ලොවක් හැඬ වූ ඇය...... කොරෝනා.......

                         
ලොවක් හැඬ වූ ඇය...... කොරෝනා.......
      


                              දෙවන ලෝක යුද්ධය නිසාවෙන් මුළු ලොවම කඩා වැටුණ නමුත් ඉන් පසුව ක්‍රමක් ක්‍රමයෙන් සියලු රටවල් දියුණු වෙන්නට පටන් ගත්හ. ඒ අතර රටවල් කීපයක් ලෝක බලවතුන් ලෙස දියුණුවේ ඉහළම මං පෙතට ගිය අතර අනෙක් රටවල් තවමත් දියුණු වෙමින් පවතින රටවල්ය.

                               දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොවට බල පෑ බරපතලම තර්ජනය කොරෝනා වෛරස් ආසාදනය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. මෙහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් කියා සිටින්නේ කොරෝනා වෛරසය හා සමාන තර්ජනයක් මෑත කාලයේ   දක්නට නොලැබුණු බවයි.
                                 

                                   

                                   කිසිදු ලෝක වැසියෙක් නොසිතූ මොහොතක, නොසිතූ වේලාවක ලෝක බලවතෙක් වූ චීනයේ වූහාන් ප්‍රදේශයේ කොරෝනා නම් වෛරසයක් හට ගත්හ. එයින් උපත ලැබූ කොරෝනා වෛරසය මේ වන විට මුලු ලොවක් හබා යන්නට තරම් බලවත් වී ඇත.
               
                                 ඒ අතරින් සුන්දර ශ්‍රී ලංකාව මේ වසංගතයට ගොඳුරු වන්නේ නොසිතූ මොහොතකය. මෙලෙස අප සොයා ආ කොවිඩ් 19 ශ්‍රී ලංකාවට පැමිණ දෙසතියක් ගෙවෙන්නටත් පෙර රෝගීන් 142 ක්, මරණ 03 ක් වාර්තා වන්නට තරම් ශ්‍රී ලංකා ධරණී තලය අවාසනාවන්ත වූවා නොවේද? ඔබ මා මේ පිලිබඳව නොසිතූවද, බියට පත් නොවූවද කොවිඩ් 19 වූ කලි ත්‍රස්තවාදයටත් එහා ගිය රුදුරු වසංගතයක් වී හමාරය. නමුත් තවමත් එය ලංකාව තුල වසංගතයක් වෙමින් පවතින රෝගයකි.
            
                                  මෙමෙ රෝගය වසංගතයක් බවට පත් කරනවාද? නැතහොත් වසංගතයක් වීමට නොදී රටක් ලෙස එකට එක් වී පරාජය කර ජයගන්නවාද යන්න ඔබ හා මා අත පැවරෙන වගකීමකි. ඇත්තෙන්ම අප කළ යුත්තේ ජාති, ආගම්, කුල බේද නොමැතිව එක් රටක්, එක ජාතියක් සේ එක්ව නැගී සිටිමින් මෙමෙ වසංගතය පරාජය කර දැමීමයි.

                                       කුඩා රටක් වුවත් සැවොම එකට එක්ව සමාජ දුරස්ථභාවය පිලිවෙත් කර ගනිමින්, දෑත් සේදීමෙන්, මීටරයක පරතරයක් තබා ගනිමින්, මුඛ ආවරණ භාවිතා කරමින්, සංචාරනයට විරාමයක් තබමින්, සාද නොපවත වන්නේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස අපට කොවිඩ් 19න් පරදවා ජය ලැබිය හැකිය. චක්‍රයක් ලෙස ව්‍යාප්ත වන මෙමෙ කොවිඩ් 19න් මාරාන්තික වසංගත තත්ත්වය පාලනය කල හැකි ලෙස කළමනාකරණය කර චක්‍රය සමතලා කිරීම සඳහා රටක් ලෙස එක්ව පෙර මා සදහන් කළ පිළිවෙත් පිළිපදිමින් ක්‍රියා කළ යුතුය.

                                    
    

                         මේ වන විට ශ්‍රී ලංකා දීපය පුරාම ඇඳිරිනීතිය ක්‍රියාත්මකව ඇතඑය දින ගනනාවක සිට සියලු ප්‍රදේශ කෙරෙහි යොදා ඇත්තේ සියලු රට වැසියන්ගේ ආරක්ෂාව සඳහායකොරෝනා වෛරසය පිරිස් ගැවසීමත් සමඟ  සීඝ්‍රයෙන් වන නිසා මුළු රට පුරා ඇඳිරිනීතිය යෙදීම මගින් එහි ව්‍යාපෘතිය අවම කර ගැනීමට අපට හැකිය.

                                  
                                දින කීපයකින්, පැය කීපයකට ඇඳිරිනීතිය ඉවත් කරනු ලබනුයේ ජනයාට අවශ්‍යය ආහාර පාන ලබා ගැනීම සඳහාය. ඒ වේලාවන් තුලදී සමහර ජනතාව කිසිදු නීතියක් පිළිනොපදිමින් ක්‍රියා කරන ආකාරය බොහෝ අවස්ථාල දක්නට ලැබේ. ඒ තුලින් ඔවුන් සිදු කරනුයේ ඔවුන්ගේ ජීවිත පවා අනතුරට ලක් කරගනිමින් මුළු රටම අනතුරේ හෙලීමය. එහෙත් බොහෝ පිරිස් සියලු නීති නිසි ලෙස පිළිපදිමින් තම ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාවටද දායකත්වය දක්වනු ලබයි.


                                





                      
                                  මා ජීවත් වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ ය. මොණරාගල දිස්ත්‍රික්කය තුල තවමත් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත. ඉදිරියටත් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවේවායි මගේ පැතුමයි.
              
                                  වැල්ලවාය ප්‍රදේශයේ ජනතාව ඇඳිරිනීතිය හා අනෙකුත් සියලු නීතීන් පිළිපදිමින් ක්‍රියා කරන ආකාරයක් දක්නට ලැබේ. පැය කීපයකට ඇඳිරිනීතිය ඉවත් කළ අවස්ථාවන් වලදී ගොවියන් පොළෙහි එළවළු විකුණනු ලබන අතර සියලු ජනයා සතොස අසල, පොල අසල, කඩවල් අසල, මීටරයක පරතරය තබා ගනිමින් මුඛ ආවරණ පළදිමින් තමාගේ වාරය එලබෙන තුරු  ඉවසීමෙන් රැදී සිටිමින් කටයුතු කරන ආකාරය අගය කළ යුතුය.
            
                       ඇඳිරිනීතිය තිබුන ද වැල්ලවාය ප්‍රදේශයේ ගොවීන් සිය ගොවිතැන් කටයුතු එලෙසම කරගෙන යන ආකාරයක් දැක ගන්නට පුලුවනි. ගොවියන් ගොවිතැන් කළ යුතුය. ගොවියාට මෙන්ම අනෙක් සියළු ජනතාවටද ආහාර ලබා ගැනීමට නොහැකි වනවා නොවනු මානය. මීට අමතරව විටින් විට මළු, එළවළු,පාන් ආදිය විකුණමින් පාරේ වාහන ගමන් කරනු ලබයි. නිවෙස් අසලටම ඔවුන් නිවෙස් වලට අවශ්‍ය ආහාර පාන ලබා දෙනු ලබයි. මා වෙසෙන වැල්ලවාය ප්‍රදේශයේ මේ වන විට තත්ත්වය මෙයයි.

                  


                                    කෙසේ වෙතත් 30ස් වසරක යුද්ධය ජය ගත් ශ්‍රී ලංකා දීපයට කොවිඩ් 19න් වෛරසය පැරදවීම අනිවාර්යයෙන් කළ හැකිය. අප සියලු දෙනා එක්ව එකා මෙන් අප රට ආරක්ෂා කිරීමට කටයුතු කරමු.

                        
                      මගේ රටට සමිඳුන්ගේ පිහිටෙන් කිසිදු විපතක් නොවේවා!!! යි මාගේ පැතුමයි.

                                 



   ✍පියුමි සකුන්තලා
   MAPT/19/B1/34

           

                   

ඔබ මම අපි ශ්‍රී ලාංකිකයෝ 🙏

                   
 ඔබ මම අපි ශ්‍රී ලාංකිකයෝ 🙏


      " මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ මං රෝහලේදී දැකපු දේවල්. මං දැක්කා පුද්ගලයින් තුන්දෙනෙක්ව ආයෙම ගන්න බැරිවුණු. හරියටම පළවෙනි රෑ මගෙ එහා පැත්තෙ හිටපු අසරණ වයසක මිනිසා එක අවස්ථාවකදි එක විදියකටම නිසල වුණා. ඔව් තුන් දෙනාම නැතිවුණා මගෙ ඉස්සරහම. නමුත් මං දැක්ක දේ ඒක හරි වේදනාකාරියි. වේදනාවම විතරයි. වෛදයවරු හිටියෙ හුගක් මහන්සියෙන්. මගෙ එහා පැත්ත කාමර වලින් ඇහෙන්නෙ වේදනාවෙන් කෑගහන හඬ. නවත්වන්නෙ නැතිවම රෑ පුරා කහින කැස්ස. ඒක හරිම අමාරුයි"
                       ඉතාලි ජාතික Andrea Napoli වයස තිස් තුනක ශක්තිමත් වෝටර් පෝලෝ ක්‍රීඩකයෙක්. එමෙන්ම නීතිඥයෙක්. මෙය කොරෝනා වෛරසය නිසායෙන් මොහොතකට අඩපණ වුණු ඔහු ඉන් සුව වූ පසු මාධ්‍යට පවසන ලද වචන කිහිපයක්. එහෙත් මෙම වචන කිහිපය තව නොබෝ දිනකින් හුගක් දුරට ඔබේ හෝ මගේ විය හැකියි. මාස කිහිපයක් ගත වූවත් තවමත් ඔබට මෙහි තිබෙන්නාවූ අඳුර දැනී නැති බව ඇත්තය. ඔබේම ආදරණීයයකුට හෝ වේවා ඔබට හෝ වේවා මෙය ළං වන තුරු එය ඔබට නොදැනෙන බවත් ඇත්තය. නමුත් ඇත්තම කාරණය නම් ඔබට දැනුනත් නැතත් ඔබත් මමත් හිතනවාට වඩා යම් ගැඹුරු භයානක බවක් මෙහි ගැබ් වී ඇති බවය.


         වෙනදා වගේම ඉර පෑව්වට ඒ ඉර හරියටම පායන්නෙ නැහැ කියලයි හිතෙන්නෙ. හමන හුළඟටත් බයේ අපි එළියට බහින්නෙ නැති කාලයක් මෙය. ඉස්සර ඔහෙ ඉබාගාතේ යද්දිත් හීන දකින අපිට දැන් හීනයක්වත් දකින්න බැරි තරමට හිත කොටුවෙලා. හැමෝගෙම හිත කොටුවෙලා තියෙන්නෙ එකම තැනකට. Covid - 19 එහෙමත් නැතිනම් කොරෝනා වසංගතය, මෙහි ආරම්භය කොහෙන් වූවත් ආරම්භය අපි දන්නවා වූවත් මෙහි කෙළවර කොහෙන් නතර වේවිද කියන්න වෛද්‍යවරයෙක්ටවත් පුලුවන් කමක් නැහැ. ඔවුන්ව පවා අසරණ කළ රෝගයක් මෙය. ආර්ථිකය අතින් මහ ඉහළින් ඉන්න හිතාගන්න බැරි තරම් සෙලෝලයිඩ් තිරයන් මවපු මිසයිල පිට මිසයිල අත්හදා බලපු උජාරුවට යුද්ධ කරපු ලෝකයේ බලවත් රටවල් හැම එකක්ම පාහේ අද හිස නමා ගනිද්දි පුංචි රටක් වන අපිත් උත්සහ කරන්නෙ කෙසේ හෝ එරෙහිව නැගිටින්නයි.
        "ශ්‍රී ලංකා මාතා පෑ විස්කම් බෝමා"
                        ශ්‍රී ලංකාව මාතාවක් නම් ඇය විස්කම් පෑවෙ තනියම නෙවෙයි. ඇය විස්කම් පෑවෙ ඇය තුළ ජීවත් වුණු මිනිසුන් නිසයි. ලෝකයේ බොහොමයක්  රටවල් වලට කරන්න බැරි වුණු බොහොමයක් දේවල් අපි කරලා තියෙනවා. හරි හමන් තුවක්කුවක් වත් නැතිව සුද්දන්ව පරාජය කරපු මිනිස්සු අපි. ලොකු ලොකු මිනිස්සු හිනාවෙද්දි පරාජය කරන්න බැහැ කියලා මුහුණටම කියද්දි තිස් වසරක ලේ හලපු යුගයක් අවසන් කරපු මිනිස්සු අපි. දෙවියො අදහද්දි කුඩුපට්ටම් වෙලා යන්නම බෝම්බ වැදුනට ඒ බෝම්බ පහර කාගෙන නැගිට්ට මිනිස්සු අපි. හරියටම කියනවනම් 'යක්ඛ' කියන නම ඇහෙද්දි ඇගේ රෝම කෙලින්වෙන මිනිස්සු අපි. අපි ශ්‍රී ලාංකිකයෝ. රට පුංචියි තමයි හැබැයි අපේ හිත් ලොකුයි හරි සංවේදියි.

මේ මොහොතේදි රට මුහුණ දෙමින් ඉන්නෙ ඒ හැම දෙයකටම වඩා ලොකු අභියෝගයකටයි. මක්නිසාද යත් ඒ කිසිම දෙයකට පුලුවන් වෙලා නැහැ මේ තරම් කාලයකට අපිව ගෙදර හිර කරලා තියන්න.ඉස්සර අපි ළඟ තියෙද්දී අපි පහුකරගෙන යද්දි අපි ලස්සනයි කියලා නොදැකපු හුගක් තැන් අද ලස්සනයි කියලා මතකයට එද්දි ඒ තැන් වලට අද යන්නට නොහැකි වෙලා තියෙනවා. එකපාරටම ඇහැක් වහලා ආයෙම අරින තරම් ඉක්මණට මෙයින් ගොඩ එන්න බැරිබව ඇත්ත. නමුත් අපිට පුලුවනිනම් තත්වය යම්තාක් දුරකට පාලනය කරගන්න හරියටම කියනවනම්  මේ වෛරසය පැතිරෙන වේගය අඩාල කරගන්න එහෙමත් නැතිනම් දිනෙන් දින හමුවන රෝගීන් ගණන අඩුකරගන්න, අපිට  පුලුවනි හිත ඇතුළෙ එළියක් දල්වගන්න අපි නැගීසිටින බවට.
        පසුගිය දිනක මරදානේ ඩාලි පාර යාබද අතුරු මාර්ගයක් වූ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ නිවාසයක අවුරුදු හැත්තෑ දෙකක පුද්ගලයකු කොරෝනා නිසා මියගියා. මෙම පුද්ගලයගෙ බෑණා පිටරට වන්දනාවෙ ගිහින් ඉකුත් දිනක ලංකාවට පැමිණි අයෙක්. රජය විසින් අනුගමනය කිරීමට ලබාදුන් එකදු නීතියකට මොවුන් අවනත වෙලා තිබුණෙ නැහැ. වන්දනාවේ සිට පැමිණි පුද්ගලයා ලියාපදිංචි වෙලා නිරෝධායනට යොමු වූවා නම් මෙම තත්වය මීට වඩා හුගක් හොඳ විදියකට වෙනස් වෙන්න තිබුණා. මේ වගේ තත්වයන් නිසා මුලු පෙදෙසක්ම අද අනතුරකට වැටිලා තියෙනවා. මෙවැනි තත්වයන් වළක්වා ගැන්මට අපට යම් දෙයක් කරන්න පුලුවනිනම් එය වටිනා කාර්යයක්.
     හැම දෙයකදිම වගේ මෙතනදිත් අපි රටක් විදියට එකට එකතු විය යුතුයි. නමුත් එක තැනකදි නොවෙයි එක හිතකිනුයි. පුංචි ගම් දනව් වල ඉඳන් ලොකු නගරයක් වෙනකම්ම හැම පුද්ගලයකුම රජයෙන්  ඉදිරිපත් කරලා තියෙන නීති රීති වලට යටත් වෙලා ඒ දේවල් ඒ විදියටම පිළිපදිනවනම් සත්තකින්ම අපිට මෙම තත්වය පාලනය කරගන්න එක හඳ අල්ලනවා වගේ දෙයක් නොවෙයි. මෙතනදි යොදාගන්න පුලුවන් දෙපියවර සංකල්පය. විස්තර ඇතුව කියනවනම් රටක් විදියට ජන මාධ්‍ය වලින්  කියා නිමකරන්න බැරි සේවයක් කරන මේ මොහොතේ ගමක් එහෙමත් නැතිනම් නගරයක් විදියට වග කිව යුත්තන් සහ දැන මුත්තන් එකතු වෙලා සරල සන්නිවේදන ක්‍රම යොදාගනිමින් ජන මාධ්‍ය වලින් දෙන සංදේශය සංවේදීව ගම් වැසියන්ට නැතිනම් නගර වැසියන්ට බෙදාහැරීම තුළින් තවදුරටත් අපේම මිනිසුන්ව දැනුවත් කරන්න පුලුවන් කමක් තියෙනවා.

කුලියාපිටිය අපිත් එහෙමයි. සත්තකින්ම කුලියාපිටිය කියන්නෙ පුංචි නගර සීමාවක්. ඉන් ඔබ්බට කුලියාපිටිය තම නගරය කරගත්ත පුංචි මිනිස්සු ඉන්න පුංචි ගම්මාන බොහෝමයක් තියෙනවා. ඒ කාරණය නිසායෙන් සන්නිවේදන කාර්යයක් දියත් කරද්දි ඇති නැති භේදය ගැනත් මොහොතකට සිතන්න වෙනවා. තවත් කියනවනම් නීතිමය කාර්යන්ට යටත් වෙලා ලැබී ඇති සීමිත ඉඩකඩකදි තමයි මේ කාර්‍යයන් කරන්නට වෙන්නෙ. නගර සීමාවෙ ජීවත්වෙන ජනතාවට " Mankiwwa " නම් යෙදුම ජංගම දුරකථන වලට ස්ථාපනය කරගැනීම මගින්
නගර සීමාව ඇතුළත යම් කිසි පුද්ගලයකුට එම රෝගය වැළඳුණු බවට සැකනම් හෝ රෝගය වැළදී ඇති බවට සැක ඇති පුද්ගලයන් පිළිබඳව හෝ රට සිට පැමිණ නිරෝධායනය නොවුණු පුද්ගලයින් පිළිබඳව හෝ වේවා අදල වගකිවයුතු පාර්ෂවයට දැනුම් දීමට පුලුවන්කමක් තියෙනවා. එහෙත් මේ වගේ දේවල් ගම් ඇතුලට නම් ඒ තරම් ගැලපෙන දෙයක් නෙවෙයි. ඒ හේතුව පෙරදැඩි කරගෙන පොලීසියේ අනුමැතිය ඇතුව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ගම් ඇතුලටම ගිහින් ඒ ජනතාව දැනුවත් කිරීමට දැනමුත්තන් කටයුතු කරනවා. අපේ පන්සලේ හාමුදුරුවෝ පුරා හෝරා ගණනාවක් තිස්සේ මුලු ගමටම ඇහෙන්න රතන සූත්‍රය විකාශනය කරනවා. රතන සූත්‍රය මැද්දෙන් මේ වසංගතය ගැනත් විටෙන් විට මතක් කරනවා.ඇත්තටම මිනිසුන්ගේ විශ්වාසයන් මැද්දෙ වූවත් එයින් පවා සිදුවන්නෙ යම් සේවාවක්ම විතරයි. මේ වගේ නොයෙක් විදියට අපේම මිනිසුන්ව තව තවත් දැනුවත් කරන්න පුලුවන් කමක් තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි රජයෙන් පනවන ලද නීති රීති වලට අවනත වෙන්න මිනිසුන්ව පොළඹවන්න මෙම දේවල් යොදාගන්න පුලුවන්. මෙම රෝගය ව්‍යාප්ත වීමේ වේගය අඩාල කිරීම වගේම ඊට අමතරව ගමකින් හෝ නගරයකින් බිහිවිය හැකි රෝගීන් ගණන අඩුකිරීමට මෙය යහපත් ලෙස බලපානවා.




මේ කරදර අස්සෙ බඩකින්න හොඳ හැටි දැනුනු හිතේ හයියෙන් ජීවත් වෙන එදා වේල හොයාගෙන කන මිනිස්සු ඕනාතරම් ඉන්නවා. තම දරුවන්ගෙ කඳුලු ඉස්සරහ අසරණ වෙලා ඉන්න තාත්තලා ඉසේ කෙස් ගානට හොයාගන්න පුලුවන්. තවත් කියනවනම් දරුවො අතඇරලා දාපු අඩියක් ඉස්සරහට තියාගන්න පණ නැති ඒත් කරකියා ගන්න දෙයක් නැති කමට අතේ තියෙන සොච්චම මිට මොලෝගෙන පෝලිම් ගානෙ හිටගෙන ඉන්න අත්තම්මලා අත්තලා ඇති. දුක කාටවත් කියාගන්න විදියක් නැතිව හිතේ ඒ දුක හිර කරගෙන ඉන්න හාල් මිටියක් රත්තරන් වටින මිනිස්සු ඕනාතරම් ඇති.අපි ශ්‍රී ලාංකිකයෝ හරි සොඳුරු ජාතියක්. සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද නෙවෙයි මේ කවුරු වුනත් අපි එක ජාතියක්. තව කෙනෙක් බලාගෙන ඉද්දි අපි තනියම කන්නෙ නැහැ කවදාවත්. විශේෂයෙන්ම අසරණයෙක්. අපේ පුංචි නගරයෙ වගේම මං දන්න හැටියට හැම ගමකම හැම නගරයකම ඇති හැකි අය එකතුවෙලා නැති බැරි අයට බඩු මල්ලක් බෙදාදෙන එක හරි වටින කාර්යයක්. අගය කරන ගමන්ම යමක් එකතු කරනවනම් මේ බඩු මල්ල බෙදාහරින්න ආරම්භ කරන තැන ගමේ පුංචිම ගෙදරනම් එය දෙසැරයක් අගය කළ යුතු කාර්‍යයක්

         ආයෙම කියනවනම් අපි ශ්‍රී ලාංකිකයෝ. අපේ ලේ හරි ගනකමයි. හිත් හරි හයියයි. කිසිම දවසක පහුබහින මිනිස්සු නෙවෙයි අපි. වැටිලා නැතිව නොවෙයි. එහෙත් වැදගත්ම දේ අපි ආයෙම නැගිට්ටා එක රටක් හැටියට. දරාගන්න බැරි තරම් දුක අපි දරාගත්තා. දැන් දවස ගානෙ එකින් එක්කෙනා නැතිවෙන්න දැනටමත් පටන් අරගෙන. ආයෙම යතා තත්වයට එන්න අපිට මේ සැරේ කරන්න තියෙන්නෙ හරිම සරල දේවල් කිහිපයක් පමණයි. නමුත් සරලයි කියන තරමට සරලමත් නැතිව ඇති මේ දේවල්. අපි ගෙදර ඉමු. මං දන්නවා මිත්‍රත්වය වැඩියි කියලා ඒත් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් ගිහින් තව කෙනෙක්ව බදාගන්නෙ නැතිව ඉමු. අමාරුයි තමයි ඒත් මීටරයක්වත් ඈත්වෙලා පෝලිමට ඉදලා අවශ්‍ය දේවල් ගමු. අපේ ඉස්සරහ ඉන්නෙ අපිට වඩා අසරණ කෙනෙක් නම් ඒ කෙනාට මුල් තැන දෙමු. එක වේලක් හරි නොකා ඉදලා වේල් දෙකක් නොකා හිටපු කෙනෙක්ගෙ කුස පුරවමු. ගමක් නගරයක් විදියට අපි අලුත් ආසාදිතයන්ව බිහි නොකර ඉඳිමු. නීතියට ගරු කරමු. සමාජ දුරස්ථභාවය අගය කරමු. අපි වෙනුවෙන් මහන්සි වෙන සෞඛ්‍ය අංශයේ වගේම ආරක්ෂක අංශයේ හැම කෙනෙක්ටම ඉක්මණට ගෙදර එන්න අවස්‍ථාවක් ලබා දෙමු. අපි හිනාවෙමු අඳුර අස්සෙන් හරි. ආදරණීයන් වෙනුවෙන් ' අම්මටයි තාත්තටයි කොරෝනා හැදුනොත් මාත් ගිහින් එයාලව බදගන්නවා'  කියන මානසිකත්වය වෙනුවට ' මගෙ අම්ම තාත්තා ළගට කොරෝනා කියන දෙයට මං එන්න තියා බලන්නවත් ඉඩ තියන්නෙ නැහැ' කියන තැනට මානසිකත්වය හදාගමු. අපි ආසම කරන ලස්සන තැන් වලට ආයෙමත් ගිහින් නිදහසේ හුස්මක් කටක් ගන්නට අපිට පුරුදු ඉර ආයෙමත් අපි පායවමු. ලස්සන ශ්‍රී ලංකාවක් දකින්නට හදවතින් අපි පෙළගැසෙමු. එක්ව කොරෝනා පරදවමු.

ක්‍රිෂෙල් වර්ණකුලසූරිය ❤️

_____ අදුරු වළාවන් පරදා නැගිටිමු ශ්‍රි ලංකා ( කොවිඩ් 19 ) _____

  " අදුරු වළාවන් ලොවම ඩැහැගෙන හමාරය.නමුත් බලාපොරොත්තුවේ ආලෝකය තවමත් නිමි නැත."
  හදුනා නොගත් වෛරසයක් මගින් වැළදෙන නියුමෝනියා රෝගයක් පිළිබඳව චීනයේ හුවේයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් මුල් වරට වාර්තා වූයේ 2019   දෙසැම්බර්  මස 31 වන දිනයි. ඉන් සතියකට  පමණ  පසු එනම් 2020 ජනවාරි  මස 07 වන දින පැතිර යන මෙම වෛරසය  " 2019 .nCov " හෙවත් නව කොරෝනා වෛරසය ලෙස නම් කරනු ලැබිනි. කොරෝනා වෛරසය යනු වෛරස වර්ග ගණනාවක් අයත් කාණ්ඩයක් වේ.


     කෙසේ වෙතත් මෙම වෛරසය මේ වන විට රටවල්  201 පැතිර ගොස් හමාරය. ලොව පුරා කොවිඩ්  19 ආසදනය වූවන් ලක්ෂ දහයක්   පමණ වේ.  සෑම දිනකම  ..සෑම පැයකම පාහේ  ජීවිත  දහස් ගණන්  කොවිඩ් 19 මාරයාගේ   වසංගතයට හසු වී මිය යයි. ලොව ළා බාලතම කොවිඩ්  19 ආසාදිතයා මිය යන්නේ ඇමරිකාවෙනි. ඒ සති හයක් කූඩා දරුවෙකි. ගත වූ පැය විසිහතරක කාලය තුල ඇමරිකාවෙන් වාර්තා වූ මරණ ගනන, 1046 වන අතර මුළු මරණ ගණන 5099 කි. ඉතාලියේ ගතවු පැය 24 තුල සිදුවූ මරණ ගණන 727වන අතර මුළු මරණ ගණන 13, 155 වේ.   එමෙන්ම  ස්පාඤ්ඤයේ  ගත වූ පැය 24 තුල මියගිය ආසාදිතයන් ගණන 923 ක් වන අතර මුළු මරණ ගණන 9387 වේ.  මෙලෙස තවත් රටවල් කොපමණක ජීවිත අසරණ වී සිටීද ? සිදු වූයේ කුමක් ද ,සිදු වන්නේ කුමක් ද කියා සිතන්නත් පෙර ජීවිත දාහස් ගනන් මරු තුරුලට ගොස් හමාරය.

     මුළු ලොවම ඩැහැ ගන්නට බලා සිටින කොරෝනා  වෛරසය දැන් මාගේ රටටද අත තබා අවසානය. ශ්‍රී ලංකාවේ කොරොනා  වෛරසය ආසාදිත  බවට තහවුරු  කරන ලද පළමු රෝගියා වාර්තා වූයේ 2020 ජනවාරි  මස 27 වන දිනයි .එම පුද්ගලයා චීන ජාතික කාන්තාවක්  වන අතර ඊට සති දෙකකට පමණ පෙර සංචාරකයෙකු ලෙස ලංකාවට පැමින තිබේ.කොරොනා වෛරසය ලංකාවට අත තැබූ පළමු අවස්තාව මෙය වේ.  මේ වන විට ලංකාව තුල කොවිඩ්  19 ආසාදනය  වූවන් 148 ක් දක්වා ඉහල ගොස් ඇති අතර මරණ 2 සිදු වී තිබේ. කෙසේ වෙතත්  රටේ තත්වය උත්සන්න වීමට ඉඩ නොදී රටේ රාජ්‍ය නිලදාරින් ,වෛද්‍යවරුන් ,හෙද හෙදියන් ,ත්‍රිවිධ හමුදාව ,ජනමාධ්‍ය  අංශය  කුසට හරි හැටි කෑමක් නොගෙන රෑට නින්දක් ගැන නොසිත රටේ තත්ත්වය  පාලනය කිරිමට විශාල මෙහෙයක් ඉටු කරයි.රැයක් දහවලක් නිවසක් ජීවිතයක් අමතක කර ඔවුන් මේ කැපවෙන්නේ අප නිසාවෙනි.රට වෙනුවෙනි. ඔවුන්ගේගේ එකම අරමුණ  වූයේ කෙසේ හෝ අප රටෙන් කොවිඩ් 19  පැරදවීම පමණි. අපිත් ඔවුන්ගේ හැගීම අපේ කරගෙන අත දෙනවා නම් මෙය පැරදවීම අපිට ඉතාම පහසුයි.  රටට උදව් කරන්න ..අපි අපිවම බේරගන්න එකතු වෙමු  . අපිටත් රට වෙනුවෙන්  ඉටු කිරීමට වෙන් වූ කොටසක් තිබේ.එය අකුරටම කරන්නේ නම් රට වෙනුවෙන් ඔබ ඔබේ වගකීම ඉටු කර හමාරය.


     කොවිඩ්  19 වසංගතය පැරදවීමට මේ වන විට ජනාධිපතිතුමා විසින් හදිසි නීතිය ඉදිරිපත්  කොට  මුළු  රටටම ඇදිරි නීතිය දමා රට ආරක්ෂා  කිරිමට ,රටේ ජනයා ආරක්ෂා  කිරිමට මහත් වෙහෙසක් දරයි.මන්ද ඔහු ඔබේත් මගේත් මේ රටේ ජනයගෙත් මේ රටත් ආරක්ෂා  කිරිමට භාරගත් නායකා නිසාවෙනි .ඔහු ඔහුගේ වගකිම ඉටු කරන   අවස්ථාවේ දී අපිද ඔහුට අත දිය යුතුයි. ඇදිරි නිතිය දැමුවේ රටේ ආරක්ෂාට ,ජනයාගේ ආරක්ෂාවට . ඇදිරි නිතිය දමා තිබියදී මේ වෙන විට පුද්ගලයින්  පන්දහසක් පමණ පොලිස්  අත්තඩංගුවේ  සිටින්නේ මන්ද ?    බඩු මිලදී ගන්න එක් රොක් වන්නේ මස් කෑල්ලක් දුටු ගිජුලිහිනි රංච්වක් මෙනි. අවදාන ගැන කෙතරම්ද කියා පැවසුවත් එය ජනයා ගානකටවත් ගන්නේ නෑ.  ඉතිං ආරක්ෂා කරන්නේ කවුද ?  කොහොමද ?  ගහලා බැනලා යමක් තේරුම් කරන්න අවශ්‍යතාවක් නෑ අපිට යමක් දෙස එක එල්ලේ බලා තේරුම්  ගැනිමට හැකි ජාතියක්.  අද කෙසේ වෙතත් ...අපිට පුලුවන්  මෙය හදා ගන්න ,බලපෑම අවම කර ගන්න අද බැරිවෙන්න ඇති නමුත් අපි දැන් වෙනස් වෙමු.

     අප දන්නවා මේ දිනවල ප්‍රදේශයේ  මහජන සෞඛ්‍ය නිලදාරින් ගෙදරින් ගෙදරට පැමිණ ඔබ අප දැනුවත් කරන්නේ වෛරසය ගැනයි එහි බලපෑම ගැනයි . මෙම වෛරසය ශරීරගත වන්නේ කහින විට , කිවිසුම් යවනවිට පිටවන කෙල බිදිති සමග වෛරසය බහිර පරිසරයට පිට වීමෙනි.  එම කෙල සහ සෙම බිදිති සහිත වාතය ආශ්වාස කිරිමෙන් ද රෝගියෙකු ආශ්‍රිය කිරිමෙන් , අතට අත දීමෙන් මේ රෝගය නිරෝගි පුද්ගලයන්ටට ඇතුල් වේ. දවස් 04 ක කාලයක් වෛරසය උගුරේ රැදී පවතින අතර එහිදි යම් යම් රෝග ලක්ෂණ  පෙන්වන බව වෛද්‍යවරුන්  පවසයි .උගුරේ අමාරුව ,කැස්ස, ශ්වසන අමාරුව ,හිසරදය ආදී රෝග ලක්ෂණ  පවති.මෙවැනි රෝග ලක්ෂණ  පවතී නම් රෝහල්  ගතවී රටත් ඔබත් ආරක්ෂා  වෙන ලෙස ඔවුන් නිතරම පවසයි.  නිතරම දෑත් සේදිම , නොසේදූ අත් වලින් මුහුන නොඇල්ලීම, කිවිසුමේදි අත් පිසිනයක් භාවිතා කර එය ඉවත් කිරිම ,ආසාදිතයින්  සමීපයට යෑමෙන් වැලකීම මගින් මේ රෝගයෙන් ආරක්ෂා විය හැකිය. මෙසේ ඔවුන් අපව දැනුවත් කරන්නේ අපෙන් රටට සිදු වියයුතු වගකිම එය නිසාවෙනි.නිතර නිතර   ජනමාධ්‍ය  ඔස්සේද ඔබ අප දැනුවත් කරනුයේ සිදුවෙන්න තියන බලපෑම  අවම කිරිම  සදහාය. මේවා පිළිබඳ  අවදානය යොමු කලහොත් අපිට මෙය ජය ගන්න පුලුවන්  වේවි.


අපේ ගමේ මිනිසුන්  කියන්නේම  වසංගතයකෙසේ වෙතත් මේ පාර අවුරුදු  නම් නෑ කියලා.අවුරුදු  ජයටම තියෙයි අපි මෙය ජරාජය කලොත් ..හැබැයි වෙනදා සමරන මාසේ නම් නෙමෙයි.කොරෝනා  වසංගතය  යම් දවසක අප පරදයිද අන්න එදාට වසන්තය ඒවි .
 මම කුරුණෑගල  දොඩම්ගස්ලන්ද  ප්‍රදේශයේ  වන අතර මේ දිනවල ගමේ හොදම වෛද්‍යවරයා ලෙස ගමක් ගරුකරන උන්වන්සේ...අපේ ලොකු  හාමුදුරුවන්  වහන්සේ ගමෙත් රටෙත් මුළු ලෝකෙමත් සෙත් පතා පිරිත් සජ්ජායනය කොට මුළු ගම වටා පිරිත් පැන් ඉස ,පිරිත් නූල් ලබා දී බුදු බලයෙන් රටට සෙත් පතන්නේ මේ බුදුන් වෙනුවෙන් වෙන් වූ රට වෙනුවෙනි. ඇතැම් විට මෙය මානසික නිදහසක් නොව කායිය නිදහසක්ද ලබා වෙන බලයකි.ජනාධිපතිතුමාගේ මෙන්ම ස්වාමින් වහන්සේලාගේ  දැක්ම මත රට පුරා සෙත් පිරිත් සෑම දිනක ඇහෙන්නේ සැමට සෙත් පතමිනි.එමෙන්ම වෛද්‍යවරුන්  පවා මේ වන විට හෙළ වෛද්‍ය විද්‍යාවට යොමු වෙන්නෙ එහි ඇති ප්‍රතිඵල  නිසාවෙනි .පැගිරිකුලේ පලතුරු, ඉගුරු සුදුලූණු  ,ගම්මිරිස් , කොත්තමල්ලි  , පෙරුම්කායන් ආදි දේ ගන්නැයි ඔවුන් පවසන්නේ වෛරසය පාලන කිරිමෙ බලය හෙළ ඔසු වලට පවතින නිසාවෙනි. දැන් වෛද්‍යවරුන් ද පවසන්නේ මේවා ආහාරට ගන්න කියලයි. කෙසේ වෙතත් සම්ප්‍රදායන් අමතක කර නවීකරණයට අත දෙන්න ගිය අපිට නැවතත් සම්ප්‍රදායන් හා එකතු වෙලා ගමනක් යන්නට   යම් ඉගියක් දුන්නාදෝ කියා මට සිතෙයි.අපි සම්ප්‍රදායෙන් ඉවත් වූවා වැඩිදෝ කියා මට සිතෙයි .කෙසෙ වෙතත්  සියල්ලන්ම එකතු වි මෙය පරාජය කරමු.

  එකම ජාතියක් ලෙස යන්නට  පලමු පය තබද්දීම මුහුණ දීමට සිදුයේ විශාල අභියෝගයකටය .   මිට වසර  10 පමණ  පෙරත් සිදු වූයේ එයමයි.   එනම් ත්‍රස්තවාදය..ත්‍රස්තවාදීන්ගෙන්  අපේ රට ආරක්ෂා කිරිමට ජීවිත දහස්ගණන් පූජා කර ඔවුන් අපේ රට ආරක්ෂා  කලේය. ඔව් එයත් අපි ජය ගත්තේය .දැන්  ආයෙමත් ඊටත් වඩා  ප්‍රබල ලෙස  රටකට බලපෑම කල හැකි දෙයකට අපිට මුහුණ  දීමට සිදුව තිබේ.එනම්" ගෝලිය  වසංගතයක් " අපි නොවැටෙමු .වැටිලා වැටිලා අයේ නොවැටෙන්නම අපි ශක්තිමත් වේව්.
ඔව්  ...
අපි මුහුණ දෙමු .
අපිට පුළුවන් ...
සියල්ලන්ම එකතු වී කොරෝනා  වෛරසය පරදන්නට ,නැවතත් ශ්‍රි ලංකාව නැගිටුවන්නට අපි සියලු දෙනාම එකමුතු විය යුතුයි. මගේ මගේ කියා සියල්ල බදා ගන්නේ නැතිව බෙදා හදා ගෙන කටයුතු කරමු. අපි සියලු දෙනාම පොදු වගකීමෙන් බැදී සිටිමු.



සටහන : ප්‍රසාදනී රත්නසිරි
                 MAPT / 19/B1/ 28

වස්සානය එලබෙන්නට පෙර ජෛව අවියෙන් ඇවුළුණු ගිම්හානයේ ගිනිදැල්

     මැදින් මස අග භාගයේ සිට සමීප බක් මසට පැන නැගීමට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනදා රබන් හඬ, කොහෝ නාදය  සමගින් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට  ගමන් කිරීම ආවඩා  ආයුබෝවේවා යැයි කියා බුලත්  හුරුළු දී පිළිගනී.  2020 ඉලක්කය මෙවර අසාර්ථක විය. ශ්‍රී ලංකාද්වීපයට මෙන්ම මුළු විශ්වය පුරාම සෝසුසුම් හෙළමින් භීතියෙන් වෙලෙන කාලසීමාවක් බවට පත් වන්නට ගතවූයේ නිමේෂයකි .
     තිඹිරිගෙයි ලෙසින් චීනයෙන් ඇරඹි මෙම වෛරසය හේතුවෙන් මුළු විශ්වය පුරාම මාරාන්තික කොරෝනා වෛරසය උද්ගත විය. දස දහස් ගණන් සිය දහස් ගණන් අභිබවා ගෝලීය වසංගත තත්වයක් වන තෙක් නොනවත්වා ගලන දිය පහරක් මෙන් මෙම කොරනා වෛරසය ලොව පුරා රටවල් 201 අභිබවා ව්‍යාප්ත වන්නට විය ගිය මේ ලෝක විනාසය  ද මිනිසාගේ පැවැත්මේ පරිහානිය පටන් ගත්තා ද මෙය ඔබටද මටද  සිතට නැගෙන රැදුරු ගැටලුවකි. මනුෂ්‍ය සංහතියේ අවසානය උදා වෙනවද ලොව නව මාවතකට මංපෙත් විවර කරන්නට යනවාද යන්න අපි නොදනිමු . 


     අවුරුදු කුමාරයා ගේ දොරකඩට පැමිණෙන තුරු බලා සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සිත් කම්පා කරමින් සිත් පිත් නොමැති කොරොනාව අවුරුදු කුමාරයා වෙනුවට  ආරාධනය කින් තොරව ලක් මව සිප වැලද ගන්නට විය.

     මාර්තු මස 17 වැනි කාල වකවානුව තුළදී ලක්  මෑණියන් තුළ පළමු කොළ කොරොනා ආසාදිතයා වාර්තා වීමත් සමඟ ශ්‍රී ලාංකික ජනතාව බොහෝ නොසන්සුන් වන්නට විය. මාධ්‍ය ඔස්සේ නිල වශයෙන් අනාවරණය කිරීමත් සමගම ශ්‍රී ලංකාද්වීපය පුරාවටම මෙම මාරාන්තික කුරුලු වෛරසය ව්‍යාප්ති පානය කිරීමට රජය විසින් සියලු පාසල් විශ්වවිද්‍යාල හා රජයේ පෞද්ගලික ආයතන තාවකාලිකව වැසීමට තීරණය කරන ලදී. මේ පිළිබඳ කටයුතු නොකලානම් අද වන විට කොරෝනා ව්‍යාප්ති වක්‍රයේ  ඉහලින්ම වැජඹීමට සිදු විමේ හැකියාව පැවතින යම් තාක් දුරට හෝ පාලනයක් වනුයේ සන්නිවේදන ඔස්සේ සිදුවන දැනුවත් කිරිම නිසා ය.

     දේශයක් වශයෙන් ගොදුරු වී සිටින මෙම කොරොනා මාරයා ගෙන් ගැලවීමට දරුවන් වැඩි හිටියන් විශේෂ ආරක්ෂාව යටතේ තබා ගන්නා මෙන් නිරතුරුවම මාධ්‍ය වලින් දැනුවත් කරනු ලබයි. එමෙන් ම අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් ඉතා නිර්මාණශීලී ලෙස මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන අතර දුරකථන ජාල ඔස්සේද අනුගමනය කළ යුතු සෞඛ්‍යය පිළිවෙත් පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. මෙම කාලය තුළ පුරවැසි වාර්තාකරණය, ජංගම දුරකථන  වාර්තාකරණය ඉතා විශාල මෙහෙයක් සන්නිවේදන ජාලය එමෙන් ම මාධ්‍ය ඔස්සේ ලබා දෙන උපදෙස් පිළිපැදීම මගින් කොරොනා  වක්‍රය ජයග්‍රහණය හිමි කර ගැනීම නොව කොරොනා පාලනය ජයග්‍රහණය හිමිකරගැනීම ශ්‍රී ලාංකික ජනතාව සතු විය. විදේශීය රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ පවතින පවතින සෞඛ්‍ය පහසුකම් සීමා සහිත වීම නිසා කුරණ වසංගතය ව්‍යාප්ත වුවහොත් දැඩි බලපෑමකට ලක් වීමේ හැකියාව පවතී. හේතුවෙන් නිරතුරුව නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් අකුරැස්ස තවම නිසි ලෙස අනුගමනය කරමින් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව සියලුම මාධ්‍ය ඔස්සේ නිරතුරුවම අප හට නිර්මාණශීලීව ඉතාමත් ආදරයෙන් ලබාදෙන කරුණු වේ.

     හුදෙක් ශ්‍රී ලාංකික ජනතාවට මෙම වෛරසය විහිළුවක් පමණි. එහෙත් මෙමගින් සිදු වන්නේ කොරොනා ව්‍යාප්ති වක්‍රය පාලනයක් නොව එය උපරිමයට ලඟා වීමට බව ඔවුන් නොදනී. කෝරොනා නම් වසංගතය පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන්, ආරක්ෂක අංශ, මාධ්‍ය ආයතන, මෙන්ම ජනතාව ද විශාල මෙහෙයක් සිදු කරනු නමුත් සියලු ප්‍රයත්න විනාශ කරන පිරිසක් ද දැක ගැනීමට හැකි වේ. ගෙවෙන පිරිස් හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාව තුළ ආසාදිතයන් 148 සහ මරණ තුනක් වාර්තා වේ. කොරොනා වසංගතය නගර පුරාවට පමණක් නොව ගම්වලද ව්‍යාප්තිය ඇරඹිණ. මා ජීවත් ඌ බැරි වැඩ ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශයකට අයත් ප්‍රදේශයකි අප ප්‍රදේශයේ කොරොනා රෝගියෙක් ආසාදනය වීමත් සමග ප්‍රදේශයේ පත්වී තරමක්  පත්වී තරමක් දරුණු වන්නට ගිය ඒ හේතුවෙන් ප්‍රදේශය නිවාස පනහක් නිරෝධායන ලක් කර ඔහු සේවය කළ ස්ථානයද නිරෝධානය ට ලක් කරනු ලැබිණ. මේ පිළිබඳව කටකතා මගින් මෙන් ම uva news, වැලිමඩ on channel අනිකුත් යූටියුබ් නාලිකා ඔස්සේ ද තොරතුරු වාර්තා විය. එමෙන්ම ඌව ප්‍රජා ගුවන් විදුලිය අංශය මාව විශේෂ දැනුවත් කිරීම් වලට යොමු කිරීම. දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැන්වීම් මගින් දැනුවත් කළ අතර කල අතර මා කළ අතර හා පොලිස් නිළධාරීන් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර උපකර කරගෙන ජනතාව එවිට මෙම දැනුවත් කිරිම් සිදු කරන ලදි. බාදක මැදින් වුවද කෘෂිකාර්මික කටයුතු සිදු වේ.

     අද වන විට බටහිර වෛද්‍යවරයා සොයා ගිය ලාංකික ජනතාවට කොරොනා  හා මාරයා විසින් ශ්‍රී ලාංකික පාරම්පරික හෙළ වෙදකම වටිනා කම මුළු ජාතියක් උදෙසාම උදෙසා ම පෙන්වා දී ඇත. නිරතුරුව මාධ්‍ය මාධ්‍යවේදීන් දැනුවත් කරනුයේ ප්‍රතිශක්තිකරණය වඩවන ඉඟුරු කොත්ත මල්ලි කහ, සුදු ලූනු දේශීය ඖෂධ වර්ග ආහාරයට එකතු කර ගන්නා ලෙසයි. කොරොනා වෛරසය යනු මා තාක්ෂණයෙන් බටහිර විද්‍යාවෙන් ජයගත හැකි තරගයක් නොව දේශීයත්වය ස්වභාවිකත්වය මත පදනම් ව ස්වභාව ධර්මයා විසින් ඉටු කරන්නා වූ ජෛව අවියක් ලෙස ද හඳුනා ගත හැකිය. ඩොක්ටර්ගේ බෙහෙත් වට්ටෝරුවට මෙන්ම අද වන විට වෙද අත්තාගේ බෙහෙත් සිට්ටූව ලහි ලහියේ තැම්බෙමින් පවතී.

     කොරෝනා  ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම සඳහා නිරතුරු ව නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම, ආවරණ පැළඳීම, නිවැරදි ආහාර පුරුදු අනුගමනය කිරීම, ප්‍රතිශක්තිය කරන වඩවන ආහාර ගැනීම දේශීය ඖෂධ ලබා ගැනීම වැනි කරුණු හඳුන්වා දී ඇත්තේ කොරොනා ව්‍යාප්තිය පාලනය කිරීම එමගින් යම්තාක් දුරට සාර්ථක වී ඇති නිසා ය. ඉතාලියේ වැනි රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව යම්තාක් දුරට ආරක්ෂා දුරකට ආරක්ෂාකාරී මට්ටමකට ළඟා වී ඇති බව පැවසිය හැකිය. අප විසින් කළ යුත්තේ කොරොනා ව්‍යාප්ති වක්‍රය මුළුමනින්ම හකුලා දැමීමය.

     මේ වන විටත් කෙරොනා වසංගතයෙන් ආරක්ෂා  විමට අත්‍යවශ්‍ය වූ මොකෝ ආවරණ සෞඛ්‍ය අංශයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් අද ඒ සියල්ල ශ්‍රී ලංකාව තුළ නිපදවන්නේ ඉදිකට්ටත්  ජපානයෙන් ආනයනය කල අපිමය කෙරොනා වසංගතය වසංගතයක් වුවත්  එය බොහෝ අප හට වත් වටහා දෙන්නට සමත්වූ ජෛව අවියකි.

     කොහෙවත් රෝදෙන් නොයා නාලා ගෙදර ඉන්න. කොරොනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි වඩාත් සුදුසුම ආකාරය එයයි. සමාජ දුරස්ථ තව ඒ නියම තව අකුරෙන් පවත්වාගෙන කොරොනා යන වචනයේ පරිසමාප්තියෙන්ම වටහා දෙයි. සමාජ දුරස්ථ තාවය හා පිරිසුදු  බව කොරොනා වෛරසය සමාජය තුළ පාලනයට ගත හැකි විධිමත් ම ක්‍රියා මාර්ගය බව මාධ්‍ය විසින් නිරතුරුව ලබාදේ.

     වසංගත තත්ත්වය ඉහලට යනවද වසංගත තත්ත්වය පළට යනවද වසංගත තත්ත්වය හකුලාගෙන පහලට යනවා ද යන්න අප විසින් ම අනුගමනය කරන ක්‍රියාමාර්ග තුළින් හෙළි වන කරුණකි. අප සියලු දෙනාම බොහෝ පින් කරන්න ඇති මුළු විශ්වයට ම පාලනය කළ නොහැකි ගෝලිය වසංගතයක් යම් තාක් දුරට හෝ දියුණු වන රටක් වශයෙන් මේ තරම් දුරට පාලනය කර ගැනීමට හැකි විමට ඒ පින් මහිමයද බලපැවතෙන්නට ඇත. සියලු පින් මහිමයෙන් ලක් මාතාව මෙන්ම සියලු ලෝ වැසියන් වස්සානයේ ඇවිලු ගිම්හානයේ ජෛව ගිනිදැල් නිවි වස්සානය ලොව පුරා පැතිරෙමින්  කොරොනා වක්‍රයේ ඉහලට නොව පහලට පැමිණෙවා යැයි ප්‍රාර්ථනා කරමි.

MAPT/19/  B1/1
M.M.G.M.M Mapa

කොවිඩ් 19 චක්‍රය සමතුලිත කිරීමට දායකත්වය අප සතුයි...

මේ වන විට රටවල් 201 ක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටී.කොවිඩ් 19 ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ චීනයේ වූහාන් ප්‍රදේශය වූත් මේ වන විට මුලු ලොවක් හබා යන්නට කොරෝනාව බලවත් වී ඇත.
ඒ අතරින් සිරි ලංකාව මේ ව්‍යසනයට ගොදුරු වන්නේ සිතන්නට වත් නොහැකි වූ පසුබිමකයි.දෙසතියක් ගෙවෙන්නටත් පෙර රෝගීන් 142 ක් මරණ 02ක් වාර්තා වන්නට ශ්‍රීලංකා ධරණි තලය අවාසනාවන්ත වූවා නොවේද ? ඔබට මට නොදැනෙන්නට නොහැගෙන්නට ඉඩ තිබූද කොවිඩ් 19 වූ කලී ත්‍රස්තවාදයටත් එහා ගිය රුදුරු වසංගතයක් වී හමාරය.ජාතියක් ලෙස ඉදිරියට මුහුණ දීමට නම් මෙම අවස්ථාව ඉතා තීරණාත්මකයි.ඒ සදහා මා මෙන්ම ඔබත් පුරවැසියන් ලෙස වගකීමක් උර මත පැටවී හමාරය.එය ඉටුකිරීම යුතුකමකි.සමාජ දුරස්ථ භාවය පිලිවෙත් කර ගනිමින් , දෑත් සේදීමෙන්, මුක ආවරණ බාවිතා කරමින් , අඩියක් පරතරය තබමින් , සාද නොපවත්වමින් , සංචරණයට විරාමයක් තබන්නේ නම් රටක් ලෙස ජාතියක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි වන්නේය.
චක්‍රයක් ලෙස ව්‍යාප්ත වන මෙම කොවිඩ් 19 මාරාන්තික වසංගත තත්ත්වය පාලනය කල කල හැකි අයුරින් කළමනාකරණය කර චක්‍රය සමතලා කිරීම සදහා රටක් ලෙස එක්ව ක්‍රියා කල යුතු මනාය.මෙම කාලය තුළ දින කිහිපයක් ඇදිරි නීතිය බලපවත්වමින් හා ලිහිල් කරමින් රටක් පාලනය වෙයි.කෙසේ වූත් ඇදිරි නීතිය ලිහිල් කල සැනින් සියල්ලෝ මහමඟය.ඕනෑ එපාකම් සොයති.වරදක් නැත.එය ජීවත් වීමට නොවේද? නමුදු වැදගත්කම කරුණ නම් සුබසාධනයට එහා ගිය නිවාරණයයි.කෑම බීම උවමනා අවශ්‍යතා සොයන්නට නගරය ඊස් මීස් නැත.හනික විය පැහැදම් කර සියලු බඩුබාහිරාදිය මිලදී ගෙන තෙල් ටැංකියත් පුරවා ගනී.මේ සියල්ල දැවැන්ත පෝලිමකින් කෙලවර වෙයි.මෙසේ චර්‍යායාවක් ලෙස පවතින සුබසාධනය අවශ්‍යමද?
පවුලෙන් එක්කෙනෙකු මුක ආවරණයක් පැලද නගරයට ගොස් අවශ්‍යතා රැගෙන ගොස් නා පිරිසිදු වී නිවස තුලට යන්නට අප සැමට වගකීමක් පැවරී හමාරය.නිවසේ නිදන්ගත රෝග ඇත්තවුන් මෙන්ම වැඩිහිටියන්ද පරිස්සම් කිරීම කල යුතුය..
සාම්ප්‍රදායික ගැම් ජීවණ ක්‍රමය හඹා යන්නට තැත් කල සුවහසක් ජනයාට සොබාදමට නතු වන්නට කාලය අවස්ථාව ලැබී ඇත.හෙල සිරිතට ගමේ වෙදකමට ප්‍රමුඛ බැව් සලසාලන්නට කොත්තමල්ලි ,ඉගුරු, සුදුලූනු කසායට හුරුවන්නට ප්‍රතිශක්තිය වඩවාලන්නට කොස් පොලොස් දෙල් කුරක්කන් අපට අමතක වී ගිය අපේ දේ නැවත පරිභෝජනට ඉඩ සැලසී ඇත හැකි තරම් මෙම අහාර වර්ග ශරීරයට එක් කරගන්නේ නම් වසංගත චක්‍රය සමතලා කිරීම පහසු කාර්‍යයකි.
රටක් මොහොතකට නැවතී සිටින අවදානම් තීරණාත්මක මොහොතක සෞඛ්‍ය සේවා අංශයත් , ත්‍රිවිධ හමුදවත් මනා මෙහෙයක් ඉටු කරන්නේය.රැයක් දවාලක් නිවසත් ජීවිතයක් අමතක කොට රටක් ලෙස මෙම ඔවුන්ගේ භාරදූර කාර්‍යය තව තවත් ශක්තිමත් වන්නට ශ්‍රී ලාංකික සමස්ත ජනයාගේ කැපකිරීම අවැසි මොහොතකි.ජනතාව සතු අවංක භාවයත් කැපකිරීමේ චින්තනයත් සතු නම් කල නොහැක්කක් නැත.තහනම් ඇදිරි නීතිය තුළ සමහරෙක් සැරිසරන්නේ නම් සාද පවත්වන්නේ නම් උත්තරීතර සෞඛ්‍ය අංශයත් , මුර දේවතාවනුත් කරන මහගු සේවයට හරසරක් නොදක්වන පිරිසක් ශ්‍රී ලංකා ධරණි තලයෙන් බිහි නොවන්නට සැලැස්වීම සමස්ත සැවොමගේම වගකීමකි.යුතුකමකි.
මේ දින කිහිපය එසේ ගෙවුනත් ඉදිරි කාලය ඉතා අවදානම් බව නැණවතුන්ගේ මතයයි.මතකයට නැගේ නම් ඒ අලුත් අවුරුදු සමයයි.එනමුදු වසංගතයෙන් හෙම්බත් වූ පිරිසකට වසන්තයට බලාපොරොත්තුවක් නැත.වසන්තය නිසි ලෙස උදාවන්නට නම් සියල්ලෝ තමාට පැවරී ඇත් දේ අවවාදයට උපදෙසට අනුව හැසිරෙන්නේ නම් කොවිඩ් 19 චක්‍රය පල්ලම් බැස සමතලා වී සුවබර හෙටක් පැහැදිලි වන්නේය.
ඕනෑම සෞඛ්‍ය සේවා පද්ධතියකට ප්‍රතිකාර කල හැක්කේ නිශ්චිත රෝගීන් සංඛ්‍යාවක් පමණි.රෝගී ඇදන්, වෙදුන් ,හෙදියන් තවත් බොහෝ පහසුකම් අවශ්‍යය වේ.දිනෙන් දින නිරෝධනයන මධ්‍යස්ථාන ගණනත් ප්‍රතිකාර පහසුකම් වැඩි වුවද කොවිඩ් 19 අධි වසංගත තත්ත්වයක් බවට පත් වුවහොත් විශාල සේවා පහසුකම් අවශ්‍ය වෙයි.එය ශ්‍රීලංකාව වැනි රටක කෙසේ නම් බලපවත්වන්නේද?
කෙසේ වූත් චක්‍රය සමතලා කිරීම සදහා කාලය අවදානම වගකීම සමාජ පුරවැසියෙක් ලෙස සමජ පුරවැසියෙක් ලෙස සෑම අයෙක්ටම පැවරුණු කාර්‍යයකි.එය අවංකව හදවතින්ම හැකි උපරිමයෙන් සිදු කල යුතුය.
බිම් මට්ටමේ සිට එනම් ප්‍රාදේශීය මට්ටමින් මෙම ක්‍රියාපටිපාටිය සිදු වෙමින් පවතී.මා ප්‍රදේශය වන කුරුණෑගල නිකවැරටිය තුලත් මේ සදහා කඩිනම් පියවර ගනිමින් ක්‍රියාත්මක කරමින් සිටී.සෞඛ්‍ය සේවා නිලධාරීන් එනම් P.H.I වරුන් පොලිස් නිලධාරීන් රථ සේවා හරහා දැනුවත් කිරීම නොමදව සිදු කරමින් , නගරයේ තදබදය සහිත ස්ථාන වල අඩියක පරතරය තබමින් ක්‍රියා කරන්නට කටයුතු සලසන්නා සේම මුඛ ආවරණ බෙදා හරිමින් , දෑත් සේදීමේ පහසුකම් සලසමින්, අත්‍යාවශ්‍ය භාන්ඩ ජංගම රථ හරහා සම්පාදනය කරමින්,කොවිඩ් 19 නැමැති දැවැන්ත අභියෝගය භාරගනිමින් සිටී. සියල්ලෝ ම අදිරි ලිහිල් කර සැනින් නගරය වෙත ගොස් තෙරපීම වැළැක්වීමේ පියවරක් ලෙස ගමේ වෙලදසැල විවර කොට ගමේ පොල වෙතින් බඩුබාහිරාදිය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කොට ඇත.
කෙසේ වෙතත් පවතින සුබසාධනයට එහා ගිය නිවාරණය තවදුරටත් සංවර්ධනය කරන්නේ නම් කොවිඩ් 19 මුලිනුපුටා දමන්නට හැකිවන්නේ ය.හැකි තරම් දිනක් නිවෙස් තුළම රැදෙන්නට ඇදිරිය බලපවත්වමින් ඇති දේ කා කුස පුරවා මෙම කැපකිරීම සිදු කරන්නේ නම් දැනුවත් වීම් උපරිමයෙන් පිලිපදින්නේ පවත්න චක්‍රය සමතලා කොට එනම් කොවිඩ් 19 ශ්‍රීලංකාවේ ඉතිහාස ගත කරුණක් කොට පෙර මෙන් නිදහස් දිනක් හැකි ඉක්මනින් හිමි වේවායි.රට සියලු අතින් රක්ෂා කරත්‍වා! සැවොම පතන පැතුම ඒකායන වේවා.🙏🙏🙏
✍️ ධනංජි ආලෝක බංඩාර 
@ MAPT/19/B1/06