මැදින් මස අග භාගයේ සිට සමීප බක් මසට පැන නැගීමට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනදා රබන් හඬ, කොහෝ නාදය සමගින් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම ආවඩා ආයුබෝවේවා යැයි කියා බුලත් හුරුළු දී පිළිගනී. 2020 ඉලක්කය මෙවර අසාර්ථක විය. ශ්‍රී ලංකාද්වීපයට මෙන්ම මුළු විශ්වය පුරාම සෝසුසුම් හෙළමින් භීතියෙන් වෙලෙන කාලසීමාවක් බවට පත් වන්නට ගතවූයේ නිමේෂයකි .
තිඹිරිගෙයි ලෙසින් චීනයෙන් ඇරඹි මෙම වෛරසය හේතුවෙන් මුළු විශ්වය පුරාම මාරාන්තික කොරෝනා වෛරසය උද්ගත විය. දස දහස් ගණන් සිය දහස් ගණන් අභිබවා ගෝලීය වසංගත තත්වයක් වන තෙක් නොනවත්වා ගලන දිය පහරක් මෙන් මෙම කොරනා වෛරසය ලොව පුරා රටවල් 201 අභිබවා ව්‍යාප්ත වන්නට විය ගිය මේ ලෝක විනාසය ද මිනිසාගේ පැවැත්මේ පරිහානිය පටන් ගත්තා ද මෙය ඔබටද මටද සිතට නැගෙන රැදුරු ගැටලුවකි. මනුෂ්‍ය සංහතියේ අවසානය උදා වෙනවද ලොව නව මාවතකට මංපෙත් විවර කරන්නට යනවාද යන්න අපි නොදනිමු .
අවුරුදු කුමාරයා ගේ දොරකඩට පැමිණෙන තුරු බලා සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සිත් කම්පා කරමින් සිත් පිත් නොමැති කොරොනාව අවුරුදු කුමාරයා වෙනුවට ආරාධනය කින් තොරව ලක් මව සිප වැලද ගන්නට විය.
මාර්තු මස 17 වැනි කාල වකවානුව තුළදී ලක් මෑණියන් තුළ පළමු කොළ කොරොනා ආසාදිතයා වාර්තා වීමත් සමඟ ශ්‍රී ලාංකික ජනතාව බොහෝ නොසන්සුන් වන්නට විය. මාධ්‍ය ඔස්සේ නිල වශයෙන් අනාවරණය කිරීමත් සමගම ශ්‍රී ලංකාද්වීපය පුරාවටම මෙම මාරාන්තික කුරුලු වෛරසය ව්‍යාප්ති පානය කිරීමට රජය විසින් සියලු පාසල් විශ්වවිද්‍යාල හා රජයේ පෞද්ගලික ආයතන තාවකාලිකව වැසීමට තීරණය කරන ලදී. මේ පිළිබඳ කටයුතු නොකලානම් අද වන විට කොරෝනා ව්‍යාප්ති වක්‍රයේ ඉහලින්ම වැජඹීමට සිදු විමේ හැකියාව පැවතින යම් තාක් දුරට හෝ පාලනයක් වනුයේ සන්නිවේදන ඔස්සේ සිදුවන දැනුවත් කිරිම නිසා ය.
දේශයක් වශයෙන් ගොදුරු වී සිටින මෙම කොරොනා මාරයා ගෙන් ගැලවීමට දරුවන් වැඩි හිටියන් විශේෂ ආරක්ෂාව යටතේ තබා ගන්නා මෙන් නිරතුරුවම මාධ්‍ය වලින් දැනුවත් කරනු ලබයි. එමෙන් ම අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් ඉතා නිර්මාණශීලී ලෙස මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන අතර දුරකථන ජාල ඔස්සේද අනුගමනය කළ යුතු සෞඛ්‍යය පිළිවෙත් පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. මෙම කාලය තුළ පුරවැසි වාර්තාකරණය, ජංගම දුරකථන වාර්තාකරණය ඉතා විශාල මෙහෙයක් සන්නිවේදන ජාලය එමෙන් ම මාධ්‍ය ඔස්සේ ලබා දෙන උපදෙස් පිළිපැදීම මගින් කොරොනා වක්‍රය ජයග්‍රහණය හිමි කර ගැනීම නොව කොරොනා පාලනය ජයග්‍රහණය හිමිකරගැනීම ශ්‍රී ලාංකික ජනතාව සතු විය. විදේශීය රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ පවතින පවතින සෞඛ්‍ය පහසුකම් සීමා සහිත වීම නිසා කුරණ වසංගතය ව්‍යාප්ත වුවහොත් දැඩි බලපෑමකට ලක් වීමේ හැකියාව පවතී. හේතුවෙන් නිරතුරුව නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් අකුරැස්ස තවම නිසි ලෙස අනුගමනය කරමින් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව සියලුම මාධ්‍ය ඔස්සේ නිරතුරුවම අප හට නිර්මාණශීලීව ඉතාමත් ආදරයෙන් ලබාදෙන කරුණු වේ.
හුදෙක් ශ්‍රී ලාංකික ජනතාවට මෙම වෛරසය විහිළුවක් පමණි. එහෙත් මෙමගින් සිදු වන්නේ කොරොනා ව්‍යාප්ති වක්‍රය පාලනයක් නොව එය උපරිමයට ලඟා වීමට බව ඔවුන් නොදනී. කෝරොනා නම් වසංගතය පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන්, ආරක්ෂක අංශ, මාධ්‍ය ආයතන, මෙන්ම ජනතාව ද විශාල මෙහෙයක් සිදු කරනු නමුත් සියලු ප්රයත්න විනාශ කරන පිරිසක් ද දැක ගැනීමට හැකි වේ. ගෙවෙන පිරිස් හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාව තුළ ආසාදිතයන් 148 සහ මරණ තුනක් වාර්තා වේ. කොරොනා වසංගතය නගර පුරාවට පමණක් නොව ගම්වලද ව්‍යාප්තිය ඇරඹිණ. මා ජීවත් ඌ බැරි වැඩ ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශයකට අයත් ප්රදේශයකි අප ප්‍රදේශයේ කොරොනා රෝගියෙක් ආසාදනය වීමත් සමග ප්‍රදේශයේ පත්වී තරමක් පත්වී තරමක් දරුණු වන්නට ගිය ඒ හේතුවෙන් ප්‍රදේශය නිවාස පනහක් නිරෝධායන ලක් කර ඔහු සේවය කළ ස්ථානයද නිරෝධානය ට ලක් කරනු ලැබිණ. මේ පිළිබඳව කටකතා මගින් මෙන් ම uva news, වැලිමඩ on channel අනිකුත් යූටියුබ් නාලිකා ඔස්සේ ද තොරතුරු වාර්තා විය. එමෙන්ම ඌව ප්‍රජා ගුවන් විදුලිය අංශය මාව විශේෂ දැනුවත් කිරීම් වලට යොමු කිරීම. දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැන්වීම් මගින් දැනුවත් කළ අතර කල අතර මා කළ අතර හා පොලිස් නිළධාරීන් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර උපකර කරගෙන ජනතාව එවිට මෙම දැනුවත් කිරිම් සිදු කරන ලදි. බාදක මැදින් වුවද කෘෂිකාර්මික කටයුතු සිදු වේ.
අද වන විට බටහිර වෛද්‍යවරයා සොයා ගිය ලාංකික ජනතාවට කොරොනා හා මාරයා විසින් ශ්‍රී ලාංකික පාරම්පරික හෙළ වෙදකම වටිනා කම මුළු ජාතියක් උදෙසාම උදෙසා ම පෙන්වා දී ඇත. නිරතුරුව මාධ්‍ය මාධ්‍යවේදීන් දැනුවත් කරනුයේ ප්‍රතිශක්තිකරණය වඩවන ඉඟුරු කොත්ත මල්ලි කහ, සුදු ලූනු දේශීය ඖෂධ වර්ග ආහාරයට එකතු කර ගන්නා ලෙසයි. කොරොනා වෛරසය යනු මා තාක්ෂණයෙන් බටහිර විද්‍යාවෙන් ජයගත හැකි තරගයක් නොව දේශීයත්වය ස්වභාවිකත්වය මත පදනම් ව ස්වභාව ධර්මයා විසින් ඉටු කරන්නා වූ ජෛව අවියක් ලෙස ද හඳුනා ගත හැකිය. ඩොක්ටර්ගේ බෙහෙත් වට්ටෝරුවට මෙන්ම අද වන විට වෙද අත්තාගේ බෙහෙත් සිට්ටූව ලහි ලහියේ තැම්බෙමින් පවතී.
කොරෝනා ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම සඳහා නිරතුරු ව නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම, ආවරණ පැළඳීම, නිවැරදි ආහාර පුරුදු අනුගමනය කිරීම, ප්‍රතිශක්තිය කරන වඩවන ආහාර ගැනීම දේශීය ඖෂධ ලබා ගැනීම වැනි කරුණු හඳුන්වා දී ඇත්තේ කොරොනා ව්‍යාප්තිය පාලනය කිරීම එමගින් යම්තාක් දුරට සාර්ථක වී ඇති නිසා ය. ඉතාලියේ වැනි රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව යම්තාක් දුරට ආරක්ෂා දුරකට ආරක්ෂාකාරී මට්ටමකට ළඟා වී ඇති බව පැවසිය හැකිය. අප විසින් කළ යුත්තේ කොරොනා ව්‍යාප්ති වක්‍රය මුළුමනින්ම හකුලා දැමීමය.
මේ වන විටත් කෙරොනා වසංගතයෙන් ආරක්ෂා විමට අත්‍යවශ්‍ය වූ මොකෝ ආවරණ සෞඛ්‍ය අංශයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් අද ඒ සියල්ල ශ්‍රී ලංකාව තුළ නිපදවන්නේ ඉදිකට්ටත් ජපානයෙන් ආනයනය කල අපිමය කෙරොනා වසංගතය වසංගතයක් වුවත් එය බොහෝ අප හට වත් වටහා දෙන්නට සමත්වූ ජෛව අවියකි.
කොහෙවත් රෝදෙන් නොයා නාලා ගෙදර ඉන්න. කොරොනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි වඩාත් සුදුසුම ආකාරය එයයි. සමාජ දුරස්ථ තව ඒ නියම තව අකුරෙන් පවත්වාගෙන කොරොනා යන වචනයේ පරිසමාප්තියෙන්ම වටහා දෙයි. සමාජ දුරස්ථ තාවය හා පිරිසුදු බව කොරොනා වෛරසය සමාජය තුළ පාලනයට ගත හැකි විධිමත් ම ක්‍රියා මාර්ගය බව මාධ්‍ය විසින් නිරතුරුව ලබාදේ.
වසංගත තත්ත්වය ඉහලට යනවද වසංගත තත්ත්වය පළට යනවද වසංගත තත්ත්වය හකුලාගෙන පහලට යනවා ද යන්න අප විසින් ම අනුගමනය කරන ක්‍රියාමාර්ග තුළින් හෙළි වන කරුණකි. අප සියලු දෙනාම බොහෝ පින් කරන්න ඇති මුළු විශ්වයට ම පාලනය කළ නොහැකි ගෝලිය වසංගතයක් යම් තාක් දුරට හෝ දියුණු වන රටක් වශයෙන් මේ තරම් දුරට පාලනය කර ගැනීමට හැකි විමට ඒ පින් මහිමයද බලපැවතෙන්නට ඇත. සියලු පින් මහිමයෙන් ලක් මාතාව මෙන්ම සියලු ලෝ වැසියන් වස්සානයේ ඇවිලු ගිම්හානයේ ජෛව ගිනිදැල් නිවි වස්සානය ලොව පුරා පැතිරෙමින් කොරොනා වක්‍රයේ ඉහලට නොව පහලට පැමිණෙවා යැයි ප්‍රාර්ථනා කරමි.
MAPT/19/ B1/1
M.M.G.M.M Mapa
No comments:
Post a Comment