ලොවක් හැඬ වූ ඇය...... කොරෝනා.......

                         
ලොවක් හැඬ වූ ඇය...... කොරෝනා.......
      


                              දෙවන ලෝක යුද්ධය නිසාවෙන් මුළු ලොවම කඩා වැටුණ නමුත් ඉන් පසුව ක්‍රමක් ක්‍රමයෙන් සියලු රටවල් දියුණු වෙන්නට පටන් ගත්හ. ඒ අතර රටවල් කීපයක් ලෝක බලවතුන් ලෙස දියුණුවේ ඉහළම මං පෙතට ගිය අතර අනෙක් රටවල් තවමත් දියුණු වෙමින් පවතින රටවල්ය.

                               දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොවට බල පෑ බරපතලම තර්ජනය කොරෝනා වෛරස් ආසාදනය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. මෙහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් කියා සිටින්නේ කොරෝනා වෛරසය හා සමාන තර්ජනයක් මෑත කාලයේ   දක්නට නොලැබුණු බවයි.
                                 

                                   

                                   කිසිදු ලෝක වැසියෙක් නොසිතූ මොහොතක, නොසිතූ වේලාවක ලෝක බලවතෙක් වූ චීනයේ වූහාන් ප්‍රදේශයේ කොරෝනා නම් වෛරසයක් හට ගත්හ. එයින් උපත ලැබූ කොරෝනා වෛරසය මේ වන විට මුලු ලොවක් හබා යන්නට තරම් බලවත් වී ඇත.
               
                                 ඒ අතරින් සුන්දර ශ්‍රී ලංකාව මේ වසංගතයට ගොඳුරු වන්නේ නොසිතූ මොහොතකය. මෙලෙස අප සොයා ආ කොවිඩ් 19 ශ්‍රී ලංකාවට පැමිණ දෙසතියක් ගෙවෙන්නටත් පෙර රෝගීන් 142 ක්, මරණ 03 ක් වාර්තා වන්නට තරම් ශ්‍රී ලංකා ධරණී තලය අවාසනාවන්ත වූවා නොවේද? ඔබ මා මේ පිලිබඳව නොසිතූවද, බියට පත් නොවූවද කොවිඩ් 19 වූ කලි ත්‍රස්තවාදයටත් එහා ගිය රුදුරු වසංගතයක් වී හමාරය. නමුත් තවමත් එය ලංකාව තුල වසංගතයක් වෙමින් පවතින රෝගයකි.
            
                                  මෙමෙ රෝගය වසංගතයක් බවට පත් කරනවාද? නැතහොත් වසංගතයක් වීමට නොදී රටක් ලෙස එකට එක් වී පරාජය කර ජයගන්නවාද යන්න ඔබ හා මා අත පැවරෙන වගකීමකි. ඇත්තෙන්ම අප කළ යුත්තේ ජාති, ආගම්, කුල බේද නොමැතිව එක් රටක්, එක ජාතියක් සේ එක්ව නැගී සිටිමින් මෙමෙ වසංගතය පරාජය කර දැමීමයි.

                                       කුඩා රටක් වුවත් සැවොම එකට එක්ව සමාජ දුරස්ථභාවය පිලිවෙත් කර ගනිමින්, දෑත් සේදීමෙන්, මීටරයක පරතරයක් තබා ගනිමින්, මුඛ ආවරණ භාවිතා කරමින්, සංචාරනයට විරාමයක් තබමින්, සාද නොපවත වන්නේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස අපට කොවිඩ් 19න් පරදවා ජය ලැබිය හැකිය. චක්‍රයක් ලෙස ව්‍යාප්ත වන මෙමෙ කොවිඩ් 19න් මාරාන්තික වසංගත තත්ත්වය පාලනය කල හැකි ලෙස කළමනාකරණය කර චක්‍රය සමතලා කිරීම සඳහා රටක් ලෙස එක්ව පෙර මා සදහන් කළ පිළිවෙත් පිළිපදිමින් ක්‍රියා කළ යුතුය.

                                    
    

                         මේ වන විට ශ්‍රී ලංකා දීපය පුරාම ඇඳිරිනීතිය ක්‍රියාත්මකව ඇතඑය දින ගනනාවක සිට සියලු ප්‍රදේශ කෙරෙහි යොදා ඇත්තේ සියලු රට වැසියන්ගේ ආරක්ෂාව සඳහායකොරෝනා වෛරසය පිරිස් ගැවසීමත් සමඟ  සීඝ්‍රයෙන් වන නිසා මුළු රට පුරා ඇඳිරිනීතිය යෙදීම මගින් එහි ව්‍යාපෘතිය අවම කර ගැනීමට අපට හැකිය.

                                  
                                දින කීපයකින්, පැය කීපයකට ඇඳිරිනීතිය ඉවත් කරනු ලබනුයේ ජනයාට අවශ්‍යය ආහාර පාන ලබා ගැනීම සඳහාය. ඒ වේලාවන් තුලදී සමහර ජනතාව කිසිදු නීතියක් පිළිනොපදිමින් ක්‍රියා කරන ආකාරය බොහෝ අවස්ථාල දක්නට ලැබේ. ඒ තුලින් ඔවුන් සිදු කරනුයේ ඔවුන්ගේ ජීවිත පවා අනතුරට ලක් කරගනිමින් මුළු රටම අනතුරේ හෙලීමය. එහෙත් බොහෝ පිරිස් සියලු නීති නිසි ලෙස පිළිපදිමින් තම ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාවටද දායකත්වය දක්වනු ලබයි.


                                





                      
                                  මා ජීවත් වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ ය. මොණරාගල දිස්ත්‍රික්කය තුල තවමත් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත. ඉදිරියටත් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවේවායි මගේ පැතුමයි.
              
                                  වැල්ලවාය ප්‍රදේශයේ ජනතාව ඇඳිරිනීතිය හා අනෙකුත් සියලු නීතීන් පිළිපදිමින් ක්‍රියා කරන ආකාරයක් දක්නට ලැබේ. පැය කීපයකට ඇඳිරිනීතිය ඉවත් කළ අවස්ථාවන් වලදී ගොවියන් පොළෙහි එළවළු විකුණනු ලබන අතර සියලු ජනයා සතොස අසල, පොල අසල, කඩවල් අසල, මීටරයක පරතරය තබා ගනිමින් මුඛ ආවරණ පළදිමින් තමාගේ වාරය එලබෙන තුරු  ඉවසීමෙන් රැදී සිටිමින් කටයුතු කරන ආකාරය අගය කළ යුතුය.
            
                       ඇඳිරිනීතිය තිබුන ද වැල්ලවාය ප්‍රදේශයේ ගොවීන් සිය ගොවිතැන් කටයුතු එලෙසම කරගෙන යන ආකාරයක් දැක ගන්නට පුලුවනි. ගොවියන් ගොවිතැන් කළ යුතුය. ගොවියාට මෙන්ම අනෙක් සියළු ජනතාවටද ආහාර ලබා ගැනීමට නොහැකි වනවා නොවනු මානය. මීට අමතරව විටින් විට මළු, එළවළු,පාන් ආදිය විකුණමින් පාරේ වාහන ගමන් කරනු ලබයි. නිවෙස් අසලටම ඔවුන් නිවෙස් වලට අවශ්‍ය ආහාර පාන ලබා දෙනු ලබයි. මා වෙසෙන වැල්ලවාය ප්‍රදේශයේ මේ වන විට තත්ත්වය මෙයයි.

                  


                                    කෙසේ වෙතත් 30ස් වසරක යුද්ධය ජය ගත් ශ්‍රී ලංකා දීපයට කොවිඩ් 19න් වෛරසය පැරදවීම අනිවාර්යයෙන් කළ හැකිය. අප සියලු දෙනා එක්ව එකා මෙන් අප රට ආරක්ෂා කිරීමට කටයුතු කරමු.

                        
                      මගේ රටට සමිඳුන්ගේ පිහිටෙන් කිසිදු විපතක් නොවේවා!!! යි මාගේ පැතුමයි.

                                 



   ✍පියුමි සකුන්තලා
   MAPT/19/B1/34

           

                   

No comments:

Post a Comment