப் பெற்றார்.கோட்டாபய ராசபக்ச இலங்கையில் தமிழ் பேசும் மக்கள் செறிந்து வாழும் வடக்கு, கிழக்கு மாகாணங்களின் ஐந்து மாவட்டங்கள், மலையகத்தின் நுவரெலியா மாவட்டம் ஆகியவை தவிர்ந்த ஏனைய 16 மாவட்டங்களிலும் பெரும் வாக்கு வித்தியாசத்தில் வெற்றி பெற்றார். கோட்டாபய ராசபக்ச 2019 நவம்பர் 18 அன்று அதிகாரபூர்வமாக இலங்கையின் 7-வது அரசுத்தலைவராகப் பதவியேற்றார்.
Image result for president election 2019 symbols
இலங்கை அரசுத்தலைவர் (ஜனாதிபதி) விருப்பு வாக்கு முறையில் தேர்ந்தெடுக்கப்படுகிறார். வாக்காளர்கள் அதிக பட்சம் மூவருக்குத் தமது விருப்பு வாக்குகளை இடலாம். குறைந்தது 50% இற்கும் அதிகமான வாக்குகள் பெற்றவர் வெற்றியாளராக அறிவிக்கப்படுவார். முதற்கட்ட வாக்கெடுப்பில் எவரும் 50% இற்கும் அதிகமான வாக்குகள் பெறத் தவறினால், அதிக வாக்குகள் பெற்ற இரண்டு வேட்பாளர்கள் இரண்டாம் கட்ட வாக்கெடுப்புக்குத் தெரிவு செய்யப்படுவர். இரண்டாம் கட்டப் போட்டியில் இருந்து நீக்கப்பட்ட வேட்பாளர்கள் பெற்ற வாக்குகளில் இருந்து 2-ஆம், 3-ஆம் விருப்பத் தெரிவாக இரண்டாம் கட்டப் போட்டியில் நிற்கும் இரண்டு வேட்பாளர்களுக்குமுரிய வாக்குகள் எண்ணப்பட்டு அவர்களின் முதலாம் கட்ட எண்ணிக்கையுடன் கூட்டப்பட்டு, அதிக வாக்குகள் பெறுபவர் வெற்றியாளராகத் தீர்மானிக்கப்படுவார்.
Image result for president election 2019 symbols
வரலாற்றில் முதல் முறையாக அதிகளவு வேட்பாளர்கள் போட்டியிட்ட அரசுத்தலைவர் தேர்தல் இதுவாகும். மொத்தம் 35 வேட்பாளர்கள் போட்டியிட்டனர். கட்சி சார்பாகத் தேர்தலில் போட்டியிடுபவர்கள் ரூ.50,000 உம் சுயேட்சையாகப் போட்டியிடுபவர்கள் ரூ.75,000 உம் கட்டுப்பணங்களாக செலுத்த வேண்டும். கட்டுப்பணங்களைத் தக்க வைத்துக் கொள்ள அவர்கள் ஆகக்குறைந்தது 5% வாக்குகளைப் பெற்றிருக்க வேண்டும். போட்டியிட்டவர்களில் கோத்தாபய ராசபக்ச, சஜித் பிரேமதாச தவிர்ந்த ஏனைய 33 பேரும் தமது கட்டுப்பணங்களை இழந்தனர்.

D.F.RIBISHAN
MAPT/19/B1/25